ආදර සම්බන්ධතා විනාශ කරන නරක පුරුදු | Page 3 | සිළුමිණ

ආදර සම්බන්ධතා විනාශ කරන නරක පුරුදු

අපේ බොහෝ දෙනා ආදරේ කරනවා. නමුත් මේවා දිගටම පවත්වාගෙන යනවද කියන එක තීරණය වන්නේ ආදරේ කරන දෙදෙනා මතයි. වර්තමානයේ බොහෝ වෙලාවට මේ ආදර සම්බන්ධතා පවත්වාගෙන යාමේ හැකියාවක් නැහැ. ඒකට හේතුව ඔවුන් අතර පවතින නොගැළපෙන අදහස් සහ නරක පුරුදු. මොකද අපි ආදරේ කරනකොට මොකක්ද කරන්නෙ කියලා අපිට හිතා ගන්නවත් බැහැ. ඉතිං අපි අපිට ඕන ඕන විදිහට එක එක දේවල් කරන නමුත් මේ දේවල් දෙදෙනාගෙ සම්බන්ධෙට වැරදි විදියට බලපාන්න පුළුවන්. ඉතින් අපේ මේ ලිපියෙන් ගෙන එන්නේ මේ ආදරේ කරන කොට අපි නොකළ යුතු වැරදි පුරුදු කිහිපයක් සම්බන්ධව. ඔබටත් මේ වැරදි පුරුදු තියෙනවා නම් ඔබ කළ යුත්තේ ඒවා නැති කරල දාලා ඔබගේ සම්බන්ධය ඉදිරියටම ගෙන යාමයි.

 

1. තරහ හිතේ තියන් හිදීම

තරහ හිතේ තියෙන් ඉදීම ගොඩක් වෙලාවට කරන්නේ කාන්තා පාර්ශ්වය. මොකද දෙදෙනාගෙන් එක් අයෙකු අතින් වැරැද්දක් සිද්ධ වූ විට ඔවුන් ඒ වැරැද්දට සමාව දෙනු වෙනුවට තරහ හිතේ තියන් ඉන්නවනම් ඒක ගොඩක් නරක දෙයක්. ඔබ සමහර වෙලාවට වචනයෙන් සමාව දුන්නත් එය ක්‍රියාවෙන් පෙන්වන්නෙ නැහැ. එසේ වෙන්නේ ඔබේ තරහ තවමත් හිතේ තියාගෙන ඉන්න විට. ඉතින් ඔබේ සම්බන්ධතාව රැකගන්න නම් අනිවාර්යයෙන්ම ඔබට සමාව දෙන්න සිද්ධ වෙනවා. තරහ හිතේ තියන් හිඳීමෙන් වෙන්නේ ඔය දෙන්නාම ඈත් වෙන එක. ආදර සම්බන්ධයක් රැක ගැනීමට නම් අනිවාර්යයෙන්ම තරහ හිතේ තියන් ඉන්නේ නැතුව කතා කරලා විසඳගෙන ප්‍රශ්නවලට විසඳුමක් හොයාගන්න එක තමයි හොඳම දේ.

2. අධික ඉරිසියාව

අධික ඉරිසියාව කියලා කියන්නේ ආදරය කරනකොට ගොඩාක් වෙලාවට මතුවෙන දෙයක්. ඔබේ පෙම්වතා හෝ පෙම්වතිය වෙනත් පිරිමි හෝ ගැහැනු කෙනකු සමඟ කතා කරන විට ඔබේ හිතට යම් කිසි ඉරිසියාවක් ඇති වෙන්න පුළුවන්. ඒක සාමාන්‍යයි. නමුත් අසීමිතව ඇතිවන ඉරිසියාව ඒක නම් ඉතාම භයානක දෙයක්. සම්බන්ධතාවක් ඉදිරියට ගෙන යන්න මේ ඉරිසියාවත් එක්ක ඔබට කිසිසේත්ම හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉරිසියාව තුළින් ඔබ අතර විශ්වාසය පළුදු වෙන්න පුළුවන්. ඔහුගේ පෙම්වතියට රැකියා ස්ථානය හෝ ඔහුගේ යාළුවන් සමඟ චාරිකාවකවත් නියැළෙන්න අවස්ථාවක් ලබා දෙන්නේ නැත්නම්, ඒ වගේම පෙම්වතාට ඔවුන්ගේ යෙහෙළියන් සමඟ කතා කිරීමට අවස්ථාවක් ලබා දෙන්නේ නැත්නම් ආදර සම්බන්ධතාවක් ඉදිරියට ගෙන යන්න ගොඩක් අමාරුයි.

අපි සැමවිටම තේරුම් ගන්න ඕනේ ඔවුන් කතා කළ සැණින් එතැන යම්කිසි සම්බන්ධතාවක් තියෙනවා කියන එක නෙවෙයි. එහෙත් කෙනෙක් සමඟ කතා කරන එක සාමාන්‍යයි. නමුත් ඔබ දැනගන්න ඕන ඔබගේ සීමාව ඉක්මවා නොයන්න. සීමාව ඉක්මවා ගියොත් නම් එය වැරැද්දක් තමයි. ඔබ ඔබේ යහළුවන්ට යහළුවන්ට ආකාරයටත් පෙම්වතියට පෙම්වතියට ආකාරයටත් සලකන්න පුරුදු වෙන්න. යෙහෙළියකට පෙම්වතියකට ආකාරයෙන් සලකන්න ගියොත් ඉරිසියා කරන එක ඉතින් සාමාන්‍ය දෙයක්. ඒ වගේම තමයි ඔබ ඔබේ පිරිමි යාළුවාට පෙම්වතෙකුට ආකාරයෙන් සලකන්න ගියොත් ඒකත් ගොඩක් ප්‍රශ්න ඇති කරන්න පුළුවන් දෙයක් වෙනවා. ඉතින් ඔබ පුරුදු වෙන්න ඕනේ මේ අධික ඉරිසියාව නැති කරගන්න. ඒ වගේම දෙදෙනාම පුරුදු වෙන්න ඕන සීමාව ඉක්මවා නොයන්න.

3. බොරුවට රඟන්න යන එක

අද ගොඩක් දෙනා පුරුදු වෙලා බොරුවට රඟන්න. සමාජයට පේන්න විතරක් ආදරය කරන අය තමයි අද ගොඩක් ඉන්නේ. ජීවිතේම බොරුවට රඟන්න යන අයට කියන්නේ ඒක නම් හොඳම නැති දෙයක්. එයා නොකෑවොත් ඔයා කන්නේ නැහැ. එයා ආවෙ නැත්නම් මං මැරෙනවා. ඔන්න ඔය වගේ විකාර අදහස්වලට තමා රඟනවා කියන්නෙ. මොකද ජීවිතේ එක කොටසක් විතරයි ආදරේ කියන්නේ. අපි මුලින් ඒක තේරුම් ගන්න ඕන. ඒක තේරුම් අරගත්ත නම් රඟන්න යන්න ඕන වෙන්නේ නැහැ. ආදරේ කියන එක නිකම්ම අපි ගාව රැඳිලා තියෙනවා.

4. එකිනෙකාට ගෞරව නොකිරීම

ආදර සම්බන්ධයත් ඉදිරියට ගෙන යන්න නම් එකිනෙකා එකා අතර ගෞරවය කියන එක අනිවාර්යෙන්ම තියෙන්න ඕන. ගෞරවය කියන එකෙන් අදහස් වෙන්නේ ඔබ ඔහුට අවමන් නොකර හිදීම වෙන්නත් පුළුවන්. එසේ ඉන්න ඔබ උත්සාහ කරන්න ඕනෑ. හැම වෙලාවෙම ආදර ගෞරවයෙන් කටයුතු කරන්න. ඔවුන්ගේ ආත්ම ගරුත්වය කෙලෙසා දමන්නෙ නැතුව කටයුතු කරන්න. ඉතින් අපි ඕන කෙනෙක් කැමති තමන්ට ගෞරව කරනවා නම්. ගෞරවය කියන්නේ ආදර සම්බන්ධතාවකට අත්‍යවශ්‍යම දෙයක්.

5. කොච්චර කළත් හොඳක් නැති වීම

මෙන්න මේකත් ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන කාරණයක්. අද ගොඩක් දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා කොච්චර කළත් ඉන් හොඳක් දකින්න නැතිකම. මේක දෙපාර්ශ්වයටම පොදුයි. අපි පුරුදු වෙලා ඉන්නේ තමන් වෙනුවෙන් මුළු ජීවිතයම කැප කරයි කියන බලාපොරොත්තුවකින්. එය එසේ සිද්ධ වෙනවා තමයි. ඒ වුණාට මේකෙන් කියවෙන්නේ ඒක නෙවෙයි. ඔයා හැම වෙලාවෙම කොච්චර හොඳ කළත්, ඔහුගේ /ඇගේ ප්‍රශංසාවක් නැත්තං ඒකෙන් වැඩක් නෑ. ඔබ කරන කියන දේ පිළිබඳ අගය කරන්න ඕනේ. එවිට තමයි ආදරය වුණත් දිගටම පවත්වාගෙන යන්න පුළුවන්.

ආදර සම්බන්ධයක් නොනැසී නොනැවතී පවතින්න නම් අපි එකිනෙකා අගය කරන්න ඕනේ. හැම එකටම බණින්නෙ කෑගහන්නේ නැතුව කරන හොඳ දේත් අගයන්න පුරුදුවෙන්න. දිරිමත් කරන්න. ජීවිතය ජයගන්න දෙදෙනාම එකතු වී කටයුතු කරන්න.

 

අන්තර්ජාලය ඇසුරෙනි

 

 

Comments