
ටෙලි චිත්‍රපටය තුළ වැඩිහිටියන්ට ආදර්ශයන් සපයන්නේ කුඩා දරුවෙක්. එය ධනපති පංතිය හා නිර්ධන පන්ති අතර ඇති ගැටීමට සියුම් අතුල් පහරක් එල්ල කරන්නට දරන වෑයමක් ලෙසත් දැක්විය හැකියි. එකී පොදු සන්දර්භයට දුලබ කතා තේමාවක් යොදාගෙන නිර්මාණය කර ඇති මෙම නිර්මාණය ප්‍රේක්ෂකයන්ට අපූරු අත්දැකීමක් වේවි යැයි විශ්වාස කරනවා
නිර්මාණකරුවාගේ දෘෂ්ටියට ගෝචර වන යම් වස්තු බීජයක් නිර්මාණයක් ලෙස සමාජයට මුදා හරින විට එය සහෘදයන්ගෙ හැඟීම් කොතෙක් විචලනය කිරීමට සමත් වේද යන සාධකය මත එහි සාර්ථකත්වය තීරණය වෙයි. ඔහු ද එවන් නිර්මාණකරුවෙකි. ඒ නිසාම රයිගම් සම්මාන උලෙළේ 2020 වසරේ ටෙලි නාට්‍ය විශිෂ්ටතා සඳහා නිර්දේශිත නාම අතර වගේම 2021 වසරේ විශිෂ්ටතම ඒකාංගික ටෙලි නාට්‍ය සඳහා නිර්දේශිත නාම අතර ඔහුගේ නමද ඇතුළත් වී තිබුණි. මෙවර කිතු උපත පාදක කර ගනිමින් චාගී වගීෂ විතාන නිර්මාණය කළ “ඔටුනු පලන් එඬේරා“ ටෙලි චිත්‍රපටය ද එවන් නිර්මාණයකි.
ඔටුනු පලන් එඬේරා ටෙලි චිත්‍රපටයේ වගතුග කොහොමද?
එය මගේ ජීවිත කාලය පුරාවටම නොදුටු විරූ නිර්මාණයක් යැයි කිව්වොත් නිවැරදියි. එහි පිටපත් රචකයා ලෙස කටයුතු කරන්නේ සංකල්ප ද මෙල්. පිටපත් රචකයා සමඟ මම වස්තු බීජයන් ගණනාවක්ම කතාබහ කළා. මෙම නාට්‍ය වෙනස් තේමාවක් ඔස්සේ ගිය නිසා එය කාලෝචිත යැයි මම සිතුවා. හිරු නාලිකාව නත්තල පාදක කරගෙන මෙවර නිර්මාණය කරනු ලබන්නේ ඔටුනු පලන් එඬේරු නම් නත්තල් නට්‍යයයි. මෙම නිර්මාණය බයිබලය පාදක කරගෙන නිර්මාණය වී තිබෙන නිසා එය මිනිසුන්ට ආත්මීය පණිවිඩයක් ලබා දෙනවා. මෙම නාට්‍ය හිරු නාලිකාව ඔස්සේ නත්තල් දා දහවල් දෙකයි තිහට විකාශනය වෙනවා.
නිර්මාණයට දායක වූ රංගන ශිල්පීන් ශිල්පිනියන්ව මතක් කළොත්..
මෙම ටෙලි චිත්‍රපටයේ පිටපත රචනා කළේ සංකල්ප ද මෙල් විසිනුයි. එහි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ ඉසුරු ලොකුහෙට්ටිආරච්චියි. ඒ වගේම ගයත්‍රී ඩයස්, චන්දික නානායක්කාර, සංජීව දිසානායක, කෞෂී හෙට්ටිතන්ත්‍රී, ලිවිනු ඉන්සිත් පුතා ඇතුළු කුඩා දරුවන් කිහිප දෙනෙක් ඊට සම්බන්ධ වෙනවා. ටෙලි චිත්‍රපටයට සම්බන්ධ වූ රංගන ශිල්පීන් වගේම අනෙක් කාර්ය මණ්ඩලය මතක් කරන්නත් මම මෙය අවස්ථාවක් කර ගන්නවා. මෙම ටෙලි චිත්‍රපටයේ කැමරාකරණය සඳහා සහයෝගය ලබා දුන්නේ බ්‍රයන් ගමගේ, ඒ වගේම හිරූෂ ද සිල්වාගෙන් ලැබුණු සහයත් අතිවිශාලයි. මෙම නාට්‍යයේ ගීතය රචනා කළේ ඔහුයි. අංග රචනය සිදු කළේ කසුන් ලංකාධීර. සංස්කරණය කවින්දු පෙරෙරා විසින් සිදුකරනු ලබනවා. කලා අධ්‍යක්ෂණ සුරාජ්, අනුර, අතුල, සම්පත්, සුගත් යන සහෝදරයන් අතින් සිදුවුණා. මීට අමතරව පවනි හිමාෂා, නිපුන් පවනි ගෙන් ලැබුණු සහයත් අපමණයි. මෙම ටෙලි චිත්‍රපටයෙ ගීතය නිර්මාණය කළේ සත්සර සේදරහෙට්ටි. එය ගායනා කළේ ජීවන් චන්දිමයි.
ඔබේ නාට්‍යයේ සන්දර්භය සැකවින් දැක්වුවොත්...
මෙම ටෙලි චිත්‍රපටය තුළ වැඩිහිටියන්ට ආදර්ශයන් සපයන්නේ කුඩා දරුවෙක්. එය ධනපති පන්තිය හා නිර්ධන පන්ති අතර ඇති ගැටීමට සියුම් අතුල් පහරක් එල්ල කරන්නට දරන වෑයමක් ලෙසත් දැක්විය හැකියි. එකී පොදු සන්දර්භයට දුලබ කතා තේමාවක් යොදා ගෙන නිර්මාණය කර ඇති මෙම නිර්මාණය ප්‍රේක්ෂකයන්ට අපූරු අත්දැකීමක් වේවි යැයි විශ්වාස කරනවා.
ඔබගේ නිර්මාණකරණය තුළ වගේම කතා තේමාවන් තුළ සෑම විටම ආදර්ශයන් ගැබ් වෙනවා. එසේ නිර්මාණකරුවකුට නිර්මාණකරණය තුළින් සමාජ ශෝධනය කළ හැකි යැයි ඔබ විශ්වාස කරනවාද?
ඕනෑම කෙනෙකුට යම් කාර්යයක් තුළ කළ හැකි වපසරියක් තිබෙනවා. අධ්‍යක්ෂවරයෙක් ලෙස යම් කතාවක් ජන ගත කිරීමේදී හොඳ දෙයක් මිනිස්සුන්ට දීමට සෑමවිටම මම උත්සාහ කරනවා. එහිදී අධ්‍යාපනික මට්ටම අනුව එක් එක් කෙනා ලබාගන්න ආදර්ශයන් වෙනස්. අපගේ වෘත්තිය තුළ යම් දැනුමක්, ආදර්ශයක් ලබා දීමයි මගේ වගේම අපේ නාලිකාවෙත් එකම බලාපොරොත්තුව
ගුණාත්මක අධ්‍යක්ෂවරයෙකුගේ භූමිකාව ගොඩනඟා ගන්න ඔබ ගත් ව්‍යායාමය ගැන කිව්වොත්...
මට මේ ගමනට එන්න පාර කපල දුන්නෙ දක්ෂ අංගරචන ශිල්පී මාගේ සහෝදරයෙක් වන තාරක අධිකාරයි. මම ක්ෂේත්‍රයට පිවිසෙන්නේ රංගනයට තිබෙන කැමැත්ත මත. නමුත් එකී ක්ෂේත්‍රයේ මට ගොඩනැඟෙන්න අවකාශ ලැබෙන්නේ අංගරචන ශිල්පියෙක් විදිහටයි. අංගරචන ශිල්පියෙක් ලෙස කටයුතු කරන අතරවාරයේදී මම එකී ක්ෂේත්‍රයේ සෑම අංශයක් පිළිබඳවම හොඳ හැදෑරීමක් කරනවා. සංස්කරණය පිළිබඳව වගේම ජනසන්නිවේදනය පිළිබඳ ඩිප්ලෝමාවක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් මම ලබාගන්නවා. මීට අමතරව ත්‍රිමාණ සජීවීකරණය පිළිබඳව සංස්කරණය පිළිබදව වැඩිදුර අධ්‍යාපනය ලබනවා. මෙසේ සෑම ක්ෂේත්‍රයක් පිළිබඳවම යම් දැනුවත් බවකින් මම සිටින නිසා මගේ නිර්මාණකරණයට දායක වන සම්පත් දායකයන්ගෙන් උපරිම හැකියාව උකහා ගැනීමට මට අවකාශ තිබෙනවා. අධ්‍යක්ෂකවරයෙක් ලෙස මං යම් තැනක සිටිනවා නම් ඒ සඳහා මා ලැබූ අධ්‍යාපනය හා දැනුම එක සෙයින් බලපා තිබෙනවා.
මෙගා නාට්‍ය රැල්ලට පොඩි අතුල් පහරක් telefilm වලින් එල්ල වෙනවද?
හිරු නාලිකාවේ සභාපති රෙනෝ ද සිල්වාගේ සංකල්පයක් පරිදි තමයි telefilm ගොඩනැඟුවේ. මිනිසුන්ගේ රුචිකත්වය මත ඔවුන් ඉල්ලන දේ අප දිය යුතුයි. මෙගා නාට්‍යවලට ලැබෙන ඉල්ලුම එලෙසින්ම පවතිනවා. telefilm විකාශනය සෙනසුරාද පෝය දිනයන්ට සීමා වෙනවා. මෙගා නාට්‍ය හා ටෙලි film අතර ලොකු වෙනසක් පවතිනවා. ටෙලි ෆිල්ම් එකකින් අපට ලබා දිය හැකි පණිවිඩය ඉක්මනින් සමාජගත කළ හැකියි.
ඔබගේ ගමන් මඟ තුළ ස්තුති කිරීමට බොහෝ පිරිසක් ඇති. ඔවුන්වත් මතක් කළොත්?
හිරු නාලිකාවේ සභාපතිතුමා රෙනෝද සිල්වා, විධායක අධ්‍යක්ෂක වින්සන් සිල්වා, විරාජ් වැලිවත්ත ජීවන්ත දේවප්‍රිය, චන්දන අමරසිංහ ඒවගේම කැමරා අංශයට, පසු නිෂ්පාදන අංශයට, මූල්‍ය අංශයට යන සෑම අංශයකටම ස්තූති කළ යුතුයි. ඒ වගේම මට සෑම විටම ශක්තියක් වන මාගේ ආදරණීය බිරිය වන සොනාලි ලක්ෂිකා තිසේරා වගේම ආදරණීය දියණිය වන රිශෝනි අකේනයා වත් මතක් කළ යුතුයි.