
අයියෝ සාමි සිංහල සින්දුව ළඟදීම අහන්න ලැබෙයි
මම හිතනවා මම නිහඬ චරිතයක් කියලා
මම දන්නේ නැහැ ඇයි මට එහෙම වෙලා තියෙන්නේ කියලා
ට්‍රිනීටා ටෝනියෝ වින්ඩි ගුණතිලක. මේ රටේ සංගීත ක්ෂේත්‍රයේ පෙරළිකාර හඬවල් වුණු රූකාන්ත ගුණතිලක හා චන්ද්‍රලේඛා පෙරේරාගේ ආදරණිය බාලම දියණිය. මේ දිනවල කාගේත් ආදරය ආකර්ෂණය දිනාගෙන තියෙන්නේ “අයියෝ සාමි“ ගීතය තුළින්. ඒ නිසාම අතිශය කාර්යබහුල වෙලා ඉන්න වින්ඩිවත් අපිට අපේ රසඳුන කතාබහකට සම්බන්ධ කර ගන්න හැකි වුණා.
වින්ඩි හිතුවද අයියෝ සාමි මේ තරම් සමාජ මාධ්‍ය තුළ පැතිරී ජනප්‍රිය වෙයි කියලා?
ඇත්තටම නැහැ. මේ තරම් ප්‍රතිචාර සහ මේ තරම් ඉක්මනින් වයිරල් වෙයි කියලා හිතුවෙම නැහැ. මේ වෙද්දී ඔක්කොම වගේ ලැබෙන්නේ හොඳ ප්‍රතිචාර. ලංකාවේ වගේම කුවේට්, කටාර්, ඩුබායි වගේ රටවල යූ-ටියුබ් ට්‍රෙන්ඩින් ලිස්ට්වලත් සින්දුව තියෙනවා. ඒ ගැන නම් හරිම සතුටුයි.
කොහොමද ගෙදර අයගේ ප්‍රතිචාර?
“අයියෝ සාමි” තමයි මම ගැයූ මුල්ම දමිළ ගීතය. අම්මයි තාත්තයි දෙන්නාත් හරි කැමැතියි මම දමිළ සින්දුවක් ගයපු එක ගැන. ඒ වගේම අක්කට නම් මේක සප්‍රයිස් එකක් වුණා. මොකද අක්කා හිතුවේ නැහැ මම කවදාකවත් දමිළ ගීතයක් ගයයි කියලා.
වින්ඩි කියන්නෙ නිහඩ චරිතයක් ද?
ඔව්. මම හිතනවා මම නිහඬ චරිතයක් කියලා.
දැන් අයියෝ සාමි ගීතයට ලැබුණු ප්‍රතිචාර එක්ක ඊළඟ සිංදුවත් රිලීස් කරන්න අදහසක් නැද්ද?
අයියෝ සාමි එකේ සිංහල සින්දුව තමයි ඉස්සෙල්ලම කරේ. ඒකත් දැන් රිලීස් කරන්න අදහසක් තියෙනවා. ඒ වගේම මනාලි කියන සින්දුවේ මියුසික් වීඩියෝ එකත් මේ අවුරුද්දේ රිලීස් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ සින්දුව ලිව්වේත් සනුක. සනුකට ගායනයට සංගීතයට වගේම හොඳට ලියන්නත් හැකියාව තියෙනවා.
වින්ඩි ප්‍රසංග වේදිකාවට එන ආරාධනා භාර ගන්නෙ නැද්ද?
ප්‍රසංග වේදිකාවේ ඇරයුම් භාර ගන්නවා.
“රූ සඳ රෑ“ ප්‍රසංගය වෙනුවෙන් කොහොමද සූදානම?
මීට කලින් අම්මිගේ සින්දු විතරයි කියලා තියෙන්නේ. මේ ප්‍රසංගය තමයි පළමු වතාවට මගේම ගීත ගායනා කරන “රූ සඳ රෑ” ප්‍රසංගය. ඒ ගැන ලොකු සතුටකින් ඉන්නේ. මේක අපේ ෆැමිලි කොන්සට් එක.
වින්ඩි ගැන කතා කරද්දී සනුකව අමතක කරන්න ම බැහැ. ඔබේ සංගීත දිවියට ඔහුගෙන් ලැබෙන සහයෝගය ගැන කිව්වොත්?
සනුකගෙන් ගොඩක් ලොකු සහයෝගයක් මට ලැබෙනවා. එයාගේ සින්දු හදන ගමන් මටත් සින්දු හදලා දෙනවා. සනුක සහ තාත්ති තමයි මගේ ගීත හදලා තියෙන්නේ.
දෙන්නම ගයන සිංදුවක් අහන්න ලැබෙන්නේ කවදද?
සනුක එක්ක මම මුලින්ම කරේ ක්‍රිස්මස් සින්දුවක්. එකේ ඕඩියෝ එක දාලා තියෙන්නේ. ඒක නම් කරලා තියෙන්නේ
“අපි දෙන්නා” කියලා. ඊට පස්සේ “මනාලි“ සින්දුවෙත් රැප් එක කියන්නේ සනුක. තව සින්දු කිහිපයක්ම කරලා තියෙන්නේ. ඒ දේවල් ඉස්සරහට අහන්න ලැබෙයි.
තවම වින්ඩි සිංදු කියන්න බය ද?
මම දන්නේ නැහැ ඇයි මට එහෙම වෙලා තියෙන්නේ කියලා. පොඩි කාලේ ඉඳන්ම මට පොඩි බයක් තියෙනවා. මගේ පවුලේ වෙන කාටවත් ඒක නැහැ.
ගීත එකතුවේ වැඩකටයුතු කොහොමද?
මේ දවස්වල වැඩි කාලයක් වෙන් කරලා තියෙන්නේ ඒ වෙනුවෙන්. ඇල්බම් එකේ වැඩ හොඳින් කරගෙන යනවා. එහි සින්දු 10ක් විතර තියෙනවා. ඒවා සම්පූර්ණ කරලා ලබන වසරේදී එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා.
ජීවිතේ ගැන මොකද හිතෙන්නෙ?
මම හිතන්නේ වටිනාකම් නැති කර ගන්නේ නැතුව දෙවියන් වහන්සේගේ ආශිර්වාදය එක්ක පවුලේ අය සමඟ සතුටින් ජීවත් වෙන්නයි ඕනේ.
අනාගත බලාපොරොත්තු මොනවාද?
මම ලොකුවට අනාගතය ගැන බලාපොරොත්තු තියාගන්න කෙනෙක් නෙවෙයි. මේ කාලේ බලාපොරොත්තුව මගේම සින්දු ඇතුළත් ඇල්බම් එකක් රිලීස් කරන එක තමයි.
මේ වෙද්දි වින්ඩි වටා සෑහෙන ප්‍රේක්ෂක පිරිසක් ඉන්නව. ඒ ප්‍රේක්ෂකයන්ට මොනවද කියන්නෙ…
ප්‍රේක්ෂකයන්ට ස්තුතිවන්ත වෙන්නයි මට ඕනේ. ඒ අයගේ ප්‍රතිචාර මට ගොඩක් වටිනවා. ඒ දේවල් නිසා මගේ ගමන ශක්තිමත් වෙනවා. තවම මම සංගීත ක්ෂේත්‍රයේ වැඩ පටන් ගත්තා විතරයි. මට තව ගොඩක් දුර යන්න තියෙනවා කියලා හිතෙනවා. හොඳ නිර්මාණ රසිකයන්ට ලබා දෙන්න උත්සහ කරනවා.