බැඳීම් සාර්ථක වෙන්න නම් දෙන්නා ළඟම තියෙන්න ඕන දේවල් 5ක් | Page 2 | සිළුමිණ

බැඳීම් සාර්ථක වෙන්න නම් දෙන්නා ළඟම තියෙන්න ඕන දේවල් 5ක්

කෙල්ලෙක් හා කොල්ලෙක් අතරේ ආදර සම්බන්ධතාවක් ඇති වුණාම මුල් කාලෙදී නම් හැම දෙයක් ගැනම සැලකිලිමත් වෙනවා. හැබැයි පටන් ගන්නකොට තිබුණ සමහර පුරුදු කාලයක් යනකොට අමතක වෙනවා. ඒ නිසා තමයි ආදරේ වෙනුවට හිතට ලොකු පීඩනයක්, බරක් විදියට හිතට දැනෙන්න ගන්නේ. ඉතින් අන්න ඒ නිසා තමයි ඔයාලා දෙන්න අතරේ තියෙන රිලේශන් ෂිප් එකේදී අමතක වුණ දේවල් කිහිපයක් ගැන අද අපි ඔබට කියන්න යන්නේ. බලන්නකෝ පටන් ගත්තු මුල් කාලෙදී වගේම මේ දේවල් ඔයාල‍ෙග සබඳතාවය ඇතුළෙත් තියනවාද කියලා

 

විශ්වාස කරන්න

කෙනෙක්ව විශ්වාස කරන එක ටිකක් අමාරු වෙන්න පුළුවන්. ඒ වුණත් එයාව විශ්වාස කරන්න පැකිළෙන්න එපා. කිසිම වෙලාවක අනිත් අයත් එක්ක සංසන්දනය කරන්න එපා. ඔයා එයාව විශ්වාස කරන එක එයාට ලොකු ශක්තියක් වෙන්න පුළුවන්.

 

අගය කරන්න

ඔයා වෙනුවෙන් පොඩි දෙයක් කළත් එයාව අගය කරන්න අමතක කරන්න එපා. එයා තමයි ඔයාට ඉන්න හොඳම සහකාරයා කියන එක එයාට දැනෙන්න දෙන්න. හැමවෙලාවෙම එයා එක්ක ඉන්න. ඒකෙන් ඔයාල දෙන්න අතරේ තියන ආදරේ නොදැනුවත්වම වැඩි වෙනවා.

 

කතා කරන්න

මුල් කාලේ ගොඩක් දේවල් කතා කළාට කාලයත් එක්ක ටික ටික කතා කරන එක අඩු වෙනවා. සමහර දේවල් නොකියා ඉඳීම නිසා ප්‍රශ්න පවා ඇති වෙනවා. ඉතින් දෙදෙනා අතරේ හොඳ communication එකක් තියෙන එක ගොඩක් වැදගත්. සමහරවිට ඔයා කරන විහිළුවක් වුණත් එයා serious ගන්න පුළුවන්. මොකද කාලයත් එක්ක කෙනෙක්ගේ හැසිරීම අවබෝධය වෙනස් වෙන්න් පුළුවන්. ඒ නිසා හැමදේ ගැනම දෙන්නත් එක්ක කතා කරන්න අමතක කරන්න එපා.

 

තනි වෙන්න

එකට සිටීම වැදගත් වුණත් තනියම කාලය ගත කරන්නත් පුරුදු වෙන්න. එකට බොහෝ කාලයක් සිටීමේදී එකිනෙකා නොරුස්සන ගතිය, කෝපවීම වගේ දේවල් වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා එයාට තනියම කාලය ගත කරන්න දෙන්න. ඒ වගේම ඔයත් තනියම කාලය ගත කරන්න. ඒ වගේ වෙලාවට ඔයාටම එයා ගැන ගොඩක් දේවල් අවබෝඳ වෙයි. නරක වෙනුවට ඔයාට එයා කොයිතරම් හොඳයිද කියලා හිතේවි.

 

ඔයාව වෙනස් කර ගන්න එපා

ආදරේ කරන කාලේදී එයාව හම්බවෙන්න ගියපු විදිය ටිකක් මතක් කර ගන්න. ඔයා අඳින ඇඳුම කොණ්ඩේ සුවඳ විලවුන් ගැන පවා සැලකිලිමත් වුණා නේද? දැනුත් ඔයා එහෙමද? ඉස්සර ඇඳුමක් අඳින්න කලින් එයාට පෙන්නපු ඔයාම අද එකම ඇඳුමෙන් දවස් දෙකක් ඉන්නවා නම්, කොණ්ඩය පීරන්නේ නැතුව දවස් ගානක් ඔහේ ඉන්නවා නම්, ඒකෙන් කියවෙන්නේ ඔයා දැන් ඔයා ගැන සැලකිල්ලක් දක්වන්නේ නෑ කියන එක. එතකොට එයා ඔයා ගැනත් කිසිම සැලකිල්ලක් දක්වන එකක් නෑ. ඒ නිසා හැම වෙලාවෙම ලස්සනට පිරිසිදුවට හිටපු ඔයාව ඒ විදියටම තියාගන්න.

 

 

 

Comments