
මට ගැළපෙනවා කියලා දැනෙන කෙනෙක් හමුවන තුරු ඉන්නවා
ප්‍රවීනා දිසානායක කියන්ෙන් අනුරාධපුරයේ, එප්පාවල, ඉහල හල්මිල්ලෑව කියන සුන්දර ගමෙන් කලාවට බිහි වූ දක්ෂ රංගන ශිල්පිනියක්. නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යය හරහා කලාවට පිවිසි නිසාම ප්‍රවීනා කියනවට වඩා වැඩි දෙනෙක් දන්නෙ නාඩගම්කාරයෝ හී ගීතිකා කිව්වම. හැබැයි මේ වෙද්දී නාඩගම්කරයෝ අවසන්. ප්‍රවීනා මේ දවස්වල මොනවද කරන්නේ, අලුත් නිර්මාණ මොනවද මේ කියන කරුණු කාරණා බොහොමයක් දැන ගන්නත් එක්ක සොඳුරු කතාබහකට සම්බන්ධ කර ගත්තා.
ප්‍රවීනා කොහොමද ජිවිතේ
ජිවිතේ හොඳින් සැහැල්ලුවෙන් ගත වෙනවා.
මේ කාලයේ මොකද වෙන්නේ
මම දායක වුණු රේස් ඩ්‍රාමා එක ඉවර වුණා. තව නිර්මාණ දෙකක වැඩ කරගෙන යනවා. ඒ එක්කම මගේ අධ්‍යාපන කටයුතු කරගෙන ඉන්නවා.
වැඩිදුර අධ්‍යාපනය ලබන්නේ මොන අංශයෙන් ද?
මම මේ වෙද්දී පෞද්ගලික විශ්වවිද්‍යාලයක psychology degree එකක් කරනවා. මම පොඩි කාලේ ඉඳන් නර්තනය එක්ක හිටිය කෙනෙක්. හැබැයි මගේ ආසාව තිබ්බේ වෛද්‍යවරියක් වෙන්න. ඉතින් අහම්බෙන් ලැබුණු ආරාධනාවක් එක්ක කලා ක්ෂේත්‍රයෙන් ඉස්සරහට යන්න පටන් ගත්ත. නමුත් මට වෛද්‍යවරියක් වෙන්න බැරි වුණත් මම මනෝවිද්‍යාව පැත්තෙන් මගේ ඒ ආසාවත් ඉටු කරගන්න උත්සහ කරනවා.
නර්තනයට පුංචි කාලේ ඉඳන් දස්කම් දක්වන්නේ, නර්තනයෙන් ඉදිරියට මොනවද කරන්න ඉන්නේ
නර්තනය පැත්ත ගත්තොත් මේ කාලයේ නම් මම නර්තනය හදාරන්නේ නැහැ. නමුත් මගේ විනෝදාංශය විදියට මම නර්තන කටයුතු කරගෙන යනවා.
නාඩගම්කාරයෝ හී ගීතිකා එ් ලැබුණු ජනප්‍රියත්වය තවම ලැබෙනවද?
ඇත්තටම කියන්න සතුටුයි. ඒ ලැබුණු ප්‍රේක්ෂක ආදරේ ඒ විදියටම ලැබෙනවා. තාමත් මාව දැක්කම හැමෝම වගේ මා එක්ක නාඩගම්කාරයෝ ගැන කතා කරනවා. ඒ නිසා ඒ ප්‍රතිචාර ඒ විදියටම තියෙනවා. ඒ ලැබෙන ආදරේ ගැන මම සතුටුයි.
ප්‍රවීනා චරිතයක් භාරගන්නේ මොන වගේ නිර්ණායක මත ඉඳලද?
තෝරා බේරා ගැනීම කියන්නේ, මම කැමතියි එකිනෙකට වෙනස් චරිත කරන්න. මට මෑතක නම් ලැබුණේ එක වගේ චරිත. ඉදිරියේදි එන්න තියෙනවා “ආලත්ති අම්මා” කියලා මගේ වෙනස්ම චරිතයක් දකින්න ලැබෙන නිර්මාණයක්. ඒක එනකම් මම බලන් ඉන්නවා. නිර්ණායක කියලා විශේෂයෙන් බලන දේවල් නැහැ පිටපත කියවලා බලද්දී මට ලැබෙන චරිතයට මට සාධාරණයක් කරන්න පුළුවන් කියලා විශ්වාසයක් ඇති වුණොත් මම ඒ චරිතය භාරගන්නවා.
ප්‍රවීනා මේ වෙද්දි පදිංචිය කොහෙද?
කොළඹ ඉන්නේ. මගේ අධ්‍යාපන කටයුතු සහ කලා කටයුතු එක්ක අනුරාධපුරේ යනවා අඩුයි.
ගමේ යාළුෙවා් ඈත් වෙලාද?
එහෙම නැහැ. අනුරාධපුරේ ගියාම මගේ ගමේ යාළුෙවා් හම්බෙනවා. මෙහෙත් යාළුෙවා් දැන් ඉන්නවා. දෙගොල්ලොන්වම එදා වගේම ආශ්‍රය කරනවා. විශේෂයක් නැහැ.
ඔය අතරේ විශේෂ යාළුවෙක් නැද්ද?
තවම එහෙම විශේෂ යාළුවෙක් නැහැ.
ක්ෂේත්‍රයේ කෙනෙක්ගෙන් ආදර යෝජනාවක් ආවොත් භාර ගන්නවද?
ඒ ගැන එහෙම ලොකුවට හිතලා නැහැ. මට ගැළපෙනවා කියලා මට දැනෙන කෙනෙක් හම්බෙනකම් ඉන්නවා.
ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද මේ ගමන එන්න
මම පවුලේ එකම ළමයා. ඒ නිසා මට ගෙදරින් හැමදේටම ලොකු සහයෝගයක් ලැබෙනවා. මම කොහේ ගියත් මගේ අම්මා තාත්තා මා එක්ක ඉන්නවා. මම වැටෙන තැන්වලදී ඒ දෙන්නා තමයි මට හැමදාම ශක්තියක් වෙමින් උදව් කරන්නේ. ඒ ලැබෙන සහයෝගය ගැන නම් කියන්න වචන නැහැ.
ප්‍රවීනා කියන්නේ ගෙදරදී හිතුවක්කාර දඟ චරිතයක් ද?
මම එහෙම හිතුවක්කාර දඟ චරිතයක් නෙවෙයි. මම අම්මයි අප්පච්චියි එක්ක ඉන්නේ යාළුෙවා් වගේ. අපි අතරේ රහස් නැහැ. අපි හරි එකතුයි, එකමුතුයි.
කලාවට සම්බන්ධ වෙන්න ලැබීම ගැන අද මොකද හිතෙන්නේ
ගොඩක් සතුටුයි. නාඩගම්කාරයෝ නාට්‍යය මට ලැබෙන්නේ කොරෝනා කාලයේදී. එදා මම ගීතිකාගේ චරිතය භාර ගන්න ගත්ත තීරණය ගැන අද මම සතුටු වෙනවා. ඒක හරි ඉක්මනින් සිද්ධ වුණා. මට කතා කරලා පහුවදාම එන්න වුණා ෂූටින්වලට. ඒ ගැන මතක් කරද්දී මට දැනෙන්නේ තාමත් අද ඊයේ වගේ.
මම කොහොමත් කලාවට ගොඩක් ආදරේ කරන කෙනෙක්. ඒ පසුබිමත් එක්ක මම ගත්ත තීරණය ගැන තියෙන්නේ ලොකු සතුටක්.