
හේෂාන් මනුල කියන්නේ කලාව බාල්දු කළ කෙනෙක් කියලා කියනවට මම ආස නැහැ
මාව මේන්ටේන් කරන්න ඕනේ නිසා මම මගේ වටිනාකම කියනවා
මම මගේ වෘත්තියට අගෞරව වෙන විදිහට වැඩ කරන්නෙත් නැහැ
නිරූපණ ක්ෂේත්‍රයෙන් රංගනයට පිම්මක් පැන්න හේෂාන් මනුලව ප්‍රේක්ෂකයන් වඩාත් හඳුනා ගත්තේ සිරි දළදා ගමනය චිත්‍රපටයෙන්. සිනමාවේ පුංචි තිරයේ නිතර නිතර පේන්න නොහිටියත් මේ දවස්වල නම් ඔහුව ප්‍රේක්ෂකයන්ට වඩාත් ළෙංගතුයි. ඒ හිත ළඟ හිනැහුණා ටෙලි නිර්මාණයෙන්. රංගනයට වැඩි ඉඩක් වෙන් කර තිබෙන කාලයක ඔහු වෙනුවෙන් මේ ඉඩ වෙන් කරන්න අපි හිතුවා.
හේෂාන් පුංචි තිරයේ “සිහිනට” ජීවය දෙන්න පටන් ගෙන නේද?
හිත ළඟ හිනැහුණා නාට්‍යය කලින් අධ්‍යක්ෂණය කළ ධනුෂ්ක රත්නායක හොඳ හිතවතෙක්. නාට්‍යයේ විකාශන කොටස් මට එවද්දි වුණත් මම ධනුෂ්කට කිවුවේ මේක හොඳ වැඩක්. අලුත් වගේම පරණ දක්ෂ පිරිසක් මේ වැඩේට එකතු කරගෙන තියෙනවා කියලා. මොකද්ද හේතුව කියලා දන්නේ නෑ. මට හිතිලා තියෙනවා මේ නාට්‍යයේ මමත් හිටියා නම් හොඳයි කියලා. නාට්‍ය පටන් ගෙන මාස නවයක් යද්දි ඒ නාට්‍යයේ ප්‍රධාන චරිතයට මට ආරාධනා ලැබුණා. ඇත්තටම ඒක මට පුදුමයක්. මොකද නාට්‍යයේ ප්‍රධාන නළුවා අයින්වෙලා ඒ චරිතයටම කෙනෙක්ට එන්න ලැබෙන අවස්ථා විරලයි. කොහොම වුණත් මට ලැබුණා නම් කියලා හිතුණ දේවල් පහුවෙලා හරි මට ලැබෙනවා. නාට්‍ය අධ්‍යක්ෂණය කරන ප්‍රදීප් රසාංග මට මේ චරිතයට කතා කළාම ඇත්තටම මට ලොකු සතුටක් දැනුණා.
හේෂාන් දෙව්නකව නාට්‍යයෙන් කැපුවද කියලා සමහර අයට හිතෙන්න පුළුවන්?
මේ චරිතයට ආරාධනා ලැබුණට පස්සේ මම දෙව්නක මල්ලිට කතා කරලා ඇහුවා මොකක් හරි ප්‍රශ්නයක් ද කියලා. මොකද මම කාටවත් අසාධාරණයක් වෙනවට කැමැති නෑ. දෙව්නක මල්ලි මට කිවුවා ඔහු වැඩිදුර අධ්‍යාපන කටයුතු වෙනුවෙන් විදේශගත වෙනවා කියලා. මේ චරිතය කරන්න කියලා මල්ලි සුබ පැතුවා. මගේ පළවෙනි කොටස විකාශය වුණාට පස්සෙත් මල්ලි මට කතා කළා. ඇත්තටම ක්ෂේත්‍රයේ ඒ වගේ එකිනෙකා අතර සහයෝගයක් තිබ්බොත් තමයි හොඳ වෘත්තීමය තත්ත්වයක් හැදෙන්නේ.
තව කෙනෙක් කළ චරිතයක් කරන්න ඔබට දෙගිඩියාවක් තිබ්බේ නැද්ද?
දෙගිඩියාවක් තිබ්බා. ඒ වෙනකොට දෙව්නක මල්ලිට ප්‍රේක්ෂකයන් පුරුදුවෙලා හිටියා. දෙව්නක මල්ලි සිහිනගේ චරිතය හොඳට රඟපාලා තිබ්බා. මිනිස්සු මට මුලින් බණියි කියලා මම හිතුවා. ඒත් මට හිතුණා මේ චරිතය හරියට කළොත් මට ප්‍රේක්ෂකයෝ ආදරය කරයි කියලා. කරන දේ හරියට කරන්න පුළුවන් කියන ආත්ම විශ්වාසය කවදත් මට තිබුණා. මුලින් මට බැණපු අයගෙන් සියයට හැත්තෑ පහක් විතර දැන් මට ප්‍රතිචාර ලබා දෙනවා. මම සිහිනගේ චරිතයට සාධාරණයක් කරනවා කියලා. මගේ ජීවිතේ ලබපු ලොකු සම්මානයක් එය. ඇත්තටම මං ගැන තිබ්බ විශ්වාසයට මේ වෙලාවේ ස්තුතිවන්ත වෙන්න ඕනේ අධ්‍යක්ෂක ප්‍රදීප් රසාංගටත්.
ටෙලි නාට්‍ය ලැබුණු පළියට රඟපාන්නේ නෑ කියලා ඔබ කාලයක් කිවුවා. දැනුත් ඒ ප්‍රතිපත්තිය තියෙනවද?
ඉස්සර මට වැඩ ආවත් බාර ගත්තේ නෑ. හැබැයි දැන් මම වැඩ සියයක් ආවොත් ඒකෙන් තිහක් හරි මගේ තත්ත්වය තියාගෙන බාර ගන්නවා. ඉස්සර මට රඟපාන්න ආසාව තිබ්බා. නමුත් මම ගොඩක් කාර්යබහුල වෙන්න කැමැති වුණේ නැහැ. ටෙලි නාට්‍ය කරන ආකාරයේ ප්‍රශ්න කිහිපයක් තිබ්බ නිසා තමයි ගොඩක් වැඩ බාර නොගත්තෙත්. ඊට පස්සේ මම හිතුවා චෝදනා කර කර ඉඳලා වැඩක් නෑ. වළේ ගැඹුර බලන්න මේකට බහින්නම ඕනේ කියලා. ඒකයි වැඩ කරන්න හිතුවේ. දැන් මම මගේ වෘත්තීය තත්ත්වය තියාගෙන වැඩ කරනවා. මම වැඩ කරන නිර්මාණයේ සියලු දෙනාගේ සහායත් එක්ක මට මගේ වැඩ කොටස කර ගන්න පහසු වෙලා තියෙනවා.
සම්මානනීය බලාපොරොත්තු තියාගෙන වැඩ කරන කෙනෙක්ද ඔබ?
මම සම්මාන බලාපොරොත්තු තියාගෙන නෙමෙයි වැඩ කරන්නේ. මගේ ආත්ම තෘප්තිය ගැන හිතලා තමයි වැඩ කරන්නේ. මම මේ මොහොතේ ගොඩක් සතුටින් වැඩ කරනවා. මට ඕනේ මගේ රංගන ධාරිතාවය පෙන්නලා කවදා හරි මේ ක්ෂේත්‍රයෙන් අයින් වෙන්න. සමහර විට මම කාලයක් රඟපායි. ආයේ කඳු නගින්න යයි.ලෝකේ වටේ ඇවිදින්න යයි. හැබැයි මම වැඩ කරන ඕනෑම ක්ෂේත්‍රයක දුර ගමනකට වඩා හරි ගමනක් යන්නයි මට අවශ්‍ය. ඒ වෙනුවෙන් මම ක්ෂේත්‍රය තුළ වෘත්තීමය මට්ටමක් තියාගෙන වැඩ කරනවා.
මුදල්මය වටිනාකම ගැන ඔබ ගොඩක් හිතන නළුවෙක්ද?
සමහර අය කියනවා මගේ ගාණ වැඩියි කියලා. මගේ වටිනාකම දන්න අය මාව වැඩවලට ගන්නවා. මම මාව මේන්ටේන් කරන්න ඕනේ. ඒ නිසා මම මගේ වටිනාකම කියනවා. මියුසික් වීඩියෝවකට සම්බන්ධ වුණත් මගේ ගාණ වැඩියි. මම වැඩවලට යන්නේ මගේ වාහනේ. ඒකට තෙල් ගහන්න ඕනේ.නිර්මාණ වෙනුවෙන් මේන්ටේන් වෙන්න මට වියදමක් යනවා. මම මුදල ගැන හිතන්නේ ඒකයි. ගන්න මුදලට උපරිම කැප කිරීමක් මම කරනවා. හේෂාන් මනුල කියන්නේ කලාව බාල්දු කළ කෙනෙක් කියලා කවදා හරි කෙනෙක් කියනවට මම ආස නැහැ. අඩුවට වැඩ කරනවා කියන්නේ අපේම වළ අපිම කපා ගන්නවා වගේ වැඩක්.
මනුලට හොඳ ඉල්ලුමක් තියෙනවා වගේ දැන්?
ඔව්. ඒකට හේතුව දන්නේ නැහැ. මං වටා ඉන්න ප්‍රේක්ෂකයොත් කැමැතියි මම තව තව නිර්මාණවල දකින්න. නිර්මාණවලටත් මට ආරාධනා ලැබෙනවා.
ඔබ පොළොවේ පය ගහලා ඉන්න නළුවෙක්ද?
මම කැමරාව ඉස්සරහ විතරයි නළුවා. එතනින් එහාට මම සාමාන්‍ය පුද්ගලයෙක්. ඕන කෙනෙක් එක්ක සුහදව කටයුතු කරන කෙනෙක් මම. ප්‍රේක්ෂකයෝ අපිට දෙන ආදරය නිහතමානීව දෙද්දි අපි ලොකුකම් පෙන්නන්න හොඳ නැහැ. ඒ වගේම මම මගේ වෘත්තියට අගෞරව වෙන විදිහට වැඩ කරන්නෙත් නැහැ.
දැන්වත් මනුල පෙම්වතෙක් වෙලාද?
මට සම්බන්ධතා තිබිලා තියෙනවා. මම සාමාන්‍යයෙන් හරි නිදහස්ව ඉන්න කැමැති කෙනෙක්. ඒ නිසා මගේ පෙම්වතිය වෙන කෙනත් නිදහස්ව ස්වාධීනව ඉන්නවට තමයි මම කැමැති. සමහර ගැහැනු ළමයි නිදහස්ව ස්වාධීනව ඉන්න කැමැති නෑ. නීති දානවා නම් තමයි ඒ අය කැමැති. ආදරයේදි විශ්වාසය තියෙන්න ඕනේ. මම කාවවත් කොටු කරන්න කැමැතිත් නැහැ. ඒ නිසා එහෙම නිදහස් විදිහට හිතන ස්වාධීන වෙන්න කැමැති කෙනෙක් ලැබුණොත් මම පැළෙන්න ආදරය කරනවා. දැන් මම මගේ ව්‍යාපාරයට හිත යොමු කරලා කලා කටයුතු , නිරූපණ කටයුතු කරගෙන පාඩුවේ මගේ ගමන යනවා.