
මම රැප් කරන්න පටන් ගත්තේ Becky G නිසා
අශාන්‍යා කියන නම සංගීත ක්ෂේත්‍රයෙන් ජාත්‍යන්තරයට අරගෙන යෑමයි අරමුණ
ජාත්‍යන්තරය පිළිගත් ජාත්‍යන්තර ප්‍රමිතියකින් යුක්ත රියැලිටි වැඩසටහනක් වන සිරස ‘ද වොයිස්’ වේදිකාව හරහා රටක් ලෝකයක් දන්න දක්ෂ කලා තරු කලා ක්ෂේත්‍රයට දායාද වුණා. අශාන්‍යා ප්‍රේමදාස කියන්නේත් ඒ විදිහට කලා ලෝකයට ආපු බොහෝ දෙනෙක්ගේ හදවත සොරාගත් සුන්දර ගායිකාවක්. අශාන්‍යා මේ දවස්වල මොනවද කරන්නේ කියලා දැනගන්නත් එක්කම රසඳුන අපි සොඳුරු කතාබහකට සම්බන්ධ කර ගත්තා.
අශාන්‍යාගේ සම්පුර්ණ නම මොකක් ද?
මගේ නම අශාන්‍යා ටෙෂාරා මරීසා ප්‍රේමදාස අබේසේකර.
පාසල
ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය
පවුලේ විස්තර ටිකක් කිව්වොත්
මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, අයියයි, මමයි.
අයියත් සංගීතයට ලැදි කෙනෙක් ද?
එයත් සින්දු කියන්න ඉගෙන ගන්නවා. ඒ එක්කම ගිටාර් එක වාදනය කරනවා. හැබැයි එයා ගොඩක්ම කැමති රේසින්වලට.
මේ දවස්වල මොකද වෙන්නෙ?
මේ දවස් වල මගේ පළමු ගීතය නිර්මාණය කරනවා. ඒ නිසා එහි වැඩ කටයුතු එක්ක පොඩ්ඩක් කාර්යබහුල වෙලා ඉන්නවා. ඒක මම ලබන මාසයේ වගේ රිලීස් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ එක්කම මට ඔන්ලයින් බිස්නස් එකක් තියෙනවා. එකේ වැඩත් කරගෙන යනවා.
අධ්‍යාපන කටයුතු අවසන් ද?
මම සාමාන්‍ය පෙළ කරලා නවත්තලා තියෙන්නේ. බිස්නස් සහ මාර්කටින් පැත්තෙන් වැඩිදුර අධ්‍යාපනය ලබන්න ඉන්නේ.
දැන් වයස කීයද?
අවුරුදු 18යි.
ගායිකාවක් වෙන්න ඕනේ කියලා හිතට දැනුනේ කොයි කාලෙද?
අවුරුදු පහේ ඉඳන් මම සින්දු කියලා තියෙනවා. ඒ නිසා පොඩි කාලේ ඉඳන්ම මම සංගීතයට ආසා කළා. කවදා හරි සංගීතය පැත්තෙන් ඉදිරියට යන්න ඒ කාලේ ඉඳන්ම හිතුවා.
සංගීතය ගැන කොයිතරම් දුරට හැදෑරීම් කරලා තියෙනවා ද?
මම අශාන්ති ද අල්විස් යටතේ සංගීතය ඉගෙන ගන්නවා. අශාන්ති මිස් ගාවට මම ගියේ වයස අවුරුදු 11දී. මම ඇත්තටම කරන්න ආස කළේ මියුසික් ඩිග්‍රි එකක්. නමුත් ලංකාවේ මියුසික් පැත්තෙන් ලොකුවට ඩිග්‍රි නැති නිසා තමයි බිස්නස් & මාර්කටින් පැත්තෙන් වැඩිදුර අධ්‍යාපනය ලබන්නේ. ඒ නිසා මම ඔන්ලයින් මියුසික් ඉගෙන ගන්නවා.
Voice Teens වැඩසටහන නිසානේ අශාන්‍යා ජනප්‍රිය වුණේ, Voice Teens එක්ක එකතු වෙන්න හිතුවේ ඇයි?
ඒ කියන්නේ ඉන්ටනැෂනල් The Voice පටන් ගත්ත කාලේ ඉඳන් හැමදාම අම්මා එක්ක ඒ වැඩසටහන බලනවා. මට ඩ්‍රීම් එකක් තිබ්බා කවදා හරි ඒ රටකට ගිහින් හරි The Voice වේදිකාවේ සින්දු කියන්න. ඉතින් ලංකාවට ආවට පස්සේ අම්මා මාවත් ඒකට යොමු කළා.
හිතුවද මේ තරම් ජනප්‍රියත්වයක් ලැබෙයි කියලා?
ඇත්තටම නැහැ. මම හිතුවෙම නැහැ voice වලින් ඉස්සරහට යන්න ලැබෙයි සහ මේ තරම් ප්‍රතිචාරයක්, ජනප්‍රියත්වයක් ලැබෙයි කියලා.
රියැලිටිවලින් එද්දි තියෙන ජනප්‍රියකම බොහෝ අයට වැඩිකල් රැඳෙන්නෙ නැහැ, අශාන්‍යා ඒ වෙනුවෙන් කොහොමද ක්‍රියා කරන්නෙ?
මම උත්සහ කරන්නේ මට ලැබුණු ජනප්‍රියතාව දිගටම පවත්වාගෙන යන්න සහ එය වැඩි දියුණු කරන්න අවශ්‍ය කරන දේවල් කරන්න. ඒ වෙනුවෙන් මම නිරන්තරයෙන් සංගීතය හැදෑරීම් කරනවා. ඔන්ලයින් අලුත් මියුසික් ස්ටයිල් අධ්‍යයනය කරනවා. ඒවා අත්හදා බැලීම් කරනවා. ඒ එක්කම මට නිර්මාණය වුණු ෆෑන්බේස් එක එක්ක සුහදව ගනුදෙනු කරනවා. මට පුළුවන් හැම වෙලාවකම එයාල එවන ඒවාට රිප්ලයි කරනවා. ඒ එක්කම මම සෝෂල් මිඩියා එක්ක ඇක්ටිව් කෙනෙක්. මේ වෙද්දී ටෙලිග්‍රෑම් ගෘෘප් එකක් තියෙනවා. එහි ඉන්න අය මොකක් හරි ඇහුවොත් මම ඒවාට රිපල්යි කරනවා. මම පුළුවන් තරම් උත්සහ කරනවා මා වටා එකතු වෙලා ඉන්න රසිකත්වය එක්ක ඉදිරියට හොඳ ගමනක් යන්න.
මේ වෙද්දි ලැබුණු හොඳම ප්‍රතිචාරය කාගෙන්ද ? මොකක් ද ඒ?
අශාන්ති ද අල්විස් මගේ සංගීත ගුරුතුමිය මට ගොඩක් හොඳ කමෙන්ට්ස් දුන්නා සහ තව තව හොඳින් කරන්න උපදෙස් දුන්නා. මගෙන් මගහැරෙන පොඩි දේවල් පවා මට කියලා දුන්නා. වේදිකාවේ ප්‍රාසාංගිකව ගීත ගයන්න මට ලොකුම හයිය වුණේ අශාන්ති මිස්. ඒ එක්කම Voice Teens වේදිකාවේ දී කෝච්ලා හතර දෙනා මට දුන්නු කමෙන්ට්ස් මගේ ගමනට ආශිර්වාදයක් වුණා.
ජනප්‍රිය වෙද්දි ගොසිප් නිර්මාණය වෙනවා වැඩීයි, ඒ ගැන මොකද හිතෙන්නෙ?
මුලදී නම් ඒ දේවල් ගැන ගොඩක් දුක් වුණා. හැබැයි මොන දේ වුණත් මගේ පවුලේ අය මා එක්ක හිටියා. එයාල මට කියලා දුන්නා ඉස්සරහට යන හැම කෙනෙක්ටම මේ වගේ දේවල්වලටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියලා. ඒ නිසා මම දැන් ඉගෙන ගෙන තියෙනවා මට ලැබෙන ගොසිප් කටකතා එක්ක මගේ ගමන ශක්තිමත්ව යන්න.
ක්ෂේත්‍රයේ ඔයාගෙ හොඳම යාළුවා කවුද?
එහෙම විශේෂ කෙනෙක් නැහැ. මම හැමෝම එක්ක සුහදයි. ඒ නිසා හැමෝම මගේ යාළුවො.
අශාන්‍යා ෆලෝ කරන, කැමතිම ගායිකාව කවුද?
Becky G. මම මේ වෙද්දී රැප් පවා කරනවා. මම රැප් කරන්න පටන් ගත්තේ Becky G නිසා. ඒ වගේම එයා ආව ගමන් මඟ දිහා බැලුවොත් පොඩි තැනකින් පටන් අරන් තනියම ආව ගමනක් එයාට තියෙන්නේ. ඒ නිසා මගේ ජිවිතේ මම පූර්වාදර්ශයට ගන්න චරිතයක් තමයි අමෙරිකානු ගායිකාවක් වන Becky G කියන්නේ.
අනාගත බලාපොරොත්තු මොනවාද?
කවදා හරි දවසක අශාන්‍යා කියන නම සංගීත ක්ෂේත්‍රයෙන් ජාත්‍යන්තරයට අරගෙන යන එක තමයි මගේ බලාපොරොත්තුව.