
- කවදාවත් අමුතු පරෙස්සමක් මට නැහැ
- පාර දිගේ කියන්නේ මට රංගන පාසලක්
නිත්‍යා දේවින්දි කියන්නේ 2019 දෙරණ අවුරුදු කුමරිය තරගයේ අවසන් 12 දෙනා අතරට පිවිසීමත් සමඟම ලාංකික කලා ලොවෙහි දොරටුව විවර කරගන්නට සමත් වුනු සුරුපි රංගන ශිල්පිනියක්. නිත්‍යා මේ දිනවල විකාශය වන පාර දිගේ ටෙලි නාට්‍යය තුළින් සහ රේස් 2 නාට්‍යය තුළින් ප්‍රේක්ෂකයින්ට සමීප වනවා.
*පාර දිගේ නාට්‍යය නිත්‍යාට විශේෂයි නේද?
අනිවාර්යයෙන්ම. මුලින්ම කියන්න ඕනේ පාර දිගේ කියන්නේ මගේ රංගන ජිවිතේ හැරවුම් ලක්ෂ්‍යය. පාර දිගේ කියන්නේ මගේ හතරවෙනි ටෙලි නාට්‍යය. පාර දිගේ රුවිනි කියන චරිතයෙන් තමයි මට ප්‍රේක්ෂකයින් අතරට යන්න පුළුවන්කම ලැබුණේ. පාර දිගේ කියන්නේ මට රංගන පාසලක්. ජයප්‍රකාශ් ශිවගුරුනාදන් කියන අපිට ඉන්න දක්ෂතම අධ්‍යක්ෂවරයා යටතේ තමයි අපිට රඟපාන්න වෙන්නේ. ඒ එක්කම තිරපිටපත ලියන්නේ සද්ධා මංගල සූරියබණ්ඩාරයන් නිසා ශක්තිමත් පිටපතක් තියෙනවා එතුමාට. මේ වෙලාවේ චාමර සමරවික්‍රම අපේ නිෂ්පාදකතුමාවත් ආදරෙන් මතක් කරනවා. පාර දිගේ රුවිනි කියන්නේ මගේ වාසනාවටම ලැබුණු චරිතයක්. විශේෂයෙන්ම ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක් සමඟ මට වැඩ කරන්න ලැබීම සතුටක්.
*ප්‍රවීණ රංගන ශිල්පීන් සමඟ රඟපෑම තුළින් ලැබෙන අත්දැකීම කොහොමද?
මගේ අඩුපාඩු ඒ අය හදනවා සහ මමත් ඉදිරිපත් වෙලා ඉන්නවා ඒ දේවල් ඒ අයගෙන් අහලා හදාගන්න. මගේ පරම්පරාවේ බොහෝ අයට නැතිම දේ තමයි ජ්‍යේෂ්ඨ කලාකරුවන්ගෙන් දැනුම ලබා ගන්න දන්නේ නැතිකම. ඒ අයට ගරුකරන්න දන්නේ නැතිකම. මගේ අම්මට රඟපාන මල්කාන්ති ජයසිංහ මහත්මිය ගත්තම එයාගේ රංගන ජීවිතේට අවුරුදු 40 ක් වෙනවා. එතකොට මට කොච්චර දේවල් ගන්න තියෙනවාද? ඒ නිසා තමයි මම කියන්නේ පාරදිගේ කියන්නේ මට රංගන පාසලක්.
*මේ වෙද්දී රුවිනිට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
මුහුණට හමුවුණාම ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉතා හොඳයි. රුවිනිට යූ - ටියුබ් සහ මුහුණු පොතේ නම් කිසිම හොඳ කමෙන්ට් එකක් නැහැ. හැමෝම බණිනවා. ඒ කියන්නේ රුවිනි කියන චරිතය මම හොඳින්ම කරනවා කියන එක.
*අලුතින් එන අය බොහොම ඉක්මනට කටකතා ගොසිප්වලට අහුවෙනවා, නිත්‍යා බොහොම පරිස්සමෙන් මේ ගමන යන හැඩයි. කටකතාවලට බය ද?
මේ ක්ෂේත්‍රයට පුදුම අවාසනාවක් වෙලා තියෙන්නේ. මොකද කලාව ගැන සිනමාව ගැන කතා කරනවා කිසිම අදාළත්වයක් නැති මිනිස්සු. චිත්‍රපටයක් කියන්නේ මොකක් ද? අධ්‍යක්ෂවරයා කියන්නේ කවුද කියන එකවත් දන්නේ නැති අය කලාව ගැන කතා කරනවා. කලාවේ ඉන්න මිනිසුන්ට මඩ ගහනවා. එතකොට හිතන්නකෝ කලාව වැටිලා තියෙන තැන. කටකතා ඕනේ කෙනෙක්ට හැදෙන්න පුළුවන්. තමන් ජීවත් වෙන සහ හැසිරෙන විදිය අනුව. මම කවදාවත් අමුතු පරිස්සමක් නැහැ. මම ගියා මට අදාළ වැඩේ කළා, මම ආවා. අපි ගම්වල හැදුණු බොහොම සාමාන්‍ය පවුල්වල අය. ඒ නිසා මට ගෙදරින් ලැබුණු දේවල් ටිකක් තියෙනවා.
*මේ මොහොතේ පවතින කලා ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?
මම හිතන්නේ නම් මේ ක්ෂේත්‍රය තව අවුරුදු දෙක තුනකින් නැත්තටම නැතිවෙයි. හේතුව තමයි කලා ක්ෂේත්‍රයේ තිබිය යුතු කොලිටි එක එන්න එන්නම අඩු වෙනවා. ඒක මේ වෙද්දී ඕනෙම කෙනෙක්ට තේරුම් යන දෙයක්. ජ්‍යේෂ්ඨ කලාකරුවෙක් එක්ක වාඩිවෙලා විනාඩි 10ක් 15ක් කතා කරත් ඇති ඒක තේරුම් ගන්න. මොකද රඟපානව කියන එක ඕනේ කෙනෙක්ට කරන්න පුළුවන් වෙන්න ඇති. නමුත් ප්‍රේක්ෂකයාට දැනෙන්න සහ තාත්විකව රඟපානවා කියන්නේ දෙකක්. අලුතින් අය එන්න ඕනේ ඕනෙම ක්ෂේත්‍රයකට. හැබැයි ඒ එන්න ඕනේ දක්ෂතාව ඇඟේ තියෙන අය. අද වෙද්දී එහෙම නැහැ. කෙනෙක් මේ ක්ෂේත්‍රයට එනවා නම් ඒ කෙනා තුළ රංගනයට දක්ෂතාව ඇඟේ තිබිය යුතුමයි.
*ජීවන සහකරු විදියට නිත්‍යා තෝරා ගන්නේ ක්ෂේත්‍රයේ කෙනෙක්,
ඔව්. මගේ මහත්තයා ගීතාංජන ද කොස්තා. ක්ෂේත්‍රයට ආව ගමන් මම විවාහ වුණා. ඒක මම ගත්ත ගොඩක් හොඳ සහ වැදගත්ම තීරණයක්. එයා දන්නවා මම කවුද කියන එක. එයා ඒ දේ තේරුම් අරන් ඉන්න නිසා අපි නිදහසේ ජීවත් වෙනවා. ජීවිතේම රඟපාන්න ගියොත් අවසානයේ අපිම රැවටෙනවා. කැමරාව ඉදිරියේ පමණක් රඟපෑවම ඇති. මම රඟපාන්නේ කැමරාවට පමණයි.
*දැන් නිත්‍යාගේ මහත්තයා නිෂ්පාදකවරයෙක්, අධ්‍යක්ෂවරයෙක් නිසා ඔහුගේ ඉදිරි නිර්මාණවල ඔබ ඉන්නවද?
එයා මට වඩා මේ ක්ෂේත්‍රයේ අවුරුදු ගාණක් ඉන්න ජ්‍යේෂ්ඨයෙක්. මම හැම තිස්සෙම එයාට කියන දෙයක් තමයි මම වයිෆ් කියලා එයාගේ වැඩෙවල මම ඉන්න ඕනේ කියලා දෙයක් නැහැ. මම කියන්නේ මට චරිතයක් දෙන්න කලින් මට වඩා හොඳ කෙනෙක් ඒ චරිතයට ඉන්නවද කියලා බලන්න. ඒ නිසා මම එයාගේ සමහර නිර්මාණවල ඉඳියි සමහර නිර්මාණවල නැතිවෙයි. මොකද අපි බලන්න ඕනේ නිර්මාණයේ සාර්ථකත්වය මිසක් ගෙදර ඉන්න අය රඟපානවද නැද්ද කියන එක නෙවෙයි.
*ආපස්සට හැරිලා බලද්දී ජීවිතේ ගැන අද මොකද හිතෙන්නේ?
මම රංගන ශිල්පිනියක් වෙන්න ඕනේ කියලා හීන දැකපු කෙනෙක් නෙවෙයි. මගේ ජීවිතේ උඩුයටිකුරු වුණේ මගේ තාත්තාගේ මරණය එක්ක. එතකොට මම දෙවැනි පාරට උසස් පෙළ කරන්න හිටියේ. නමුත් ඒ දේවල් අතරමඟ නතර වුණා. ආර්ථික ප්‍රශ්න නිසා නෙවෙයි තාත්තාගේ පවුලෙන් ආව ප්‍රශ්න නිසා. මගේ අම්මා තාත්තා අයියා කැමති වුණා, මම කලාවට එනවට මගේ ගෙදර අය අකමැති වුණා. ඊට පස්සේ තමයි අවුරුදු කුමරිය හරහා මේ ක්ෂේත්‍රයට ආවේ.
*ඉදිරි අරමුණු බලාපොරොත්තු මොනවද?
කවදාවත් මට අරමුණු තිබ්බේ නැහැ. අදටත් නැහැ. මම අරමුණු විරහිතව ජීවත් වෙන කෙනෙක්. මම දන්නේ නැහැ සමහර කෙනෙක් කියන්න පුළුවන් මොකක් ද ඒ ජිවිතේ තේරුම කියලා. ඒක මට ප්‍රශ්නයක් නැහැ. එන දේකට මුහුණ දීලා සැහැල්ලුවෙන් මනුස්සකම ඇතිව ජීවත් වෙනවා නම් සොබා දහම මඟින් අපිට ජීවත් වෙන්න අවශ්‍ය දේවල් ලබා දෙනවා. ඒ හැර වුණොත් හොඳයි කියලා හිතෙන දේවල් තියෙනවා. ඒ අතර කවදා හරි හොඳම නිළිය ලෙසින් සම්මානිත වෙන්න ආසයි. ඒ යාළුකම් මම ගෙදර ගේන්නේ නැහැ. ඒක මගේ හැටි. මේ ක්ෂේත්‍රයේ ඉන්න අයව එහෙම ලොකුවට ආශ්‍රය කරන්න බැහැ. කවුරුත් එහෙම ගෙදර ගේන්න තරම් හොඳ යාළුවො නැහැ. ඒක තමයි ඇත්ත කතාව. මම ඕනෙම කෙනෙක්ට ඒක කියනවා. මට දැන් ඉන්නේ අම්මා අයියා නංගි සහ මගේ මහත්තයා. මට ඕනේ ඒ මගේ පවුලේ අය එක්ක සතුටින් ඉන්න.