
- දවසක් මට කෝල් එකක් ආවා ඔයා අමායාද කියලා දැන් මම කල්පනා කරනවා මම වින්ධ්යානේ කියලා
- හඳහන් බැලුවෙත් නැහැ. වෙලාවල් බැලුවෙත් නැහැ. අපි දෙන්නම ඕවා විශ්වාස කරන්නෙ නැහැ
- මගේ ශරීරයේ දැන් ටැටු හතරක් තියෙනවා
- අන්තිම එක ගැහුවේ මාස දෙකකට කලින්
- නිළියක් නිසා නෙමෙයි එයාට ආදරේ කළේ
මේ නමට වඩා රූපය බොහෝ දෙනෙකුට මතක ඇති. ඈ නමින් වින්ධ්‍යා වෙන්කියුලැන්බර්ග් විවාහයෙන් පසුව ඕස්ට්‍රේලියාවට පදිංචියට ගිය ඇයව දැන් රංගනයෙන් දකින්න ලැබෙන්නේ නැහැ. පුංචි පුතෙක්ට ආදරණීය අම්මා කෙනෙක් වුණු ඈ ශ්‍රී ලාංකික සාම්ප්‍රදාය කඩාගෙන ගිය කතක්. වින්ධ්‍යා මේ වෙද්දී හිතේ හයියෙන් සුදූ ජාතිකයන් එක්ක හැප්පෙමින් වෙනස්ම රැකියාවක නිරත වෙනවා. ඒ කායවර්ධන උපදේශීකාවක් විදිහට. විදෙස් රටක එවැනි වෙනස් වූ මඟක් ස්පර්ශ කළ ඈ හා ඇගේ ආදරණීය සැමියා ලක්මාල් ජයසුන්දර රසඳුන කතාබහකට එකතු කරගත්තා.
වින්ධ්‍යා ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගිහිං අවුරුදු හය හතක්ම වුණා. කොහොමද ජීවිතේ, ලංකාවට එන්න අදහසක් නැද්ද ..?
මම ඇවිත් අවුරුදු හයකට වැඩියි. මගේ සැමියා නම් අවුරුදු 14ක් විතර වෙනවා. මෙහේ ජීවිතේ හරිම සුන්දරයි. මගේ හා සැමියා ගේ දෙමාපියන් මෙහේ ඇවිත් ගියා. තවම එයාලා පුතාවත් දැකලා නැහැ. ලංකාවට ගියේ නැති නිසා. දැන් නම් ලංකාවෙන් ආව එක ගැන සතුටු වෙනවා හේතුව දැන් ලංකාවේ තියෙන තත්ත්වය එක්ක. ඒක ආර්ත්මාර්ථකාමි හැඟිමක් වුණත් ඇත්ත ඒක තමයි. මෙහේ ඉදලා පුළුවන් විදිහට උදව් කරනවා ලංකාවේ හිතවතුන්ට.
ඔබ ඒ කාලේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. රංගනය පැත්තකින් තියලා විදෙස් ගත වෙන්න හිතුවේ ඇයි..?
ඒ දවස්වල මම ගත්ත හොඳම තීරණය තමයි ඒක. විවාහයෙන් පස්සේ මමයි සැමියයි 'සප්පායම' කියලා රෙස්ටූටන්ට් දෙකක් කළා. මුල් මාස කිහිපය සියලුම කෑම හැදුවේ මම. අන්තිමට කැෂියර් එකේ හිටපු ළමයා රෙස්ටූරන්ට් එකක් දැම්මා. අපේ කැෂියර් එකේ මුදල් අඩු වුණා. ඒවා අසාර්ථක වෙද්දී අපි දෙන්නා ඕස්ට්‍රේලියා ආවා. එයා කොහොමත් ජීවත් වුණු රට. ලංකාවට එයා ආවේ ආයේ ඕස්ට්‍රේලියා යන්නේ නැහැ කියලා නමුත් එන්න වුණා.
නිළියක් වුණා කියලා ලොකුවට මංගල්‍යය ගත්තෙත් නැහැ නේද...?
නැහැ. විවාහය ලියාපදිංචි කරලා පොඩි පාටියක් ගත්තා. හඳහන් බැලුවෙත් නැහැ. වෙලාවල් බැලුවෙත් නැහැ. අපි දෙන්නම ඕවා විශ්වාස කරන්නෙ නැහැ. අපිට හිතුණ දවසේ බැන්දා. ඒ 2015 අවුරුද්දේ.
නිළිකම අත අරින්න වුණෙත් ෆෙස්බුක් එකෙන් හඳුනගත් ලක්මාල් ව සැමියා කරගත් නිසා නේද ..?
මම අන්තිමට රඟපෑව ටෙලි නාට්‍ය ශූටිං බලන්නත් එයා ආවා. එයා ඇවිත් කිව්වේ මෙහේ ඉන්නේ වෙලාවට වැඩ කරන්නේ නැති මිනිස්සුනේ, ඔයාගේ කාලේ ඇයි නාස්ති කරන්නේ කියලා. ඒ වෙද්දී ගෙවිම් හරියට කළෙත් නැහැ. විදෙස්ගත වීමත් ඒක්ක රඟපෑම නතර වුණා. එයා නිසාම කියන්න බැහැ. නමුත් එයා කැමති නැහැ. ඒත් නීති දාන්නේ නැහැ. ඔයා කැමති නම් පාරේ නිරුවතින් හරි යන්න ඔයාට නිදහස තියෙනවා කියලා තමයි එයා කියන්නේ.
රඟපෑමෙන් නිහඬ වීම දුකක් නෙමෙයි ද..?
සමහර වෙලාවට අනේ අපරාදේ නේද කියලා හිතිලා තියෙනවා . නමුත් මෙහේ ජීවිතේ ඊට වඩා සැපයි.
පෙම්වතා පසුව සැමියා කරගත් ලක්මාල්ව ඔබට මුණ ගැහෙන්නේ මුහුණු පොතෙන් ඔබ යවන රික්වස්ට් එකක ප්‍රතිඵලයක් හැටියට, ඒ සුන්දර කතාව ගැනත් කියමු….?
මගේ නමින් හිටපු ෆේස්බුක් ගිණුමට යන්න බැහැ ගොඩක් පිරිස හායි බායි කියනවා. එක එක විදිහේ මැසෙජ් එවනවා. හරි කරදරයක්. නිදහසේ ෆෙස්බුක් යුස් කරන්න බැරි තත්ත්වයක් තිබ්බා. ඊට පස්සේ මම හිතුවා ෆේක් එකවුන්ට් එකක් හදා ගන්න. මගේ ෆොටෝ එකක්ම දාලා අමායා සංකේතනි කියන නමින් ගිණුමක් ඇරියා. නමුත් ඒකට මම ඇඩ් කරගත්තේ පිටරට අය විතරයි. දවසක් ලක්මාල්ගේ සජෂන් එකක් ආවා. ඒක ක්ලික් කරාම එයා ජීවත් වෙන්නේ ඕස්ට්‍රේලියාවේ කියලා තිබ්බා. ඒ නිසා මම රික්වෙස්ට් කළා. මම මගේ දුරකතන අංකය හයිඩ් කරලා තිබ්බේ. නමුත් හයිඩ් වෙලා නැහැ . දවසක් මට කෝල් එකක් ආවා ඔයා අමායාද කියලා. දැන් මම කල්පනා කරනවා මම වින්ධ්යානේ කියලා. පස්සේ කල්පනා වුණේ ෆේස්බුක් ෆේක් එක කියලා. මම ආ ඔව්... ඔව් කිව්වා. ඒ කතාබහ දුර දිග ගියා. පස්සේ මට හිතුණා මේ මනුස්සයාට බොරු කරන එක පවු වැඩක් කියලා. මම දවස් දෙක තුනකින් ඇත්ත කිව්වා. මම අහවලා, මේ හේතුව නිසා තමයි මම ෆේක් එකවුන්ට් එකක් හදාගත්තේ කියලා.
ඇත්ත ද ලක්මාල්, වින්ධ්‍යා කියන කතාව,
ඔව්. මට රික්වස්ට් එකක් ආවා. කවුද කියලා බලන්න මම ඒකේ තිබුණු නම්බර් එකට මම කෝල් කළා. ඊට පස්සේ තමයි ඇත්ත කතාව කිව්වේ. නම ලස්සනයි, දාලා තිබ්බ ෆොටො එකත් අවුලක් නැහැ. ඇත්තටම කිව්වොත් නිකන් කෝල් කළේ, මම නළු නිළියෝ ගැන එච්චර දන්නේ නැහැ. නිළියක් කියලා දන්නෙත් නැහැ. කොහොම හරි අන්තිමට පතාගෙන ආපු කෙනා ඒ විදිහට මුණ ගැහුණා.
ආදරේ කරන්න හිතුවේ..?
නිළියක් නිසා නෙමෙයි එයාට ආදරේ කළේ. එයා හරි ඕපන්. විශ්වාස කරන්න පුළුවන් චරිතයක්. ගතිගුණ හොඳයි, එයා මගෙන් අහලා තියෙනවා ඇයි මම වගේ කැත මහත කෙනෙකුට ආදරේ කරන්න හිතුණේ කියලා. මට නම් එයාව ලස්සනට පෙණුනා. ඒ නිසා ආදරේ කළා. විවාහය කියන්නේ තේරුම් ගැනිම හා විශ්වාසය මත ගොඩනැඟෙන හා පැවතෙන දෙයක්. එයාව ඒකට හරියටම ගැළපුණා. අනිත් එක මම කැමති සමාජයත් එක්ක ගැටෙන්න පුළුවන් කෙනෙක්.
ලක්මාල්, ඇය නිළිකම අතහැරලා විදෙස් ගත වෙන්න බැහැ කිව්වේ නැද්ද ..?
එයාමයි කිව්වේ ලංකාවේ ඉදලා ගොඩ යන්න බැහැ. අපි ඕස්ට්‍රේලියා යමු කියලා. අනිත් එක එයාට ලොකු වෙනසක් වුණේ. නැහැ මේ ජීවිත. ඉක්මනින් හුරු වුණා ලංකාවේ ගැහැනු පිටරටකට ඇවිත් කරන්නේ නැති ෆීල්ඩ් එකක් තෝරා ගත්තා.
ඔය රැකියාව නිසා තමන්ගේ බිරියගේ ගැහැනු ලයාන්විත ස්වරූපය නැති වෙයි කියලා හිතුවේ නැද්ද ..?
මම කාලයක් ජීවත් වෙන්නේ මෙහේ. මෙහේ ජීවිත හරි සැහැල්ලු යි. ඕන දෙයක් කරන්න පුළුවන් කවුරුත් මොකුත් කියන්නේ නැහැ ඕපාදූප හොයන්නේ නැහැ. මට ඕන මගේ බිරිය සතුටින් තමන් කැමති දේ කරලා ඉන්න. අපි දෙන්නම ජිම් ගියා. ඊට පස්සේ තමයි එයාට ඔය අදහස ආවේ. ඒකෙන් විභාග කිහිපයක් තිබ්බා. අන්තිම එක හරිම හාර්ඩ් වර්ක්. එයා ඒකත් කළා. දැන් එයා කායවර්ධන පුහුණුකාරිනියක් විදිහට කොලිෆයිඩ්.
ඇය නිළියක් කියලා දැනගත් පසුව ඔබ ඒ ගැන පවුලේ අයට පවසද්දි විරුද්ධ වුණේ නැද්ද ..?
මගේ නංගිගේ මහත්තයා ජාතික රග්බි කණ්ඩායමේ හිටපු නායක රාධික. මම එයාගෙන් වින්ධ්‍යා ගැන ඇහුවා . එයා කිව්වා නිළියක්නේ බං. එයා ගැන නරක දේවල් නම් ආරංචි වෙලා නැහැ. ඒ නිසා කතා කරලා බලන්න කියලා . මගේ මවුපියන් වුණත් මම කැමති දේට ඉඩ දුන්නා. එයාලා නිතරම බැලුවේ මගේ සතුට ගැන. ඒ නිසා විරුද්ධ වුණේ නැහැ
ඔබ සූපවේදියෙක් විදිහටත් කටයුතු කළා, රසට උයන්න පිහන්න පුළුවන් ඇති..?
ඩුබායි වල මම සූපවේදියෙක් විදිහට වැඩ කළා. ඕස්ට්‍රේලියා එන්නේ වැඩිපුර ඉගෙන ගන්න . මෙහේ ඇවිත් ටික කාලයක් සූපවේදියෙක් විදිහට වැඩ කළා. මට බටහිර විදිහට ඕන කෑමක් හදන්න පුළුවන්. ශ්‍රී ලංකා කෑම බීම නම් බැහැ උයන්න. මම දැන් වාහන ව්‍යාපාරයක් කරන්නේ.
ඔබේ උපන් දිනයට වින්ධ්‍යා ඔබව පුදුම කළෙත් ලැම්බෝගිනියක් දීලා නේද ..?
එයා දන්නවා මම වාහනවලට හරි ආසයි කියලා. එයා රෙන්ට් එකට ලැම්බෝගිනියක් අරන් ඇවිත් ගේ ළඟ නතර කරලා මගේ ඇස් වහලා වාහනේට එක්කගෙන ගියා. නැග්ගම වාහනයක් කියලා හිතුවා. වාහනේ ස්ටාට් කරනකල් මගේ ඇස් වහලා තිබ්බේ. ස්ටාට් කරාම සද්දෙන් හිතුවා ලැම්බෝගිනියක් කියලා . එදා මට හරියට සතුටු හිතුණා. ලැම්බෝගිනියක් ගන්න තරම් තවම වත්කමක් නැහැ. නමුත් එයා මගේ කැමැත්ත තේරුම් අරගෙන මාව සතුටු කළා.
ලක්මාල්ගේ කතාබහ අවසානයේ නැවතත් වින්ධ්‍යා එක්ක කතාබහ කළා,
වින්ධ්‍යා ඇයි වෙනස්ම රැකියාවක් කරන්න හිතුවේ..?
මම ඉස්සර ඉදලා කොහොමත් මහතයි. බබා ලැබුණම ඊට වඩා මහත් වුණා. මගේ බර කිලෝ 80 ක්. දැන් බර කිලෝ 60 ක්. ජිමි ගියාට පස්සේ තමයි ඒ අදහස ආවේ. වෙනස් දෙයක් කරන්න ඕන කියලා හිතුවා ලක්මාල් උදව් කළා. අදටත් පුතාව දවස් තුනක් එයා බලා ගන්නවා. දවසක් බබාව ඩෙ කෙයාර් එකට දානවා. ව්‍යාපාර කරන ගමන් එයා මට උදව් කරන්නේ. ඒ වගේම එයා ක්ලබ් එකක ක්‍රිකට් ගහනවා. ඩුබායි ඉන්න කාලෙත් එයා ක්ලබ් ගැහුවා. ලංකාවේ ඉද්දි පාසලේ සෙල්ලම් කරලා තියෙනවා . එයත් ස්පොට්වලට කැමති නිසා වෙන්න ඇති මට උදව් කරන්නේ.
ටැටු ගහලා අත් ගැඹුරින් කැපු ඇඳුම් විලාසිතා කරද්දී ඔහු විරුද්ධ වෙන්නේ නැතුව ඇති ..?
ඇත්තටම නැහැ. කලින් කිව්වා වගේ මට පහසු නම් නිරුවතින් ගියත් කමක් නැහැ, ඔයා දැනුම් තේරුම් තියෙන ලොකු මනුස්සයෙක් කරන්න ඕන දේ එපා දේ, හොඳ නරක ඔයා දන්නවා කියලා තමයි එයා කියන්නේ. ජිම් ඉන්ස්ටියුටර් කෙනෙක් විදිහට මෙහෙම තමයි අඳින්න වෙන්නේ. කොහොමත් මම මට හොඳයි කියලා හිතෙන දේ කරනවා. එයා හරිම කැමතියි ඒවට. ඒ වගේම මගේ ශරීරයේ දැන් ටැටු හතරක් තියෙනවා. අන්තිම එක ගැහුවේ මාස දෙකකට කලින්
ලංකාවේ කෑම බීම රසට උයන්න පුළුවන් නිසා ලංකාවේ කෑමවලින් කුස්සිය සුවඳවත් වෙනවා ඇති නේද ..?
මෙහේ කෑම හදන්නේ නැති තරම්. ලක්මාල් කැමති දෙයක් එයා හදාගෙන කනවා. මම හෙල්ති කෑමක් හදාගෙන කනවා. ලංකාවේ වගේ නිතරම උය උයා දඟලන්න ඕන නැහැ. කඩල තම්බලා තියාගෙන කනවා. උයන්නේ නැති වුණාට උයන්න පුළුවන්.
පුතා එක්ක ගෙවන ජීවිතේ ගැනත් කියලම මේ කතාබහට සමු දෙමු..?
පුතා ආචී ඉවෝන් ජයසුන්දර අවුරුදු දෙකහාමාරයි. ලංකාවේ අම්මලා දරුවන්ට මොනා කරන්න ගියත් එපා එපා කියනවා. මම එහෙම නැහැ. වැටිලා හරි ඒ අත්දැකීම් ගන්න ඉඩ දෙනවා. දඟ පුතෙක් ඉන්නේ. ජීවිතේ හරිම සුන්දරයි. අපි තුන් දෙනා සතුටින් ජීවත් වෙනවා.