
පුහුණු වන නිෂ්පාදන සහකාරවරියක් ලෙස 2003 අවුරුද්දේ ජාතික රුපවාහිනියට සම්බන්ධ වුන මාලති විරසිංහ අධ්‍යාපන වැඩසටහන් අංශයේත්, ප්‍රවෘත්ති අංශයේත් කලක් සේවය කළාය. අද වන විට ඇය ළමා ඒකකයේ වැඩසටහන් නිෂ්පාදකවරියක් ලෙසට කටයුතු කරයි. ළමා වැඩසටහන් පිළිබඳ සම්මානනීය නිෂ්පාදිකාවකි. ජන සන්නිවේදනය පිළිබඳ උපාධියක් හදාරා සිටින ඇය ගැනයි අද කතාබහ.
දැන් මගේ ප්‍රධානම කාර්ය තමයි ළමයින් වෙනුවෙන් වැඩසටහන් නිර්මාණය කිරීම. ඒක ඉතාම වගකිම් සහගත දෙයක්. ඒ වගේම අපි ඉතාම පරිස්සමින් කළයුතු දෙයක්. ළමා වැඩසටහන් නිර්මාණය කරන නිර්මාණකරුවෙකු තුළද ස්වයං විනයක් , පාලනයක් තිබිය යුතු වෙනවා.
අපි කතාකරන මේ ළමා මනසට ගැළපෙන වැඩසටහන් ලෙස අදහස් කරන්නේ මොනවාද?
විශේෂයෙන්ම ළමා මනසට ගැළපෙන ලෙස වැඩසටහන් නිර්මාණය කිරීම අත්‍යවශ්‍යයි. අද වන විට රුපවාහිනි වැඩසටහන් හරහා ළමා මනසට සිදුවන බලපම් ඉතා විශාලයි. බොහෝ වෙලාවට ළමයාගේ පරිවර්තන කාලය තුළ මූලික පරමාදර්ශය සපයන්නෙකු විද්‍යුත් මාධ්‍ය ක්‍රියා කරනවා. අපි නොදැනුවත්වම ඇතැම් ළමා වැඩසටහන් තුළින් ප්‍රචණ්ඩත්වය, වෛරී සිතුවිලි, එකිනෙක් කෙරෙහි ඊරිසියාව වැනි සිතුවිලි ස්මතු කරනවා. මේවා ළමා මනස විකෘති කරනවා. මේ කියු දෙවල් වලින් තොර වැඩසටහන් නිර්මාණය විය යුතුයි. මානව හැඟීම කාලයක් තිස්සේ ඔවුන්ට බලපෑම් ඇති කරනවා. ඒ දරුවන්ට වගේම සමාජයටත් එය බලපානවා. ළමයින්ගේ මානසික තත්ත්වය එකිනෙකට වෙනස්. සතුට, ආශ්වාදය, විනෝදය , දැනුම වැඩසටහනකින් දරුවන් නිතරම බලාපොරොත්තු වෙනවා. ඒ නිසා කුඩා වැඩිහිට් සඳහා නොවෙයි සැබෑ දරුවො වෙනුවෙන් අපි නිර්මාණ කළයුතු වනවා. එහෙම නැත්තන් රුපවාහිනිය ඉදිරිපස ඔවුන් ගෙවන කාලය අපරාධ කාලයක් බවට පත්වනවා. අපි එය නොකළ යුතුයි.
වැඩසටහනක භාෂා භාවිතය ගැන දරන මතය මොන වගේද?
නිවැරදි භාෂා භාවිතය අපට උරුම අපේ සංස්කෘතිය, සාදාචාර සම්බන්ධ වන බව, වගේ අපේ හර පද්ධතියට හානියක් නොකර ආකර්ෂණීය ලෙස නූතන දරුවා වෙනුවෙන් අපි නිර්මාණ කළ යුතුව තිබෙනවා. ඉතාම තරගකාරී වාණිජකරණය වූ මාධ්‍ය තුළ වුණත් කරන දේ අපි හරියටම කළේ නැත්නම් අපට අනෙකා වෙනුවෙන් සංවේදි මනුස්සකම් රැකුනු ගුණයහපත් දරු පරපුරක් අනාගතයේ දකින්න බැරි වෙනවා. ඒකයි මම කියන්නේ ළමා වැඩසටහන් ඉතා පරිස්සමෙන් වගකීමෙන් යුතුව නිවැරදි භාෂාව භාවිත කළ යුතු බව.
නිර්මාණය කළ වැඩසටහන් සම්මානයට, ඇගයීමට ලක් වෙලා තියෙනවා නේද?
මම කළ වැඩසටහන් සම්මානයට, ඇගයීමට ලක් වෙලා තියෙනවා. දේශීය ප්‍රධාන සම්මාන උෙලළ වල වගේම අන්තර්ජාතික වශයෙන්. මට ඒ ගැන සතුටුයි. ළමා වැඩසටහන් විතරක් නොවෙයි මම නිර්මාණය කළ අධ්‍යාපන වැඩසටහන් ද සම්මානයට ඇගයීමට ලක්වෙලා තියෙනවා. මම ඒ ගැන සතුටු වෙන්නේ මම ළමයින් වෙනුවෙන් යම් දෙයක් කළ නිසයි. දරුවන්ගෙන් ලැබෙන ප්‍රතිචාර, අදහස් මාව සතුටට පත්කරනවා. දරුවෝ වෙනුවෙන් යමක් කරන්න ලැබෙන එක දරුවො සතුටු වෙන එක දකිනවා වගේම දරුවො මට ආදරය කරනවා දැනෙන එක තරම් සතුටක් ම තවත් නැති තරම්.
මාලතීට සුන්දර ළමා කාලයක් තියෙනන් ඇති නේද ?
මම ඉපදුණේ ත්‍රිකුණාමලේ දුර ඇත ගමක. මගේ කාලය සුන්දර ළමා කාලයක් වුණේ නැ. මහ විනාශකාරී යුද්ධයක් මැද මම ඉපදුණේ, හැදුණේ වැඩුණේ, තරුණ විය ගත කළේ. යුද්ධය මට අහිමි කළ දේවල් අප්‍රමාණයි, අසීමිතයි බීම, ඇඳුම් පැලඳුම්, ඉඳුම් හිටුම් විතරක් නොවෙයි ආදරය කරුණාව මානසික සුවය වගේම මගේ ළමා කාලයත් යුද්ධය මට නැති කළා. යුද්ධය නිසාම මට ඉගෙන ගන්න පාසල් 15 කට පමණ යන්න සිද්ධවුණා. රටේ තැනින් තැනට ගොස් ජීවිතය රැකගන්න වුණා. ඒක දිග කතාවක්.
හැබැයි යුද්දෙට බැරිවුණා මගේ ආත්ම විශ්වාසය නැති කරන්න. මගේ ශක්තිමත් සිතුවිලි වෙනස් කරන්න. මගේ බලාපොරොත්තු, අරමුණු නැති කරන්න. ඒ නිසා යුද්ධය පරද්දලා මම ජය ගත්තා. එක දෙයක් මම පුංචි දරුවොන්ට කියන්න කැමතියි. ශක්තිමත් සිතුවිලි අපිට තියෙනව නම් ඕන දෙයක් ජය ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපව ජයග්‍රණය කරා ගෙන යන්න ඉගෙනීම තරම් වෙනත් කිසිම දෙයක් නැහැ. ඒ නිසා හොඳට ඉගෙන ගන්න ඕන.
ඔබ සම්මානනිය නිෂ්පාදිකාවක් වුයේ කොහොමද?
පාසල් යන කාලයේම මට රුපවාහිනි වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ශානක මාලියද්ද නිෂ්පාදනය කළ ද ලයිව් බඩ් ශෝ කියන සජීවී වැඩසටහනට තමයි මම මුලින්ම රුපවාහිනියට සම්බන්ධ වුණේ. ඊටත් ඉස්සෙල්ලා සංවිධාන කළ තුරුණු ශක්ති වැඩසටහනින් නිවේදිකාවක් විදිහට ජයග්‍රහණය කළා. ඉන් පස්සේ තමයි නුග සෙවණ, අධ්‍යාපන වැඩසටහන්, සජීවී වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ. ඒ අවස්ථාව ලබා දුන් තරංග අතුරලිය, දර්ශන පියරත්න යන නිෂ්පාදකවරුන්ව මම ගෞරවයෙන් මේ වෙලාවෙ සිහිපත් කරනවා. නිෂ්පාදකවරියක් ලෙස සේවයට ආවට පස්සෙ නිවේදන කාර්ය මගෙන් ඇත් වුණා. නමුත් හඬ කැවීම් ශිල්පිනියක් විදිහට නම් ක්ෂේත්‍රයේ දිගටම රැඳුණා. අතුල රන්සිරිලාල් මහතාගෙන් හොඳ සහයෝගයක් ලැබුණා. කුරුල්ලන්ට ගී, සිංදු කෝච්චිය කියන වැඩසටහන් වලින් මම මාලතී නැන්දා විදිහට දරුවෝ අතරට ආවා. දැන් දේවිකා කුමාරසිංහ අධ්‍යක්ෂණය කරන නැණ මිහිර ළමා වැඩසටහන ඉදිරිපත් කරනවා. දරුවන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා මේ වැඩසටහනට.
ඔබේ පවුලේ තොරතුරු සිහිපත් කළොත්?
මම පුංචිම කාලේ තාත්තා නැති වුණේ. එදා ඉදලා අම්මයි තාත්තගෙයි දෙන්නගෙම සෙනෙහස රැකවරණය ලැබුණේ අම්මාගෙන්. අම්මගේ අහිමි විම අදටත් මට දරාගන්න බැ. මට අක්ක කෙනෙකුයි, අයියල දෙන්නෙකුයි ඉන්නවා. මගේ පොඩි අයිය තමයි මලිත් වීරසිංහ. පස්සෙ කාලෙක මට අම්මයි තාත්තයි දෙන්නම වුණේ එයා. මගේ සැමියා රසික කරුණාරත්න. ඔහු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ නියෝජ්‍ය ලේකම් ලෙස කටයුතු කරනවා. මට මයූ, සුදුල්, නිසූ කියලා පුතාල තුන්දෙනෙක් ඉන්නවා. ඒ තුන්දෙනා කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙන ගන්නවා.
මට කවදාවත් ජීවිතේ ලොකු බලාපොරොත්තු තිබුණේ නෑ. මගේ රටේ පුංචි දරුවන්ට හෙට දවසේ නැගී සිටින්න, ඒ අය වෙනුවෙන් සමාජයට රටට යහපතක් කිරීම තමා මගෙ එකම අරමුණ.
නිශ්ශංක විජේරත්න