
- ඔහු රජ වූ චිත්‍රපටයක් තිරගත වෙන්න තිබියදී දර්ශන් අයියා මොලොව හැර යාම කිසිදා අමතක වෙන එකක් නැහැ
- මම හැමතිස්සෙම නරක දේ තුළින් පවා හොඳ දේ දකින කෙනෙක්
සංජය නිර්මාල් අධ්‍යක්ෂණය කළ “ප්‍රාණ“ චිත්‍රපටය පසුගියදා තිරගත වුණා. අද වෙද්දී ප්‍රාණ ගැන බොහෝ දෙනා කතාබහ කරනවා. ඒ එක්කම අපිට මෙම චිත්‍රපටයෙන් හමුවෙන සොඳුරු රංගන ශිල්පිනියක් තමයි නිරංජනී ශම්මුගරාජා. ප්‍රාණ සිනමා නිර්මාණයේ රංගනය වෙනුවෙන් ඇයට ලැබෙන ප්‍රතිචාර නම් විවිධාකාර බවයි දැන ගන්නට ලැබෙන්නේ. කෙසේ වෙතත් ප්‍රාණ ගැන ඇය රසඳුනට කිව්වේ මෙහෙම.
“අපි හැම තිස්සෙම ඉතිහාස කතා වලදී දැක්කේ මවාපු දේවල්. ඒ නිසා එක ඉතිහාස සිදුවීමකට කතා බොහොමයක් තියෙනවා. නමුත් අපේ සමාජයට, ජාතියට හෝ ආගමට වුවමනාවටවත් ඒක වෙනස් කරන්න හොඳ නැහැ. සිනමා කෘතියක් ඇතුළෙන් ඒක කරනවා කියන එක ලේසි දෙයක් නෙවෙයි. අපි ඇත්ත කතා කරද්දී තවත් සමාජීය කාරණාවක අඩුවක් වැරැද්දක් කතා කරන්න සිද්ධ වෙනවා. ඒක බෞද්ධ ද, ක්‍රිස්ත්‍රියානි ද, හින්දු ද, මුස්ලිම් ද කියන එක නෙවෙයි අදාළ වෙන්නේ. ඒ නිසා එක දෙයක ඇත්ත කතා කරද්දී තවත් පාර්ශ්වයක ඇත්ත මුහුණ හෙළි වෙනවා. ඒක මේ සමාජය ඇතුළේ විවේචනවලට ලක්වෙනවා. ප්‍රශ්නවලට මුහුණ දෙනවා. ඒ නිසා තමයි ගොඩක් වෙලාවට ඇත්ත හංගන්න උත්සහ කරන්නේ. මම විශ්වාස කරන්නේ ඇත්ත ඇත්ත විදියට පෙන්වනවා නම් තවත් සමාජයකට ඒක හානියක් වෙන්නේ නැහැ හොඳක් මිස.
ප්‍රාණ චිත්‍රපටය තුළින් මේ කතා කරන දේ ඇත්තටම මතභේදාත්මක කතාවක්. මිනිස්සු බලන්න පුළුවන් මේ තුළින් හින්දු ආගමට ද පහරක් එල්ල වෙන්නේ කියලා. හැබැයි මම ඒක දකින්නේ වෙනස් විදියකට. අදටත් ඒ කුල භේද නිසා කෝවිල් ඇතුළට ගන්නේ නැති දේවල් තියෙනවා. එහෙම නැතුව අපි එහෙම කරන්නේ නැහැ කියලා බොරුවට පම්පෝරි ගහන්න ඕනේ නැහැනේ. අදටත් උතුරු නැෙඟනහිර පැතිවල ඉතාම දරුණු ලෙස මේ කුල භේදය තියෙනවා.“
ඔබ දමිළ යුවතියක්, මේ චිත්‍රපටය වෙනුවෙන් දායක වීමේ දී නිරංජනී ට ගැටලු පැන නැඟුණේ නැද්ද?
“මම මේ චිත්‍රපටයට සම්බන්ධ වෙන්න යද්දීම මගෙන් ඇහුවා. ඔයා හින්දු, දමිළ සමාජයේ කෙනෙක් කියන එක සහ මේක කළොත් ඔයාට ප්‍රශ්නයක් වෙයි කියන එක. කොහොමත් මගේ සමාජය ඇතුළේ මට ප්‍රශ්න තියෙනවා. ඔවුන් හිතන්නේ මම සිංහල මිනිස්සු එක්ක එකතුයි. ඒ නිසා සිංහල මිනිසුන්ගේ හිත දිනාගන්නයි වැඩ කරන්නේ කියලා. නමුත් ඇත්ත ඒක නෙමෙයි. මම හැමතිස්සෙම නරක දේ තුළින් පවා හොඳ දේ දකින කෙනෙක්. මේ චිත්‍රපටය තුළින් මම හිතන්නේ ඉතිහාසයේ වුණු නරක දෙයක් අපි ආපසු නොවීමට වැඩ සිද්ධ කරන්න ඕනේ. ඒ නිසා මට මොන විවේචන, ප්‍රශ්න ආවත් මම මේ වෙනුවෙන් පෙනී ඉන්නවා. මම මේ චිත්‍රපටයට සම්බන්ධ වීම ගැන සතුටු වෙනවා සහ මම ආඩම්බර වෙනවා. ඒකට හේතුව තමයි කාලයකට කලින් වුණු ඇත්ත සිදුවීමක් ඒ විදියට සිදු වෙලා සමාජයට මේ වගේ දෙයක් නොවෙන්න වග බලා ගමු කියන පණිවිඩය මේ තුළින් සමාජගත වන නිසා.“
මේ චිත්‍රපටය තමයි ඔබට දර්ශන් එක්ක රඟපාන්න ලැබුණු අවසන් නිර්මාණය, ඔහු ගැන මතකය අවදි කළොත්?
“ ඔහුව මම මුලින්ම දකින්නේ මගේ පළවෙනි චිත්‍රපටය වන ඉනිඅවන් චිත්‍රපටයේ දී. එදා ඉඳන් මගේ හීරෝ ඔහු. මගේ පළවෙනි චිත්‍රපටය වෙනුවෙන් මම හොඳම නිළියට හිමි සම්මානය ගන්නවා දෙරණ ලක්ස් සම්මාන උෙලළේදී. එදා හොඳම නළුවා සම්මානය ලැබෙන්නේ දර්ශන් අයියට. ඒ වගේම ඉතිහාසයේ පළමු වතාවට තමයි දෙමළ නළු නිළි යුවළක් මේ හොඳම නළුවා සහ නිළිය සම්මානය එකම වේදිකාවකදී එකම චිත්‍රපටයක් වෙනුවෙන් ගත්තේ. එදා සිට මේ දක්වා චිත්‍රපටවල වැඩ කරලා තියෙනවා. ටෙලි නාට්‍යය කිහිපයක වැඩ කරලා තියෙනවා. ඔහු මගේ සහෝදරයෙක්. රඟපෑම ගැන ඔහු මට බොහෝ දේ කියා දී තිබෙනවා. ඔහු මට ගුරුවරයෙක්. මේ ක්ෂේත්රයට අයියා ඇවිත් අවුරුදු 14 ක්. මම ඇවිත් 11 ක්. මම ඔහුගේ ගෙදර අය සමඟත් එකමුතුයි. ඒ අම්මා තාත්තා මට සැලකුවේ එයාලගෙම දුවෙක් විදියට. මට තියෙන එකම දුක දර්ශන් අයියයි මමයි රඟපෑ අවසන් චිත්‍රපටය තිරගත වෙන්න දින හතරක් තිබියදී තමයි සදහටම සමුගන්නේ. අපි දෙන්න දශකයක් එකට රඟපාලා, අපි දෙන්නගෙම බලාපොරොත්තුව වූ ‘ප්‍රාණ‘ තිරගත වෙන්න කලින් මගේ සගයා මැරෙන එක මම කොහොමද දරා ගන්නේ.
ඔහු නැති අඩුව සමස්ත ලාංකීය සිනමාවටම පුවරවන්න බැහැ. ආයේ මේ වගේ නළුවෙක් බිහිවෙන්නේ නැහැ. හෙට මාව කාස්ට් කරද්දී මගෙත් එක්ක මගේ අයියාට, මගේ ප්‍රේමවන්තයට, මගේ හස්බන්ඩ් විදියට රඟපාන්න මගේ වයසට මගේ භාෂාවට මගේ සංස්කෘතියට ගැළපෙන එකම මනුස්සයා. ඉතින් ඒ අඩුව මට වචන වලින් කියන්න බැහැ.
හැබැයි එක විදියකින් මම මේ මරණය සිද්ධ වුණු වෙලාව ගැන සතුටු වෙනවා. එයාට සමස්ත රටවැසියන්ගේ ආදරය ගෞරවය නොඅඩුව ලැබුණු වෙලාවක්. ඒ වටිනාකම් එක්ක දර්ශන් අයියා නික්ම යාම ඔහු ලැබූ වාසනාවක්. ආයෙත් කියන්න තියෙන්නේ මට හිටිය එකම සගයා, මගේ ගුරු, මගේ හොඳම නළුවා, මගේ සහෝදරයා නොමැති අඩුව කිසිදා පුරවන්න බැහැ. ඒ එක්කම මට විශ්වාසයක් තියෙනවා සුනාමි වෙනුවෙන් ඔහුට සම්මානයක් ලැබෙයි කියලා.“