
මෙවර ෂාරුක් ඛාන්ගේ ඉන්ස්ටර්ග්‍රෑම් ඡායාරූපය බෙහෙවින් ජනප්‍රිය වූයේ වසර හතරකට පසු 2023 වසරේදී ඔහුගේ චිත්‍රපට හතරක් තිරගත වීමට නියමිත බවට වන සුභ පුවතද ලොවට දන්වමිනි.
පසුගියදා බොලිවුඩයේ රජු ලෙස හැඳින්වෙන ෂාරුක් ඛාන් තම ඉන්සටර්ග්‍රෑම් ගිණූමට එක් කළ ඡායාරූපය මුළු මහත් බොලිවුඩයම පමණක් නොව ඔහුගේ ලොව පුරා රසික රසිකාවියන්ද කලඹවාලීමට සමත් විය. එම ඡායාරූපයේ දැක්වූයේ ෂාරුක් ඛාන් දිගු හිසකෙසින් යුත්කව, උඩුකය නිරුවතින් සිටිනා තරමක් දුර්ලභ දසුනකි. එම දසුන ලබන වසරේ තිරගත වීමට නියමිත ඔහුගේ චිත්‍රපටයක අඩංගු දර්ශනයක් බවද, එම ඡායාරූපය උඩු ගත කළ සැණින් ඒ වෙනුවෙන් ප්‍රතිචාර ලැබෙන්නට වූ අතර එලෙස ප්‍රතිචාර ලබා දුන් අය අතර ෂාරුක් ඛාන්ගේ බිරිය ගෞරි ඛාන්, ටයිගර් ෂෙරොෆ්, අමුර්තා කන්විල්කාර් වැනි බොලිවුඩයේ ජනප්‍රිය චරිතද විය. ඒ අතරින් වැඩි දෙනාගේ අවධානය දිනා ගත්තේ හින්දි සිනමාවේ ජනප්‍රිය නිළියක වන රිචා චාදා යොමු කර තිබූ ප්‍රතිචාරයටය.
ඇය එම ඡායාරූපයට යොදා තිබුණේ අමුතුම ප්‍රතිචාරයකි. එහි සඳහන්ව තිබුණේ ‘ළඟදි බඳින්න ඉන්න අය පරිස්සමෙන්....‘ යනුවෙනි. ඇයගේ මේ ප්‍රකාශය බොහෝ දෙනෙකුට ක්ෂණිකව අවබෝධ වූයේ රිචා චාදා ගේ විවාහ මංගලෝත්සවය ඔක්තෝබර් 4වැනිදාට නියමිතව ඇති බැවිනි. ඇය විවාහ වන්නේ අලි ෆසාල් සමඟිනි. අලි ෆසාල් යනු ඉන්දීය සිනමා ක්ෂේත්‍රයේ ජනප්‍රය නළුවෙකි. ඔහු හින්දි සිනමාපටවල පමණක් නොව රූපවාහිනී මාලා නාටකවලද චරිත නිරූපණය කර තිබේ.
මේ වන විට ඔවුන්ගේ මංගල උත්සවයට සියලු කටයුතු සූදානම් කර අවසන් අතර අමුත්තන්ටද ආරාධනා පත්‍ර යවා තිබේ. එසේ තිබියදී රිචා චාදා ෂාරුක් ඛාන්ගේ ඡායාරූපයකට වහ වැටීම පසුගිය සතිය පුරා බොලිවුඩයේ උණුසුම් පුවත බවට පත් විය. සැබවින්ම අවසානයේ ෂාරුක් ඛාන්ගේ ඡායාරූපයට වඩා ජනප්‍රියත්වයට පත් වූයේ රිචාගේ ප්‍රතිචාරය විය.
රිචා චාදා ෂාරුක් ඛාන්ගේ ඡායාරූපයකට මෙවැනි ප්‍රතිචාර දැක්වීම ඇයගේ විවාහය හේතුවෙන්ම රසවත් පුවත් මැවූවද සැබවින්ම රිචා චාදා යනු ෂාරුක් ඛාන්ගේ සැබෑ රසිකාවියකි. ඇය ෂාරුක් ඛාන් සමාජ මාධ්‍යවල ඡායාරූප පළ කළ සැණින් ඒවාට අදාළව ප්‍රතිචාර දක්වන්නේ බොහෝ ඈතක සිටය.
මෙවර ෂාරුක් ඛාන්ගේ ඉන්ස්ටර්ග්‍රෑම් ඡායාරූපය බෙහෙවින් ජනප්‍රිය වූයේ වසර හතරකට පසු 2023 වසරේදී ඔහුගේ චිත්‍රපට හතරක් තිරගත වීමට නියමිත බවට වන සුභ පුවතද ලොවට දන්වමිනි.
බොලිවුඩයේ රජු ලෙස නොමැකෙන විරුදාවලියක් ලැබීමට සමත්ව සිටින ෂාරුක් ඛාන් අමිතාබ් බච්චන් ඇතුළු පැරණි ප්‍රවීණ හින්දි නළුවන් සියලු දෙනා අබිබවා යෑමට සමත්ව සිටින බවට කිසිඳු තර්කයක් නැත. එබැවින් රිචාගේ ප්‍රතිචාරයද සමඟින් උණුසුම් වූ බොලිවුඩය දැන් පෙරමඟ බලා සිටිනු ඇත්තේ තවත් මාස කිහිපයකින් ප්‍රේක්ෂකයන්ට තිළිණ කෙරෙන ෂාරුක් ඛාන්ගේ නවතම සිනමා පට නැරඹීමේ අවස්ථාව උදා වන තුරුය.