සෑම පිරිමියකුටම බිරිය ඉදිරියේ දැනෙන රහසිගත බිය | සිළුමිණ

සෑම පිරිමියකුටම බිරිය ඉදිරියේ දැනෙන රහසිගත බිය

බේ කසාද ජීවිතේ හොඳ තේරුම් ගැනීමකින් ගත කිරීමට , ඔබේ ස්වාමිපුරුෂයාට ඔබ ඉදිරියේ දැනෙන රහසිගත බිය කිහිපයක් පිළිබඳ දැනගෙන සිටීම වැදගත් ය.

01) ශරීරයේ ස්වභාවය සහ හැඩය

ගැහැනු ළමයි කුඩා කල සිට නිතරම උත්සහ කරනුයේ ශරීරය ආකර්ෂණීයව තබා ගැනීමටය. එම නිසා නිතරම ව්‍යායාම කර සෞඛ්‍ය සම්පන්න ආහාර භාවිතයට ද ඔවුන් යොමු වෙයි. නමුත් පිරිමින් කාය වර්ධන ස්ථානවල වැඩි වේලාවක් ගත කිරීමට උත්සහ කරන්නේ මන්ද යන්න ඔබ සිතා තිබෙනවාද ? ඊට හේතුව වන්නේ ඔවුන් අනෙක් පිරිමි අයට වඩා සිරුරේ ආකර්ෂණය පවත්වා ගැනීමට කැමති වීමය. විශේෂයෙන්ම ඉදිරියට නෙරා ආ බඩ පිළිබඳව ඔවුන් සිතයි. ඉතින් බඩ අඩුකර ගැනීම සඳහා ඕනෑම අසීරු කටයුත්තක් වුවද නියැළීමට ඔවුන් සූදානම් ය.

02) ආර්ථික මට්ටම

සල්ලි හම්බ කිරීම යනු පිරිමි පුද්ගලයන්ව රාත්‍රී පුරා හිත හිත නිදි වර්ජිතව තැබිය හැකි කාරණාවක් වේ. කුඩා කල සිට පිරිමි ළමයින්ගේ අදහස වන්නේ පවුලක මුදල් හම්බ කළ යුත්තේ පිරිමියා යන්න ය. එසේ නොහැකි නම් පිරිමියා යන්න කීම පවා ලජ්ජාවට කරුණක් බවයි ඔවුන්ගේ අදහස. මෙම හේතුව නිසා ගෑනු ළමයකු සමඟ සම්බන්ධයක් පටන් ගැනීමට පෙර ඔහු ස්ථාවරත්වයක් ගොඩනඟා ගැනීමට වද වේ. මෙයට හේතුව සෑම දේකටම වඩා වැදගත් වන්නේ උපයන මුදල් ප්‍රමාණය යැයි ඔවුන් සිතීමය. එහෙත් සල්ලිම නෙවෙයි ජීවිතේ යන ප්‍රසිද්ධ කියමන ද අප අමතක නොකළ යුතුය .

03) තමන්ගේ උස

පරමාදර්ශ මිනිසකු ගැන සිතීමේදී උස ගැන නොසිතා කෙසේද ? එනම් මිටි පුද්ගලයකුට පරමාදර්ශී පුද්ගලයකු බවට පත් විය නොහැකි ද? මෙම කතාව වැරදිය. කාන්තා පාර්ශවය උසින් වැඩි පිරිමි කෙනෙක්ට ආකර්ෂණය වන්නේ ඔහුගේ උස නිසා පමණක් නොවේ. ඔහු තුළ පවතින ආත්ම විශ්වාසය නිසා ද වේ. ඉතින් ඔබ මිටි පුද්ගලයකු නම් බලාපොරොත්තු සුන් කර නොගන්න. ඔබගේ හදවතේ ආදරය පිරී ඇත්නම් උස ප්‍රමාණය කිසිසේත් බලපාන්නේ නැත. එහෙත් පිරිමි සිතේ තමන්ගේ උස මදි ද යන්න රහසිගත බයක් සැමදා පවතී.

04) ලිංගික ක්‍රියාශීලීත්වය

ඔබගේ සහකාරිය ඔබ ඇඳේ දී ක්‍රියාශීලී නොමැති යැයි පැවසුව හොත්, ඒත් නොමැතිනම් කෙනෙක් සොයා ගත්ත නම් හොඳ යැයි සිතුවහොත් ඔබට කුමක් සිතේද? නමුත් ඔබ මේ පිළිබඳව විවෘතව කතා කළහොත් ඒ සඳහා ඔබට පිළිතුරක් සොයාගත හැකි වේ. සමහර විට ඒ සඳහා විසඳුම වෙනත් ඉරියව්වක් විය හැකිය. මෙවැනි ප්‍රශ්න පිළිබඳව ඔබගේ සහකාරිය සමඟ විවෘතව කතා කිරීම ඉතාම වැදගත්ය. මෙමඟින් ඔබට ඔබගේ ආත්ම විශ්වාසය වර්ධනය කරගැනීමට මෙන්ම ලිංගික ක්‍රියාශීලීත්වය වර්ධනය කර ගැනීමට ද හැකි වේ.

05) අනෙක් පිරිමින්ගෙන් එල්ලවන තර්ජන

පිරිමි පුද්ගලයන් ද ඊර්ෂ්‍යා කරයි. ඒ බව කාන්තාවන් තරම් බාහිරින් නොපෙණුනද එය ඇත්තටම සිදුවේ. කාන්තාවක් ඇයගේ පිරිමි යහළුවෙක්ගේ ගුණ වර්ණනා කළ විට ඔහුට එම පුද්ගලයා පිළිබඳ ඊර්ෂ්‍යාවක් ඇති වේ. බොහෝ වේලාවට ඔහු ඊර්ෂ්‍යාවෙන් පසු වේ යැයි නොපෙන්වයි. ඉතින් ගැහැනු ළමයකු වෙනත් පිරිමියෙකු පිළිබඳව ඔබගේ ස්වාමිපුරුෂයා සමඟ පැවසීමේදී දෙපාරක් සිතා බැලීම වැදගත්ය.

06) භාර්යාවගේ හෝ පෙම්වතියගේ පවුලේ අය වෛර කිරීම .

පිරිමි අය තමන්ගේ භාර්යාවගේ පවුලේ උදවිය තමන් කෙරෙහි දක්වන ආකල්ප පිළිබඳව විශේෂ අවධානයකින් සිටී. ඊට හේතුව දෙදෙනකුගේ විවාහ දිවියට බලපෑම් කිරීමට ඔවුන්ට හැකියාවක් පැවතීමය. තමන්ගේ භාර්යාවගේ පියා විසින් සිදුකරන විහිළුවක දී ඔහු සාමාන්‍ය විදියට සිනහා වනවාට වඩා හඬ නගා සිනාසෙනවා ඇතැම් විට දැක තිබෙනු ඇත. කෙසේ හෝ භාර්යාවගේ හෝ පෙම්වතියගේ පවුලේ අය බෑනා සම්බන්ධව වැරදි වැටහීමක සිටී නම් ඒ පිළිබඳව විවෘතව කතා කිරීම වැදගත්ය.

06) සම්බන්ධතා සම්බන්ධව අත්දැකීම් අඩු බව

අප බොහෝ දේ චිත්‍රපටිවල ආකාරයට ජීවිතයට ළං කර ගැනීමට පුරුදු වී ඇත. ඇතැම් විට අත්දැකීම් බහුල ආදරවන්තයකු ලෙස පෙම්වතිය ඉදිරියේ හැසිරීමට චිත්‍රපටිවලින් උත්තේජනයක් ලබා දෙයි. මීට පෙර ගැහැනු ළමුන් බොහෝ දෙනෙකු සමඟ සම්බන්ධතා පැවැත්වූ බව කීමට පවා පෙලඹේ. කාන්තාවන් මෙන්ම පිරිමි අයද තමාගේ ප්‍රතිරූපය රැක ගැනීම සඳහා බොරුකීමට පෙලඹිය හැක. නමුත් වඩාත් වැදගත් වන්නේ එකිනෙකාට අවංක බව සහ සහය දැක්වීමය. එමඟින් වඩා ශක්තිමත් සම්බන්ධතාවක් පවත්වා ගැනීමට අවස්ථාව ලැබේ .

07) කොණ්ඩය සහ රෝම

පිරිමි පුද්ගලයන්ට ඇති විශාල ප්‍රශ්නයක් වන්නේ කෙස් සහ ශරීරයේ රෝම වේ. රෝම ටිකක් තිබුණහොත් පිරිමි බව අඩු යැයි සිතයි. රෝම ගොඩක් තිබුණහොත් වානරයෙක් යැයි සිතයි. සෑම දෙයකටම වඩා භයානක කරුණ වන්නේ තට්ටය පෑදීම ය. අති විශාල මුදල් ප්‍රමාණයක් වැය කරමින් බෙහෙත් වර්ග වලට සහ ෂැම්පු වර්ගවලට මෙන්ම සායන වලට පවා යොමු වේ. ඒවායෙන් ප්‍රතිඵලයක් නොලැබෙන විට මානසික අවපීඩනයට ලක් වේ. ඉතින් ඔබගේ සහකරුටත් තට්ටය පෑදීම පිළිබඳ ප්‍රශ්නයක් පවතීනම්, කොණ්ඩය තිබුණ ද නැත ද ඔහුට ඇති ආදරය අඩු නොවන බව දැනවීමට උත්සාහ කරන්න.

08) ආහාර පාලනය

කෙසේ වුවද පිරිමි පුද්ගලයන් ඔවුන්ගේ ශරීරය සම්බන්ධව, සෞඛ්‍ය සම්බන්ධව සහ ආහාර රටාව සම්බන්ධව සැලකිලිමත් වේ. මෙය සැබැවින්ම සාමාන්‍ය කාරණාවක් වේ. සෞඛ්‍ය සම්පන්නව බොහෝ කාලයක් ජීවත්වීමට සෑම පුද්ගලයෙක්ම කැමතිය. ඒ වගේම ආකර්ෂණීය ලෙස සිරුර පවත්වා ගැනීම වැනි කාරණා පිළිබඳ පිරිමි පාර්ශ්වය වැඩිදුර කතා නොකළ ද කවදා හෝ දවසක ඔබේ යහළුවකු කෑම පාලනය කළ යුතුය පැවසුවොත් ඔහුට සිනා නොවන්න.

09) පෙම්වතිය සමඟ පවතින සම්බන්ධතාවය 

කාන්තාවන් ඔවුන්ගේ සම්බන්ධතා රැක ගැනීම පිළිබඳ බොහෝ විට අන්තර්ජාලය, පුවත්පත් ආදියේ සඳහන් වෙයි. නමුත් පිරිමි පුද්ගලයෙකු තමන්ගේ පෙම්වතිය සමඟ ඇති සම්බන්ධය පිළිබඳ කතා කළොත් එය ටිකක් අමුතු යැයි ඔබට සිතේ. නමුත් අප එසේ සිතන්නේ ඇයි? පිරිමියකු සංවේදී කාරණා පිළිබඳ කතා කිරීම සුදුසු නැද්ද? සැමවිටම දැඩි ගති ගුණවලින් හෙබි පුද්ගලයකු විය යුතුද?. කාන්තාවක් මෙන්ම පිරිමි පුද්ගලයෙකු ද තම පෙම්වතිය සමඟ පවතින සම්බන්ධතාවය පිළිබඳ සංවේදී විය යුතුය.

10) ගැහැනු ළමයකු කලින් ආශ්‍රය කළ සහකරුවන් ගණන,

පිරිමි ළමයාට, ගැහැනු ළමයාට සිටිය පෙම්වතුන් ප්‍රමාණය තරම් පෙම්වතියන් ඉඳ නොමැතිනම් ඔහු ගැහැනු ළමයාගේ කලින් පෙම්වතුන්ට වඩා හොඳ පෙම්වතෙක් වීමට හැකි ස්වරූපයක් ගනී. ඔහුට හොඳ ස්වාමියෙකු හෝ පෙම්වතෙක් වීමට නොහැකි වේ යැයි බියක් ඔහු තුළ ඇති වේ. එසේම ගැහැනු ළමයා තරම් අත්දැකීම් නොමැතිවීම පිළිබඳව ද ඔහු වද වෙනු ඇත. ඔබ ගැහැනු ළමයා නම් එම අවස්ථාවේදී පැවසිය යුත්තේ ”ඔබ තමා මගේ සහකරු, මම ඔබව තෝරා ගත්තේ මගේ හෘද සාක්ෂියට අනුව ය, ඔබ මගේ හදට දැනෙන නිසයි ”වැනි දේවල්ය. ඔබ මෙසේ පවසන විට දී ඇතැම් විට ඔහු” මම එසේ සිතන්නේ නැහැ මම දන්නවා ඔබ මට ආදරේ කියා ” පවසාවි. නමුත් එය බොරුවක් වේ. මෙයට හේතුව පිරිමි පුද්ගලයන් තමන්ගේ දුර්වලතාවක් අනිත් අයට පෙන්වීමට අකමැති ය.

අන්තර්ජාලය ඇසුරිනි

Comments