
ඉකුත් දා බදාදා මුහුණු පොතෙන් උදෑසනම දුටු පුවතින් දෑසට නැගුණේ කඳුළක්. මෑත කාලයේදී මුහුණු පොතේ කාගේත් මිත්‍රයකු වූ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු විශේෂයෙන්ම සිනමා ලේඛකයකු මෙන්ම ගී පද රචකයකු වන ආනන්ද පද්මසිරිගේ වියෝවයි. ඉකුත් බදාදා එනම් 13 දා උදෑසන අභාවප්‍රාප්ත වුයේ ය.
කිසිවෙක් නොසිතු නොපැතු මොහොතක මොහොතක හෘදයාබාධයක් හේතුවෙන් ජීවියෙන් සමුගත් ආනන්ද පද්මසිරි නම් වූ සිනමා ලේඛකයා 1979 අගභාගයේ සිට මෙරට සිනමා ක්ෂේත්‍ර යේ සිටි දැවැන්තයන්ට මෙන්ම නැගී එන ආධුනික නළු නිළියන්ට ද අතහිත දුන් අයෙකි.
කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ඔහු 1959 වසරේ උපන් අයෙකි.
1979 වසරේදී ගීත රචනයට පිවිසියේය. ලෙනින් මොරායස් විසින් අධ්‍යක්ෂණය කරන ලද යුගයෙන් යුගයට චිත්‍රපටය සඳහා
‘අපේ ආදරේ රස ගීතිකා‘ ගීතය ලියමින් ගී ලිවීම ආරම්භ කළේය.
එතැනින් පටන් ගත් ඔහු මිය යන විට ගීත දෙදහසකට වැඩි සංඛ්‍යාවක් ලියා තිබිණි. ඔහුගේ කලා ජීවිතයට වසර 39 පිරීම නිමිත්තෙන් “ගී ආනන්දේ 39” නමින් ගීත ප්‍රසංගයක් ද 2000 වසරේදී පවත්වන ලදී. ඔහු ලියූ ගී අතර දම්මි සුගත් තනිකලාට
සාමේ ඉරේ රැස් දහරාවේ, වතුර හිතවතා, ඇස් දෙකෙන් ඔයා, රන් සමනල ජෝඩුව වාගේ, ලස්සන ලෝකයේ මට හිමි ආදරේ,
සීතල හිම රටේ, එනවා යනවා මේ පාරේ, නිල් තරු නෙතු හිනැහේ, දේවදාර ගස් අතරින් එබී බලන සඳවතියේ,
පාලු හැන්දෑවේ, බිතුසිතුවම් රූ වාගේ, කොවුලා කොහේදෝ ඉගිලී ගියාදෝ, සඳේ සුසුමට, කොණ්ඩේ බැඳලා අපේ පුතා, ආදි ගී ඔහු ලියූ ගී අතර වඩාත් ජනප්‍රිය වේ. එච්, ආර්. ජෝතිපාල, මිල්ටන් පෙරේරා ආදි ප්රවිණයන්ගෙ සිට ආධුනික ශිල්පීන් දක්වාම ගී පද රචනා කළ අයෙකි.
ඔහුගෙ කලා ගමන ඇරඹෙන්නේ අපුරු ආකාරයටය. පාසල් වියේ සිටම ජෝතිපාලයන් ගී වලට ආදරය කළ රසිකයකු වූ ආනන්ද කුඩා කළ පටන් ජෝතිට ලිපි ලියන්නේය. වයස අවුරුදු දහඅටක් දහනවයක් කාලයේ තමන්ට ජෝතිපාලයන් විසින් එවන ලද පිළිතුරු ලිපි රැගෙන ඔහු මුණ ගැසෙන්නට කොළඹ පැමිණෙන්නේය. එතැනින් පටන් ගත් ජෝතිගේ හා පද්මසිරිගේ යාළුකම ජෝති මිය යනතුරම තියෙන්නේය. ඔහු මිය ගිය ජෝති අනුස්මරණය කිරීම සඳහා ප්‍රසංගයක් ද සංවිධානය කරන්නේය.
පාසල් වියෙන් පසු සත්සර පුවත්පතේ ලේඛකයකු ලෙස කටයුතු කරන ඔහු බොහෝ නළු නිළියන්ට දිගු දුරක් යන්නට මාධ්‍ය දායකත්වය ලබාදුන් අයෙකි.
ගෙවි ගිය කාලයේ ඔහු තමන්ට කියන්නට ඇති බොහෝ දේ ලීවේ මුහුණු පොත හරහාය. වසර හතළිකට ආසන්න පුවත්පත් දිවියකට හිමිකම් කියූ ආනන්ද පද්මසිරි මෑත කාලයේදී තමන්ව හඳුන්වා ගත්තේ ෆේස්බුක් ලේඛකයෙක් ලෙසය.
“මම කොයිම වෙලාවකවත් පුවත්පත අමතක කරන්නේ නැහැ. නමුත් දැන් මම ලියන්නේ මුහුණු පොතට. ක්ෂණික ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම ආන්දෝලනාත්ම ප්‍රතිචාර ලැබෙනවා. “
ඒ ඔහු වරක් පුවත්පතකට කියා තිබු අදහසය.
කලක් ගුවන්විදුයේ විකාශය වූ “මම කැමති ජෝති ගී“ වැඩ සටහන් මාලාව සම්බන්ධිරණය ද කළේය.
ඔහුගේ අවසන් කටයුතු සැප්තැම්බර්
(16 දා) මීරිගම ආදාහනාගාරයේදි සිදු කෙරිණි.