
නෝරා ෆාතෙහි ඇතුළු තවත් නළු නිළියන් රැසක් කළු සල්ලි අරන්
අයථා ලෙස උපයා ගත් මුදල් හෙවත් කළු සල්ලි සුදු කිරීම හෙවත් විශුද්ධීකරණය සම්බන්ධව මේ වන විට ජැකලීන්ගේ නමට අමතරව ශ්‍රී ලංකාවේ නමත් ගෑවිලා ඉවරයි. ශ්‍රී ලංකාවෙන් හින්දි සිනමාවට එක්ව අතිශයින් ජනප්‍රිය වුණු එකම නිළිය වන ජැකලීන් ෆර්ඩිනැන්ඩස් මේ වන විට ඉන්දියාවේ මහා කළු සල්ලි ජාවාරම්කරු ලෙස චෝදනා ලබා සිටින සුකේෂ් චන්ද්‍රසේකර් තමාට ඔහුගේ මුදලින් ශ්‍රී ලංකාවෙන් දේපොළක් මිලදී ගෙන දුන් බවට පසුගියදා ඉන්දීය පොලිසිය හමුවේ පිළිගෙන තිබුණා. ඒ අනුව මුදල් විශුද්ධිකරණය සම්බන්ධව ජැකලීන්ට එල්ල වූ චෝදනා සත්‍ය බවට තහවුරු වී තිබෙනවා.
ඉන්දීයාවේ මෑත කාලීනව අයථා ක්‍රම මඟින් මුදල් සම්භාරයක් උපයා ගත් විශාලතම ජාවාරම්කරු ලෙස හෙළිදරව් වුණු සුකේෂ් චන්ද්‍ර සේකර් නම් පුද්ගලයා මේ වන විට සිටින්නේ සිරගතවයි. ඔහු උපයා ගත් මුදල් වියදම් කළ අන්දම සෙවීමේදී බොහෝ කරුණු හෙළිදරව් වුණත් වඩාත් වැඩියෙන් අවධානය යොමු වූයේ සුපිරි හින්දි නිළි ජැකලීන් ෆර්ඩිනැන්ඩස්ගේ නමත් එයට ගෑවීමත් සමඟයි.
මේ සුපිරි නිළියට එල්ල වූ චෝදනා ඇය මුලදී ප්‍රතික්ෂේප කර සිටියත් පසුව ඇය සුකේෂ්
චන්ද්‍ර සේකර් තමාට යම් යම් දේ මිලට ගෙන දුන් බවත්, තමා ඒවා පිළිගත් බවත් පවසා තිබෙනවා. ඇයට ශ්‍රී ලංකාවෙන් ඉඩමක් මිලදී ගෙන දුන් බව ඉන්දීය පොලිසිය හමුවේ ජැකලීන් පිළිගෙන ඇත්තේ ඒ අනුවයි. එයට අමතරව තවත් අගනා දේ ඇයට සුකේෂ් චන්ද්‍රසේකර් ත්‍යාග ලෙස ලබා දී තිබෙනවා. ඒ අතර අත් ඔරලෝසු, ස්වර්ණාභරණ, සපත්තු, ඇඳුම් පැලඳුම් සහ අත්බෑග් මෙන්ම ගෘහ භාණ්ඩද වන බව ජැකලීන් පොලිසිය හමුවේ පවසා තිබෙනවා.
මෙයට අමතරව ඉන්දීය පොලිසිය පවසා ඇත්තේ සුකේෂ් චන්ද්‍ර සේකර් ජැකලීන්ට සහ ඇයගේ පවුලේ සාමාජිකයන්ට මෝටර් රථ දෙකක් ත්‍යාග වශයෙන් ලබා දී ඇති නමුත් එය ඒ බව පොලිසියට නොපැවසූ බවයි.
එමෙන්ම සුකේෂ් චන්ද්‍ර සේකර් අයථා ලෙස උපයා ගත් මුදල්වලින් ලබා දුන් ත්‍යාග භුක්ති විඳීමෙන් ජැකලීන් මුදල් විශුද්ධීකරණයට දායක වී ඇති බව තහවුරු වන්නේ යැයි ඉන්දීය පොලිසිය තහවුරු කර තිබේ.
මේ අතර පසුගියදා තවත් නිළියකගේ නම සුකේෂ් චන්ද්‍ර සේකර්ගේ කළු සල්ලි ජාවාරම සමඟ ගෑවුණා. ඒ නෝරා ෆාතෙහි. ඇයත් හින්දි සිනමාවේ නැගී එන නිළියක්. තමන් නෝරා ෆාතෙහි ට නොයෙක් ත්‍යාග ලබා දුන් බව සුකේෂ් චන්ද්‍ර සේකර් පවසා ඇතැයි ඉන්දීය පොලිසිය පවසනවා. මේ සම්බන්ධව නෝරා පාතෙහි තවමත් විත්තිකාරියක ලෙස ප්‍රකාශයට පත් කර නැහැ. එහෙත් සුකේෂ් චන්ද්‍ර සේකර් තමාට අත් බෑග් කිහිපයක් ලබා දුන් බවත්, තමන් ඒවා ප්‍රතික්ෂේප කළ බවත් නෝරා පාතෙහි පවසා තිබෙනවා. එහෙත් සුකේෂ්
චන්ද්‍ර සේකර් පවසා ඇත්තේ තමන් නෝරා පාතෙහිට මෝටර් රථයක් ලබා දුන් බවයි. එපමණක්ද නොව තවත් ප්‍රසිද්ධ නළු නිළියන් කිහිප දෙනෙකුටම තමන් නොයෙක් ත්‍යාග ලබා දුන් බව සුකේෂ් චන්ද්‍රෙස්කර් පවසා ඇතැයි හෙළිදරව් වී තිබෙනවා. එහෙත් මේ නළු නිළියන් කවුරුන්දැයි තවමන් ප්‍රසිද්ධියට පත් කර නැහැ. ඉන්දීය පොලිසිය පවසා ඇත්තේ ඉදිරියේදී මේ සියල්ලන්ගෙන්ම ප්‍රශ්න කරන බවයි.
මේ අනුව සුකේෂ් චන්ද්‍ර සේකර් ඉන්දියාවේ ධනවතුන්ගෙන් කප්පම් ලෙස ලබා ගත් මුදල්වලින් සැප විඳි ප්‍රසිද්ධ පුද්ගලයන් සියලු දෙනා ඉදිරියේදී හෙළිදරව් වනු ඇති බව විශ්වාස කිරීමට හැකියි.