මනඃකල්පිත වීර චරිත අතරින් “සුපර් මෑන්“ වීරයාට හිමි වන්නේ සුවිශේසී ස්ථානයකි. මෑතකදී ආ “සුපර් මෑන්“ සිනමා පට වලට “සුපර් මෑන්“ ලෙස පෙනී සිටියේ බ්‍රිතාන්‍ය නළු හෙන්රි කැවිල් ය. (Henry Cavill)
තරුණ අවදියේ සිටම රංගනයට පිවිසි ඔහු දක්ෂ ජනප්‍රිය නළුවෙකි.
Mission Impossible, The Witcher, Immortals, The Cold Light of day, The man from U.N.C.L.E., Man of steel ඔහු රඟපෑ ජනප්‍රිය චිත්‍රපට අතරින් කිහිපයකි.
අලුත්ම “ජේම්ස් බොන්ඩ්“ ලෙස නළුවන් තෝරා ගැනීමේ ලයිස්තුවේ ද ඔහුගේ නම ඇතුළත්ව ඇත.
හෙන්රි කැවිල් ලෝකයේ සිටින ලස්සනම මිනිසා මෙන්ම ජනප්‍රිය නළුවා ලෙස ද ප්‍රසිද්ධියක් උසුලයි.
සෑම වසරකම TC Candler වෙබ් අඩවිය විසින් කරන ලද සමීක්ෂණයකින් හෙන්රි කැවිල් ව පරාජය කරමින් ලෝක ප්‍රකට දකුණු කොරියානු ගායක කණ්ඩායමක් වන BTS සංගීත කණ්ඩායමේ නායක KIM NAMJOON ලොව සිටින කඩවසම් ම මිනිසා ලෙස නම් කර ඇත.
අංක එකේ සිටි හෙන්රි දෙවන ස්ථානයට පත්වීම ලොව පුරා සිටින රසික රසිකාවියන්ගේ සිත් උමතු කරන්නට සමත් කාරණාවක් විය.
BTS සංගීත කණ්ඩායම මේ වන විට දකුණු කොරියාවේ පමණක් නොව, මුළු ලෝකයේම සංගීත ලෝලීන්ගේ ආකර්ශනය සහ ආදරය නොඅඩුව දිනාගත් සංගීත කණ්ඩායමකි.
තරුණ සාමාජිකයින් 07 දෙනෙකුගෙන් සමන්විත මෙම BTS කණ්ඩායමට ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ගේ ද ආකර්ශනය යොමු වී ඇත.
සුගා, ජිමින්, වී, ජින්, ජන්කුක්, ජෙහොප් සහ ආර්.එම් තරුණ සිත් වසඟ කරගත් BTS සාමාජිකයන්ය.
Kim Namjoon උපන්නේ 1994 සැප්තැම්බර් මාසයේ 14 වනදා සෝල්හීදිය. සංගීත ලෝකයේ බොහෝ දෙනෙකු ඔහුව හඳුන්වන්නේ RM (Rap Monster) යන අනුවර්ත නාමයෙනි.
2022 ලොව ලස්සනම, කඩවසම්ම මිනිසා ලෙස තේරී පත් වූ වයස අවුරුදු 11දී එපික් හයිගේ “ෆ්ලයි“ ගීතය අසා හිප්-හොප් සංගීතයට උනන්දු වූ බවයි පවසන්නේ.
“මම පුංචි කාලෙ ඉඳලම, ඉගෙනීමට වඩා සංගීතයට යොමු වෙන එක ගැන මගේ දෙමවුපියෝ කැමැත්තක් තිබුණෙ නැහැ.
ඒ ගොල්ලන්ට ඕන වුණේ මං හොඳට ඉගෙන ගන්නවා දකින්නයි. සංගීතය පැත්තට යන එකට අම්මා තදින්ම විරුද්ධ වුණා. ඒ නිසා මං සංගීතය අමතක කරලා දාලා, ඉගෙන ගන්න උනන්දු වුණා. අන්තිමේදි මට තේරුණා මං ඉගෙනීමට නෙමෙයි සංගීතයටයි දක්ෂ කියලා.“
RM තම අතීතය සිහිපත් කළේ එහෙමයි.
ඔහු තම මවගෙන් ඉල්ලා සිටියා ඔහුට රැප් ගායකකේ වෙන්න ඉඩ දෙන්න කියලා.
“අම්මට අවශ්‍ය මං අංක එකේ රැප් ගායකයෙක් වෙනවා බලන්නද, අන්තිම ස්ථානයේ ඉන්න ශිෂ්‍යයෙක් වෙනවා බලන්නද“ කියලා ඔහු අම්මගෙන් අහලා තිබුණා.
අවසානයේ RM මුළු ලොවක් වශී කරගත් BTS සංගීත කණ්ඩායමේ නායකයා ද වී, 2022 වසරේ ලොව සිටින ලස්සනම, කඩවසම් ම මිනිසා බවට පත් වීම ගැන ඔහුගේ මවට තරම් සතුටක් වෙන කාටවත් දැනෙන්නෙ නැතුව ඇති.
මීට පෙර ද BTS සංගීත කණ්ඩායමේ ගායකයන් දෙදෙනෙකු වන V සහ Junkook මේ ලෙසම ලොව සිටින කඩවසම්ම පුද්ගලයන් බවට පත්ව ඇත.