සිහින දිනවන ජීවිත වෙනස් කරන මිලියන 5ක කතාව! | Page 4 | සිළුමිණ

සිහින දිනවන ජීවිත වෙනස් කරන මිලියන 5ක කතාව!

 

සිරස TV හැමවිටම ප්‍රේක්ෂකයින්ට උසස් රසවින්දනයක් ලබාදීම උදෙසා විවිධ රියැලිටි වැඩසටහන්, නාට්‍ය මෙන්ම ජනතාවාදීව ප්‍රවෘත්තිද ඉදිරිපත් කිරීමට පෙරමුණ ගෙන කටයුතු කරන නාලිකාවක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. එමෙන්ම සිරස TV ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුව රියැලිටි වැඩසටහන් මෙන්ම Gameshow මෙරටට හදුන්වා දුන් පළමු නාලිකාව ද වනවා. ඒ අතර “Who wants To Be A Millionaire” සහ “The Voice” වැනි ජාත්‍යන්තර වරලත් වැඩසටහන් දේශීය හැඩයට ගැළපෙන ආකාරයෙන් “සිරස ලක්ෂපති“ සහ “The voice Sri Lanka” ලෙසින් ලාංකීය ප්‍රේක්ෂකයින්ට සමීප කරන්නට සිරසට හැකි වුණා.

නූතන ටෙලිවිෂනයේ හැඩය උඩුයටිකුරු කරන සිරස TV හි මීළඟ පෙරළිය ජිවිත වෙනස් කරන වැඩසටහනක්. එය 5 Million Money Drop, සිහින දිනවන… මිලියන 5ක කතාව. මේ වැඩසටහනේ අධ්‍යක්ෂක තාරක හෙට්ටිආරච්චි. ඒ නිසාම ඔහුගෙන් මේ ගැන විමසා සිටියා.

“සිරස TV කියන්නේ හැමදාම අලුත් උසස් රසවින්දනයක් ලබාදීම පෙරදැරිව වැඩසටහන් ඉදිරිපත් කරන නාලිකාවක්. මේ කාලය ගත්තම ප්‍රේක්ෂක රසාස්වාදය දැනුම වැඩි කරන ගමන් ඒ අයට අවශ්‍ය වෙන්නේ යම් වටිනාකමක්. ඒ වටිනාකම ලබා දෙමින් ජිවිත වෙනස් කරන වැඩසටහනක් තමයි 5 Million Money Drop කියන්නේ.

මේ සඳහා වයස අවුරුදු 16ට වැඩි ඕනෙම කෙනෙක්ට සහභාගී වෙන්න පුළුවන්. ඒ දෙන්නා සහෝදරයන් දෙදෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හොඳම මිතුරන් වෙන්න පුළුවන්. ඒ වගේම අම්මා තාත්තා හෝ බිරිඳ සහ සැමියා වෙන්නත් පුළුවන්. මෙහිදී අපි ලබා දෙන්නේ සාම්ප්‍රදායික ප්‍රශ්න නෙවෙයි. මේ තුළ තියෙන්නේ නවීන පන්නයේ සරල ප්‍රශ්න එකතුවක්. සහභාගී වන දෙදෙනා තුළ තියෙන අන්‍යොනය අවබෝධය තමයි මේ තුළ තියෙන්නේ. මෙහි මුල්‍යම ජයග්‍රහණය ලබන්න නම් ප්‍රශ්න හතටම පිළිතුරු ලබා දිය යුතුම වනවා. එවිට තමයි ලක්ෂ 50ක ජයග්‍රාහී මුදල අදාළ තරගකරුවන්ට හිමි වෙන්නේ. ඒ නිසා මෙය තරඟකරුවන්ට පමණක් නොව නරඹන්නන්නටද අවසාන මොහොත වනතෙක් හුස්මගැනීම පවා අමතක කරවන ස්වරූපයේ Gameshow වැඩසටහනක්.

සිහින දිනවන… මිලියන 5ක කතාව! 5 Million Money Drop මඟින් එක් දිනකදී රු.5,000,000 දක්වා තරඟකරුවන් දෙදෙනෙකුට ලබාදෙන අතර අඛණ්ඩව පැවැත්වෙන වැඩසටහන් 50ක් තුළදී ජයග්‍රාහකයන් සඳහා රු.මිලියන 250ක මුදලක් වෙන් කෙරේ. තරගය පැවැත්වෙන ආකාරය වඩාත් පැහැදිලි කරනවා නම්,

01. තරඟකරුවන් දෙදෙනෙක් මේ සඳහා සහභාගී වේ. (ඔවුන් දෙදෙනා එකිනෙකට හඳුනන දෙදෙනෙකි)

02. තරඟකරුවන් දෙදෙනාට මිලියන 5ක මුදලක් ආරම්භයේදී පිරිනැමෙන අතර ඔවුන් දෙදෙනාට සාමාන්‍ය දැනුම ඇසුරෙන් නිර්මාණය කරන ලද ප්‍රශ්න

7කට මුහුණදීමට සිදු වේ..

03. එක් එක් ප්‍රශ්නයේදී තරඟකරුවන් දෙදෙනාට නිවැරදි පිළිතුර තෝරා ගැනීමට පහත සඳහන් ආකාරයෙන් කාලය ලැබේ..

ප්‍රශ්නය - පිළිතුරු ගණන - කාල සීමාව (තත්.)

1-3 4 60

4-5 3 75

6 3 90

7 2 60

04. ඔවුන් තරඟ කිරීමේදී තම අභිමතය පරිදී පිළිතුරු මත මුදල් තැබීම සිදු කළ යුතුය..

05. සෑම පිළිතුරක් සඳහාම ස්වයංක්‍රීයව විවෘත වන ද්වාරයක් ඇත..

06. වැරදි පිළිතුර/පිළිතුරු සඳහා තබන මුදල Money Drop ද්වාරය හරහා පහතට වැටී අහිමිවී යයි..(මෙහිදී මුළු මුදලම අවදානමේ නොදමා බහුවිධ පිළිතුරු

මත තරඟකරුවන්ට මුදල් තැබිය හැකිය..)

07. ප්‍රශ්න 7ම අවසන් වූ පසුව ඉතිරිවන මුදල තරඟකරුවන්ට ජයග්‍රාහී මුදල ලෙස හිමි වේ.

5 Million Money Drop වැඩසටහන සිරස නරඹන සුවහසක් ප්‍රේක්ෂකයාට සමීප කරන්නේ චරිත් අබේසිංහ. ඔබ අපි දන්නා කරුණක් චරිත් අබේසිංහ කියන්නේ ලාංකීය රංගන ක්ෂේත්‍රයේ ඉන්න චරිතාංග නළුවෙක් බව. ඔහුව මෙම වැඩසටහන ඉදිරිපත් කිරීමට තෝරා ගැනීම ගැනත් වැඩසටහනේ අධ්‍යක්ෂක තාරක හෙට්ටිආරච්චිගෙන් විමසා සිටියා.

“මේ වැඩසටහන සිදුවෙන්නේ ජාත්‍යන්තර ප්‍රමිතීන් ට අනුව, ඒ නිසා මෙතැනදී අපිට අවශ්‍ය වුණා පෞරුෂයකින් හෙබි ජනප්‍රිය පුද්ගලයෙක් යොදා ගන්න. අපි කිහිප දෙනෙක් මේ සම්බන්ධයෙන් හිතුවා. අවසානයේ අපේ තේරීම වුණේ චරිත් අබේසිංහ. ඔහු තුළ තියෙන පෞරුෂය, පෙනුම සහ ඔහුගේ ඉදරිපත් කිරීමේ විදිය එක්ක අපි හිතුවා ඔහු තමයි මෙයට සුදුසු කියන දේ. ඒ අනුව ඔහුව අපි සම්බන්ධ කර ගත්තා. මේ වෙද්දී වැඩසටහන් දෙකක් විකාශය වෙලා අවසන්, මේ තුන්වැනි සතියේ අපි ඉන්නේ. අපේ තේරීම සාර්ථකයි. ඔහු ඉතාම සාර්ථකව මෙම වැඩසටහන ඉදිරිපත් කරනවා.

ජීවිත වෙනස් කරන මෙම Gameshow වැඩසටහන ප්‍රේක්ෂකයන් ඇඳ බැඳ තබා ගනිමින් ඔවුන්ට අලුත්ම අත්දැකීමක් ලබාදෙනු නොඅනුමානය.

 

 

Comments