රජයේ ආයතන සඳහා තොරතුරු හා සයිබර් ආරක්ෂණ ප්‍රතිපත්තියක් | Page 10 | සිළුමිණ

රජයේ ආයතන සඳහා තොරතුරු හා සයිබර් ආරක්ෂණ ප්‍රතිපත්තියක්

රජයේ ආයතන සදහා තොරතුරු හා සයිබර් ආරක්ෂණ ප්‍රතිපත්තියක් හදුන්වා දෙයි. ඊට අදාල කෙටුම්පත දැනටමත් සකස් කර ඇත. 
 
රාජ්‍ය ආයතන ඩිජිටල්කරණය පිළිබඳව දැඩි ප්‍රවනතාවක් දැක්වුවද තොරතුරු හා සයිබර් ආරක්ෂාව පිළීබඳ ප්‍රමානවත් අවධානයක් යොමු නොකරන බවට හදුනාගෙන තිබේ. යල් පැනගිය තාක්ෂණ භාවිතය හා නිපුන කාර්ය මණ්ඩල හිගය හේතුවෙන් රාජ්‍ය ආයතනවල තොරතුරු හා තොරතුරු තාක්ෂණ පද්ධති දැඩි අවදානමකට ලක්ව ඇති බවට නිරික්ෂණය වි ඇත. 
 
මෙම තත්ත්වය පාලනය කිරිම මෙහි අරමුණයි. ඒ සදහා ශ්‍රි ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය අන්තර්ජාතික තොරතුරු ආරක්ෂණ ප්‍රමිති වලට අනුකුලව මෙම ප්‍රතිපත්තිය කෙටුම්පත් කර තිබේ. සියලුම රාජ්‍ය ආයතන මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරිම අනිවාර්ය වේ.
 

Comments