රුපියල් හයේ පාසල් ගාස්තුවවත් ගෙවා ගන්න බැරි කාලයක් තිබුණා | සිළුමිණ

රුපියල් හයේ පාසල් ගාස්තුවවත් ගෙවා ගන්න බැරි කාලයක් තිබුණා

කඳුළු අතරින් අතීතය සිහිකරන සුප්‍රකට හින්දි නළු අමීර් ඛාන්

ළමා වියේ සිට හින්දි සිනමාවට සම්බන්ධ වුවද අමීර් ඛාන්ගේ බඹරය වැල්ලේ කරකැවෙන්නට ගත්තේ 1988 වසරේ සිටය. ඒ් ඔහු ජුහි චවුලා සමඟ රංගනයෙන් දායක වූ “ක්යාමත් සේ ක්යාමතක්’ සිනමා පටය ඉන්දියාවේ පමණක් නොව ලොව පුරා ජනප්‍රිය වීමෙනි. එම යුගයේදී ඔහු අතිශය කඩවසම් රූපයකටද උරුමකම් කී බැවින් ලොව පුරා තරුණියන් අතර අමීර් ඛාන් උන්මාදයක්ද පැතිර ගියේය.

 අමීර් ඛාන් කියන්නේ මුළු ලෝකෙම දන්න තවත් ‘ඛාන්‘ කෙනෙක්. දශක තුනකට අධික කාලයක් හින්දි සිනමාවේ ජය කෙහෙලි නංවමින් සිටින අති දක්ෂ ජනප්‍රිය නළුවෙක්. නළුවෙක් වශයෙන් අති සාර්ථක වෙලා, චිත්‍රපට නිර්මාණයටත් දායක වෙමින් දිගින් දිගටම සිනමාවේ රැඳී ඉන්න වරම් ලබා ගන්න තරම් වාසනාවන්ත වුණු පුද්ගලයෙක්. ඒ වගේම සිනමා කර්මාන්තයෙන් කෝටි ගණන් මුදල් උපයා ගත් ධනවතෙක්.

අද එවැනි ස්ථාවරයක හිටියත් අමීර්ම කියන කියන විදිහට ඔහුගේ ළමා විය ගෙවුණේ ඉතා දුක් කම්කටොලු මධ්‍යයේ.

අද කාටවත් අමීර් මේ කටුක අතීතය මතක නැති වුණත් පසුගියදා පුවත්පත් සාකච්ඡාවකට එක් වෙමින් අමීර් ඔහුගේ අතීතය සිහිපත් කළා.

අමීර් ඛාන්‌ යනු සිනමා පවුලක සාමාජිකයෙක්. ඔහුගේ පියාත්, පියාගේ සහෝදරයන් කිහිප දෙනෙක් ආදී වශයෙන් බොලිවුඩ් සිනමාවට සම්බන්ධකම් සහිත වූවන්. ඒත් මේ සියලු දෙනා අතරින් සිනමාවේ ජය කෙහෙළි නැංවීමට හැකියාව ලැබුවේ අමීර් ඛාන් පමණයි. ඔහු රංගනයෙන් අති ජනප්‍රිය වෙමින් මුදල් උපයනා තුරු අමීර්ගේ පවුලේ සාමාජිකයන් ගෙවුවේ දැඩි දුෂ්කර ජීවිතයක්.

පසුගියදා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී තමන්ගේ දුක්බර අතීතය සිහිපත් කරමින් සිටි අමීර් ඛාන්ගේ දෙනෙතට කඳුළු පුරා තිබෙනු ප්‍රේක්ෂකයන්ට පැහැදිලිවම දැක ගත හැකි විය.

“අපි කුඩා කාලයේ ගෙව්වේ ඉතා දුක්බර ජීවිතයක්. ගෙදර අගහිඟකම් බොහොම තිබුණා. පවුලේ වැඩිමලා වශයෙන් මට ඒ අගහිඟකම් හොඳින් දැනුණා. එක කාලයක් තිබුණා අපට පාසල් ගාස්තු ගෙවීම දිගින් දිගටම මග හැරුණ. ඒ් කාලේ පාසල් ගාස්තුව ඉතාම පුංචි මුදලක්. හයේ පන්තියේදී රුපියල් හයක්, හතේ පන්තියේදී රුපියල් හතක් ආදී වශයෙන්. ඒත් අපට ඒ් මුදලවත් ගෙවා ගන්න පුළුවන් වුණේ නැහැ. අන්තිමට පාසලේ විදුහල්පති ප්‍රධාන රැස්වීමේදී පාසල් ගාස්තු නොගෙවපු ළමයින්ගේ නම් හැමෝටම ඇහෙන්න ප්‍රසිද්ධියේ කිව්වා. ඒදා මට ඇතිවුණු හැඟීම අදටත් මගේ මුව ගොළු කරනවා...”

අමීර් ඛාන් එසේ පවසා සිටියේ තම දෙනෙතේ කඳුළු පුරවා ගනිමිනි. ඒවන් වූ කටුක ජීවිතයක් ගත කරමින් සිටි අමීර් ඛාන් හින්දි සිනමාවට සම්බන්ධ වන්නේ වයස අවුරුදු අටේදීය. ඒ් ඔහුගේ පියාගේ ඥාති සහෝදරයකුගේ සිනමා නිර්මාණ්යකට සම්බන්ධ වෙමිනි. නසීර් හුසේන් නම් වූ ඒ් අධ්‍යක්ෂවරයාගේ ‘යාදොන් කී භාරත්’ සිනමාපටය තිරගත වූයේ 1973 වසරේදීය. ඒ අන්දමින් ළමා වියේ සිට හින්දි සිනමාවට සම්බන්ධ වුවද අමීර් ඛාන්ගේ බඹරය වැල්ලේ කරකැවෙන්නට ගත්තේ 1988 වසරේ සිටය. ඒ් ඔහු ජුහි චවුලා සමඟ රංගනයෙන් දායක වූ ‘ක්යාමත් සේ ක්යාමතක්’ සිනමා පටය ඉන්දියාවේ පමණක් නොව ලොව පුරා ජනප්‍රිය වීමෙනි. එම යුගයේදී ඔහු අතිශය කඩවසම් රූපයකටද උරුමකම් කී බැවින් ලොව පුරා තරුණියන් අතර අමීර් ඛාන් උන්මාදයක්ද පැතිර ගියේය. එම උන්මාදය ශාරුක් ඛාන් වෙත හැරුණේ ඒයින් වසර කිහිපයකට පසුවය.

එහෙත් නළුවකු ලෙස පමණක් නොව සිනමාපට අධ්‍යක්ෂණයට මෙන්ම නිෂ්පාදනයටද ඒක් වෙමින් සීනිබෝල සිනමාවෙන් බැහැර හරවත් නිර්මාණ බොලිවුඩ් සිනමාවට තිළිණ කිරීමට අමීර් ඛාන් කැපවීමෙන් දායක වූයේය. ඒබැවින් හුදෙක් සීනිබෝල නළුවකු ලෙස නමක් ඉතිරිකොට බැස ගිය තරුවක් වනු වෙනුවට අද ද හින්දි සිනමාවේ ගෞරවනීය චරිතයක් ලෙස නමක් පවත්වා ගැනීමට මේ අති දක්ෂ මිනිසා සමත් වී තිබේ.

ඔබ ගමන ආරම්භ කරන ස්ථානය නොව වැදගත් වන්නේ ඔබ ගමන අවසන් කරන ස්ථානය බවය යන ප්‍රකාශය අමීර් ඛාන් සම්බන්ධයෙන් තෙකරම් සත්‍ය දැයි ඔබටද වැටහෙනු ඇත.

Comments