මම කැමතිත් සල්ලිකාරයෙක් බඳින්න | Page 3 | සිළුමිණ

මම කැමතිත් සල්ලිකාරයෙක් බඳින්න

සෙල්ෆි වලින් තොර ජීවිතයක් නැහැ කියලා හිතන පිරිසක් අද ඉන්නේ

මම දැනට ටෙලිනාට්‍ය පනහක පමණ රංගනයෙන් දායකවෙලා තියෙනවා. ඊට අමතරව සිනමාපට දොළහකට සහ වේදිකා නාට්‍ය හතරකට විතර දායක වී තියෙනවා.

වන වදුලේ වසන්තය ටෙලි නාට්‍යය නැරඹිමෙන් ඇති වුණු ආශාව නිසා ඇයට කලාවට පිවිසිමට සිතුණේය. ඒ ඔස්සේ කලාවේ විවිධ තැන් ස්පර්ශ කරමින් රංගනය පිළිබඳව පාඨමාලා කිහිපයක්ම හදාරමින් ඇයගේ ගමන් මඟ සකසා ගත්තේය. මේ වන විට ක්ෂේත්‍රයේ අධ්‍යක්ෂවරුන්ට ඇගේ රංගනය පිළිබඳව පැහැදිම නිසා ඕනැම චරිතයක් ලබාදෙන්නේ නොපැකිළිවයි. ඒ ඇයට ලබාදෙන චරිතයට උපරිම ශක්ති ප්‍රමාණයෙන් සාධාරණයක් ඉටුකරන නිසායි. පසුගිය දින අවසන් වුණු වන්ස පොන් ටයිම් - කොළඹ, නාට්‍යයේ සුකිගේ චරිතය ප්‍රෙක්ෂකයන් ආදරයෙන් වැළදගත් චරිතයක්. ඒත් සමඟ මේ දිනවල ස්වර්ණවාහිනි නාළිකාවේ විකාශනය වන දෙකඩ කඩ , බොනිකර තරු ඇගේ රංගනයන් දැකගැනිමට හැකිය. වේදිකාව, ටෙලිනාට්‍ය, සිනමාව යන ත්‍රිත්වයම සමබරව තම රංගන ප්‍රතිභාව විදහාපාන ඇය නම්න් නදි දර්ශණියි. මේ ඇය පසුගිය දින රසඳුන සමඟ කළ කතාබහයි.

 

නදිගේ ආගමනය සිදුවන්නේ කොහොමද ?

මම රත්නපුර ගල්ලැල්ල මහා විදුහලින් තමා ඉගෙන ගත්තේ. එහිදි පාසලේ විවිධ කලා කටයුතු වලට සම්බන්ධ වුණා. පාසලෙන් සමුගත්තාට පසුව රංගනයට තිබෙන ආශාව නිසාම මම විවිධ පාඨමාලා හදාරන්න පටන් ගත්තා. රංගනය පිළිබඳව ආශාවෙන් ඉන්න අතර තුර තමා මට සිරස නාලිකාවේ විකාශනය වුණ සිහින පුරය ටෙලිනාට්‍යයට රංගනයෙන් එකතු වෙන්න ලැබෙන්නේ. එක මගේ මුල්ම නාට්‍යයි. 2010 වසරේ ඒතැනින් අරඹු ගමන තමා මේ විදිහට යන්නේ.

රත්නපුරේ ඉදන් කොළඹ ආපු ගමන අද කොතනකද ඉන්නේ?

මම හරිම සතුටින් ජිවිතය ගෙවනවා. කොළඹට සැතපුම් ගණනාවක් ඇත ඉදන් ඇවිත් මේවාගේ තැනකට එන්න ලැබිම ගැන. ඒ ආපු ගමන හරිම දුෂ්කරයි. අද මට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මාව විශ්වාස කරලා ඕනැම අධ්‍යක්ෂකවරයකු හා නිෂ්පාදකයකු ඔවුන්ගේ නිර්මාණ වලට දායක කරගැනිමම මට දෙන සහතිකයක් වගෙයි.

දැනට රංගනයෙන් දායක වුණ නිර්මාණ ගැන ගැන කිව්වොත්?

මම දැනට ටෙලිනාට්‍ය පනහක පමණ රංගනයෙන් දායකවෙලා තියෙනවා. ඊට අමතරව සිනමාපට දොළහකට සහ වේදිකා නාට්‍ය හතරකට විතර දායක වී තියෙනවා. මේදිනවල විකාශනය වෙන දෙකඩ කඩ නාට්‍ය ප්‍රේක්ෂකයන් වැලඳගෙන ඉන්නේ. තව ටෙලි නිර්මාණ කිහිපයක් ඉදිරියේදි එන්න තියෙනවා. ඒවගේම සිනමා නිර්මාණ කිහිපයක්ද ඒ අතර වෙනවා.

රංගනය වෘත්තියක් ලෙසද කරන්නේ?

මුලින්නම් මම රංගනය කළේ විනෝදයට. බොහෝ අය මාව අගය කළා. ඒ ඇගයීම නිසාම මම දැන් වෘත්තිමය රංගන ශිල්පිනියක්.

අද ක්ෂේත්‍රයට එන නවකයන්ට මොනවගේ දෙයක්ද කියන්නේ?

ඉගෙන ගෙන අවබෝධයෙන් එන ගොඩක් දක්ෂ අයත් ඉන්නවා. ඒ අතර කිසිදෙයක් දන්නැතිව ඇවිත් ෆෝන් එක ඔබ ඔබා ඉන්න කොටසක් වගේම ආපු වේලාවේ ඉදන්ම සෙල්පි වලින් තොර ජිවිතයක් නෑ කියලා හිතන පිරිසක්ද ඉන්නවා. නවකයන් ගැන කියන්න තියෙන්නේ හොඳ දේවල් වලට වඩා නරක තමයි. සමහරක් අය මේහෙම කියනවාට මට බණින්න පුළුවන්. මම කියන්නේ අපි මේ ක්ෂේත්‍රයට ආදරය කරන පිරිසක් වෙන්න ඕනෙ. ඒ වගේම තමන්ගේ ගමන යන්න අවශ්‍ය වට පිටාව සකසා ගනිමින් හෙමින් ගමන් යාම තමා වටින්නේ‍.

වේදිකාව, ටෙලිනාට්‍ය, සිනමාව , යන ත්‍රීත්වයෙන් ඔබ වඩාත් ප්‍රිය කරන්නේ මොකටද?

මම වඩාත් කැමති සිනමාවටයි. එත් මට ටෙලි නිර්මාණ ලැබෙන ප්‍රමාණය වැඩි. ඒ නිසා රංගන ශිල්පිනියක් ලෙස මට ලැබෙන නිර්මාණ වලට දායක විම මම කරනවා. වේදිකා නිර්මාණ වලට දායක විම ටිකක් අඩුයි. සිනමා නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබිලා තියනවා.

ක්ෂේත්‍ර යේ ඉන්න ඇතැමි නිළියන් දැන් විවාහ වෙන්නේ සල්ලිකාරයන් සමඟ. ඔබේ තෝරා ගැනිම මොනවගේද?

මට කියලා විශේෂ දෙයක් නෑ, මමත් බලාපොරොත්තු වෙන්නේ විවාහ වෙන්න කෝටිපතියෙක් තමයි. මාව තෙරුම් ගන්න මට ආදරය කරන හොඳ කෝටිපතියෙක් ආදරය කරන්න කැමත්තක් දුන්නොත් මම කැමති. ජිවිතය කියන්නේ සතුටින් ගෙවන්න ඕන ප්‍රශ්න නැතිව. ආදරය උපරිමයන් දෙන්න පුළුවන් නම් දෙන්නට දෙන්නා අවබෝධයෙන් හා විශ්වාසයෙන් ඒ ගමන යන්න ඕන.

 

Comments