ඔබ‍ට රහසින් කැමති පුද්ගලයන් සිටීද යන්න දැනගන්න ක්‍රම 7ක්‌ | Page 5 | සිළුමිණ

ඔබ‍ට රහසින් කැමති පුද්ගලයන් සිටීද යන්න දැනගන්න ක්‍රම 7ක්‌

අපිට කෙනෙකුට අදහසක් දෙන්න පුළුවන් වචනවලින්ම නොවේ. අංග චලන වලින්, හැසිරෙන විදිහෙන් අපිට පුළුවන් අපේ සිතුම් පැතුම් ගැන අදහසක් දෙන්න. “මේ ගෑනු ළමයා මට කැමතිද? ” නැත්තං “මේ පිරිමි ළමයා මට කැමතිද?” යන හැඟීම ජීවිතයට එක පාරක් හෝ ඔබට දැනිල ඇති. ඉතින් මේ ප්‍රශ්නයට උත්තරයක් හොයා ගන්න පුළුවන් ක්‍රම හතක් පහතින් දැක්වේ.

 

1. තමන්ගේ කම්මුල් රතු වීම.

සමහර වෙලාවට අපි කෙනෙක් එක්ක කතා කර කර ඉන්නකොට විවිධ අවස්ථා වලට මුහුණ දෙන්න සිදු වෙනවා. ඉතින් මේ කම්මුල් රතු වීම හරි කන් රතුවීම හරි, එවැනි අවස්ථාවක් වෙන්න පුළුවන්. කිසිදු හේතුවක් නොමැතිව ඔබට මේ දේ සිදුවෙනවා නම් ඒ ගැන සැලකිලිමත්වීම වැදගත් වෙනවා. මට ඒ වෙලාවට හිතෙන්නේ ඔබ මිනිසුන් බොහෝ ප්‍රමාණයක් ඉන්න ස්ථානයකට නිරුවතින් ආවා වගේ හැඟීමක්. නමුත් එයට හේතුව ඔබ තුළ තියෙන ලජ්ජාවවත් අසනීප ගතියක් වත් නොවේ. මෙයට හේතුව ඒ වෙලාවේ අවට ඉන්න කෙනෙක් ඔබට කැමැත්තෙන් සිටිමයි. උදාහරණයක් ලෙස, ඔබ යහළුවන් සමඟින් කතා කරන වෙලාවක් සිතන්න. අපිට කෙනෙකු යම් දෙයක් පවසන විට එහි ඔබේ නම වත් ඔබ ගැන කිසි දෙයක් සඳහන්වත් නොතිබියදී ඔබේ කම්මුල් හෝ කන රතු වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි ඔබට වඩා ඔබේ මොළේට යම් යම් දේවල් තේරුම් ගැනීමේ හැකියාව තිබීම. අපේ මොළේට පුළුවන්, කෙනෙක් කතා කරන විට දී සිදුවන වෙනස්කම් වැනි සියුම් දේ පවා හඳුනා ගන්න. ඉතින් මේ වගේ වෙනස් කම් ඇති වෙනකොට දේහයේ රුධිර ගමනාගමනය වේගවත් වෙනවා. එනිසා මුහුණට සහ කන්වලට වැඩිපුර රුධිරය ගමන් කිරීම සිදුවෙනවා.

2. උදරයේ අපහසුතා.

ඔබ සාදයක යහළුවන් සමඟ ඉන්න වෙලාවක එහෙම නැත්නම් කාර්යාලයක කතාබහක නිරත වෙලා ඉන්න වෙලාවක වුණත් ඔයාට මේ හැඟීම ඇති වෙන්න පුළුවන්. ඒක හරියට කතුරු ඔංචිල්ලාවක ගමන් කරන විට ඔයාට දැනෙන හැඟීමට සමාන එකක්. එයට හේතුව යම් යම් සංවේදන වටහා ගැනීමට අපේ ආමාශයට ඇති හැකියාවයි. ඔයාට දැනෙන බිය ජනක බවක්, දුකක්, ආතති තත්ත්වයක් පවා පැහැදිලිව හඳුනා ගැනීමේ හැකියාවක්‌ ඔයාගේ උදරයට තියෙනවා. මේකට හේතුව තමයි ඔබ හිතනවට වඩා ඔබගේ උදරය බුද්ධිමත් කමින් වැඩිවීම. ශරීරය දෙවනියට විශාල නියුරෝන අඩංගු අවයවය තමයි ආමාශය කියන්නේ. මේ නිසා ආමාශය නිතරම මොළේ සමඟ සන්නිවේදන පවත්වා ගන්නවා. පිරිසක් ඉදිරියේ ඔබට අනවශ්‍ය ලෙස උදරයේ ආබාධයක් ඇති වෙනවා නම් එයට හේතුව ඔබ අවට සිටින කෙනෙකුට කැමැත්තෙන් සිටිනවා විය හැකිය.

3. නිසි අවබෝධයෙන් යුතුව කෙරෙන කතා බහ.

කෙනෙක් ඔබ සමඟ කතා කරන විට ඔහු හෝ ඇය ඔබ සමඟ කතා කරන්නේ ඉතා අසාමාන්‍ය ලෙස ද. උදාහරණයක් ලෙස ඔබ හොඳින් රහස් රැකිය හැකි කෙනෙක් බව සිතන්න. සියල්ලන්ගෙන්ම සඟවා ගත යුතු රහසක් ආරක්ෂා කරගෙන සිටින මොහොතක සාමාන්‍යයෙන් කතාවකදී එය ඔබේ මුවින් පිටවන බව සිතන්න. නමුත් එය සිදුවූයේ කෙසේද යන්න ඔබට අදහසක් නොතිබෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් වචන දාහක් එක්දාස් පන්සියක් කතා කරන විට මෙවැනි අත්වැරදීම් හෝ රහස් හෙළිවීම් එකක් දෙකක් සිදු වෙන්න පුළුවන් කියා පර්යේෂකයන් සඳහන් කරනවා. කෙනෙක් දිගින් දිගටම මේ ආකාරයට කටයුතු කරනවා නම් ඔහු හෝ ඇය ඔබට කැමැත්තෙන් ඉන්නවා වෙන්න පුළුවන්.

4. කිසිවෙක් ඔබ දෙස බලා සිටිනවා යැයි හැඟීම.

සමහර විට අපි යම් ස්ථානයක සිටින විට කෙනෙක් අප දෙස බලා සිටිනවා වැනි හැඟීමක් අපට දැනෙනවා. නමුත් අපි ඒ දෙස බලන විටම කිසිවෙක් අප දෙස බලා නොසිටින බව අපි දකිනවා. නමුත් සත්‍ය වන්නේ කෙනෙක් අප දෙස බලා සිටින බවයි. අපේ දෙනෙත්වල අග කෙලවරින් පිටත අපිට දැකීමට නොහැකි දේ අපේ මොළේට දකින්න පුළුවන්. මේ නිසා තමයි කෙනෙක් අප දෙස බලන විට කවුරුන් හෝ අප දෙස බලා සිටිනවා වැනි හැඟීමක් අපට දැනෙන්නට පටන් ගන්නේ. ඒ වගේම බොහෝ තරුණ වයසේ සිටින අයට බොහෝ දෙනෙක් තමා දෙස බලා සිටිනවා වැනි හැඟීමක් දැනෙනවා. ඒ නිසා ඔවුන් සමාජය ආශ්‍රය කිරීමට බිය වනවා. නමුත් එය ඉහත සඳහන් කළ දේ නොවේ නම් ඔබ එය පිළිබඳව සැලකිලිමත් විය යුතුයි.

5. පොදු මිතුරු සබඳතා.

කෙනෙක් ගැන දැන ගැනීමට ඇති පහසුම ක්‍රමය කුමක්ද. එයට සරල පිළිතුරක් ලෙස එම පුද්ගලයාගේ මිතුරන් ආශ්‍රය කිරීම මා ඉදිරිපත් කරනවා. කෙනෙකුට ඔබ ගැන දැන ගැනීමට අවශ්‍ය නම් ඔහු හෝ ඇය පළමුව සිදු කරන්නේ ඔබගේ මිතුරන් ආශ්‍රය කිරීමයි. මෙලෙස ඔබගේ මිතුරන් සමඟ හෝ ඔබ සමඟ මිතුරු වීමෙන් ඔබ සමඟ වැඩි කාලයක් ගත කිරීමට හැකි වෙනවා. ඉතින් මේ ආකාරයට ඔබ හා කාලය ගත කිරීමට හෝ ඔබ හා විනෝද වීමට උත්සාහ කරනවා නම් එහි අදහස එම පුද්ගලයා ඔබට කැමැත්තෙන් සිටින බවයි.

6. දේහ ලක්ෂණ.

ඔබ කෙනෙකුට කැමැත්තෙන් පසු වෙනවා යැයි සිතන්න. එවැනි කෙනෙක් සමග කතා කරන විට ඔබ නොදැනුවත්වම ඔබගේ කකුල එම පුද්ගලයා දෙසට යොමු වී තිබෙන්න පුළුවන්. කෙනෙකුගේ වචනවලට වඩා එම පුද්ගලයාගේ දේහ ලක්ෂණවලට අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව තිබෙනවා. මේ නිසා කෙනකුගේ දෙපා සහ ශරීරය හොඳින් නිරීක්ෂණය කරන්න. එවිට මුවින් නොකියන බොහෝ දේ ඔබට ඒ හරහා තේරුම් ගන්න පුළුවන්.

7. දිගින් දිගටම සිනාසීම.

කෙනෙක් ඔබ සමඟ කතා කරමින් සිටිනවා යැයි සිතන්න. ඔබ දෙදෙනා අතර සිදුවන කතාබහේ සිනා වීමට දෙයක් නොතිබුණත් ඔහු හෝ ඇය දිගින් දිගටම සිනාසෙනවා නම් එහි යටි අරුතක් ඇති බව ඔබ වටහා ගත යුතු වෙනවා. එම පුද්ගලයා සිනාසෙන්නේ ඔබ පවසන දේට නොවේ. ඔබ සමඟ ගත කිරීමට ලැබුණු කාලය නිසා වෙන්න පුළුවන්. මේ නිසා ඔබ සමඟ කෙනෙක් කතා කරන විට. ඔහු හෝ ඇය සියලු දෙයටම සිනාසෙනවා නම් ඇය තුළ විශේෂත්වයක් ඇති බව ඔබ වටහා ගත යුතුයි.

 

(අන්තර්ජාලය ඇසුරිනි)

Comments