
සිය ජීවිතය පුරා ලෝකයම වසඟ කර ගැනීමට සමත් වූ ඔලිවියා පසුගිය අගෝස්තු 8වැනිදා මිය යන විට 73 හැවිරිදි වියේ පසුවූවාය.
ඔලිවියා නිව්ටන් - ජෝන් ගැයු අතරින් ‘ඉෆ් නොට් ෆෝ යූ, බෑන්ක්ස් ඔෆ් ද ඔහියෝ‘ යනාදී ගීත සුවිශේෂී ය. ඇය පිටපිටම ග්‍රැමී සම්මානවලින් පිදුම් ලබන්නට විය. ඇය ග්‍රැමී සම්මාන හතරක් දිනා සිටියාය. ‘ඉෆ් යු ලව් මී ලෙට් මී නෝ. හැව් යූ නෙවර් බීන් මෙලෝ‘ යනාදී ගීත අතිශයින් ජනාදරයට පාත්‍ර වූ අතර ඇයගේ ගී තැටි සහ ඇල්බම් වාර්තා තබමින් ලොව පුරා අලෙවි විය.
ඉකුත් අඟහරුවාදා දිනයේදී මුළු ලෝකයම ශෝකයටය පත්වූයේ හදිසියේ අසන්නට ලැබුණු පුවතක් හේතුවෙනි. එම පුවතෙන් ප්‍රකාශ වූයේ ඔලිවියා නිව්ටන් - ජෝන් මෙලොව හැර ගිය බවයි. ඔලිවියා නිව්ටන් - ජෝන් යන නම මුළු ලෝකයේම ප්‍රසිද්ධය. ඒ ලොව හෙල්ලූ ගායිකාවක වශයෙනි. නිළියක වශයෙනි.
සමාජ ක්‍රියාකාරිනියක වශයෙනි. ඇයගේ කටහඬින් වශී නොවු අයෙක් විශේෂයෙන් 70 දශකයේදී ලොව නොවූ තරම්ය. ඇය තරමක ජනප්‍රියත්වයක් ශ්‍රී ලංකාව තුළද හිමිකරගෙන සිටියාය. එහෙත් ඇය වැඩි වශයෙන් ජනප්‍රිය වූයේ බටහිර රටවලය.
1948 සැප්තැම්බර් මස 28වැනිදා උපත ලද ඔලිවියා බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් ප්‍රාන්තය තම මවු රට ලෙස සැලකුවාය. එසේ වුවද ඇයගේ මවු බිම වූයේ ඕස්ට්‍රේලියාවයි. පසුව ජනප්‍රියත්වයේ හිනිපෙත්තට පා තැබූ පසු ඇය ඇමරිකාවේ පදිංචිය තෝරා ගත් අතර මිය යන විටද විටද ඇය පදිංචිව සිටියේ ඇමරිකාවේ කැලිෆෝර්නියා ප්රාන්තයේය.
ඔලිවියා ඉතා ගායන ක්ෂේත්රයට පිවිසෙන්නේ වයස අවුරුදු 14 තරම් පැටි වියේදීය. ඇයගේ ගායන හැකියාව හේතුවෙන්ම ඇයගේ පාසල් මිතුරියන් තිදෙනෙකු සමඟ කාන්තා ගායක කණ්ඩායමක් ස්ථාපිත කර ගත් ඔලිවියා සැලකිය යුතු කළක් එම කණ්ඩායමේ සාමාජිකාවක ලෙස කල් ගෙවුවාය. මේ අතර ඇයගේ ඔස්ට්‍රේලියානු සම්භවය හේතුවෙන්ම ඔස්ට්‍රේලියාවේ වාසය කිරීමේ අවස්ථාවද හිමි වූ අතර ඇය ඔස්ට්‍රේලියානු රූපවාහිනී වැඩසටහන්වලටද දායක වීම ආරම්භ කළාය.
ඔලිවියා තම ප්‍රථම කේවල ගායනයක් ලෙස ඉදිරිපත් කළ ගීතය 1966දී ප්‍රසිද්ධියට පත්වූ අතර එම බ්‍රිතාන්‍ය තුළ මෙන්ම ඔස්ට්‍රේලියාවේද ජනප්‍රිය විය.
ඒ වන විටත් ඇය යුගයේ ජනප්‍රිය ගායකයකු වූ පැට් කැරොල් සමඟ සම්බන්ධ වෙමින් ගායන ක්ෂේත්රයේ දිගු ගමනකට මුල පුරා තිබිණි.
1970 දශකයේ පටන් ඔලිවියාගේ ජනප්‍රියත්වය හීයක වේගයෙන් ඉහළ යන්නට වූ අතර ඇය නිකුත් කළ ගීත තැටි සියල්ලම පාහේ ලොව පුරා අතිශයින් ජනප්‍රිය වන්නට විය. ‘ඉෆ් නොට් ෆෝ යූ. බෑන්ක්ස් ඔෆ් ද ඔහියෝ‘ යනාදී ගීත ඒ අතරින් සුවිශේෂී විය. ඇය පිටපිටම ග්‍රැමී සම්මානවලින් පිදුම් ලබන්නට විය. ඇය ග්‍රැමී සම්මාන හතරක් දිනා සිටියාය. ‘ඉෆ් යු ලව් මී ලෙට් මී නෝ. හැව් යූ නෙවර් බීන් මෙලෝ‘ යනාදී ගීත අතිශයින් ජනාදරයට පාත්‍ර වූ අතර ඇයගේ ගී තැටි සහ ඇල්බම් වාර්තා තබමින් ලොව පුරා අලෙවි විය.
ගීත ලෝකයේ ජය කෙහෙලි නැංවීමෙන් පසුව ඇය රංගන ක්ෂේත්රයටද අවතීර්ණ වුවාය. පසුව ඇය නිරායාසයෙන්ම සමාජ ක්‍රියාකාරිනියක් බවට පත්වූයේ ඇයගේ ජනප්‍රියත්වය හේතුවෙන්ම මිනිසුන් කෙරෙහි බලපෑම් කිරීමට ඇය සතු වූ හැකියාව හේතුකොට ගනිමිනි. සත්ත්ව අයිතිවාසිකම් දිනා ගැනීමේ සටන්වලදීද ඔලිවියා නිව්ටන්- ජෝන් බොහෝ විට මුල්තැන ගත්තාය.
සිය ජීවිතය පුරා ලෝකයම වසඟ කර ගැනීමට සමත් වූ ඔලිවියා පසුගිය අගෝස්තු 8වැනිදා මිය යන විට 73 හැවිරිදි වියේ පසුවූවාය. නිත්‍යානුකූල විවාහ දෙකක් සහ පෙම්වතුන් කිහිප දෙනෙකු සමඟ ජිවිතය විඳගත් ඔලිවියා එක් දියණියක මෙලොවට තිළිණ කළාය. ඇයටද මවගේ හැකියාවන් පිහිටා තිබූ නමුත් ඇය ඔලිවියා තරම් ජනාදරයට පාත්‍ර වීමට හැකියාව නොලැබුවාය.
වසර 73ක් පුරා ලෝකයට සතුට බෙදූ ඔලිවියා නිව්ටන් - ජෝන් තම මතකය පමණක් සදාකල් මිනිසුන් අතර රඳවා මිහිමතින් සමුගෙන ගියාය.