
සමාජ මාධ්‍ය සියලු දෙනාටම බලන්න බෑ. ඒකට වෙනම පිරිසක් ඉන්නවා. අපිට ඕනේ ඒ අය ස්පර්ශ කිරීමටයි.
මහනුවර කිංස්වුඩ් සහ ධර්මරාජ විදුහල්වලින් මූලික අධ්‍යාපනය හැදෑරූ මේ යහළුවන් දෙදෙනා පාසල් කාලයේ සිටම නිසඟ දක්ෂතාවයන් පෙන්නුම් කළහ. සමස්ත ලංකා කථික තරගවලින් මහනුවර දිස්ත්‍රික්කයට ජයග්‍රහණ ගෙන ඒමට කටයුතු කළ බැවින් එකල පාසල් මාධ්‍ය ඒකකය තුළ නැතුවම බැරි ශිෂ්‍යයන් දෙදෙනෙකු බවට පත්විය. ඔවුහු අ.පො.ස. උ.පෙළ සඳහා ජීව විද්‍යා අංශයෙන් සහ වාණිජ අංශයෙන් අධ්‍යාපනය හැදෑරූහ. අපොස උ.පෙළ විභාගයන්ගෙන් ඉහළින් සමත්වී දෙදෙනාම සරසවි වරම් ලැබූහ. උසස් අධ්‍යාපනය හදාරන අතරතුර 2016 වසරේදී ස්වාධීන රූපවාහිනී නාලිකාව මඟින් පවත්වනු ලබූ ටැලන්ට් ෂෝ වැඩසටහනෙන් කවුරුත් හඳුනාගත් ඔවුන් දෙදෙනා සසික දියමන්ත සමරසිංහ සහ හසජ කාංචන සමරනායකයි. අද සමාජ මාධ්‍ය තුළ සමරේ ඇන්ඩි සමරේ නමින් ප්‍රසිද්ධ ඔවුන් දෙදෙනා සමඟ කළ සංවාද සටහනකි මේ.
සමරේ ඇන්ඩ් සමරේ ඇරඹුම කොතැනද?
ස්වාධීන රූපවාහිනී නාලිකාවේ ටැලන්ට් ෂෝ එකට එන්න ඉස්සෙල්ලා මම පොඩි වීඩියෝ ක්ලිප් තුන හතරක් කරලා තිබ්බා. ඒවා මගේ එෆ්. බී එකේ ප්‍රචාරය කළා. මේ දාපු වීඩියෝ දෙක තුනක් මගේ යාළුවෙක් වන කසුන් ලියදිපිට එයාගෙ එෆ්. බී එකේ අප්ලෝඩ් කරලා තිබ්බා. ඒ දාපු එකෙන් හොඳටම viral වෙලා ගියා. කසුන් කළ දෙයින් අපි දෙන්නා ගොඩක් අය හඳුනා ගත්තා. ඊට පස්සේ තමයි මේ ටැලන්ට් ෂෝ එකට අපි සම්බන්ධ වෙන්නේ.
ටැලන්ට් ෂෝ එකකට සම්බන්ධ වෙනකොට අභියෝගයක් ගැන හිතුණෙ නැද්ද ?
මොකද නැත්තෙ?. හොඳටම අභියෝගයක් තියෙනවා කියලා දැනුණා. අපි ඉදිරිපත් වුණ වැඩසටහන්වලින් හොඳම වැඩසටහනක් ලෙස මේක ගෙන ගියා. එහිදී අපට දෙවැනි ස්ථානය හිමි වුණා. මේ අවුරුද්දේ අගෝස්තු 25 දාට අවුරුදු හයක් වෙනවා අපේ ගමනට. ඒ ගැන හරිම සතුටුයි.
මෙවැනි සමාජ මාධ්‍ය ජාලාවක් පටන් ගන්න ඕන කියල සිතුවේ ඇයි ?
අපේ රට තුළ තත්ත්වයෙන් ඉහළ කොමඩිවලට තැනක් තිබුණේ නැහැ. ඒ නිසා අපි දෙන්නා හිතුවා, ඒ හිඩැස පිරවිය යුතුයි කියලා. අපේ රට තුළ මෙවැනි නිර්මාණ කරන පිරිස බොහෝම අඩුයි. ප්‍රවීණ රංගන ශිල්පී විල්සන් ගුණරත්න තමයි, මෙයට මූලිකම අඩිතාලම දැම්මේ. ඒ ඔහු ගිය මාර්ගය ඔස්සේ අපි අද ගමන් කරනවා. ඔහුගෙන් පසුව කීහිප දෙනෙකුම ඒ මාර්ගයේ ගමන් කළා. ඒත්, සාර්ථක නිර්මාණකරණයක් අපිට දකින්න ලැබුණේ නැහැ. දැනට අපිට ගොඩක් ප්‍රතිචාර තියෙනවා. ඉදිරියේදී වෙනත් මාර්ග ඔස්සේ අලුත් නිර්මාණ ගොඩක් එළි දක්වන්න අපි බලාපොරොත්තු වෙනවා.
මේ කරන නිර්මාණවල අන්තර්ගතය මොකක්ද ?
මුලින්ම දේශපාලන ප්‍රශ්නය මුල් කරගෙනයි අපි කටයුතු කරන්නේ. හැබැයි, අපි තත්ත්වයක් තියාගෙනයි කටයුතු කරන්නේ. අපි දේශපාලනය කියලා එකම දේකට බැඳිල කරන්නෙත් නෑ කාලීන වශයෙන් වෙන්න තියෙන දේ ගැන අපි කතා කරනවා. ඊට පස්සේ ගන්න හොඳම තීරණය තුළ ඒ දෙයින් නිම කරනවා. ස්ඩැන්ඩඩ් කොමඩි තමයි අපේ අන්තරය කරගෙන තියෙන්නේ.
දේශපාලන දහරාවේ දේවල් කරන්න හිතට බයක් හිතුණේ නැද්ද ?
අපේ සංස්කෘතිය තුළ ජීවත්වන මිනිස්සු දේශපාලනයට බයයි. ඒ බය වන කොටස හින්දා තමයි අනිත් අයටත් ප්‍රශ්නයක් ඇතිවෙන්නේ. අපි දෙන්නම හොඳ අවදානමක් අරගෙනයි මේ වැඩේට බැස්සේ. දේශපාලනය විවේචනය කරලා ප්‍රෝගෑම් කරනකොට අපි වැලඳගත්ත පිරිස වැඩියි. එයට හේතුව ලෙස මා දකින්නේ ඒ සියලු දෙනාටම දේශපාලනයට විරුද්ධව කතා කළ නොහැකි නිසයි. අපිට ඕන දෙයක් විවේචනය කිරීමෙ අයිතියක් තියෙනවා කියලා මේ වන විටත් කවුරුත් දැන ගෙනනෑ. අලුතෙන් බිහි වුණු රැලි සියලුදේට අපි තමයි මූලිකත්වය ගෙන කටයුතු කළේ කියලයි අපි හිතන්නේ. අපේ වැඩසටහනෙන් තමයි ඉස්සෙල්ලම දේශපාලන නිර්මාණ කළේ.
සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින් වුණේ ඇයි ?
ඉදිරි කාල වකවානුව තුළදී රූපවාහිනි මාධ්‍ය අභිබවා සමාජ මාධ්‍ය ජාලාවන් නැඟී සිටින බව අපට වැටහී ගියා. ඒ නිසා අපි දෙදෙනාම තීරණය කරළා සමාජ මාධ්‍ය ජාලාවක් ආරම්භ කිරීමට. මිනිස්සුන්ගෙ හිත තුළ කැකෑරෙන දේවල් කියා ගන්න බැරිව ලත වෙන විට ප්‍රචාරණ මාධ්‍යයක් අවශ්‍ය වෙනවා. මේ කරුණු කාරණා සැලකිල්ලට ගෙන අප හිතුවා මේ මාධ්‍යය පටන් ගැනීම අපේ ගමනටත් හොඳ අත්වැලක් වේවි කියලා. රුපවාහිනි මාධ්‍ය ඕනෑම කෙනෙකුට බැලිය හැකියි. හැබැයි, සමාජ මාධ්‍ය ඒ සියලු දෙනාටම බලන්න බෑ. ඒකට වෙනම පිරිසක් ඉන්නවා. අපිට ඕනේ ඒ අය ස්පර්ශ කිරීමටයි.
සමරේ ඇන්ඩ් සමරේ වැලඳගෙන සිටින පිරිස කොපමණද ?
යූ ටියුබ් නාලිකාවේ දැන් 40000 කට වැඩි පිරිසක් අපිත් එක්ක රැඳී සිටිනවා. ඒ වගේම මුහුණු පොතේ 150000 ට වැඩි පිරිසක් අපිත් එක්ක එක්ව සිටිනවා. මේ පවතින කාලවකවානුව සමථයකට පත් වුණාම නරඹන පිරිස වැඩි වෙයි කියලා අපි හිතනවා. අපිට ඕනේ කුඩා ළමයාගේ සිට ආච්චි සීයා දක්වා මේක නරඹන පිරිස වැඩි කර ගැනීමටයි.
ටැලන්ට් ෂෝ එකට වැඩිය සමරේ ඇන්ඩ් සමරේට ප්‍රතිචාර ලැබෙනවා නේද?
අපේ නිර්මාණ බලලා අපිට බණින ප්‍රමාණය වැඩියි. ඒත්, අපි කැමති අපිට බණින ප්‍රමාණයට වැඩා අපිට උපදෙස් දෙන ප්‍රමාණය වැඩි වෙනවා නම්. එහෙම වුණොත් අපි එළිදක්වන ඊළඟ නිර්මාණය සාර්ථක නිර්මාණයක් කර ගැනීමට අපට හැකි වෙනවා. අපි හැමවෙලේම ඉන්නේ නරඹන පිරිස අපිට උපදෙස් දෙන තැන ලබා ගැනීමටයි. සමහර විට ප්‍රේක්ෂකයන් ඉල්ලන දේවල් අපට දිමට නොහැකි වෙනවා. ඒත්, ඔවුන්ට කරන්න පුළුවන් උපරිම දේ අපි කරනවා. හැබැයි එදාට වැඩිය ප්‍රේක්ෂක ජනතාවක් දැන් ඉන්නවා. අපේ අරමුණ එය රඳා පවත්වා ගැනීමයි. මේ ප්‍රේක්ෂක ප්‍රතිචාරය සුළු මොහොතකින් නැති වෙන්නත් පුළුවන්.
ඔබේ නිර්මාණවල පිටපත් රචකයන් කවුද ?
අපි දෙන්නම තමයි පිටපත් රචනා කරගන්නේ. බොහෝ වෙලාවට යාළු හිත මිත්‍රාදීන්ගෙන් පිටපත් රචනා ලැබෙනවා. ඒ සියලු දේම සංකලනය කරලා අප හොඳ නිර්මාණයක් බිහි කරනවා.
මෙය වෘත්තිය ද ?
මේක අපේ වෘත්තිය කර ගන්නේ නෑ. කොහොමත් ප්‍රේක්ෂකයා වෙනුවෙන් ඉදිරියට කරගෙන යනවා. අපි දෙන්නා වෘත්තීන් දෙකක ගමන් කරන දෙදෙනෙක්. සරසවිය තුළ වෛද්‍ය පිඨය සහ කළමනාකරණ පිඨය ඒ වුණාට අපි දෙදෙනාගේ අදහස් එකයි. අපි දෙදෙනා කොහේ දුර හිටියත් එකට එකතු වෙලා මේ වැඩේ කරගෙන යනවා.
ඉදිරි බලාපොරොත්තු මොනවාද ?
විදේශ සංචාර කිහිපයක්ම යෙදී තිබෙනවා. ඊට අමතරව අපි මේ කරන දේ වේදිකාවට ගෙන ඒම තමයි එකම බලාපොරොත්තුව. ඒ සඳහා වැඩ කටයුතු සිදු කරමින් යනවා.
අනාගත පරම්පරාවට කියන්න තියෙන්නේ මොනවාද ?
ඔබ සියලු දෙනාම සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ලෙස එනවා නම්, හොඳ අධ්‍යාපන දැනුමකුත් සමඟ සමාජයට යහපත් දේ කරන අදහසින් එන්න. කිසි විටෙකත් බය නොවී තමන්ගේ අදහස ඉදිරිපත් කරන්න කියන එක තමයි කියන්න තියෙන්නේ.