මම එහෙම නොකරපු නිසා බොහෝ අභියෝග වලට මුහුණ දෙන්න සිදුවුණා | Page 2 | සිළුමිණ

මම එහෙම නොකරපු නිසා බොහෝ අභියෝග වලට මුහුණ දෙන්න සිදුවුණා

බොලිවුඩ් නළුවෝ ගැන කියන මල්ලිකා ෂෙරාවත්

 

ජනප්‍රිය හින්දි සිනමා නිළියක වන මල්ලිකා ෂෙරාවත් පසුගියදා හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළාය. ඒහිදී ඇය පවසා සිටියේ ජනප්‍රිය හින්දි සිනමා නිළියක් වීමට නම් ප්‍රධාන පෙළේ නළුවන්ගේ අතකොළුවක් විය යුතු වන බවයි. තමා එසේ නොවූ බැවින් තමාට බොහෝ චිත්‍රපට අහිමි වූ බවත් එහිදී ඇය වැඩිදුරටත් පවසා තිබේ.

 

මල්ලිකා ෂෙරාවත් හින්දුස්ථාන් ටයිමිස් පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට ඒක්වී ඇත්තේ ඇයගේ වර්තමාන සිනමා දිවිය පිළිබඳ අදහස් දැක්වීම අරමුණු කර ගනිමිනි. ඒහිදී ඇය මාධ්‍යවේදියා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු සපයමින් ඇය මේ ආන්දෝලනාත්මක ප්‍රකාශය සිදු කර තිබේ. ෙ ඒහිදී වැඩිදුරටත් ඇය පවසා ඇත්තේ හින්දි සිනමාව තුළ මේ ආධිපත්‍ය පවත්වාගෙන යන්නේ සිනමාවේ ඉහළම තලයේ වැජඹෙන, ඒසේත් නැතහොත් ‘එ ශ්‍රේණියේ’ යැයි සැලකෙන නළුවන් විසින් බවයි.

“තමන් සමඟ සිනමා පටයේ රඟපෑමට එක්වන්නේ කිනම් නිළිය දැයි තීරණය කරන්නේ මේ නළුවන්. ඔවුන් තමන් කැමති නිළිය සිනමාපටයට දායක කර ගත්තාට පසු නිළියන්ට වෙන්නේ ඔවුන් කියන කියන දේ කරන්න. සමහර දිනවල ඔවුන් මේ නිළියන්ට කෝල් කරනවා. ඒ් වෙනකොට වෙලාව රෑ තුනට විතර කියමු. නළුවා කියනවා ‘දැන් එන්න මගේ ගෙදරට’ ඉතින් මේ නිළියන්ට සිදු වෙනවා නැගිටලා, ඇඳගෙන අර කියන නළුවගේ ගෙදරට යන්න. නැත්නම් වෙන්නේ චිත්‍රපටියෙන් ඉවත් වෙන්න. ඒන්න බෑ කිව්වොත් ඊළඟ දවසේ චිත්‍රපටියෙන් ඉවත් කරනවා. මේ තමයි අද හින්දි සිනමාවේ නිළියන් මුහුණ දෙන තත්ත්වය. මටත් ඔය තත්ත්වයට මුහුණ දෙන්න සිදුවුණා. කියන කියන දේ කරගෙන හිටපු නිළියන් ජනප්‍රිය වුණා. ස්ථාවර වුණා. මම ඒහෙම නොකරපු නිසා තමා බොහෝ අභියෝගවලට මුහුණ දෙන්න සිදුවුණා.”

මල්ලිකා ෂෙරාවත් හින්දුස්තාන් ටයිම්ස් මාධ්‍යවේදියා සමඟ එසේ පවසා තිබිණි.

ඇය වැඩිදුරටත් පවසා තිබුණේ තමන් නොනැමෙන සුලු නිළියක් බවයි. ඔවුන්ට කැමති විදිහට මා හසුරුවා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ් මගේ පෞරැෂය නිසා. ඒ් නිසාම මට බොහෝ අසාධාරණකම්වලට මුහුණ දෙන්නට සිදු වුණා. බොහෝ සිනමා පට මට අහිමි වී ගියා. “ හින්දි සිනමාවේ ස්ථාවර වීම පිළිබඳ මල්ලිකා ෂෙරාවත්ගේ අත්දැකීම් එසේ පවසා තිබිණි.

මල්ලිකා ෂෙරාවත් යනු 2000- 2010 දශකයේ හින්දි සිනමාවේ බැබළුණු තරුවකි. ඇය 1976 දී උපත ලැබූ අතර සිනමාවට එක්වීමට පෙර ඇයගේ නම රීනා ලම්බා නම් විය. හින්දි සිනමාවට ඒක් වීමෙන් පසු ස්වකීය නාමය මල්ලිකා ශෙරාවත් යනුවෙන් වෙනස් කරගත් ඇය කෙටි කලෙකින්ම සිනමාවේ ජනප්‍රිය නිළියක් ලෙස ප්‍රසිද්ධියට පත් වූවාය. 2003 වසරේදී කවාශිෂ්, 2004 වසරේදී මර්ඩර් වැනි ඇය රඟපෑ චිත්‍රපට අතිශයින් ජනප්‍රිය වූ අතර 2006 දී ඇය රංගනයෙන් දායක වූ ප්යාර් කේ සයිඩ් ඉෆෙක්ස්ට්ස් සිනමාපටය ද හින්දි සිනමාවේ වාර්තා අතරට එක් විය.

පසුකාලීනව ඇය ක්‍රමයෙන් සිනමාවෙන් සමුගත් අතර ඇය සමඟ හින්දුස්ථාන් ටයිමිස් පුවත්පත සිදුකළ මේ සම්මුඛ සාකච්ඡාව යළිත් ඇය පිළිබඳ උණුසුම් කතාබහක් මතුපිටට ගෙන ඒ්මට

සමත් වී තිබේ

 

 

Comments