
ලලිත් පැරකුම් සර් යටතේ මම නර්තනය හදාරනවා. ඒ වගේම මම ගොඩක් සතුටු වෙනවා මම රඟපෑ ගොඩක් ටෙලි නාට්‍යවලට නර්තනයෙනුත් දායක වෙන්න පුළුවන් වුණ එක ගැන. ඒ හරහා මගේ දක්ෂතා තවත් වැඩි කර ගන්න ඉඩක් ලැබුණා
රංගනය සහ නර්තනයට එක සේ දස්කම් පාන පුංචි දියණියක් හෙටට පිපෙන මල් සමඟින් මේ පිටුව ලස්සන කරන්න එකතු වෙනවා. නර්තනය තුළින් කලාවට පිවිස වෙළඳ දැන්වීම්, ටෙලි නාට්‍යය සහ චිත්‍රපට රංගනය හරහා දස්කම් පාන ඇය දියගම කනිෂ්ඨ විද්‍යාලයේ පහ ශ්‍රේණියේ ඉගෙනුම ලබන සශායා දෙව්නාවි අප්සරා.
කවුද ඔයාගේ නම දැම්මෙ.?
අම්ම තමයි මගෙ නම දාල තියෙන්නෙ.
ගෙදර කවුද ඉන්නේ?
මමයි අම්මයි තාත්තියි මල්ලියි තමයි අපේ ගෙදර ඉන්නෙ. චූටි ලේන් පැටියෙකුත් ඉන්නවා.
මුලින් ම රඟපෑවෙ චිත්‍රපටයක නේද.?
මම මුලින්ම රඟපෑවෙ “සුභා තෙරණියෝ“ චිත්‍රපටයේ සුළු චරිතයක්. සුමිත් කුමාර මාමා තමයි ඒකට මට අවස්ථාව ලබා දුන්නේ. ඊට පස්සෙ “හත් පෙති මල“ dvd චිත්‍රපටයේ රඟපාන්න අවස්ථාව ලැබුණා.
රඟපෑ ටෙලි නාට්‍යය මොනව ද.?
සිරස රූපවාහිනියේ “සක්කාරං“ ටෙලි නාට්‍යයේ ජයවතීගෙ චරිතය නිරූපණය කරන්න මට අවස්ථාව ලැබුණා. කසුන් තරින්ද මාමා අධ්‍යක්ෂණය කරපු “මායාවී“ කියන හිරු ටෙලි සිනමා සිත්තමේ සිට “සිනිදු සපත්තු, පොඩි මහත්තයා, සොහොයුරියො, පිය සෙනෙහස, නූසර සිත්තම්, සිහින සිතුවිලි, මංමුලාව“ කියන නාට්‍යය වල සහ “ෙද්වදූතයෝ“ කියන නත්තල් නාට්‍යයේත්, සිහින ගෙනෙන කුමාරියේ ටෙලි නාට්‍යයේත් රඟපෑවා. ඒ වගේ ම ස්වාධීන රූපවාහිනියෙ විකාශය වුණ “සත් වරෂා“ සහ “ඉන්ටර්නැෂනල්“ නාට්‍යය වලත් , ස්වර්ණවාහිනියෙ “කැණිමඩලට සඳ ඇවිදින්“ ටෙලි චිත්‍රපටයේත් රංගන දායකත්වය ලබා දුන්නා.
ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවද.?
ඉදිරියට එන්න තියෙනවා ටෙලි නාට්‍යය කීපයක්. චන්දන සමරසේකර මාමගෙ “ආරියවංශ“ කියල නාට්‍යයක් සහ සංජුල දිවාරත්න මාමගෙ “සිත්“ කියන නාට්‍යයත් ඉදිරියේ දි විකාශය වේවි.
රඟපෑ වෙෙළඳ දන්වීම් මතක් කළොත් .?
මැලිබන් බිස්කට්, ලින්ක් සුදන්ත, ඉරහද වෙද ගෙදර, මල්ටිලැක්, Alliance finance, එඩින්බරො, අබාන්ස්, DFC වර්ධන බැංකුව, Sri lanka telecom, Soft lojic, SDB bank, Peoples bank ඇතුළු ප්‍රධාන පෙළේ ආයතන සන්නාම සහ නිෂ්පාදන රැසක වෙළඳ දැන්වීම් සඳහා දායක වුණා. ළමා දිනය වෙනුවෙන් ගොල්ඩ් මාරි සමඟ මියුසික් වීඩියෝ එකකුත් කළා.
නර්තනය ගොඩක් කැමතියි නේද.?
නර්තනයට මම ගොඩක් ආදරෙයි. පෙරපාසල් යන කාලෙ ඉඳල ම නැටුම් කළා. ඊට පස්සෙ අම්මයි තාත්තයි තමයි අනෙකුත් කලා කටයුතු වලට යොමු කළේ. මේ වෙනකොට ලලිත් පැරකුම් සර් යටතේ මම නර්තනය හදාරනවා. ඒ වගේම මම ගොඩක් සතුටු වෙනවා මම රඟපෑ ගොඩක් ටෙලි නාට්‍යවලට නර්තනයෙනුත් දායක වෙන්න පුළුවන් වුණ එක ගැන. ඒ හරහා මගෙ දක්ෂතා තවත් වැඩි කර ගන්න ඉඩක් ලැබුණා. ලංකාවේ පැවැත්වූ විශාලම නර්තන ප්‍රසංගය “ප්‍රචණ්ඩ 2020“ සදහා මාත් සම්බන්ධ වුණා. ඒකත් මගෙ ජීවිතේ සුවිශේෂී පියවරක්. පහුගිය කාලෙ දිදුල රූපවාහිනි නාළිකාවෙ වැඩසටහන් වලටත් සම්බන්ධ වුණා.
පාසලේ කැමතිම විෂය මොකක්ද.?
මම කැමතිම සිංහල සහ පරිසරය විෂයන් දෙකට. පරිසරය එක්ක ගැවසෙන්න සහ පරිසරය ගැන ඉගෙන ගන්න මම ගොඩක් ආසයි. මගෙ දහම් පාසල වන දියගම ශ්‍රී ඛේමානන්ද දහම් පාසලේත් විවිධ ජයග්‍රහණ ලබාගන්න මට අවස්ථාව ලැබුණා. ඒ ගැනත් මට ගොඩක් සතුටුයි.
අනාගත බලාපොරොත්තුව මොකක්ද.?
නර්තන ගුරුවරියක් වීම තමයි මගේ බලාපොරොත්තුව. ඒ වගේම මම ගොඩක් කැමතියි අසරණ අයට පිහිට වෙන්න. මම නිතරම ගෙදර අයගෙ උදව් ඇතුව පාරෙ ඉන්න අසරණ බව්වන්ට කන්න දෙන්න යනවා. මම ගොඩක් ආසාවෙන් ඒ දේවල් කරන්නෙ. මම මේ වෙනකොට කතන්දර පොතකුත් ලියනවා. ආසයි ලස්සන පොත් ගොඩක් ලියන්න.
ඔබේ ඉදිරි ගමනට උදව් කළ අය සිහිකරමු නේද?
මට මගෙ අම්මා සහ තාත්තා තමයි ගොඩක් ම උදව් කරන්නෙ. මගෙ මල්ලිගෙ නම ආදිත්‍ය අභිමාන්. ඔහුත් දැන් කලා කටයුතු වලට සම්බන්ධ වෙනවා. ඒ වගෙම මාව ටෙලි නාට්‍යය වලට, වෙළද දැන්වීම් සහ තවත් නිර්මාණෙවලට සම්බන්ධ කර ගන්න අධ්‍යක්ෂක මාමලා සහ ක්ෂේත්‍රයේ හැම කෙනෙක්ම මට ඉදිරියට එන්න ගොඩක් උදව් කරනවා.