
මේ වෙද්දි face කියන කෙටි චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පමණයි ප්‍රේක්ෂකයන් ට නිකුත් කරලා තියෙන්නේ. ඉදිරියේ දී සම්පූර්ණ කෙටි චිත්‍රපටයම මහජනතාව වෙත නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා.
පසුගියදා ඉන්දියාවේ පැවති Indie Shorts Film Festival 2022 හිදී පිරිමි අංශයේ හොඳම නළුවා ( Best Actor ) සම්මානය දිනා ගැනීමට සමත් වුණේ පැතුම් මහගම. ඒ නිසාම රසඳුන මේ සොදුරු කතාබහ පැතුම් මහගමෙ ගේ කලා ගමන ගැන.
මගේ උපන් ගම නුවරඑළිය. මම ඉගෙන ගත්තේ මහනුවර රණබිම රාජකීය විද්‍යාලයේ.
මගේ පවුලේ විස්තර ගැන කිව්වොත්, මට ඉන්නවා අම්මා තාත්තා. වැඩිමල් සහෝදරයො දෙන්නෙක්. තාත්තා චිත්‍ර ශිල්පියෙක් සහ ජනමාධ්‍යවේදීයෙක් වන චන්ද්‍රසිරි මහගම. අම්මා විශ්‍රාමික පරිපාලන නිලධාරිනියක්.
මුලින්ම කලාව ගැන ඉගෙන ගන්නෙ සද්ධා මංගල සූරියබණ්ඩාර සර්ගෙ IMPAS ආයතනයෙන්. ඊට පස්සෙ සිරස ෆිල්ම්ස් ස්ටාර් තරගයට ඉදිපත් වුණා. එහි අවසන් තරගකරුවන් අතරට ආවා. නමුත් ඉතා අවාසනාවන්ත විදියට ආබාධයකට ලක්වෙලා තරගයෙන් ඉවත් වෙන්න වුණා. ඊට පස්සෙ “සක්කාරං“ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කළා. තවමත් තිරගත නොවූ තුෂාරි අබේසේකරගේ “අසමත්ජාතියා“ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය නිරූපණය කලා.
මේ වෙද්දි ඔබේ භූමිකාව මොකක් ද
කලා කටයුතුවලට අමතරව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යාපීඨයේ උපාධිය සම්පූර්ණ කරලා උපාධි ප්‍රධානෝත්සවය බලාපොරොත්තුවෙන් ඉන්නවා.
මේ මගේ පළවෙනි කෙටි චිත්‍රපටය. මෙහි රංගනයට අමතරව සම අධ්‍යක්ෂණයෙන් සහ පිටපත් රචනයෙන් මම දායක වෙනවා.
*මේ වෙද්දි "Face" චිත්‍රපටය ලැබූ සම්මාන ගැන සදහන් කළොත්, Indie Shorts Film Festival (India) 2022 - Best Actor (Male) - Winner
Indie Shorts Film Festival (India) 2022 - Official selection for Final round
Lift-Off Global Network (UK) - First Time Sessions Filmmaker 2022 - Official Selection (Competition not finished yet)
Lift-Off Global Network (UK) - Sessions 2022 - Official Selection (Competition not finished yet)
මගේ රංගනය වෙනුවෙන් ජාත්‍යන්තර සම්මානයක් ලැබීම ගැන නිහතමානී ආඩම්බරයක් තියෙනවා. මේ කෙටි චිත්‍රපටය නිර්මාණය කරද්දී අපිට අදහස තිබ්බෙ ලංකාවෙන් පිට සම්මානයට පාත්‍රවීම සහ කතාබහට ලක්වෙන නිර්මාණයක් කරන්න ඕනේ කියන එක. ඒ නිසා මෙහි විශේෂත්වය වෙන්නෙ කිසිදු දෙබසක් අන්තර්ගත වෙලා නැහැ. රංගනය කියන විශ්ව භාෂාවෙන් පමණයි නිර්මාණය කළේ. ලෝකයේ සියලු ම භාෂා කතා කරන අයට රසවිදින්නට පුළුවන් විදියට. අපේ පළමු උත්සාහයම මේ විදියට සාර්ථක වීම ගැන ගොඩක් ආඩම්බරයි.
මේ වෙද්දි face කියන කෙටි චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පමණයි ප්‍රේක්ෂකයන් ට නිකුත් කරලා තියෙන්නේ. ඉදිරියේ දී සම්පූර්ණ කෙටි චිත්‍රපටයම මහජනතාව වෙත නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මෙම චිත්‍රපටය පූර්ව ප්‍රචාරක පටයක් බවට පත් කර ගනිමින් ඉදිරියේදි කෙටි චිත්‍රපටයම දිගු චිත්‍රපටයක් බවට පත් කරගන්න අවශ්‍ය කරන වැඩකටයුතු සිද්ධ වෙමින් යනවා. ඊටත් අමතරව පහුගිය කාලයේ රංගනයෙන් දායක වූ ටෙලි නිර්මාණ තිරගත වෙයි කියන බලාපොරොත්තුවෙන් ඉන්නවා.
අනාගත බලාපොරොත්තු අතර තියෙනවා නීතිඥවරයෙක් වීමට අවශ්‍ය කරන අධ්‍යයන කටයුතු කරගෙන යන්න. ඒ එක්කම ඉදිරියටත් හොඳ නිර්මාණ වලට දායක වෙලා දක්ෂ චරිතාංග නලුවෙක් ලෙස. අධ්‍යක්ෂවරයෙක් විදියට කලාව තුළින් ලංකාවම සහ ලෝකය කතා කරන දක්ෂ නිර්මාණකරුවන් ලෙස ජනතාව අතර නමක් තියන්න බලාපොරොත්තු වෙනවා.