අංගම්පොර සටන් හා යෝග භාවනා කරන්න මම කැමතියි | Page 2 | සිළුමිණ

අංගම්පොර සටන් හා යෝග භාවනා කරන්න මම කැමතියි

2020 Mrs Sri lanka for

Mrs world තරගාවලියේ Talent Round එක සඳහා මම හෙළ අංගම්පොර කලාවේ නිර්මාණයක් වූ ගිනි වේලායුධය හරඹ කරද්දී, නොසිතූ ලෙස ගිනි වේලායුධය තුළ ලොකු ගින්දර ජාලාවක් දැල්වෙනවා.

ඒ වෙලාවේ විනිසුරුවරුන් සහ ප්‍රේක්ෂකයින් බය වෙලා කෑ ගහනවා. නමුත් ආයුධය අතනොහැර මම සිතූ ලෙසම තරගය නිමකරනවා.

අද රසඳුන කවරය සරසන සොඳුරු යුවතිය නිර්මාණි කෞෂල්‍යා. ඇයගේ කලා ගමන් මගේ මතකයන් සමඟ කළ සොඳුරු කතාබහයි මේ...

මගේ සම්පුර්ණ නම ගංගොඩවිලගේ නිර්මාණි කෞෂල්‍යා පෙරේරා. උපන් ගම මාතර. පාසල් ගියේ මාතර සුජාතා බාලිකා විද්‍යාලයට.

මගේ පවුලේ විස්තර ගැන කියනවා නම් මගේ මහත්තයා, අම්මා සහ අයියා තමයි මට ඉන්නේ. මගේ මහත්තයා ව්‍යාපාරිකයෙක් විදියට කටයුතු කරනවා. මගේ අම්මා ගෘහණියක්. මගේ තාත්තා ගුරුවරයෙක්. නමුත් දැන් තාත්තා ජීවතුන් අතර නැහැ. මගේ එකම සහෝදරයා මේ වෙද්දී ජිවත් වෙන්නේ අමෙරිකාවේ.

මම වෘත්තියෙන් ඉංජිනේරු අංශයට සම්බන්ධ රැකියාවක නිරත වෙනවා. ඊට අමතරව මේ දිනවල මම උපාධියක් සදහා සූදානම් වෙනවා. මම කලා කටයුතුවලට දායක වන්නේ රැකියාව කරන අතරතුර විනෝදාංශයක් විදියට. පාසල් යන අවදියේ පටන් මම කලාවට බොහොම ළැදියි. සාමාන්‍ය පෙළ දක්වා නාට්‍ය හා රංග කලාව විෂයක් විදියට ඉගෙන ගත්තා. පාසල් නාට්‍යවලට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේම පාසල් කාලයේ සිට නිවේදන කටයුතු වලට සහ ක්‍රීඩා අංශය සදහා විශේෂ දක්ෂතා පෙන්නුම් කළා.

මුලින්ම කලාවට සම්බන්ධ වෙන්නේ “යං“ ටෙලි නාට්‍යය හරහා. දැනට ටෙලි නිර්මාණ කීපයකට සම්බන්ධ වෙලා තියෙනවා. ඊට අමතරව වෙළෙද දැන්වීම් සහ මෝස්තර නිරූපිකාවක් විදියටත් නිර්මාණ කීපයකට සම්බන්ධ වුණා. මේ වෙද්දී කලාවට සම්බන්ධ වෙලා වසර පහක් පමණ වෙනවා. මම කරපු හැම චරිතයකටම වගේ එක හා සමාන ප්‍රතිචාර ලැබිලා තියෙනවා. ඉදිරියටත් අලුත් නිර්මාණ කිහිපයක් එන්න තියෙනවා. නමුත් රටේ පවතින තත්ත්වයත් එක්ක කලා කටයුතුවල පොඩි පසුබෑමක් තිබෙනවා.

මට මේ වෙද්දී සිනමාවටත් ඇරයුම් ලැබිලා තියෙනවා. මට ගැළපෙන සුදුසු චරිත තෝරා බේරා ගෙන කරන්න තමයි මම අදහස් කරගෙන ඉන්නේ. විශේෂයෙන් මම කැමතියි ගැමි චරිතවලට.

මම අවුරුදු හතරක සිට හෙළ අංගම්පොර සටන් කලාව සහ යෝග භාවනා ප්‍රගුණ කරනවා. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන මම ශාස්ත්‍රය හැදෑරුවේ “මරුවල්ලිය“ අංගම්පොර සටන් කලාවේ රාජ්‍ය අංගම්පොර ශිල්පී “වාගීෂ බන්ඩාර“ ගුරුතුමා යටතේ. හෙළ අංගම්පොර සටන් කලාව ප්‍රගුණ කිරීම තුළින් මගේ ජිවිතේට ලැබුණු දේවල් බොහොමයි. ඒ දේවල් අතර ඉවසීම, ශක්ති සම්පන්නභාවය සහ භාවනා කිරීම, ප්‍රාණයාම සහ යෝග ආසන කිරීම තුළින් දෙයක් වෙන්න කලින් දැනීම පවා මට මේ තුළින් ජීවිතේට ලැබුණු දේවල් අතර විශේෂ වෙනවා.

කාන්තාවන්ට අංගම්පොර සටන් කලාව සහ යෝගාආසන භාවනා පිළිබඳව විශ්වජ වින්තර සටන් කලායතනය තුළින් මේ වෙද්දීත් මා සතු මගේ දැනුම බෙදා දෙමින් ඉන්නවා.

ජිවිතේ අමතක නොවන මතකයන් ගැන කියනවා නම් 2020 Mrs Sri lanka for Mrs world තරගාවලියේ Talent Round එක සඳහා මම හෙළ අංගම්පොර කලාවේ නිර්මාණයක් වූ ගිනි වේලායුධය හරඹ කරද්දී නොසිතූ ලෙස ගිනි වේලායුධය තුළ ලොකු ගින්දර ජාලාවක් දැල්වෙනවා. ඒ වෙලාවේ විනිසුරුවරුන් සහ ප්‍රේක්ෂකයින් බය වෙලා කෑ ගහනවා. නමුත් මම ආයුධය අත්නොහැර මම සිතූ ලෙසම තරගය නිමකරනවා. ඒ දවස නම් මට අමතක නොවන සිදුවීමක් ජීවිතේට එකතු කරපු දවසක්.

නිරූපණ ක්ෂේත්‍රයේ මගේ ගුරුවරුන් වන්නේ රුක්මාල් සේනානායක සහ Brian Kerkoven ඒ දෙන්නවත් මේ මොහොතේ මතක් කරන්නම ඕනේ. අනාගත බලාපොරොත්තු අතර තියෙන දෙයක් තමයි කවදා හරි ජාත්‍යාන්තර මට්ටමින් නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉහළට යන එක.

 අනුෂා රණසිංහ

Comments