
ලංකාව කියන්නේ ඉතාමත් ලස්සන සුන්දර රටක්. හොඳ මිනිසුන් ඉන්න රටක්. එකිනෙකාට හැමෝම හරිම සුහදශීලියි. මම හරිම කැමතියි ඒ සමාජශීලි භාවයට.
පෝස්ටර්” තෙළිඟු චිත්‍ර-පටයෙන් ඉන්දිය සිනමාවට අවතිර්ණ වු ඇය දක්ෂ නිරුපණ ශිල්පිනියක්ද වේ. Second Show ද්වි භාෂා (සිංහල සහ දමිළ) සිනමා පටයෙන් ලාංකිය ප්‍රෙක්ෂකයන් වැලඳ ගන්නා ඇය නමින් අක්ෂතා සොනාවනේ යි. පසුගියදා Second Show සිනමා පටයේ තිරගවිමේ ආරාධිත ශිල්පිණිය ලෙස පැමිණි මොහොතේ රසඳුන සමඟ කළ පිළිසදරයි මේ.
අක්ෂතා කොහොමද කලා ක්ෂේත්‍රයට එන්නේ?
මගේ ජිවිතේ සුන්දරම කාලෙන් පස්සේ (ඒ කියන්නේ පාසල් කාලෙන් පස්සේ) එනම් දෙදහස් දාහතේ වසරේ දී MTV Splitsvilla (Season 10) රියැලිටි වැඩසටහනට සහභාගී වුණා. ඒ රියැලිටි වැඩසටහන අවසානයේදී මට මගේ ජිවිතයේ සිහිනයක්ව පැවති සිනමා නිළියක් විම යන්නට මඟ පැදෙනවා. තෙළිඟු චිත්‍රපට සමාගමකින් මට ආරාධනාවක් ලැබෙනවා ඒ අයගේ නවතම තෙළිඟු සිනමා නිර්මාණයකට සම්බන්ධ වෙන්න කියලා. ඒදා මට දැණුනු සතුට කියලා නිමකරන්න බැ. ඒ විදියට තමයි මම කොලිවුඩ් සිනමාවට එන්නේ. මගේ මුල්ම (තෙළිඟු) චිත්‍රපටය පෝස්ටර්. ඊට පස්සේ මම නිර්මාණ කිහිපයකටම සම්බන්ධ වුණා. Ksheera Sagara Madhanam චිත්‍රපටයට රංගනයෙන් දායක වුණා. තව නිර්මාණ දෙකකට ආරාධනා ඇවිත් තියෙනවා. ඒ වගේම මේ වෙද්දී T series, Zee music, White Hill Music, Ashish Chanchlani සංගීත ලේබල යටතේ නිර්මාණය වුණු ගීත වල වීඩියෝපට සඳහා ද දායක වී තිබෙනවා. මේ ඉන්න කාලය තුළ තමා Second Show චිත්‍රපටයට අවස්ථාව ලැබෙන්නේ. කොලිවුඩ් චිත්‍රපට වලට සම්බන්ධ වුණාට පස්සේ මට අජ්මල් හඳුනා ගන්න ලැබුණා. අජ්මල් තමයි මාව Second Show චිත්‍රපටයේ අධ්‍යක්ෂතුමාට සහ නිෂ්පාදන සමාගමට මාව හඳුන්වා දෙන්නේ. ඊට පස්සේ ඒ අය මගේ ප්‍රොෆයිල් එක බලලා තමයි මාව Second Show චිත්‍රපටයේ රෝෂණී කියන චරිතයට තෝරා ගත්තේ.
*Second Show ද්වි භාෂා චිත්‍රපටයක් (සිංහල සහ දමිළ) ඒ අත්දැකීම කොහොමද දැනුණේ?
Second Show මගේ පළවෙනි සිංහල චිත්‍රපටය. ද්විභාෂා චිත්‍රපටයක් නිසා ඒ තුළින් මම ලැබූ අත්දැකීම සුවිශේෂියි. භාෂා දෙකකින් රුප ගත කරන නිසා එකම සිදුවීම දෙපාරක් රූපගත කළා. භාෂා දෙකෙන්ම නිසා තරමක් අසිරු තාවයන්ටද මුණ දුන්නා. නමුත් ඒ අත්දැකීම් ජිවිතයට ගොඩක් වටිනවා. එය මට ඇත්තටම අභියෝගාත්මක දෙයක්. Second Show සිනමා පටයෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒ නිසා කවදාවත් මට අමතක නොවන අත්දැකීමක් ජීවිතේට එකතු කරගන්නට අවස්ථාවක් ලැබුණා. මම මෙය අවස්ථාවක් කර ගන්නවා ශ්‍රී ලංකාවේ රසඳුන පුවත්පතේ පළවන මගේ විස්තරය අපේ නිෂ්පාදක ගනේෂ් මහදේවන් සහ සම නිෂ්පාදිකා කෞශල්‍යා වික්‍රමසිංහ අධ්‍යක්ෂක ඒ. ටී. ඥානම්, ඇතුළුව Second Show චිත්‍රපටයේ මා එක්ක රංගනයෙන් දායක වුණු සියලු දෙනාම ආදරෙන් මතක් කරන්න. මට දුන්න සහයෝගයට
ලන්ඩන් වල මාසයක් පුරාවට ගෙවපු දින ගණන අමතක නොවන මතකයන් ඇති?
Second Show චිත්‍රපටයේ රෝෂණීට ඇත්තටම සුන්දර කාලයක්. අපි හැමෝම එකට මුණගැහුණේ ලන්ඩන් වලදී. මම සහ මගේ වේශ නිරුපණ ශිල්පියා එක්ක රුපගත කිරිමෙන් පස්සේ ඒ කියන්නේ රෝෂනීගේ චරිතයෙන් මිදිලා ලන්ඩන් සිටි එකේ ඇවිදින්න ගිහින් විනෝද වුණා. ගොඩක් වෙලාවට දවල් කාලයේ රුපගත කිරිම් තිබ්බ නිසා සවස් කාලයේ තමයි අපි ලන්ඩන් නගරයේ ඇවිදින්න ගියේ. මේ ගමන හරියට මල් වරුෂාවන් වගේ ඒතරම්ම සුන්දරයි .
ඔබ සමඟ රංගනයේ යෙදුන නළුවන් හා Second Show චිත්‍රපටයට රංගනයේ යෙදුන හේමාල් ගැන කොහොමද දැනෙන්නේ?
හේමාල් කියන්නේ මම දැකපු හොඳ වෘත්තීය රංගන රංගන ශිල්පියෙක්. මට රඟපාන්න ලැබුණේ අජ්මල් අමීර් එක්ක. ඒ නිසා ස්ක්‍රීන් එකේ එකම දර්ශන තලයේ අපිට වැඩියම රඟපාන්න ලැබුණේ නැහැ. චිත්‍රපටයේ නම් හේමාල් රඟපෑවේ පල්ලවී සුභාෂ් එක්ක. සාමුහිකව ඉන්න රූප රාමු වල පමණයි හේමාල් සහ මම හිටියේ. එයාට ලැබුණු චරිතයට උපරිම සාධාරණය ඉෂ්ට කරන්න කැපවුණු කෙනෙක්. කොහොමත් හේමාල් දර්ශන තලයේදී වැඩිය කා එක්කවත් කතා කරේ නැහැ. දර්ශනතලයෙන් පිටතදී තමයි හේමාල් එක්ක කතා කරන්න අවස්ථාව ලැබුණේ. හේමාල් අවංක කෙනෙක්. අපේ අය සිංහල භෂාව කතාකරන්න දැනගෙන හිටියේ නැහැ. ඔහු අප සියලු දෙනාට උදවු කළා සිංහල භාෂා හැසිර විම පිළිබඳව
ආදරය ගැන මොකද හිතෙන්නේ?
ආදරය ලැබෙන ඕනැම කෙනකුට ආදරය සුන්දරයි. ඒ ආදරය හරියට ලැබේනවා නම් විතරයි. අද හමුවෙලා හෙට යනවා නම් එතන ආදරයක් නැ. එතැන තියෙන්නේ රාගය පමණයි.
ඔබ මීට පෙරත් ලංකාවට ඇවිත් තියෙනවා නේද?
මම මිට අවුරුදු හතරකට කලින් ඇවිත් තියෙනවා. ලංකාව කියන්නේ ඉතාමත් ලස්සන සුන්දර රටක්. හොඳ මිනිසුන් ඉන්න රටක්. එකිනෙකාට හැමෝම හරිම සුහදශීලියි. මම හරිම කැමතියි ඒ සමාජසිලි භාවයට. ඒ වගේම තියෙන උද්භිත උද්‍යාන වල බලන්න තියන දේවල් පොතක් කියවනවාට වැඩි දැනුමක් ලබන්න පුළුවන්. සෆාරි උද්ද්‍යාන හරිම විනොදජනකයි. යාල සෆාරි උද්ද්‍යානයට ගිහින් තියෙනවා. ඒවා මගේ ජිවිතේ සුන්දර මතකයන්. අම්මයි, තාත්තයි, මල්ලිත් එක්ක මාසයක් විතර ලංකාවේ ඉඳලා යන්න හිතාගෙන ආයෙත් එනවා.
ලාංකීය සිනමා ලෝලින්ගෙන් මොන වගේ ප්‍රතිචාරයක් ද ලැබුණේ?
ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂක ජනතාවට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මම ශ්‍රී ලංකාවට ආව දවසේ ඉඳන් ඉතාම හොඳින් ආදරෙන් ළෙන්ගතුව පිළිගැනීමක් මට ලැබුණා. විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා කෞශල්‍යා වික්‍රමසිංහ සමනිෂ්පාදිකාවට. මෙවැනි නිර්මාණයකට සම්බන්ධ කරගැනීම ගැන සහ ලංකාවට ඇවිත් ප්‍රේක්ෂක ජනතාව එක්ක මේ ආදරය බෙදාගන්නට සැලැස්වීම සම්බන්ධව. සිංහල සහ දෙමළ සිනමා ලෝලින්ට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ Second Show දමිළ හා සිංහල චිත්‍රපට ද්විත්වයම බලන්න කියලා මම ආදරෙන් ආරාධනා කරනවා. නැවත මේ ලස්සන රටට ඇවිත් යන්න එනවා. මගේ රංගනය බලා මා අගයන සියලු දෙනාට මං ආදරෙයි.