
ඔබ මගේ වේවා නාට්‍යය වෙනුවෙන් අපි තේමා ගීතයක් නිර්මාණය කරලා තියෙනවා. "හංගා තිබිච්ච ..." එයත් මේ දවස් වල අතිශය ජනප්‍රිය ගීතයක්. ඒ ගීතය ලිව්වෙත් මමයි. සංගීතය උදාර සමරවීර. ගීතය ගායනා කරන්නේ මංජුලා දිල්රුක්ෂි සහ මංජුල පුෂ්පකුමාර.
ගුවන්විදුලිය හඩ ආත්මය කරගත් මාධ්‍යයක් නිසාම ගුවන්විදුලි නාට්‍යයට ද හිමි වුයේ සුවිශේෂී ස්ථානයක්. අද දවසේ මේ කතාබහ වත්මනේ ඔබට මට අහන්න ලැබෙන ගුවන්විදුලිය නාට්‍යයක් ගැන. ඒ සතියේ දිනවල දවල් 1.00 සිට සවස 3.00 දක්වා ශ්‍රී FM අහන අයට ඇහෙන "ඔබ මගේ වේවා" නාට්‍යයේ රචක සහ අධ්‍යක්ෂක සමඟ. ඔහු නමින් අංජුල ප්‍රියන්ත මනම්පේරි.
“මම කලක් සුවඳ, වන්දනා, ඈ, බිරිඳ කියන පත්තර වල ප්‍රධාන කර්තෘ සහ උප කර්තෘ විදියට සේවය කළා. මේ වෙද්දී ශ්‍රී එෆ්. එම් ගුවන්විදුලියේ නාට්‍ය අංශයයේ ප්‍රධානියා හැටියටයි සේවය කරන්නේ. ඊට අමතරව මම නවකතා පොත් ලියන කෙනෙක්. ශ්‍රී FM හි සාගරේ සේ ආදරේ, නිම්සාරා, එක හදවතක කතාවක්, අහස සේ ඔබ අනන්තයි සහ කණාමැදිරි රාත්‍රිය යනාදි ජනප්‍රිය ගුවන්විදුලි නාට්‍යවල පිටපත් මගේ අතින් රචනා වෙලා තියෙනවා.
මගේ අලුත්ම ගුවන්විදුලි නාට්‍යය "ඔබ මගේ වේවා". මේ ගුවන්විදුලි නාට්‍යය පටන් අරගෙන සති දෙකක වගේ කාලයක් වෙන්නේ. නමුත් ශ්‍රී FM හි ගුවන්විදුලි නාට්‍යය කියන කලා මාධ්‍යයට සෑහෙන දිගු ඉතිහාසයක් තියෙනවා. "සාගරේ සේ ආදරේ" නාට්‍යය. වසර 9ක් තිස්සේ අඛණ්ඩව ගුවන්විදුලි නාලිකාවක ප්‍රචාරය වූ නාට්‍යය. ඒ නාට්‍යය තුළින් තමයි දහවල් කාලයේ ගුවන්විදුලි නාලිකාවක රේඩියෝ නාට්‍යයක් පටන් ගත්තේ. ඒක තමා දිනපතා ප්‍රචාරය වූ ලංකාවේ දීර්ඝතම ගුවන්විදුලි නාට්‍යය. ඊට පස්සේ "නිම්සාරා" කියන නාට්‍යය අපි පටන් ගත්තා. ඒක අවුරුදු තුනක් ප්‍රචාරය වුණා. ඒක නතර වුණාම තමයි දැන් මේ ප්‍රචාරය වන "ඔබ මගේවේවා" නාට්‍යය පටන් ගත්තේ.
ශ්‍රී FM අහන වැඩිම පිරිසක් එකතු වෙලා ඉන්නේ අපි මේ නාට්‍යය කරන 1.00 - 3.00 ගුවන් කාලයට. ඒ නිසා ඒ ශ්‍රාවකයින් අපෙන් බලාපොරොත්තු වෙන්නේ ගුවන්විදුලි නාට්‍යයක්මයි. ඒ නිසා අපි හිතුවේ මේ රටේ තියෙන වත්මන් කාලයට ගැලපෙන විදියට කතාවක් ශ්‍රාවකයින්ට සමීප කරන්න. අපේ ඉලක්කගත ශ්‍රාවකයින්ගේ වයස් පරාසය වෙන්නේ අවුරුදු 17 -65 දක්වා
"ඔබ මගේ වේවා" නාට්‍යය තුළ අන්තර්ගත වෙන්නෙත් ප්‍රේමය ගැන. කලින් නිර්මාණය වුණු "සාගරේ සේ ආදරේ" නාට්‍යය සහ "නිම්සාරා" කියන නාට්‍යය තුළ පවා අන්තර්ගත වුණේ ප්‍රේමය. නමුත් ප්‍රේමය සමඟ අද රටේ පවතින ඇත්ත තත්වය මේ කතාව ඇතුළේ නිර්මාණය වෙනවා. මිනිසුන්ගේ ආර්ථික අපසුතා ඇතුළේ පවුල් සංස්ථාවක් තුළ ඇතිවන ප්‍රේම කතාවක්.
අපි, අපේ ගුවන්විදුලි නාට්‍යය සඳහා හඬ ශිල්පින් යොදා ගැනීමේදී පවා ඉතා සැලකිලිමත් වෙනවා. ඒ නිසා අපි හැමවිටම සම්බන්ධ කරගන්නේ ප්‍රවීණ තරුණ හඬ ශිල්පින්ව. තාරුණ්‍යය ඉලක්ක කරගෙන යන කතාවක් නිසා මේ නාට්‍යය තුළ තරුණ චරිත වැඩියි. තවම අපි කතාව පටන් අරගෙන සති දෙකක් වගේ කෙටි කාලයක් වුණාට දැනටමත් ලොකු රසික පිරිසක් එකතුවෙලා ඉන්නවා. ඒ නිසා දිනෙන් දින එකතුවන ප්‍රතිචාර ඉතාම හොඳයි. ඉස්සර ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රචාරය වූ මොණරතැන්න, මුවන්පැලැස්ස වගේ නාට්‍යය වලින් පසුව පෞද්ගලික ගුවන්විදුලි නාලිකාවක් තුළින් වැඩිම කාලයක් ගුවන්විදුලි නාට්‍යය සඳහා ඉඩක්වෙන් කළේ ශ්‍රී FM. ඒ නිසා කණාමැදිරි රාත්‍රිය, සාගරේ සේ ආදරේ නාට්‍යය අතිශය ජනප්‍රිය වුණා. රේඩියෝ නාට්‍යය කලාවේ වත්මන් ලකුණ හැටියට සලකන්නේ ශ්‍රී FM ගුවන්විදුලිය.
"ඔබ මගේ වේවා" නාට්‍යය ගැන වැඩි යමක් කියනවා නම් හිතට බරක් දැනෙන්නේ නැති සරල කතාවක්. ඒ නිසා කාටවත් අමුතුවෙන් හිත හිත ඉන්න ඕනේ නැහැ. කෙටියෙන්ම කියනවා නම් වින්දනාත්මක කතාවක්. ඒ නිසා වයස් බේදයකින් තොරව මේ නාට්‍යය වටා ප්‍රේක්ෂකයින් එකතු වෙලා ඉන්නවා. අපි උත්සහ කරන්නේ මේ කතාව අහන හැමකෙනාටම මේ මගේ ජිවිතේ නේද හිතෙන තරමට සමීප කරන්න. ඒ නිසා සමාජමය අතින් ආර්ථික අතින් හෝ ප්‍රේමය අතින් මේ මගේ කතාව නේද කියලා දැනෙන තැන් තියෙනවා. දහ දෙනෙක් ඇහුවොත් අඩුම අට දෙනෙක්වත් අනේ මේ මගේ කතාව නේද කියලා කියන කතාවක්.
අපිට මේ කතාව කොහෙටද අරන් යන්නේ කියන අරමුණ තියෙනවා. හැබැයි නාට්‍යයේ කාලය තීරණය කරන්නේ අපේ අසන්නන්. කොහොමත් ශ්‍රී FM ගුවන්විදුලිය කරපු නාට්‍යය බොහොමයක් අවුරුදු 5කට වැඩියෙන් ප්‍රචාරය වුණා. ඒ හැම කාලයකම වැඩිම පිරිසක් අහන නාට්‍යය හැටියට රේටින් පවා තියෙනවා. අසන්නා පිපාසිතයෙක් නම් ඒ පිපාසිතය නිවෙනකම් මේ කතාව ඒ අය ළඟ තියේවි.
"ඔබ මගේ වේවා" නාට්‍යය වෙනුවෙන් අපි තේමා ගීතයක් නිර්මාණය කරලා තියෙනවා. "හංගා තිබිච්ච ..." එයත් මේ දවස් වල අතිශය ජනප්‍රිය ගීතයක්. ඒ ගීතය ලිව්වෙ මමයි. සංගීතය උදාර සමරවීර. ගීතය ගායනා කරන්නේ මංජුලා දිල්රුක්ෂි සහ මංජුල පුෂ්පකුමාර. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ. අපේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී චන්දන තිලකරත්නයන් සහ ශ්‍රී FM කළමනාකරු වසන්ත කරුණාරත්නයන් ගෙන් ලැබෙන සහයෝගය. ඒ එක්කම ශ්‍රී FM හි නාට්‍යය ප්‍රචාරය වන 1.00 - 3.00 ගුවන් කාලය තුළ නිවේදිකාව විදියට කටයුතු කරන්නේ චාපා හේවාගම.“
දිගු කලක් තිස්සෙි ශ්‍රී FM නාලිකාව හා අත්වැල් බැඳගෙන නාට්‍ය නිෂ්පාදකයෙකු දෙස සේවය කරන අංජුල ප්‍රියන්ත මනම්පේරි සමුගන්නට පෙර අසන්නන්ට පැවැසුවේ මෙවැනි පණිවුඩයක්
“ මම කියන්නේ මේ කතාව අහන්න. අපි කවදාවත් සමාජයට අහිතකර දෙයක් අසන්නාට දෙන්නේ නැහැ. ජීවිතේට යමක් එකතු කර ගන්න පුළුවන් දෙයක් තමයි දෙන්නේ. ඒ නිසා "ඔබ මගේ වේවා" නාට්‍යය අහන්න එහි ගුණ දොස් අපිට කියන්න.