
කොළඹ නාගරික පරිසරයට වඩාත් හුරු වී හැදී වැඩුණු මොහු මූලික අධ්‍යාපනය ලබා ගත්තේය. කොළඹ ඉසිපතන විද්‍යාලයෙන් ඉගෙනුම ලැබු රංග විවිධ ක්‍රියාකාරකම් යටතේ තම නිසඟ දක්ෂතාවයන් ද පෙන්නුවේය. චමල් ප්‍රබෝධ රත්නායක මාතර තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා පසුව මාතර සාන්ත තෝමස් විදුහලට ඇතුළත් වූයේ ද මේ වකවානුවේදීමය. පාසලේ කැපී පෙනෙන චරිත අතර මොහුගේ නම උඩින්ම සටහන් කරන්නට කිසිම ගුරුවරයකු ද නොපසුබට විය. කෙසේ හෝ රංග හා චමල් දෙදෙනා මේ කොළොම්පුරයේදි හමු වුහ. නමුදු අද වන විට කවුරුත් ඔවුන්ව හඳුනන්නේ ජනා හා ප්‍රියා යන ආදර නාමයෙනි.
විඩාබර මොහොතක අන්තර්ජාලයේ සැරි සරණ විට මේ සුමිතුරන්නේ හාස්‍යජනක කතාවකින් මඳකට හෝ සිනා නොවුන කෙනෙක් සොයා ගන්නට නොහැකි තරම්.
“ජීවිතේ සුන්දරම කාලය තරුණ කාලයයි. තරුණ කාලේ අතේ සතේ නැතිව ඉන්නකොට අපිට මොකක් හරි කරන්න ඕන කියල හිතුණා. රංග ජයකොඩි නොහොත් “ජනා“සහ චමල් ප්‍රබෝධ රත්නායක “ප්‍රියා“ යන දෙදෙනාම හඬ අවදි කරමින් වැඩේට අවතීරණ විය. අපි දෙන්නා කවුරුත් හඳුන්වන්නේ ජනයි, ප්‍රියයි කියලා.
අපි මේ වැඩේ පටන් ගත්තේ මුහුණු පොතෙන්. අපේ මල්ලි කෙනෙක් තමයි යෝජනාව ගෙනාවේ, “අයියේ මේක අපි මුහුණු පොතේ පේජ් එකක් හැටියට පටන් ගමු“ කියලා. අපිත් මුලින් එහෙම කළා. ඉන් මාස හයකට පසුව තමයි යූ ටියුබි හරහා මේ වැඩෙට අපි අත ගහන්නේ. ඊට පස්සේ අපේ පළමුවැනි වීඩියෝ එක මුදා හැරියා.
පළවැනි නිර්මාණය තමයි, ‘පර්ස් එක‘ වීඩියෝව. ඒක එච්චරම ජනප්‍රියත්වයට පත් වුණේ නෑ. හැබැයි, මිනිස්සු වැළඳගත්තේ අපේ ‘කිරි කිරි‘ කියන වීඩියෝ එකයි. අපේ මුල්ම නිර්මාණය ලක්ෂයකට අධික පිරිසක් නැරඹුවා. එතැනින් අපි දෙන්නා ගොඩක් සතුටු වුණා. අපි දෙන්නා ඉස්සෙල්ලම කරන්න පටන් ගත්තෙ විනෝදයටයි.“
ප්‍රියා හඬ අවදි කරමින් කියන්නට පටන් ගත්තේ,
දියුණු වෙන්න කොළඹ එන්න ඕන කියලා හිතපු චමල්, ග්‍රැෆික් ඩිසයිනින් පාඨමාලාවක් සඳහා 2004 වසරේ මාතර අකුරැස්ස, පරදුව ඉදන් කොළඹ පැමිණියේය. මේ අතරතුර රැකියාවල් 14ක් පමණ කරන්නට චමල්ට සිදු විය.
“කොළඹ ආපු මම ජීවත් වෙන්න විවිධ ක්‍රම හෙව්වා. මම විතරක් නෙමෙයි, ජනයි ප්‍රියයි දෙන්නම. අවුරුදු තුනක් විතර මේ විදියට අපි දෙන්නාම පුදුම ‘කට්ටක්‘ කැවා. සිරස ටී. වී සහ ස්වාධීන රූපවාහිනියේ මම සංස්කරණ ශිල්පියකු ලෙසට සම්බන්ධ වුණා. එතැනින් පස්සේ, මම වෙළෙඳ දැන්වීම් කලාවට තියෙන ආසාව නිසාම වෙළඳ දැන්වීම් සම්බන්ධ ආයතනයකට බැඳෙනවා. එතැනදි තමයි, අපි දෙන්නා හරියටම ‘ෆිට්‘ වෙන්නේ. දැන් අපේ මේ වැඩේ වෘත්තීය වෙලා ඉවරයි.“ එහෙම කියන්නේ ජනා
“අද වන විට අපේ ග්රාහකයෝ ලක්ෂ දහයක් විතර පැනලා ඉන්නවා. අපිට හෙට උදේ වෙනකොට කිව්වොත් අපි මේ you tube නාළිකාවෙන් අයින් වෙනවා කියලා අපේ ග්රාහකයන් ලක්ෂ 10 ම නැති වෙන්න පුළුවන්. එතකොට අපේ නළුකමත් ඉවරයි අපේ ජනයි, ප්‍රියයි කියන නම් දෙකත් ඉවරයි. මේ තුළ අපිට ලොකු වගකීමක් තියෙනවා. අපි අද වෙන කොට ලබාගෙන තියෙන තැන පරිස්සම් කරගන්න“ ප්‍රියා කියන්නේ එහෙමයි.
“අපි දෙන්නා හැම වෙලේම කතා කරන්නේ ඊළඟ සතියෙ කරන කතාවේ අරමුණ, නැත්තම් සාරාංශය මොකද්ද කියලා විතරමයි. ජනාගේ නම්බරේ තමයි අපේ youtube එකේ තියෙන්නේ. අපි දෙන්නා මේ අවුරුදු හය තුළම මේ වැඩේ විතරයි නිරතවෙලා හිටියෙ. youtube නරඹන ප්‍රේක්ෂකයෝ නිසා අපි සාර්ථක වුණා. අපි මේ වෙනකන් රුපියලක්වත් වියදම් කරලා නෑ මේ වැඩේට.“ එහෙ කියන්නේ ජනා.
ටෙලි නාට්‍ය සහාය අධ්යක්ෂ ලෙස වසර අටක් පමණ වැඩ කළත් රූපවාහිනියට මගේ මුහුණ පෙන්නන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒත් අද වෙනකොට අපි දෙන්නටම මේ අවස්ථාව ලැබුණා. ඇත්තටම ගොඩක් සතුටුයි. ජනයි ප්‍රියයි කියන brand එක ඇතුළේ තරුණ තරුණියන්ගේ මුදලින් එකතු කරල ගන්න ඩේටා කාඩ් එක නිසයි අපට රඳා පැවැත්ම තියෙන්නේ. “ ජීවිතයේ පැමිණි ගමන් මඟ දෙස ආපසු හැරි බලමින් ප්‍රියා පවසන්නේ සතුටිනි.
“මම සිනමා නළුවෙකු වුණේ අහම්බෙන්. ගිරිරාජ් කෞශල්‍ය නිසා තමයි මට එකත් ලැබුණේ. කතුරු මිතුරු නාට්‍යයට ගිරා අයියට ඕන වෙලා තිබුණා උස කෙනෙක්ව. මගේ උස මට සමහර වෙලාවට ප්‍රශ්නයක්. උස නිසා ලැබුණු එකම දේ ඒක විතරයි. ජනා එසේ පැවැසුවේ මෙතෙක් පැමිණි ගමනේදී තමන් දෙන්නාට උදව් කළ සැම සිහිපත් කරමිනි.