අවුරුදු 4ක් තිස්සේ ආශ්‍රය කරනවා ශනුද්‍රි බඳින කෙනා හරිම වාසනාවන්තයි | සිළුමිණ

අවුරුදු 4ක් තිස්සේ ආශ්‍රය කරනවා ශනුද්‍රි බඳින කෙනා හරිම වාසනාවන්තයි

“මගේ මුල් ගීතය අහලා එයා මට එස් එම් එස් එකක් එවලා තිබ්බා, සින්දුව ලස්සනයි කියලා, ඒ විදිහට තමයි හිතවත් වුණේ…” - හැමොම කතා කරන දිනේෂ්ගේ පෙම්වතිය සුරූපී නිළියක්ද

දිනේෂ් ගමගේ කියන්නේ තාරුණ්‍යයේ හිත ගත්ත තරුණ ගායකයෙක්. තම රසා, වෙරළු මල් වගේ අතිශය ජනප්‍රිය ගීත ගායනා කරන ඔහු දක්ශ සංගීත

නිර්මාපකයෙක්. ජනප්‍රිය ගීත රැසකම සංංගීත නිර්මාණය කළ ඔහු ගැන මේ දිනවල කතාබහක් ඇති වෙලා. ඒ කලා පරපුරක නියෝජනයක් වූ ශනුද්‍රිගේ පෙම්වතා ඔහු කියලා. මේ කතාව ඇත්තද කියලා දැන ගන්න වගේම ඔහුගේ නිර්මාණ ගැන දැන ගන්න අපි ඔහුත් එක්ක කතා කළා. මේ ඒ කතාබහ ගැනයි.

දිනේෂ්ගේ සංගීත ගමන ආරම්භ වෙන්නේ 2016 වර්ෂයේ, නමුත් ඔබ අතිශය ජනප්‍රිය වෙන්නේ මෑතකදී..?

තම රසා ගීතය තමයි මගේ පළමු ගීතය. මේ ගීතය ඒ කාලේ ජනප්‍රිය වුණා. මෑතකදී බොහෝ දෙනෙක් කතා කරන්න පටන් ගත්තේ වෙරළු මල් ගීතය. දැන් වැඩි ප්‍රතිචාර ලැබෙනවා.

ඒ වගේම ශශිකා නිසංසලා හා සමිතා මුදුන්කොටුව එක්ක ගිත දෙකක් කළා . යුග ගායනය. ඒ ගීත දෙකත් ළඟදීම එළිදක්වනවා.

අපේ රටේ තියෙන ආර්ථික ප්‍රශ්න එක්ක ගිත නිර්මාණය කිරීම කොයි තරම් දුරට සාර්ථක ද, යූටියුබ් ඔස්සේ ඔය කියන විදිහට මාර විදිහට හම්බ කරන්න පුළුවන් ද..?

ඇතැම් අය කියන විදිහට මාර විදිහට හම්බ කරන්න බැහැ. නමුත් ඉස්සර අපේ ගීත රූපවාහිනී චැනල්වලින් පවා ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. ප්‍රචාරය කරන්න මුදල් ඉල්ලලා තියෙනවා. එහෙම පසුබිමක අපේ දක්ෂතා එළියට දාන්න හොඳ තැනක් තමයි ඩිජිටල් ෆ්ලැට් ෆෝම් එක. සමාජයේ පිරිසට තියෙන ආර්ථික ප්‍රශ්න මටත් තියෙනවා රටේ ප්‍රශ්න එක්ක. එක දිගට ඒ ප්‍රශ්න කලාකරුවන්ට බලපෑවා. ඉස්සර තරම් සංගීත ප්‍රසංග නැහැ. නමුත් සාර්ථක විදිහට නිර්මාණ ජනතාව අතරට ගියා කියන්න පුළුවන්. කොහොම හරි ගොඩ යන්න තමයි උත්සාහ කරන්නේ.

මොන ප්‍රශ්න තිබ්බත් මේ දිනවල ආදරේ නම් සුන්දර විදිහට විඳිනවා කියලා ආරංචියි..?

මම ආදරේ විඳින්නේ කාලයක් තිස්සේ ඉඳලා. ආදරෙ සුන්දරයි.

පෙම්වතිය කලාපරපුරක කෙනෙක්. ඇය එක්ක විවාහ වෙන්න සූදානම් කියලයි අපි නම් දන්නේ..?

කවුද එහෙම කියන්නේ. මම නම් දන්නේ නැහැ. ආරංචි වෙන හැමදේම ඇත්ත නෙමෙයි නේ. ගොඩක් කොල්ලෝ විවාහයට කැමති නැහැ නේ. මම නම් එහෙම නැහැ. මම ආසයි විවාහ වෙලා ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න. බලමු ඒ බලාපොරොත්තු ව හරි යයිද කියලා.

එතකොට හොඳම යාළුවා කවුද..?

හොඳම යාළුවා ශනුද්‍රි ප්‍රියසාද්.

ඒ යාළුකමට අවුරුදු කීයද..?

දැන් අවුරුදු 4ක් වෙනවා. මගේ තම රසා ගීතය විකාශය වුණාට පස්සේ එයා මට එස් එම් එස් එකක් එවලා ප්‍රතිචාර දක්වලා තිබ්බා. සිංදුව ලස්සනයි කියලා. එදා ඉදලා අද වෙනකල් අපේ යාළුකම තියෙනවා.

වැහිබිඳු ගීතයේ රූප රචනයට ඇයව ගත්තේ ගීතය ඇය හරහා මාකට් කරන්නද..? එහෙම නැත්නම් ඔයා වැඩිපුරම ආදරෙ කරන කෙනා නිසාද..?

තිසර ඉඹුලාන එක්ක එකතු වෙලා මම ඒ ගීතය කළේ. ගීතයේ රූපයට ගැළපෙන්නේ දමිළ විලාසිතා හොඳට ගැළපෙන ඒ වගේ පෙනුමක් තියෙන කෙනෙක්ව. අපි දෙන්නට මුලින්ම මතක් වුණේ ශනුද්‍රි ව. එයත් කැමති වුණා වැඩේට. එයා නිසා මම මාකට් වෙන්න හිතුවෙ නැහැ . මගේ හොඳම යාළුවා නිසා එයා වැඩේට කැමති වුණා. ඒකයි වුණේ.

හොඳම යාළුවා එක්ක විවාහ වෙන්න තියෙනවා නම් නේද ..? ඔයා එයාගේ පෙනුමටත් කැමති කෙනෙක් නේ..?

මම වැඩිපුර ආශ්‍රය කරන්නේ දමිළ යාළුවෝ. ඒ නිසා දමිළ පෙනුමක් තියෙන කෙනෙක් ට මගේ ඇල්ම වැඩියි. ඒ කොහොම වුණත් ඔය ප්‍රශ්නයට මම මෙහෙම උත්තරයක් දෙන්නම්. ශනුද්‍රිගේ ගතිගුණ හරිම හොඳයි. එයා වගේ හොඳ කෙනෙක් ව විවාහ කරගන්න තියෙනවා නම් එයා විවාහ වෙන කෙනා හරිම වාසනාවන්තයි.

ඔය තරම් යාළුකමක් තියෙන ශනුද්‍රි ඔයාගේ හොඳ නරක වැඩිපුර දකිනවත් ඇති, එයා වරදක් පෙන්නලා දුන්නොත් හදාගන්නවද..?

ගොඩක්ම හිතවත් අය හොඳට වඩා නරකනේ පෙන්නලා දෙන්නෙ. එයත් එහෙමයි. නමුත් පෙන්නලා දෙන නරක දේ මට නරක දෙයක් කියලා දැනුණොත් මම හදාගන්නවා.

එයාටත් ළයාන්විත කටහඬක් තියෙනවා, ළඟදිම දෙන්නා යුග ගායනයකට සම්බන්ධ වෙයිද?

තවම මම නම් හිතලා නැහැ . අවස්ථාව ක් ලැබුණොත් කරනවා.

ඔබේ උපන් දිනය යෙදි තිබෙන්නේ මේ ලබන මාසේ 27, එදාට ජිවිතේ ලොකු වෙනසක් වෙනවා නේද ?

ඔව්. මගේ ඇල්බම් එක රිලිස් කරනවා. එදාට වෙරළු මල් ගිතයේ ටැමිල් වර්ශන් එක එළියට දානවා. ඒක මට විශේෂ යි.

ඔබ ටීවී චැනල්වලින් ප්‍රතික්ෂේප වුණාට සමාජ මාධ්‍යෙවලින් ප්‍රතික්ෂේප වෙලා නැහැ නේ..?

කොහෙත්ම නැහැ . සියලු ම සෝෂල් මීඩීයාවලින් මගේ සංගීත ජිවිතේට හයියක් වුණා මිසක්. එයින් විශාල ප්‍රතිචාරයක් ලැබෙනවා. ඒ වගේම කියන්න ඕන එක චැනල් එකකින් මගේ ගීත ප්‍රතික්ෂේප කරලා ඒ ගීත අතිශය ජනප්‍රිය වුණාට පස්සේ එයාලගේ ගීත ලැයිස්තුවට ඇතුළත් කළා. ඒ චාට් ෂෝ එකේ මුල් ගීත තුනම මගේ ඒවා වුණා. ප්‍රතික්ෂේප කරපු අයටම මාව ඕන වුණා.

 

Comments