
" සඳසාවී තනිවෙලා
ඈත අහස් විමනේ
දෙනෝදහක් මුරකාවල් අතරේ..
දෙනෝදහක් තරු මුරකාවල් අතරේ
සඳසාවී තනිවෙලා..."
තනිවූ තාරකාවියක් ගැන සිහින් හඬින් ගයන සංගීත ලොව තාරකාවක් වීමට සිහින දකින ඇය නවක ගායන ශිල්පිනී ගමගේ දොන් තරුෂි තමාෂා.
කොහොමද "සඳසාවී"ගීතය නිර්මාණය උණේ.?
අප්‍රේල් හය වෙනිදාට යෙදී තිබුණ එඩ්වඩ් ජයකොඩි සර්ගෙ උපන්දිනය වෙනුවෙන් චරිතා මිස්ගෙ උනන්දුවෙන් තමයි මේ ගීතය නිර්මාණය කළේ. මේ ගීතය ඇතුළු ගීත තිහක් විතර නිර්මාණය කෙරුණා. එඩ්වඩ් චරිතා මියුසික් ඇකඩමි යූ ටියුබ් නාළිකාව එළිදැක්වුණෙත් අප්‍රේල් හයවෙනිදා. මේ සින්දුව ලිව්වෙ ඉන්ද්‍රප්‍රිය උදිත කුමාර. ඔහු පාසල් සිංහල ආචාර්යවරයෙක්. සංගීතවත් කළේ එඩ්වඩ් සර්.
මුලින්ම ගීතයක් ගායනා කළේ කොයි කාලෙද?
මම පාසල් ගියේ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයට. 10 වසරෙ ඉගෙන ගන්න කාලෙ දවසක් අපේ ගෙදර අය සහ නෑදෑයො හෝටලයකට ගිහිල්ලා එකතු වෙලා හිටපු වෙලාවේ තමයි මම මුලින්ම සින්දුවක් කිව්වේ.
එතකොට ගීත ගයන්න යොමු වුණේ?
මම උසස් පෙළ හැදෑරුවේ කලා අංශ විෂය ධාරාවෙන්. පාසලේ දි උඩරට නර්තනය හැදෑරුවා. ඒ වගේම තමයි සමස්ත ලංකා දක්වාම නර්තන තරග වලට සහභාගි වෙලා ජයග්‍රහණ ලබාගෙන තියෙනවා.
පාසලේ දි නැටුම් වලදි මම කවි ගායනා කළා. ඒවා අහපු ගොඩක් අය කිව්වා මගේ හඬ ලස්සනයි ඒ නිසා සින්දු කියන්න පටන් ගන්න කියල. අම්මයි තාත්තයිත් කිව්වා සංගීතය ගැන හදාරලා කටහඬින් ප්‍රයෝජනයක් ගන්න කියලා.
සංගීතය හැදෑරන්න පටන් ගත්තෙ කොහොමද.?
2020 අවුරුද්දේ උසස් පෙළ විභාගයෙන් අනතුරුවයි මම සංගීතය හදාරන්න පටන්ගත්තේ. අපේ අම්මා පත්තරේක දැකලා තමයි සැරිසර මියුසික් ඇකඩමි එකට මාව යොමු කළේ. 2021 පෙබරවාරි මාසේ වගේ තමයි එඩ්වඩ් සර්ගේ ක්ලාස් එකට සම්බන්ධ උණේ.
ඔබේ ගමනට උදව් කළ අයත් ගොඩක් ඇති.?
ස්තුති කරන්න ඕනේ විශේෂයෙන් මගේ අම්මාටයි තාත්තවයි. ඒ වගේම ආදරණීය එඩ්වඩ් සර්ට සහ චරිත මිස්ට. ඔවුන් දෙන්න මට කටහඬ හදා ගන්න ඕන හැමදේම කියලා දෙනවා. සඳසාවී ගීතය ලියපු මගේ තාත්තාගෙ පාසල් කාලේ සිට යාළුවෙක් වුණ ඉන්ද්‍රප්‍රිය උදිත කුමාර මාමා. ඉන්දු මාමා සහ උපකාර කරපු හැමෝටම ස්තූතිවන්ත වෙනවා.
තරුෂිගෙ අනාගත බලාපොරොත්තු මොනවද.?
දැනට මම ජයවර්ධනපුර විශ්වවිශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා සහ මානව ශාස්ත්‍ර පීඨයේ පළමු වසර සිසුවියක් විදිහට ඉගෙන ගන්නවා. අධ්‍යාපන කටයුතු සමඟ ගායනය සහ නර්තනය සමබරව කරමින් කලාවෙන් ඉදිරියට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.