
තදබල පහරක් වැදීම, මොළය, සුසුම්නාව හෝ අනෙකුත් ස්නායුවලට ඇතිවන අනතුරු, වැරදි ඉරියව් භාවිතය, බර ඉසිලීමේදී නිවැරදි ක්‍රම අනුගමනය නොකිරීම, ක්ෂණිකව ඇති වන කොඳුඇට පෙළේ ආබාධ, මන්දපෝෂණ තත්ත්ව, ස්නායුවල ඇතිවන ආසාදන තත්ත්ව වැනි සාධක ස්නායු ආබාධ වැලඳීමට ප්‍රධාන වශයෙන් බලපෑම් කරයි
ඔබ එදිනෙදා ජීවිතයේ දී භාවිත කරන වැරදි ඉරියව් නිසාවෙන් කෙතරම් පීඩා විඳිනවාද ? එහි බලපෑම් බොහොමයක් ස්නායු ආබාධ ඇති වීමට හේතු වන බව ඔබ දන්නවාද? එනම් ස්නායු ආබාධ පිළිබඳ සාකච්ඡා කිරීමට හෝමියෝපති වෛද්‍ය සභාවේ සභාපති වෛද්‍ය අෂාන් තිලංක සිළුමිණ රසඳුන සමඟ කළ සාකච්ඡාවයි මේ.
ස්නායු පද්ධතිය යන්න ශරීරයේ ඇති පද්ධති අතුරින් ඉතා සංකීර්ණම පද්ධතියකි. මොළය සුසුම්නාව හා ශරීරයේ අනෙකුත් ස්නායු පද්ධතිය ආශ්‍රිතව සිදුවන හානි සහ ස්නායු පද්ධතියට සිදු වන බලපෑම් ස්නායු ආබාධ ලෙස හඳුන්වනු ලබයි. එනම් මෙම තත්ත්වයන් උපතේදී ඇතිවන ස්නායු ආබාධ මෙන්ම පසුකාලීනව දීර්ඝකාලයක් තුළ සෙමෙන් ඇතිවන හෝ කෙටිකාලීනව ඇති වන ස්නායු ආබාධ ලෙසද හැඳින්විය හැකිය. ස්නායු ආබාධ ඇති වීම තුළින් අංශබාගය, අපස්මාරය, ඩිමෙන්ෂියා, මාංශපේශී ක්‍රියාකාරිත්වය අඩපණ වීම වැනි ප්‍රධාන ස්නායු රෝග කිහිපයක් ද හඳුනා ගත හැකිය.
මෙම ස්නායු ආබාධ ඇති වීමට බලපාන හේතු සාධක මෙසේ හඳුනා ගත හැකිය. තදබල පහරක් වැදීම, මොළය, සුසුම්නාව හෝ අනෙකුත් ස්නායුවලට ඇතිවන අනතුරු, වැරදි ඉරියව් භාවිතය, බර ඉසිලීමේදී නිවැරදි ක්‍රම අනුගමනය නොකිරීම, ක්ෂණිකව ඇති වන කොඳුඇට පෙළේ ආබාධ, මන්දපෝෂණ තත්ත්ව, ස්නායුවල ඇතිවන ආසාදන තත්ත්ව වැනි සාධක ස්නායු ආබාධ වැලඳීමට ප්‍රධාන වශයෙන් බලපෑම් කරයි.
එනම් ස්නායු ආබාධ පෙර තියා හඳුනා ගැනීම ඉතා වැදගත්. ඒ සඳහා එම රෝග ලක්ෂණ පිළිබඳ ඔබ තුළ හොඳ අවබෝධයක් තිබිය යුතුය. අතපය හිරිවැටීම, වරින්වර හෝ එක දිගට ඇතිවන හිසරදය, වමනය හා ඕක්කාරය, ක්ෂණිකව ඇතිවන ක්ලාන්තය, කෙටිකාලීන සිහි නැතිවීම්, දැනීම් නැති වීම (සමෙහි ඇතිවන සංවේදීතා නොදැනීම ), සම ඇතුළෙහි නළියන හෝ පොපියන ස්වභාවය, මාංශ පේශීවල දුර්වලතා හා ශක්තිය නොමැති වීම, පෙනීම අඩු වීම, බොඳ වී පෙනෙන ස්වභාවය, සුවඳ දැනීම අඩුවීම, කන් ඇසීම අඩු වීම, මතකය අඩු වීම, සම්බන්ධීකරණ හැකියාවන් නොහැකි වී යාම, තදබල නිදිමත ගතිය ස්නායු ආබාධ පෙන්නුම් කරන රෝග ලක්ෂණ ලෙස හැඳින්විය හැකිය. නමුත් මෙම ලක්ෂණ සැමවිට ඔබව ස්නායු ආබාධිතයකු යැයි අනුමාන නොකරයි.
ඔබට මෙවැනි ලක්ෂණ මතු වන්නෙ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍ය උපදෙස් ප්‍රතිකාර ලබා ගැනීමට යොමුවන්න. එහිදී රෝගී තත්ත්වය විනිශ්චය කරගැනීමට CT Scan පරීක්ෂණ, MRI Scan පරීක්ෂණ, EMG පරීක්ෂණ, EEG පරීක්ෂණ වැනි විවිධ පරීක්ෂණ සිදු කරයි. මෙම ස්නායු ආබාධ සඳහා නිසි ප්‍රතිකාර සිදු කිරීමෙන් බොහෝ ස්නායු ආබාධයන් නිට්ටාවටම සුව කර ගැනීමට හෝ මනා ලෙස පාලනය කර ගැනීමට ද හැකියාව පවතී.
ස්නායු ආබාධ අවම කර ගැනීමට නම් ප්‍රධාන වශයෙන් එදිනෙදා ජීවිතයේ කටයුතුවලදී නිවැරදි ඉරියව් භාවිතයට පුරුදු වීම ඉතා වැදගත්. එහිදී එකම ඉරියව්වක සිට කරන ක්‍රියාවන් අවම කිරීම හෝ ඉරියව් වෙනස් කිරීම, යම් බරක් ඉසිලීමේදී කොන්දට එම බර නොඑන ලෙසත් මුළු ශරීරයටම එම බර බෙදී යන ලෙස එම ක්‍රියාව කිරීමට වගබලා ගැනීම,
ඇඟිලි, දෑත් තද කර එක දිගට ක්‍රියාවන් සිදු කිරීමෙන් වැළකීම හා සමබර ආහාර වේලක් ගැනීමත් ඉතා වැදගත් ය. එයට එළවළු, පලතුරු කොළපැහැ ආහාර හා ධාන්‍ය වර්ග එකතු කර ගැනීම ද ස්නායු රෝග, ස්නායු ආබාධ අවම කර ගැනීමට උපකාරී වේ. තවද පැණි රස අධික ආහාර ගැනීම අවම කිරීම, මේදය හා පිෂ්ඨය අධික ආහාර ගැනීමෙන් වැළකීම, මද්‍යසාර හා දුම්වැටි භාවිත නොකිරීම ද ස්නායු ආබාධවලින් වැළකී සිටීමට රුකුලක් වේ.
හෝමියෝපති වෛද්‍ය ක්‍රමය තුළ ස්නායු අබාධ සඳහා ඉතා සාර්ථක ප්‍රතිකාර පවතින අතර වේදනා නාශක රහිතව රෝග මූලයට ප්‍රතිකාර කරනු ලබන නිසා බොහෝ ස්නායු රෝග නිට්ටාවටම සුව කළ හැකිය. අතුරු ආබාධ රහිත නිසා හෝමියෝපති ඖෂධ මඟින් වකුගඩුවලට හෝ අනිකුත් අභ්‍යන්තර අවයව වලට හානි නොවන බැවින් සියලුම වයස් ඛාණ්ඩවල රෝගීන්ට ඉතා විශ්වාසයෙන් යුතුව ප්‍රතිකාර ලබා ගත හැකිය.