අපේ වෑයම ලංකේය සිනමාව ලෝකෙට අරන් යන්න | Page 2 | සිළුමිණ

අපේ වෑයම ලංකේය සිනමාව ලෝකෙට අරන් යන්න

Ceylon International Film Festival හෙවත් CEYIFF යනු­වෙන් හැඳි­න්වෙන සිංහල සිනමා උළෙල මේ මස 10, 11 සහ 12 යන තෙදින තුළ ඇමෙ­රි­කාවේ කැලි­ෆෝ­නි­යාහි සැන්ටා­බාබ්රා නග­රයේ පැවැ­ත්වෙ­නවා. මෙය විදේ­ශ­ය­කදී ශ්‍රී ලාංකි­ක­යන් විසින් සංවි­ධාන කරන ලාංකේය සින­මා­පට මුල්ක­ර­ගෙන පැවැ­ත්වෙන පළ­මු­වෙනි ජාත්‍ය­න්තර සිංහල සිනමා උළෙල වීමත් විශේ­ෂ­ත්ව­යක්.


විවිධ අංශ රාශි­යක් යටතේ සම්මාන ගණ­නා­වක් ප්‍රදා­නය කෙරෙන මෙම සිනමා උළෙ­ලේදී පසු­ගිය සමයේ ජන­ප්‍රිය වූ ගුණා­ත්මක ලාංකේය චිත්‍ර­පට කිහි­ප­යක්ද ප්‍රද­ර්ශ­නය කිරී­මට නිය­මි­තයි.
ඒ සඳහා ඝර­සර්ප, ජංගි හොරා, සුනාමි, ද නිව්ස් පේපර්, කවු­රු­වත් දන්නේ නැ, ආයු, ද ලේටර්, ඩාර්ක් ඩේස් ඔෆ් හෙවන් මෙරට දීර්ඝ චිත්‍ර­පට අංශ­යෙන් තරග කරනු ලබ­නවා.
ඒ වගේම ඇල්බො­රාදා චිත්‍ර­ප­ටය විශේෂ තිර­ගත කිරීම් අංශය යටතේ තරග වදි­නවා.
Ceylon International Film Festival හි ආර­ම්භක නිර්මා­තෘ­ව­රිය වන්නේ අරුණි බොතේ­ජුයි. මේ සිළු­මිණ රස­ඳුන ඇය සමඟ කළ කතා­බ­හයි

Ceylon International Film Festival හෙවත් CEYIFF හි ආර­ම්භය ගැන කිව්වොත්
මට අවශ්‍ය වුණා අපේ ශ්‍රී ලාංකේය සින­මාව ඇම­රි­කාවේ ප්‍රමෝට් කරන්න. විශේ­ෂ­යෙන්ම ලොස් ඇන්ජ­ලිස් වල, සැන්ටා­බාබ්රා, කැලි­ෆෝ­නියා වල ප්‍රමෝට් කරන්න.
ඒ එක්කම ස්වාධින සිනමා නිර්මා­ණ­ක­රු­වන්ට නවක නිෂ්පා­ද­ක­ව­රුන්ට අව­ස්ථා­වක් නිර්මා­ණය කරලා දෙන්න ඒ අයගේ දක්ෂ­තා­ව­යන් ලෝක­යට අර­ගෙන එන්න.
ඒ තමයි Ceylon International Film Festival පටන් ගැනීමේ මුලික හේතුව. මමත් සින­මා­වට ආද­රය කරන සින­මා­වට කැමති කෙනෙක්. ඒ නිසා මගේ බලා­පො­රො­ත්තුව මගේ ෆැෂන් එක තුළින් අනිත් අයට අව­ස්ථා­වක් උදා­කර දීම.

එහි පිය­වර මොන­වාද?
අපි කැලි­ෆෝ­නි­යාවේ පටන් ගත්තා ඇම­රි­කාවේ රෙජි­ස්ටර් කරපු ආය­ත­න­යක් Ceylon International Film Festival නමින්. ඒ හරහා ලංකාවේ හැමෝ­ටම වගේම ලෝකය පුරා විසිරි ඉන්න නවක සහ ස්වාධින සිනමා නිර්මා­ණ­ක­රු­වන්ට ආරා­ධනා කළා Film Freeway කියන world ෆ්ලැට්ෆෝම් එකෙන් ඒ අයගේ නිර්මාණ එවන්න කියලා. ඇත්ත­ටම අපි අලුත්ම Film Festival එකක් හැටි­යට පටන් ගනිද්දී අපි බලා­පො­රොත්තු වුණේ නැහැ ලොකු පිරි­සක්. අපි හිතුවේ උප­රිම 20-30ක් වගේ පිරි­සක් එකතු වෙයි කියලා. නමුත් අපි මේක ජන­වාරි 20 වෙනිදා පටන් ගත්තම මාර්තු අග වෙද්දි අපිට ආවා Submission රට­වල් 44කින් චිත්‍ර­පට 315ක් ආවා. අපේ තිබුණා Documentary film, Future film, Short film සහ Animation film නමින් කැට­ගරි. අලුත් Film Festival එකක් හැටි­යට ඒක අපි ලබපු හොඳ සාර්ථ­ක­ත්ව­යක්. ඒ වගේම ස්වාධීන සිනමා නිර්මා­ණ­ක­රු­වන් මට පෞද්ග­ලි­කව ඊමේල් කරලා තිබුණා ඒ අයගේ තියෙන අප­හ­සු­තා­ව­යන් සහ ප්‍රශ්න. මට පුළු­වන් වුණා ඒ අය­වත් දිරි­මත් කරලා මේ සඳහා එකතු කර­ගන්න. මොකද මම මේ Film Festival එක පටන් ගත්තෙම ඒ වගේ ආධු­නික අයට අත දෙන්න බල­පො­රො­ත්තු­වෙන්.

මෙවැනි සම්මාන උලෙ­ළක් සැන්ටා­බාබ්රා වල සංවි­ධා­නය කරන්න හිතුවේ ඇයි
මම ජීවත් වෙන්නේ දැන් අවු­රුදු 25ක් 26ක් තිස්සේ ඇම­රි­කාවේ කලි­ෆො­නි­යාවේ තියෙන පොඩි ටවුන් එකක් වන සැන්ටා­බාබ්රා වල. ඒක පොඩි ටවුන් එකක් වුණාට සෑහෙන්න කලා­වට ෆැෂන් එකක් තියෙන සිටි එකක්. මොකද ගොඩක් අය හිතන්නේ ලොස් ඇන්ජ­ලී­ස්වල හොලි­වුඩ් තියෙන්නේ ඒ හින්දා එතන තමයි කලා­වට ලොකුම දේවල් වෙන්නේ කියලා. ඒක ඇත්ත ලොස් ඇන්ජ­ලි­ස්වල කලාව මාර්කට් එකක් වෙලා. නමුත් සැන්ටා­බාබ්රා වල කලාව ෆැෂන් එකක් කර­ගෙන රස­වි­ඳි­නවා. ඒ වගේම කලාව අමුතු විදි­යට දකින නිර්මා­ණ­ශි­ලිව දකින පිරි­සක් ඉන්නවා සැන්ටා­බා­බ්රා­වල. මම ලංකාවේ ඉප­දිලා හැදිලා ඇම­රි­කා­වට ඇවිත් දැන් මගේ හෝම් ටවුන් එක සැන්ටා­බාබ්රා. ඒ නිසා මම හිතුවේ සැන්ටා­බාබ්රා තමයි Ceylon International Film Festival එක පටන් ගන්න හොඳම තැන කියලා. ගොඩක් අය ඇහුව මගෙ­නුත් ඇයි මේක ලොස් ඇන්ජ­ලිස් වල කරන්නේ නැත්තේ කියලා. එහෙ තියෙ­නවා 1000කට වැඩි­යෙන් Film Festival. මමත් මේක පටන් ගත්තොත් මේකට වැඩි විශේ­ෂ­ත්ව­යක් එන්නේ නැහැ. නමුත් සැන්ටා­බාබ්රා වල තියෙන්නේ ලොකු එක Film Festival එකක්. ඒ ලෝක ප්‍රසිද්ධ සැන්ටා­බාබ්රා ෆිල්ම් ෆෙස්ටි­වල් එක. හැබැයි දැන් ඊළ­ඟට තියෙන International Film Festival එක තමයි Ceylon International Film Festival එක.

කොහො­මද ලංකා­වෙන් ලැබුණු සහ­යෝ­ගය
ගිය වසරේ තමයි මට මේ අද­හස ආවේ. අපි මෙහි මුහු­රත් එක ගිය වසරේ නොවැ­ම්බර් මාසයේ පැවැ­ත්වුණා. ඒක ඉතාම සාර්ථක මුහු­රත් උළෙ­ලක් වුණා. මම මේක පටන් ගන්න­කොට හිතුවේ ලංකාවේ පිරිස වැඩි­ව­ශ­යෙන් ජිවත් වන රට­වල් වල මේ වගේ දේවල් කරලා ඇති කියලා. මම ප්‍රදීපා ධර්ම­දාස මහ­ත්මිය හරහා අපේ චිත්‍ර­පට සංස්ථාවේ සභා­පති ජයන්ත ධර්ම­දාස මහතා ට සහ රවින්ද්‍ර රන්දෙ­ණිය මහ­තාට කතා කළා. එත­කොට තමයි ඒ අයගේ මාර්ග­යෙන් ආරංචි වුණේ මේ වගේ ෆිල්ම් ෆෙස්ටි­වල් එකක් රටින් පිට වෙලා නැහැ කියන එක. ලංකාව තුළ කලම්බෝ ඉන්ට­නැ­ෂ­නල් ෆිල්ම් ෆෙස්ටි­වල් සහ ජැෆ්නා ඉන්ට­නැ­ෂ­නල් ෆිල්ම් ෆෙස්ටි­වල් තිබිලා තියෙ­නවා. නමුත් රටින් පිට තියෙන පළමු ඉන්ට­නැ­ෂ­නල් ෆිල්ම් ෆෙස්ටි­වල් එක මේක. ඉතින් ඒ ගැන අහන්න ලැබු­ණාම සතු­ටක් වගේම බයක් දැනුණා කාන්තා­වක් විදි­යට මම මේක කරන නිසා. ගොඩක් අය අගය කරන්න ගත්තා. ඒ අයට මම ස්තුවන්ත වෙනවා එක්කම මගෙත් පලමු අත්දැ­කීම නිසා පොඩි බයක් තියෙ­නවා. ඉතින් මම බලා­පො­රොත්තු වෙනවා සාර්ථ­කව කර ගන්න පුළු­වන් වෙයි කියලා.

අපි සම්මාන උළෙලේ ජුරිය ගැන කතා කරොත්
ශ්‍රී ලාංකික නොවන ජුරි එකක් මෙතැ­නදී මම සම්බන්ධ කර ගත්තේ. ඒ අය ප්‍රථම වතා­වට ලංකාවේ සින­මාවේ තියෙන පරා­ස­යන් දකින්නේ. ඒ නිසා ඒ අයගේ අප­ක්ෂ­පාති තීර­ණ­යක් තමයි අව­සන් තීර­ණය වෙන්නේ.

Comments