මුහුණු පොතට මම කැමැති නැහැ | Page 2 | සිළුමිණ

මුහුණු පොතට මම කැමැති නැහැ

තව මාස දෙක තුනක් යන කම් තව නිර්මාණයක් බාරගන්නේ නැහැ

මම හිතුවේ නැහැ; මට නිළියක් වෙන්න පුළුවන් වෙයි කියලා

කිරුළි කියන්නේ මේ දිනවල බොහෝ දෙනා අතර ජනප්‍රිය චරිතයක්. ෂෙනායා ඇනීසා වැනොෆ් කිරුළි ලෙසින් ප්‍රේක්ෂකයන් අතරට එන්නේ ධනුෂ්ක රත්නායක අධ්‍යක්ෂණය කරන ‘‘හිත ළඟ හිනැහුණා’’ ටෙලිනාට්‍යයෙන්. බොහෝ දෙනා කිරුළි ට ආදරය කරන්නේ ඇයගේ තියෙන දඟකාර කටකාර සුන්දර බව නිසා. ඒ නිසාම රසඳුන සොඳුරු කතාබහකට මේ සොඳුරු රුවැත්තිය එකතු කර ගත්තා.

 

දැන් කට්ටිය කතා වෙන්නේ වෙන්නේ ෂෙනායා කියලද කිරුළි කියලද?

කිරුළි කියලා.

 

කොහොමද ලැබෙන ප්‍රතිචාර

දැන් ෂෙනායාව අමතක වෙලා තියෙන්නේ ගොඩක් අයට. කිරුළි ගැන තමයි හැමෝම කතා වෙන්නේ. ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ ගැන සතුටුයි.

 

කොහොමද මේ කිරුළි වෙන්න අවස්ථාව ලැබෙන්නේ

මම 2017 ඉඳන් වෙ‍ෙළඳ දැන්වීම් සහ ගීත රූප රචනාවලට සම්බන්ධ වෙලා ඉඳලා ටික කාලයක් වැඩ නොකර හිටියා. ඔය කාලේ මහේෂ් සත්සර මද්දුමආරච්චි මාව හොයලා තියෙනවා. ඊට පස්සේ කොහොම හරි අශේන් අයියට කියලා තිබ්බා මේ වගේ චරිතයකට කෙනෙක් හොයලා දෙන්න කියලා. අශේන් අයියා මාව පෙන්නුවම මහේෂ් සර් කියලා තියෙනවා මෙයාව තමා හෙව්වේ කියලා. ඊට පස්සේ අධ්‍යක්ෂ ධනුෂ්ක රත්නායක කතා කළා. එහෙම තමයි කිරුළි වුණේ.

 

කොහොමද කිරුළි ටෙලිනාට්‍යයෙන් ලැබෙන අත්දැකීම්

ඇත්තටම කිරුළි සහ ෂෙනායා අතර වෙනසක් නැහැ. කිරුළි කියන්නේ ෂෙනායාම තමයි. ඒ නිසා මට පහසු වුණා මේ චරිතය කරන්න. ඉස්සරහට මම ආසයි වෙනස්ම චරිතයක් ලැබෙනවා නම්.

 

මේ වෙද්දී තව ආරාධනා ලැබුණද?

ගොඩක් ආරාධනා ලැබෙනවා. නමුත් තව මාස දෙක තුනක් යනකම් තව නිර්මාණයක් බාරගන්නේ නැහැ. ඔක්කොම බාරගන්නේ නැතුව වෙනස්ම චරිතයක් නම් අනිවාර්යෙන්ම බාර ගන්නවා.

 

පවුලේ විස්තර කොහොමද?

අම්මියි. තාත්තියි. අක්කලා තුන්දෙනයි. ලොකු අක්කි මොඩ්ලින් කරා, එයා බැඳලා ඉන්නේ සිරස සුපර් ස්ටාර් තරගයේ හිටිය අමිල පෙරේරාව. අනෙක් අක්කලත් බැඳලා.

 

කෙල්ලෝම හතරක් ඉන්න පවුලේ බාලයානේ කොහොමද ළමා කාලය

අම්මෝ ඉතින් රණ්ඩුම තමයි. හැබැයි රණ්ඩු කරලා අන්තිමට මම මොනවා හරි කිව්වොත් අක්කලා අඬනවා. මොකද එයාලා තමා ගොඩක්ම මාව පොඩි කාලේ බලා ගත්තේ. ලොකු අක්කයි මායි අතර වයස් පරතරය අවුරුදු 17ක්. ඒ නිසා මම මොනවා හරි කිව්වොත් ඒ අයගේ හිත රිදෙනවා ඉක්මණින්ම.

 

ගෙදරින් කැමති වුණාද කලාවට එනවට

මුලින්ම අම්මා සහ තාත්තා කැමති වුණේ නැහැ. ගොඩක්ම අකමැති වුණේ තාත්තා දැන් නම් තාත්තාගේත් අකමැත්තක් නැහැ.

 

ලොකුම අක්කගේ මහත්තයානේ අමිල පෙරේරා, එයාගේ ගීතයකට රූප රචනාවෙන් දායක වුණේ නැද්ද?

ඉස්සරහට එයත් එක්ක වැඩක් කරන්න අදහසක් තියෙනවා. ඒ කාලේ නම් එයා මාව ගත්තේ නැහැ. ඇත්තම කතාව මම මේ ක්ෂේත්‍රයට එනවට එයා කැමති වුණේ නැහැ. එයා හැමවෙලාවේම කියන්නේ පරිස්සමෙන් ඉන්න කියලා.

 

ෂෙනායා ආස කළේ කවදාහරි රංගන ශිල්පිනියක් වෙන්නද?

එහෙම ලොකුවට ආසාවක් තිබ්බේ නැහැ. මට මාව දකිද්දී ආසයි. හැබැයි මම හිතුවේ නැහැ; මට නිළියක් වෙන්න පුළුවන් වෙයි කියලා.

 

රංගනයට අමතරව මොනවටද කාලය යොදවලා තියෙන්නේ

දැනට නම් රංගනයට අමතරව නර්තනය හදාරමින් ඉන්නවා. තව ඉස්සරහට ලොකු වැඩක් කරන්න හිතේ තියෙනවා. දැන්මම මුකුත් කියන්න බෑ ඒ ගැන.

 

දැන් දිගටම රංගනයේ යෙදෙන්න ද බලාපොරොත්තුව

මම ආසයි රංගනයෙන් හොඳ දක්ෂතා සපිරි රංගන ශිල්පිනියක් වෙන්න. ඒ වෙනුවෙන් කැපවෙලා වැඩ කරනවා. හැබැයි හැමදාම රංගනය කරනවා කියන්නත් බැහැ. මොකද දිගටම ලංකාවේ ඉන්න එකක් නැති වෙයි. නමුත් මම මගේ ඉලක්ක වලට කොහොම හරි යනවා.

 

පාසල් කාලයේ මොන වගේ චරිතයක් ද?

මම පාසල් ගියේ බොරැල්ලේ All Saints Church කොලේජ් එකට. පාසල් කාලයේ මම බොහොම නිහඬ ළමයෙක්. වැඩිය කා එක්කවත් කතා කරන්නෙත් නැහැ. මගේ හොඳම යාළුවා එක්ක විතරයි මම කතා කරන්නෙත්.

 

අහම්බෙන් හරි රංගන ශිල්පිනියක් වීම ගැන මොකද හිතෙන්නේ

ඇත්තටම මට ගොඩක් සතුටුයි. මට හිතාගන්න බැරි විදියට මිනිස්සු ආදරේ කරන්නේ. ඒකට පිරිමි ගැහැනු කියලා බේදයක් නැහැ. හැමෝම මට ආදරෙයි. මමත් ඒ හැමෝටම ආදරෙයි.

 

සිනමාවට තියෙන කැමැත්ත කොහොමද?

සිනමාවට තමයි ගොඩක්ම කැමති. ඒ අරමුණ එක්ක යන ගමනක් මේ. ඉස්සරහට බලමු.

 

හිත හොයන්නේ මොන වගේ කෙනෙක් ද?

අවංක හොඳින් හැමදේම තේරුම් ගන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. ඒ ආදරේ ඔළුවට පිඩාවක් නොවී මනසට සැහැල්ලුව ගෙනෙන ආදරයක් වෙන්න ඕනේ. මොකද මම ප්‍රශ්නවලට කැමතිම නැහැ.

 

මේ වෙද්දී තියෙන සෝෂල් මිඩියා අතර වැඩියෙන්ම පාවිච්චි වෙන්නේ මොන ඇප් එකද?

මම වැඩියෙන්ම ඉන්නේ ඉන්ස්ට්‍රාග්‍රෑම් වල.

 

ඇයි Fb එක්ක තරහා

අනේ එහෙම තරහක් නැහැ. මම පෞද්ගලිකව කැමති නැහැ. මම කවදාවත් Fb පාවිච්චි කරලා නැහැ. දැන් නම් හැමෝම කියනවා ෆෑන් පේජ් එකක් හරි හදාගන්න කියලා. බලමු ඉස්සරහට ඉතින්

 

කිරුළි කියන්නේ ෆැෂන් කරන්න කැමති කෙනෙක් ද?

ඔව් එන එන හැම විලාසිතාවක්ම කරලා බලනවා. හැබැයි කවදත් කැමති බොටම් එකයි ටී ෂර්ට් එකයි බාටා දෙකටයි.

 

ප්‍රේක්ෂකයන්ට කියන්න දෙයක් ඇති

කියන්න තියෙන්නේ හැමදාම මට ආදරේ කරන්න. මමත් ඒ අයට හැමදාම ආදරෙයි. මාව කොහේදී හරි දැක්කොත් කතා කරන්න. හැමදාම මගේ නිර්මාණ එක්ක ඉන්න. ඒක තමයි මට තියෙන හයිය.

Comments