IPL තරගාවලියේ මැජික්කාරයෙක් වී රඟන වනිඳු හසරංග | සිළුමිණ

IPL තරගාවලියේ මැජික්කාරයෙක් වී රඟන වනිඳු හසරංග

 

මෙවර IPL තරගාවලියේ අවසන් මහා තරගය අද අහමදාබාද්හි දී පැවැත්වෙයි. පළමු අවසන් පුර්ව තරගය ජයගත් ගුජරාට් ටයිටන්ස් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත් අතර රජට් පටිදාර්ගේ (නොදැවී 112) විශිෂ්ට පිතිහරඹය හමුවේ ලක්නව් සුපර් ජයන්ට්ස්ට එරෙහිව කොල්කටාහිදී පැවැති තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ දෙවැනි තරගයේ පළමුව පන්දුවට පහරදුන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 207 ක් රැස් කිරීමට සමත්වු අතර ලකුණු 208ක ඉලක්කයක් හඹා ගිය ලක්නව් සුපර් ජයන්ට්ස් ලකුණු 14කින් පරාජය විය.

මේ අනුව පළමු තරගයෙන් පරාජය වු රාජස්තාන් රෝයල්ස් සහ දෙවැනි තරගයෙන් ජය හිමිකර ගත් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් අතර තරගයෙන් ජය හිමිකර ගන්නා කණ්ඩායම අද ගුජරාට් ටයිටන්ස් සමඟ අවසන් මහා තරගයට පිවිසෙනු ඇත.

මේ අනුව පළමු තරගයෙන් පරාජය වු රාජස්තාන් රෝයල්ස් සහ දෙවැනි තරගයෙන් ජය හිමිකර ගත් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් අතර තරගයෙන් ජය හිමිකර ගන්නා කණ්ඩායම අද ගුජරාට් ටයිටන්ස් සමඟ අවසන් මහා තරගයට පිවිසෙනු ඇත.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව කොල්කටාහි ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු අවසන් පූර්ව තරගයෙන් කඩුලු 7 ක ජයක් ලැබූ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම මෙවර IPL තරගාවලියේ අවසන් මහ තරගයෙට සුදුසුකම් ලබාගත් පළමු කණ්ඩායම බවට පත්විය.

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම මෙවර IPL තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර අතරට සුදුසුකම් ලබා ගනීවි ද නැද්ද යන්න තීරණය තිබුණේ මුම්බායි ඉන්දියන්ස් සහ දිල්ලි කැපිටල්ස් අතර තරගයේ ප්‍රතිඵලය මතය.කෙසේ වෙතත් අවසානයේ දෙපිළ අතර පැවැති තීරණාත්මක තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් ජය හිමිකර ගැනීමත් සමඟ ම රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට සැනසුම් සුසුම් හෙළන්නට හැකිවිය.

මෙවර IPL තරගාවලියේ මූලික වටයේ සියලු තරග 22 වැනිදා අවසන් වු අතර, මූලික වටයේ දී තරග 70ක් පැවැතිණි. එක් කණ්ඩායමක් තරග14ක් ක්‍රීඩා ක‍ළේය.මූලික වටයේ සියලු තරග අවසන් වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගැනීමට සමත් වුණේ මෙවර තරගාවලිය සදහා අලුතින් එක් වූ කණ්ඩායමක් වන හර්ද්‍රික් පාන්ඩ්‍යා නායකත්වය දරන ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමයි.තරග 14කට ක්‍රීඩා කළ ටයිටන්ස් තරග 10ක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු 20ක් හිමි කර ගැනීමට සමත්විය.

ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය හිමි වූයේ කුමාර සංගක්කාර ප්‍රධානත්වය සහ, ලසිත් මාලිංග වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙසත් කටයුතු කරන රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමයි. ඔවුන් තරග 9ක් ජය ගනිමින් හිමි කර ගත් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 18කී.

තෙවැනි ස්ථානය හිමි වූයේ මෙවර තරගාවලියට අලුතින් එක් වූ අනෙක් කණ්ඩායම වන ලක්නව් සුපර් ජයන්ට්ස්ට ය. කණ්ඩායමටයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ද එම කණ්ඩායම නියෝජනය කරන අතර, ඔවුන් ද තරග 9ක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු 18කට හිමිකම් කීමට සමත් විය. ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානය හිමි කර ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දග පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ක්‍රීඩා කරන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමයි.

දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු 14ක් ද, පංජාබ් කිංග්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු 14ක් ද, කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු 12ක් ද, සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ප්‍රසාද ලකුණු 12ක් ද හිමි කර ගනිමින් පිළිවෙලින් 5 වැනි, 6 වැනි, 7 වැනි හා 8 වැනි ස්ථාන හිමි කර ගනිද්දි, ප්‍රසාද ලකුණු 8 බැගින් ලබා ගත් චෙන්නායි සුපර් කිංග්ස් හා මුම්බායි ඉන්දියන් යන කණ්ඩායම් ප්‍රසාද ලකුණු සටහනේ හිමි කර ගත්තේ පිළිවෙලින් 9 වැනි හා 10 වැනි ස්ථානයි.

දම්පාට හිස් වැස්ම සඳහා තරගයේ කිහිප වරක් පෙරමුණ ගනිමින් රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායමේ විදේශීය ක්‍රීඩකයෙකු තරගාවලියක ලබාගත් වැඩිම කඩුලු සහ රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් දඟ පන්දු යවන්නෙකු තරගාවලියක දී හිමිකර ගත් වැඩිම කඩුලු හිමිකර ගත් පන්දු යවන්නා වන වනිඳු තරග 14 ,පන්දුවාර 49, ලකුණු නොඳුන් පන්දු වාර 01, ලකුණු 362 , කඩුලු 24 ක් බිඳ හෙළා තිබෙන අතර අතර ඉනිමක හොඳම පන්දු යැවීම 5/18 ක් වන අතර සාමාන්‍යය 15.18 කී.

මෙවර IPL තරගාවලියේ ඉනිමක දෙවැනි හොඳම පන්දු යැවීම වාර්තා කළ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග සන්රයිස් හයිද්‍රාබාද්ට එරෙහිව ලකුණු 67ක ජයක් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිලට අත් කර දීමට සමත් වු තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් බැංගලෝර් ලබා ගත් ලකුණු 193ක ඉලක්කය හඹා ගිය හයිද්‍රාබාද් ඉනිම ලකුණු 125කට සීමා වූයේ වනිඳුගේ සුපිරි පන්දු යැවීම හේතුවෙනි.

සිය ඕවර 4 ඇතුළත එක් නොඉඳුල් ඕවරයක් සමඟ ලකුණු 18කට කඩුලු 5ක් දවාලූ වනිඳු මෙවර අයිපීඑල් තරගාවලියේ ඉනිමක දෙවැනි හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර, තරගාවලියේ මුලික වටය අවසානයේ වැඩිම කඩුලුලාභීන් අතර දෙවැනි ස්ථානයට ද පත් විය. එහි පළමු ස්ථානයේ පසුවන්නේ රාජස්තාන් රෝයල්ස්හි දඟපන්දු යවන්නා වන යුස්වෙන්දර් චාහල්ය. ඔහු පසුගිය වසරේ බැංග්ලෝර්ට ක්‍රීඩා කළ අතර, මෙවර ඔහු නිදහස් කරමින් වනිඳු සිය කණ්ඩායමට ගැනීමට බැංගලෝර් පිල ගත් තීරණය තරගාවලිය ආරම්භයේදී දැඩි විවේචනයට ලක් විය.

වනිඳුගේ කඩුලු 5 ඔහුට තවත් වාර්තා දෙකක් හිමිකම් කීමට මං විවර කර දුන්නේය. එතෙක් මෙතෙක් අයිපීඑල් ඉතිහාසයේ බැංගලෝර් ට ක්‍රීඩා කළ විදේශීය පන්දු යවන්නකු ලැබූ වැඩිම සමස්ත කඩුලු සංඛ්‍යාවේ වාර්තාවට ඔහු හිමිකම් කියන අතර, මීට පෙර 2016 තරගාවලියේදී බැංගලෝර් පිල නියෝජනය කළ ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ෂේන් වොට්සන් කඩුලු 20ක් දවාලමින් එකී වාර්තාව පිහිටුවා තිබිණි. එමෙන්ම IPL ඉතිහාසයේ බැංගලෝර්හි හොඳම පන්දු යැවීමේ වාර්තාවට හිමිකම් කීමට ද ඔහු සමත් වූ අතර, මීට පෙර 2013 තරගාවලියේදී බැංගලෝර්ට ක්‍රීඩා කළ ජෙදේව් උනඩ්කට් දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිලට එරෙහිව ලකුණු 25කට කඩුලු 5ක් දවා ගනිමින් එම වාර්තාව පිහිටුවා තිබිණි.මෙවර වනිඳුව රෝයල් චැලෙන්ජස් බැංග්ලෝර් විසින් ඉන්දීය රුපියල් කෝටි 10.75කට මිල දී ගත්තේය.

මම වනී ගැන බොහොම සතුටුයි, ඩු ප්ලෙසිස් පැවැසිය. මම පෞද්ගලිකව සිතනවා පිතිකරණ ලැයිස්තුවක් තනිවම බිඳ දැමිය හැකි තරගයක් ඔහු සොයමින් සිටියා. ඔහුට ඒ දෙය කරන්නට පුළුවන් බව කිහිපවරක් ම පෙන්වූවා. මම බොහොම සතුටුයි මේ රාත්‍රිය ඒ රාත්‍රිය වුන එක ගැන. ඔහු විශේෂ පන්දු යවන්නෙක්. ඔබට ඔහුව තේරෙන්නේ නැති නම් අවසන් පිතිකරුවන් ඉක්මනින් දවා ගන්න ඔහුට පුළුවන් පැයි සන්රයිස් තරගය අවසානයේ වැඩිදුරටත් පැවැසිය.

ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායම පසුගිය වසරේ විස්සයි20 ලෝක කුසලානයේ දී ඉතා ඉහළ දස්කම් දක්වන්නට සමත් වුණා. එම තරගාවලියේ දී ඉහළ දස්කම් දැක්වූ වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර, භානුක රාජපක්ෂ හා මහිෂ් තීක්ෂණ මෙවර IPL තරගාවලියේ දී ද සිය කණ්ඩායම් වෙනුවෙන් ඉතා ඉහළ දස්කම් දක්වන්නට සමත් වුණා.

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ දී ඉහළ දස්කම් දැක්වූ මතීෂ පතිරණ ද චෙන්නායි සුපර් කිංග්ස් වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිය මංගල තරගයේ දී සාර්ථක වුනා. මට ගොඩක් සතුටුයි IPL තරගාවලියේ දී අපේ ක්‍රීඩකයන්ට හොඳ අවස්ථාවක් ලැබීම ගැන වගේම, ඔවුන් විශ්වාස කිරීම. ඔවුන්ට IPL තරගාවලියේ ලොකු දේවල් කරන්න පුළුවන් කියලා. හොඳම උදාහරණය වනිඳු. ඔහු තරුවක් ඒ වගේම ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉහළ දස්කම් දක්වනවා. අනෙක් ක්‍රීඩකයිනුත් තමන්ගේ වගකීම ඉටු කරනවා. ශ්‍රී ලංකාවේ අනාගත ක්‍රීඩකයින් IPL ක්‍රීඩා කිරීම වටිනවා”,ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි වේග පන්දු යවන්නා වන චමින්ද වාස් පැවැසීය.

 

 

Comments