![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2022/05/27/12.jpg?itok=sKKuK-dX)
සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැති වයස අවුරුදු 20න් පහළ සමස්ත පාසල් පැසිපන්දු තරඟාවලියේ බාලක කිරුළ මරදාන සාන්ත ජෝසප් දිනාගනිද්දි, බාලිකා කිරුළ බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයට හිමිවිය.
බාලක අංශය
තෙවැනි වරටත් 20න් පහළ බාලක පැසිපන්දු ශූරතාව ජයග්‍රහණය කරන්නට කණ්ඩායම් දෙකම අපරාජිතව අවසන් මහා තරගය සඳහා පිවිසි අතර ශෙහාන් ප්‍රනාන්දුගේ නායකත්වයෙන් යුත් මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය සමත් වුයේ අවසන් මහා තරගයේ දී ලකුණු 68-52ක් ලෙස කොළඹ රාජකීය විද්‍යාලය පරාජය කරමින්ය.
රාජකීය විදුහලේ යුගානන් බාස්කරන් දක්ෂ ම ආක්‍රමණශීලී ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගනිද්දී, දක්ෂ ම ආරක්ෂක ක්‍රීඩකයා ලෙස රාජකීය විදුහලේ කීත් කොස්තා සම්මාන හිමිකර ගනිද්දි, තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගත්තේ සාන්ත ජෝසප් නායක ශෙහාන් ප්‍රනාන්දුයි.
බාලිකා අංශය
තරගාවලියේ වත්මන් ශූරියන් වන ශුද්ධ වූ පවුලේ කන්‍යාරාම බාලිකාවෝ විසින් අවසන් මහා තරගයේ දී මහාමායා විදුහල් බාලිකාවන් 71-39ක් ලෙස පරාජය කරමින් කිරුළ සිය පාසලේ ම රඳවා ගන්නට සමත් වුහ.
බාලිකා තරගාවලියේ දක්ෂ ම ආක්‍රමණශීලී ක්‍රීඩිකාව ලෙස මහාමායා විදුහලේ චිත්‍රා සමරකෝන් සම්මාන දිනා ගනිද්දී, ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ ක්‍රීඩිකාවන් වන මිනෝලි ඩිරෙක්ස් සහ ඔනෙලා දුනුවිල පිළිවෙළින් දක්ෂතම ආරක්ෂක ක්‍රීඩිකාව සහ තරගාවලියේ වටිනාම ක්‍රීඩිකාව ලෙස අභිෂේක ලැබුහ.
අවසන් පූර්ව වටයේ තරගවලදී බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය , නුගේගොඩ සාන්ත ජෝශප් විදුහල පරාජය කළ අතර, යහපත් එඩේරාගේ කන්‍යාරාමය මහනුවර මහාමායා විදුහල හමුවේ පරාජය විය. 20න් පහළ පිරිමි අවසන් පූර්ව වටයට බම්බලපිටිය සාන්ත පීතර විදුහල, කොළඹ සාන්ත ජෝසප් විදුහල, කොළඹ රාජකීය විදුහල හා කොළඹ ඩී.එස්. සේනානායක විදුහල සුදුසුකම් ලබා ගත් අතර, ඒ අනුව සාන්ත පීතර විදුහල හා කොළඹ රාජකීය විදුහල අතර පළමු අවසන් පූර්ව තරගය ඩී.එස්. සේනානායක විදුහල හා කොළඹ සාන්ත ජෝසප් විදුහල අතර දෙවැනි අවසන් පූර්ව තරගය පැවැත්විණි.
ඡායාරූප ThePapare.com