
අපි දෙන්නගෙ ආසම කාටූන් එක ගිරිපුර ඇත්තෝ. ඉතින් ඒ කාටූන් එකේ එන බොරලුයි ගලයයි චරිත දෙකට අපි ගොඩාක්ම ආසයි. ඉතින් අක්කා තමයි කිව්වේ අපි දෙන්නා බොරලුයි ගලයයි නමින් පටන් ගමු කියලා
මගේ අක්කා තමයි බොරලුට ඉන්නේ. එයා පොඩි කාලේ ඉඳන් ඉන්නේ කොල්ලෙක් විදියටයි
අද වෙද්දී සමාජ මාධ්‍යය කියන්නේ ප්‍රභල මාධ්‍යයක් බව අමුතුවෙන් කිව යුතු නැහැනේ. ඉතින් මේ සමාජ මාධ්‍යය තුළින් බිහිවුණු එක් පැතිකඩක් තමයි යූටියුබ් නාළිකා කියන්නේ. ඒ අතරිනුත් ප්‍රහසනාත්මක යූටියුබ් නාළිකා අද වෙද්දී බොහෝ වයස් භේදයකින් තොරව බොහෝ දෙනා අතර ජනප්‍රිය වී තිබෙනවා. අද අපේ කතානායකයත් මේ වෙද්දී ජනප්‍රියතම යූ ටියුබ් නාළිකාවක නිර්මාණශීලි නිර්මාණකරුවෙක්.
මේ යූ ටියුබ් නාළිකාවක නම් වෙලා තියෙන්නේ "බොරලුයි ගලයයි" ලෙසින්. "බොරලුයි ගලයයි" යූ ටියුබ් නාළිකාවේ නිර්මාණ නරඹන ඔබ හිතන්නේ මේ ඉන්නේ එකම පවුලේ අයියයි මල්ලියි කියලනේ, හැබැයි සත්‍යය ඊට වඩා වෙනස්...ඒ දේ ගැන වගේම මේ "බොරලුයි ගලයයි" යූ ටියුබ් නාළිකාවේ ආරම්භය ගැන සහ ඉදිරිය ගැන අපි ගලයා එක්ක කතා කළා. ගලයා තමයි මල්ලි.
"බොරලුයි ගලයයි" ආරම්භ වෙන්නෙ කොහොමද?
මේ තරම් ලොකු දුරක් එන්න පුළුවන් වෙයි කියලා හිතලා නෙවෙයි අපි පටන්ගත්තේ. 2021.06.09 බදාදා තමයි අපි මුල්ම වීඩියෝ එක Tiktok හරහා Upload කරේ. එදා අපි ඒ වීඩියෝ එක කළේ නිකම්ම හිතට ආපු දෙයක් නිසා. ඒත් ඒක අද වෙනකොට ලොකු දුරක් ඇවිත් තියෙනවා එහෙම තමයි "බොරලුයි ගලයයි" ආරම්භය සිද්ධ වුණේ.
"බොරලුයි ගලයයි" දෙන්නම පිරිමි ළමයි කියලනේ බොහෝ දෙනා හිතන් ඉන්නේ
ඔව්. ඇත්තටම මේක කියන්නම ඕනේ. බොරලුව ගොඩාක් අය හිතන් ඉන්නේ කොල්ලෙක් කියලා. හැබැයි එයා ඇත්තටම කෙල්ලෙක්. මගේ අක්කා තමයි බොරලුට ඉන්නේ. එයා පොඩි කාලේ ඉඳන් ඉන්නේ කොල්ලෙක් විදියයි. ඒ වගේමයි එයා අඳින්න පළඳිනෙත්. ඉතින් එයාව දකිද්දි ගොඩාක් අය අයියා කියලා කතා කරනවා; අපිත් විහිලුවට එයාට එහෙම කතා කරන නිසා ඒක එච්චර හිතුවේ නෑ.
අපි බොරලු ගැනත් කියමු
බොරලුගේ ඇත්ත නම මධාරා දිල්රුක්ෂි. පළමු වසරේ සිට සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනීම් සිදු කළේ ගමේ පාසලේ ඒ බප/කළු හිරණ කනිෂ්ඨ විද්‍යාලයෙන්.
උසස් පෙළ හැදෑරීම සඳහා බප/කළු සාන්ත අන්තෝනී විද්‍යාලයට ගියා. දැන් වයස අවු 24 යි.
එතකොට ගලයාගේ ඇත්ත නම මොකක්ද?
මගේ නම මධුමල් ධනංජය. මගේ වයස අවු 22 යි. පළමු වසරේ සිට උසස් පෙළ දක්වා ගියේ පානදුර මහනාම විදුහලට.
පවුලේ විස්තර කොහොමද?
ගෙදර ඉන්නේ ආච්චි සීයා තාත්තා අම්මා සහ අපි දෙන්නා.
ඇයි "බොරලුයි ගලයයි" වැනි නමක් දැම්මේ
අපි මෙහෙම වැඩක් කලින් ප්ලෑන් කරලා කරන්න හිටිය එකක් නෙමෙයි. හැබැයි අදහසක් තිබ්බා Comedy Concept එකක් පටන් ගන්න.
ඒත් මෙහෙම ජෝක් වීඩියෝ කරමු කියලා හිතුණ දවසෙමයි අපි හැමදේම කළේ. අපි දෙන්නගෙ ආසම කාටූන් එක ගිරිපුර ඇත්තෝ.
ඉතින් ඒ කාටූන් එකේ එන බොරලුයි ගලයයි චරිත දෙකට අපි ගොඩාක්ම ආසයි.
ඉතින් අක්කා තමයි කිව්වේ අපි දෙන්නා බොරලුයි ගලයයි නමින් පටන් ගමු කියලා.
ඒක හොඳයි කියලා හිතුණ නිසා ඒ නමින්ම ඉස්සරහට එන්න හිතුවා.
දැන් කොච්චර කාලයක් ද "බොරලුයි ගලයයි" යූ ටියුබ් නාලිකාව පටන් අරන්
ඇත්තටම 2021 අගෝස්තු මාසේ 04 තමයි අපි Youtube පටන් ගත්තේ. ඒ කියන්නේ දැනට පටන් අරන් මාස 09 යි.
ලැබෙන ප්‍රතිචාර ගැන මොකද හිතෙන්නේ
ඒ ගැන නම් ගොඩක් සතුටුයි. මොකද අපි තැනකට ගියාම අපිව අඳුරගෙන අපිත් එක්ක කතා කරනවා.
ඒ වගේම අපේ වීඩියෝ ක්ලිප් බලන ප්‍රේක්ෂකයන් ගොඩාක් හොඳ කමෙන්ට්ස් දාලා තියෙනවා. ලංකාවේ ඉන්න අය වගේම පිටරට ඉන්න අපේම අයගෙනුත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ නිසා මේක අවස්ථාවක් කරගන්නවා අපිව නරඹන අපිට ආදරේ කරන සියලුම දෙනාට ස්තූති වන්තවෙන්න.
මේ වෙද්දි සබ්ස්ක්‍රයිබර්ස්ලා කීයක් ඉන්නවද?
120,000 ( එක් ලක්ශ විසිදහසක්) මේ වන විට ඉන්නවා. එ වගේම අපිට Youtube Creator award එකත් ලැබුණා.
මේවගේ දෙයක් පටන් ගන්න කලින් කාගෙ ෆෑන්ස්ලද?
ජනයි ප්‍රියයි අයියලා දෙන්නට තමයි ගොඩාක්ම කැමති.
ප්‍රහසන නිර්මාණය කරන්නෙ කවුද ?
අපි දෙන්නම හැමදේම කතා වෙලා තීරණය කරන්නේ. අපි දෙන්නගෙම අදහස් එකතු කරලා තමයි අපේ Comedy ස්ක්‍රිප්ට් එක නිර්මාණය වෙන්නේ.
වැඩියෙන්ම වයිරල් වුණු වීඩියෝ එක මොකක් ද?
"අම්මා මල්ලිව බලාගන්න කියලා මට දීලා ගියාම" කියන වීඩියෝ එක තමයි වැඩියෙන්ම වයිරල් වුණේ
මේ වෙද්දි අක්කගෙ යි මල්ලියි ප්‍රධාන ආදායම් මාර්ගය මේ යූටියුබ් නාළිකාවද?
නැහැ. ප්‍රධාන ආදායම් මාර්ගය Youtube නෙමේ.
මොන වගේ වෘත්තියක ද නියැළිලා ඉන්නේ
පවුලේ ව්‍යාපාරයක් කරගෙන යනවා
යූ ටියුබ් නාළිකාවක් ස්ථාවර වෙන්න පවතින අභියෝග මොනවාද?
වැඩසටහනේ ගුණාත්මක භාවය ඉක්මනටම හදාගන්න එක සහ කාලය කළමනාකරණය කර ගැනීමට තියෙන අපහසුතාව. ඉක්මනින් කොලිටි එක තියෙන නිර්මාණයක් ප්‍රේක්ෂකයන්ට ලබා දෙන එක තමයි අපේ බලාපොරොත්තුව.
ප්‍රේක්ෂකයන් ග්‍රහණය කර ගන්න මොනවගේ දේවල් ද ඉලක්ක කරන්නෙ
අපි එයාලගෙන් අදහස් අහනවා. ඒ වගේම හැම කමෙන්ට් එකක්ම කියවනවා. ඒ ඔස්සේ ප්‍රේක්ෂකයා පෙන්වා දීලා තියෙන වැරදි අඩුපාඩු හදාගෙන ප්‍රේක්ෂකයන් ආස කරන විදියේ හොඳ නිර්මාණශීලි නිර්මාණ කරන්න තමයි උත්සාහ කරන්නේ.
අනාගත බලාපොරොත්තු මොනවාද?
ලොකුම බලාපොරොත්තුව මිනිස්සුන්ගේ ආදරය දිනාගත්තු Youtubers ලා වෙන එක. ඒ වගේම අපි දෙන්නටම ගීත ගායනා කිරීමේ හැකියාව තියෙන නිසා කවදාහරි දවසක සංගීත ප්‍රසංග වේදිකාවක දැවැන්ත පිරිසක් ඉදිරියේ ගීත ගායනා කිරීම අපි දෙන්නගෙම ලොකුම හීනයක්.
රංගනයට ආරාධනාවක් ලැබුණොත්
බොරලු නම් කැමති නැහැ. හැබැයි ගලයා නම් රංගනයට ආරාධනාවක් ලැබුණොත් අනිවාර්යෙන්ම බාරගන්නවා.
මේ ගමන එන්න උදව් කළ අය ඇති
උතුම් විශ්වයටත් අපේ දෙමව්පියන්ට, ගුරුවරුන්ට සහ අපිට නන් අයුරින් උදව් කළ සියලුම දෙනාටත් ඒ වගේම ආදරණීය ප්‍රේක්ෂකයන්ටත් හදවතින්ම ස්තූතියි.