
උදේ, හවස දුම්රිය මගීන් සමඟ කාලය ගත කරන්න පුරුදු වුණ එක ලෙහෙසි පහසු කාර්යයක් නොවෙයි. ඒත් ඔහු ඒ දෙය නිසියාකාරව ඉටු කරයි. එය ඔහුගේ වෘත්තිය ය. එක්තරා දවසක මහරගම දුම්රිය ස්ථානයේ ටෙලි නාට්‍ය රූපගත කිරීමක් සිදු වෙයි. කුඩා කල සිටම කලාවට මහත් සේ ඇලුම් කරන මේ ගැමි තරුණයාට දර්ශනතලයේ දී කලාකරුවන් කිහිප දෙනකු හඳුනා ගන්නට හැකි වේ. ඔවුන් සමඟ හිතවත් වීමෙන් පසු දිනක් නොසිතූ ලෙස තම ජංගම දුරකථනයට ආ පණිවිඩයකින් ඔහුගේ ගමන් මඟ වෙනස් වේ. ඒ ඇමතුම දෙන්නේ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයකු වන චන්ද්‍රරත්න මාපිටිගමයි.
චන්ද්‍රරත්න මාපිටිගම හමුවන මේ තරුණයා රඟපෑමේ වරම් හිමිකර ගනියි. බොරලුගොඩ මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරන කාල වකවානුවේ පාසලේ දීප්තිමත් ශිෂ්‍යයකු ලෙස කැපී පෙනුණේය. ඒ වෙන කිසිවක් නිසා නොවේ, පාසලේ කලා කටයුතුවලට පෙන් වූ දක්ෂතාව හේතුවෙනි. අද මම මේ ඔබට හඳුන්වා දෙන තරුණයා වෙන කවුරුත් නොවෙයි. පසුගිය දින දෙරණ නාළිකාවේ "ලොක්කි" ටෙලි නාට්‍යයේ මුදලාලි ලෙසත් මේ දිනවල ඒ නාළිකාවේ විකාශනය වන "දියණි" ටෙලි නාට්‍යයේ පොලිස් නිලධාරියා ලෙසත් ද චරිත නිරූපණය කරන රෝහණ සේනාරත්නයි.
ඔබව බොහෝ දෙනා හඳුන්වන්නේ ලොකේෂන් රෝහණ කියලයි ඒ ඇයි ?
මගේ ගම වග. මේ ගම හරිම සුන්දර ගමක්. ටෙලි, සිනමා නිර්මාණවේදීන්ට අවශ්‍ය දර්ශන තල ඕන තරම් මගේ ගමේ තියෙනවා. මේ දර්ශන තල සොයා දීම නිසා තමයි මට ලොකේෂන් රෝහණ කියලා නම වැටුණේ. ඒ නමට මම හරි කැමතියි. මොකද හැමෝටම මේ වැඩේ කරන්න බෑනේ. සමහර අය ලොකේෂන් දෙන්නෙ කලාවට තියෙන ආසාව නිසයි. මොනතරම් ප්‍රශ්න ආවත් කලාව නිසා මිනිස්සුන්ගේ සිත සුවපත් වෙනවානේ. ඒක මමත් කර ගන්න ලොකු පිනක් කියලයි මට හිතෙන්නේ. කොහොම නමක් වැටුණත් මම හොඳ වැඩක් කරන නිසා සතුටින් ජීවත් වෙනවා.
ඔබ මේ වන විට නිර්මාණ කීයකට දායක වෙලා තියෙනවද ?
බෝපත් ඇල්ල, ඉසුරු භූ සංක්‍රාන්තිය තමයි මගේ මුල්ම නාට්‍ය. මේ දෙකත් එක්ක නිර්මාණ 40 කට විතර දායක වෙලා තියෙනවා. සිනමා නිර්මාණ 5ක් විතර. ළඟදී අලුත් සිනමා නිර්මාණ දෙකටම දායක වුණා. ප්‍රසාද් සමරතුංග ගේ "තාත්තා" සිනමාපටයටත් ඉන්දීය සිනමා අධ්‍යක්ෂකවරයකුගේ සිනමාපටයකටත් සම්බන්ධ වුණා.
දුම්රිය දෙපාර්තමේන්තුවේ රාජකාරී කරන ගමන් කොහොමද කලා කටයුතුවලට දායක වෙන්නේ ?
මට නාට්‍යයකට හෝ සිනමා පටයක කතා කළොත් රාජකාරී නිවාඩු අනුමත කරගෙන තමයි මම ඒ වැඩ කටයුතුවලට සහභාගී වෙන්නේ. දෙපාර්තුමේන්තුවෙනුත් මට හොඳ සහයෝගයක් දෙනවා. දැනට මම රාජකාරි කරන වග දුම්රිය ස්ථානයේ ස්ථානාධිපති හොඳ සහයෝගයක් දෙනවා.
මේ දිනවල කතාබහට ලක්වන චරිතය මොකක්ද ?
හර්ෂ උඩකන්ද අධ්‍යක්ෂණය කරන "දියණි" ටෙලි නාට්‍යයේ පොලිස් නිලධාරියාගේ චරිතය ගැන කවුරුත් කතා කරනවා. දුම්රිය ස්ථානයට එන සියලු දෙනාම මට විහිළු කරලා යනවා. දුම්රිය දෙපාර්තමේන්තුව අතහැරලා පොලිස් දෙපාර්තමේන්තුවට යයි කියලා. මම හරිම ආසාවෙන් කරන චරිතයක් තමයි මේ චරිතය. ඒ නිසා හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
ඔබ රංගනයෙන් දායක වුණ නිර්මාණ ගැන මතක් කළොත් ?
බෝපත් ඇල්ල, සඳ නොදුටු සඳ, විහඟ ගීතය, බට්ටි, අරුණලු කිරණ, ගිරිකුළ , කළුවර ගෙදර,චක්‍රායුධ, මහතලා හටන, උරුමයක අරගලය, හඳපානාගල, සිත නිවන කතා, පිනි, වසුදා, එක වින්ටන් 2, පූජා, තෙරණි ගීතය, පාරමිතා, සොඳුරු දඩයක්කාරයා, සකුගේ ලෝකය, ලෝක්කි, සහ කොළඹ සන්නිය, උලත් එකයි පිලත් එකයි, පෝරිසාදයා, තාත්තා ගුත්තිල , මේ කරපු නිර්මාණවලින් කිහිපයක්. අලුත් නිර්මාණ කිහිපයක්ම එළියට එන්න තියෙනවා. සමහර නිර්මාණවලට නම් දාලත් නෑ. අනිත් වැඩ කටයුතු සියල්ලම ඉවර කරලා හමාරයි. ඒකාංගික ටෙලිනාට්‍ය හතරකටත් රංගනයෙන් දායක වුණා.
එළිමහන් ප්‍රසංග සමඟ ඔබේ තිබෙන සම්බන්ධතාව මොකක්ද?
මට ගීත ගායනා කරන්න පුළුවන්. ඉතින් මම අවස්ථාවක් ලැබුණාම එළිමහන් ප්‍රසංගවල ගීත ගායනා කරන්න යනවා. වැඩියෙන්ම ඉතින් මම කැමති චන්ද්‍රසේන හෙට්ටිආරච්චිගේ ගීත ගායනා කරන්න තමයි. ඒ නිසා මට හෙට්ටියා කියලත් කියනවා. හොඳ ඇල්බමයක් කරන්න, මගේ බලාපොරොත්තුවකුත් තියෙනවා. මේ දිනවල ඒකට ටිකක් මහන්සි වෙනවා. දැනට ගී පබැදුම් ටිකක් එකතු කරමින් ඉන්නවා. ආර්ථිකමය පැත්ත ගැන ටිකක් හිතන්න ඕනනේ. හෙමිහිට වැඩේ කරගෙන යනවා.
ඔබ රංගනය පිළිබඳ හදාරා තිබේ ද ?
මම මහේන්ද්‍ර පෙරේරාගේ රංග පාඨශාලාවේ රංගකලාව පිළිබඳ පාඨමාලාවක් හදාරලා තියෙනවා. ඒ පාඨමාලාවේදී ගොඩක් දේවල් ඉගෙන ගත්තා රඟපෑම සම්බන්ධයෙන්. ඉදිරියේදිත් මම කලාවට සම්බන්ධ පාඨමාලා කිහිපයක්ම හදාරන්න හිතාගෙන ඉන්නවා.
ඉදිරි පරම්පරාව ගැන ඔබට කියන්න තිබෙන්නේ මොනවාද ?
නව පරම්පරාවේ අය එන්නේ ප්‍රධාන චරිත රඟපාන්නයි. එන සියලු දෙනාටම රඟපැම ගැන මූලික සිද්ධාන්ත ගැනවත් අවබෝධයක් නැතුවයි එන්නේ.
එහෙම ඇවිල්ලා කලාවේ රඳා පැවැත්මක් නෑ. මුලින්ම පොඩි චරිත රඟපාන්න ඕනෑ. තිරය පිටුපස සහ ඉදිරිපස සිදුවන දේවල් හොඳට ඉගෙන ගන්නවා නම් හොඳ පැවත්මක් තියෙනවා.
අලුත් පරම්පරාව ප්‍රවීණයන් කියන දේවල් අහන්න කැමැති නෑ. ඒ සියලු දෙනාම ආවා ගිය අය වෙනවා.
එහෙම වුණොත් මේ කලාවටත් පැවැත්මක් නැති වෙනවා. ඒ නිසා මම නම් කියන්නේ හොඳට ඉගෙන ගෙන මේ ගැන අවබෝධයෙන් එන්න කියලයි.
රෝහණට පවුලෙන් ලැබෙන සහයෝගය ගැන කියන්න කැමතිද ?
මගේ බිරිය මට හොඳ සහයෝගයක් දෙනවා. ඒ වගේම මගේ දරුවන් තුන් දෙනාත් මගේ රසිකයෝ වෙලා ඉන්නේ. ඒ නිසා ඔවුන් මගේ වැරැදි පෙන්වලා දෙනවා. මම චරිතය ගැන හොඳට අවබෝධ කරගෙනයි කරන්නේ. මේ ගමන යන්න නම් මට ඔවුන්ගෙන් සහයෝගය අනිවාර්යෙන්ම ඕනේ. එය නොපිරිහෙලා ඉෂ්ට සිද්ධ වෙනවා.
ඔබේ ඉදිරි බලාපොරොත්තු මොනවාද ?
මට මේ තැනට එන්න උදව් කරපු සියලු දෙනාටම මම මේක ස්තුති කරන්න අවස්ථාවක් කර ගන්නවා. ඒ වගේම මම ගොඩක් කැමති ගැමි චරිත රඟපාන්නයි. මොකද ගමේ හැදිච්ච, වැඩිච්ච මනුස්සයෙක් හින්දා ඉදිරි නිර්මාණවල දී එවැනි චරිත ලැබෙනවා නම් මං ගොඩක් සතුටුයි. ඒ වගේම මම කරන රාජකාරියත් කරගෙන සතුටින් පවුලත් සමඟ ජීවත් වෙලා මේ කලා කටයුතුවලට සම්බන්ධ වෙන්න තමයි අදහස් කරගෙන ඉන්නේ.