හිත හිරිවැටෙන්න කලින් අත් හිරිවැටීම් වළක්වා ගන්නේ මෙහෙමයි | Page 2 | සිළුමිණ

හිත හිරිවැටෙන්න කලින් අත් හිරිවැටීම් වළක්වා ගන්නේ මෙහෙමයි

කාපල් ටනල් සින්ඩ්‍රොම් රෝගය පිරිමි පාර්ශ­්වයට සාපේක්ෂව තුන් ගුණයකින්  කාන්තා පාර්ශ්වය අතර ඇතිවීමේ ප්‍රවණතාව වැඩියි

ප්‍රතිකාර ක්‍රමවේද අතරෙන් ශෛල්‍ය කර්ම ප්‍රතිකාරවලට යාමට වඩා හෝමියෝපති ඖෂධ ප්‍රතිකාර වඩා ස්ථීරසාර ප්‍රතිඵල ලබාදීමට සමත් වී ඇති බව වෛද්‍යවරු පවසති

 

අත් පා හිරිවැටීම කියන්නෙ ඕනෑම කාන්තාවක් අත්විඳ ඇති වේදනා තත්ත්වයක්. ඇතැම් විට මෙම සාමාන්‍ය වේදනාවන් ඔබ මගහරිනවා ඇත. එහෙත් එය දීර්ඝකාලීනව පැවතීම ඔබගේ සාමාන්‍ය ජීවිතයේ වැඩකටයුතු වලට බාධාවක් වනු ඇත. මෙම අත් හිරිවැටීම කාපල් ටනල් සින්ඩ්‍රොම් (Carpal tunnel syndrome) ලෙස හඳුන්වයි. අද අපගේ සිළුමිණ රසඳුන වෛද්‍ය සාකච්ඡාවේ මෙම රෝගය ගැන කරුණු පහදා දෙන්නේ හෝමියෝපති වෛද්‍ය සභාවේ සභාපති වෛද්‍ය අශාන් තිලංකයි.

 

මැණික් කටුවේ පහළ කොටස හිරි වැටීම කාපල් ටනල් සින්ඩ්‍රොම් රෝගය ලෙස හඳුන්වයි. අස්ථි හා කාටිලේජ වලින් සෑදී ඇති මැණික් කටුව ඇතුළත කුහරය තුළින් අතට යන ස්නායු ගමන් කරනු ලබයි. මෙම කුහරයේ තිබෙන ස්නායු සිරවූ හෝ තද වූ විට අතේ හිරිය හටගනී.

ප්‍රධාන වශයෙන් මෙසේ මධ්‍ය ස්නායුව මත පීඩනයක් ඇති වීමෙන් අත්හිරිවැටීම නැතිනම් කාපල් ටනල් සින්ඩ්‍රොම් රෝගය ඇතිවෙයි. කාපල් ටනල් සින්ඩ්‍රොම් රෝගය පිරිමි පාර්ශ්වයට සාපේක්ෂව තුන් ගුණයකින් කාන්තා පාර්ශ්වය අතර ඇතිවීමේ ප්‍රවණතාව වැඩි බව ද වෛද්‍යවරුන් පවසයි. එනම් මෙහි එන රෝග ලක්ෂණ දැන හඳුනාගෙන සිටීම කාන්තා ඔබට අත් හිරිවැටීම රෝගයෙන් පාලනය වීමට හා රෝගයේ දරුණු අවස්ථාවන් මගහරවා ගැනීමට උපකාරි වේ.

 

• අතෙහි ඇඟිලි හිරිවැටීම.

• අතෙහි ඇඟිලි පොපියන ස්වභාවයක් ගැනීම.

• අතෙහි ඇඟිලිවල දැවිල්ලක් හා

කැසිල්ලක් ඇතිවීම.

• අතෙහි විදුලිසැරයක් ලෙස ක්ෂණිකව

ඇතිවන වේදනා තත්වයන්.

• යම් දෙයක් තදින් ඇල්ලීමේදි අත් හිරිවැටී වැඩි වේලාවක් එම ක්‍රියාවේ යෙදී සිටීමට

නොහැකි වීම.

• උදෑසන අවදි වන විට අත් හිරිවැටී තිබීම.

• අතෙහි ශක්තිය දුර්වල වීම.

• අත් වල සිට උරහිස දක්වා හිරිවැටීම.

 

එනම් අත්වල මෙවැනි හිරිවැටීම් ඇති වීමට බලපාන හේතු සාධක විවිධාකාර වේ. බොහෝ විට එකම ඉරියව්වකින් සිට ක්‍රියා කරන රැකියා ආශ්‍රිත නිරත වන කාන්තාවන් අතර මෙම කාපල් ටනල් සින්ඩ්‍රොම් රෝගය සුලබව දක්නට ලැබේ. පරිගණක ආශ්‍රිත යතුරුකරන කටයුතුවල නිරතවන්නන්, බේකරි වල පිටි අනන කාන්තාවන්, ඇඳුම් මසන කාන්තාවන්, සංගීත භාණ්ඩ වාදනය කරන්නන්, දවස පුරා ලියන කියන වැඩවල නිරතවන්නන් ද ඒ අතර වේ.

මීට අමතරව අධික තරබාරුව, රූමටයිඩ් ආතරයිටීස්, තයිරොයිඩ් ඌනතා රෝගීන් හා ගර්භණී කාන්තාවන්ටද කාපල් ටනල් සින්ඩ්‍රොම් රෝගය ඇතිවීමේ ප්‍රවණතාව වැඩි කාන්තාවන් අතරට එක් වේ. ඔබේ පවුලේ මව හෝ පියාට මීට පෙර මෙම රෝග තත්ත්වයන් තිබී ඇත්නම්, මැණික් කටුව අත පනින කාන්තාවන්, මීට පෙර අත කැඩුණ කාන්තාවන්ද මෙම රෝගය ඇතිවීමේ අවදානම් ඛාණ්ඩ අතරට අයත්. කාපල් ටනල් සින්ඩ්‍රොම් රෝගය ඇතිවීම තුළින් ඔබගේ සාමාන්‍ය ජීවිතයට බාධා ගෙන දෙයි.

අත් මඟින් ක්ෂණිකව යමක් කිරීමට අපහසු වීම, ඇඟිලිවල සංවේදිතාව නැති වී යාම ඒ අතර ප්‍රධාන වේ. එනම් නිසි අවස්ථාවේදීම රෝගය හඳුනාගෙන ප්‍රතිකාර කිරීම මඟින් රෝගය මුළුමනින්ම සුව කර ගැනීමට හැකියාව පවතී.

ප්‍රතිකාර ක්‍රමවේද අතුරින් ශෛල්‍යකර්ම ප්‍රතිකාරවලට යාමට වඩා හෝමියෝපති ඖෂධ ප්‍රතිකාර වඩා ස්ථීරසාර ප්‍රතිඵල ලබාදීමට සමත් වී ඇති බවත් වෛද්‍යවරුන් පවසයි. හෝමියෝපති ප්‍රතිකාර මාස 3,4ක් ලබාගැනීමෙන් අත් හිරිවැටීම නැතිනම් කාපල් ටනල් සින්ඩ්‍රොම් රෝගය මුළුමනින්ම සුව වේ.

රෝගයෙන් පාලනය වීමට නම්,

• එකම ඉරියව්වක සිට සිදු කරන ක්‍රියාවන් අවම කර ගැනීම.

• ගේදොර කටයුතු වල නිරතවීමේදී එකම ක්‍රියාවක් වැඩි වේලාවක් සිදු කිරීමෙන් වළකින්න. (උදා:එකවර විශාල රෙදි ප්‍රමාණයක් සේදීම)

• නිරන්තරයෙන් මැණික් කටුව සෘජුව තබා ගැනීම.

• අත් නිතර උණුසුම්ව තබා ගැනීම(උදෑසන අවදී වූ විට අත් දෙක උණු වතුරේ මඳ වෙලාවක් බහාගෙන සිටින්න.

 

Comments