ඒ කොටසේ ශූරතාව පාණදුර ශ්‍රී සුමංගලයන්ට
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ දෙවැනි පෙළ ක්‍රිකට් තරගාවලියේ ඒ කොටසේ ක්‍රිකට් ශූරතාව පිට පිට දෙවැනි වතාවටත් දිනා ගැනීමට පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සමත් විය.
කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය සමග කොළඹ බී. ආර්. සී. පිටියේ දී පැවැති අවසන් මහා තරගයෙන් සුමංගල විද්‍යාලය කඩුලු 7ක ජයග්‍රහණයක් වාර්තා කළේ ය. මෙම කොටසේ පසුගිය වසරේ ද ශූරයන් වූයේ සුමංගල විද්‍යාලයයි.
තරගාවලියේ අවසන් පූර්ව වටයේ දී කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව කඩුලු 3ක ජයග්‍රහණයක් වාර්තා කළ ශ්‍රී සුමංගල විද්‍යාලය ද අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයට එරෙහිව තරගය විසඳුමකින් තොර වූව ද කණ්ඩායම ලබා ගත් දළ ලකුණු වේගය අනුව අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සාන්ත සෙබස්තියන් විද්‍යාලය ද සමත් වූයේ ය.
අවසන් තරගයේ ලකුණු පුවරුව
සාන්ත සෙබස්තියන් විද්‍යාලය ; සියලුම දෙනා දැවී 66 (29.3) නිමේෂ් මධුශංක 16, සෙනුර දිමල් 13, රසික දිල්ශාන් 2/12, හේෂාන් කාවින්ද 2/14, විෂ්ව ලහිරු 3/19
ශ්‍රී සුමංගල විද්‍යාලය ; කඩුලු 3ක් දැවී 67 (14.5) දුරංක සිල්වා 26, විශ්ව ලහිරු නොදැවී 14, ගයාන් හර්ෂන 3/09
************************
කුලරත්න - තක්ෂිලා සම ශූරයන් වේ
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ බී කාණ්ඩයේ තරගාවලියේ අවසන් මහා තරගය වර්ෂාව හේතුවෙන් එකඳු පන්දුවක් හෝ නොයවමින් නතර කිරීමට සංවිධායකන්ට සිදු විය.
කොළඹ බී. ආර්. සී. පිටියේ දී පැවැත්විමට නියමිතව තිබූ මෙම තරගය මේ හේතුව මත නතර වීමත් සමගින් අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විද්‍යාලය සහ හොරණ තක්ෂිලා විද්‍යාලය සම ශූරයන් ලෙසින් නම් කෙරුණි.
පළමු අවසන් පූර්ව තරගය
මෙම තරගය අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විද්‍යාලය සහ කෝට්ටේ ජනාධිපති විද්‍යාලය අතර දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ දී පැවැති අතර එහි නිමා ව සටහන් වූයේ විසඳුමකින් තොරව අවසන් වූ තරගයක් ලෙසිනි.
ලකුණු පුවරුව
ජනාධිපති විද්‍යාලය ; සියලුම දෙනා දැවී 81 (32.3) දිනාල් ඉඳුවර 21, තාරුක තෂ්මින් නොදැවී 20, කවීෂ සත්සර 3/17, ලශීන් වනිඳු 3/28, ධනුශ්ක මධුශංක 3/01
පී. ද එස්. කුලරත්න විද්‍යාලය ; කිසිවෙක් නොදැවී 24 (6.1) හිරුෂ දෙව්මික නොදැවී 9, මහීෂ ප්‍රභාෂන නොදැවී 4
කෙසේ වෙතත් තරගාවලිය පුරා පැවැති තරගවල දී දළ ලකුණු ලබා ගැනීමේ වේගය මත පී. ද එස්. කුලරත්න විද්‍යාලය අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තේ ය.
දෙවැනි අවසන් පූර්ව තරගය
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය සහ හොරණ තක්ෂිලා විද්‍යාලය අතර දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයෙන් බණ්ඩාරනායක විද්‍යාලයට එරෙහිව ලකුණු 16ක ජයග්‍රහණයක් වාර්තා කළ හොරණ තක්ෂිලා ක්‍රීඩකයෝ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්හ.
ලකුණු පුවරුව
තක්ෂිලා විද්‍යාලය ; කඩුලු 8ක් දැවී 154 (50) දේශාන් දිල්මිත් 22, රන්දෙව් සෙනෙවිරත්න 20, චමෝද් මිහිරාන් 40, චරිත් හර්ෂණ නොදැවී 23, දුලාන් රණසිංහ 4/25
බණ්ඩාරනායක විද්‍යාලය ; සියලුම දෙනා දැවී 138 (41.3) දිනුජ හෙට්ටිආරච්චි 23, මනිඳු හේරත් 37, නවෝද්‍ය ගිම්හාන 2/31, චිරන්ත දෙව්රුවන් 4/37, රන්දෙව් සෙනෙවිරත්න 4/07
ජගත් ප්‍රේමචන්ද්‍ර