සුදත් වික්‍රමාරච්චි සාමදාන විනිසුරු පදවි ලබති | සිළුමිණ

සුදත් වික්‍රමාරච්චි සාමදාන විනිසුරු පදවි ලබති

මාතර පාලටුව පදිංචි දේශමාන්‍ය සුදත් වික්‍රමාරච්චි අධිකරණ අමාත්‍ය අලි සබ්රි විසින් මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි සාමදාන විනිශ්චයකාරවරයෙකු ලෙස පත් කොට ඇත. මොරටුව විශ්වවිද්‍යාලයෙන් උසස් රෙදිපිළි නිමැවුම් තාක්ෂණය හා ඇඟලුම් පිළිබඳ උපාධි ලත් සුදත් වික්‍රමාරච්චි නවදිල්ලියේ ශ්‍රීමත් ජවහර්ලාල් නේරු අනුස්මරණ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිධාරියෙකි. 2005 - 2010 කාලසීමාවේදී ජාතිය ගොඩනැගීමේ අමාත්‍යාංශයේ උපදේශකවරයෙකු වශයෙන් කටයුතු කර ඇති හෙතෙම 2010 - 2015 කාලසමයේදී මහාමාර්ග අමාත්‍යාංශයේ ජනාධිපති උපදේශකවරයෙක් වශයෙන් කටයුතු කර ඇත.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නිකාය ආරක්ෂක සභාව, කොළඹ රොටරි සමාජය ඇතුළු තවත් සමිති සමාගම් රැසක නිලතල දරා ඇති සුදත් වික්‍රමාරච්චි වර්තමානයේ අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වශයෙන් කටයුතු කරයි. ඔහු බෙලිඅත්ත මූලික රෝහල ඇතුළු රෝහල් කිහිපයක වෛද්‍ය අධිකාරිවරයා වශයෙන් සේවයකොට නැසීගිය දොස්තර වෙලින්ටන් වික්‍රමාරච්චිගේ එකම පුත්‍රයා වේ.

Comments