
කොමඩ් භාවිතයෙනුත් සමහර සමාජ රෝග බෝවෙන්න පුළුවන්
බහුතරයක් ආසාදිතයන් කිසිදු රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නෑ
ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනයන් මුලසිට හඳුනාගෙන ප්‍රතිකාර කිරීම ඉතා වැදගත්
සමලිංගික ප්‍රජාව අතර මේ රෝග බහුලයි
කාන්තාවන් ලිංගික සෞඛ්‍ය ගැන කතා කරන්න ඇයි ලැජ්ජ? එයට හේතුව සාම්ප්‍රදායික මිත්‍යා ආකල්පද? එසේ නම් අපගේ විශේෂඥ වෛද්‍ය ලිපිය ඔබට බෙහෙවින් උපකාරී වේ. සමාජ රෝග යන්න කාන්තාවන් තුළ ලිංගික සෞඛ්‍ය පිළිබඳ ඇති නොදැනුම්වත්කම මෙන්ම අනිසි ලැජ්ජාව නිසා සඟවා සිටින රෝග කාණ්ඩයකි. ඒ නිසා කුරුණෑගල ශික්ෂණ රෝහලේ ලිංගික සෞඛ්‍ය හා එච්. අයි. වී. ඒඩ්ස් පිළිබඳ විශේෂඥ වෛද්‍ය චිත්රාන් හතුරුසිංහ සමාජ රෝග ගැන පොදු පාඨක ප්‍රජාව නොදන්නා දේ මෙසේ සිළුමිණ රසඳුන හා පැවසුවේය.
සමාජ රෝග කියා දෙයක් නොමැත. මෙය වැරදි ව්‍යහාරයකි. නූතන ලෝකයේ භාවිත වන්නේ ලිංගිකව හා සමලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන යනුවෙනි.
බහුතරයක් ආසාදිතයන් කිසිදු රෝග ලක්ෂණ පෙන්නුම් නොකරයි. එහෙත් අසාමාන්‍ය යෝනි ශ්‍රාවය, යෝනි මාර්ගය අවට කැසීම්, යටි බඩෙහි කොරයක් හට ගැනීම, ලිංගිකව එක් වීමෙදී වේදනාවක් දැනීම මෙන්ම අසාමාන්‍ය රුධිරවහනය වැදගත් රෝග ලක්ෂණ.
ඒ වගේම ලිංගික ප්‍රදේශ ආශ්රිත තුවාල, කුෂ්ට, ඉන්නන් ආදිය ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගවල ලක්ෂණ අතර වේ.
විශේෂයෙන් රෝග ලක්ෂණ පැවතියත් නැතත් මෙවැනි රෝගයක් ඇති බවට යම් සැකයක් ඇත්නම් වෛද්‍ය සහාය ලබා ගන්න. ලිංගික සෞඛ්‍ය සායන සඳහා යොමු වීමට අනිසි ලෙස ලජ්ජාවක් හෝ බියක් ඇති කර නොගන්න. ඔබේ පැරණි ආකල්ප වෙනස් කර ගන්න. ලිංගික සෞඛ්‍ය යන්නද අපගේ මූලික සෞඛ්‍යයේ කොටසක්.
අධි අවධානම් ඛාණ්ඩ මොනවද?
සමලිංගික ප්‍රජාව (කාන්තා මෙන්ම පිරිමි), වෘත්තීය ලිංගික සේවිකාවන් මෙන්ම සේවකයන්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්, ලිංගික සංක්‍රාන්ති පුද්ගලයන්, ලිංගික සේවාවන් සපයන වෙරළ ආශ්රිත ළමුන් සහ තරුණයන් (Beach boys),සිරකරුවන් ප්‍රධාන අවධානම් ඛාණ්ඩ අතර වේ. එමෙන්ම තාරුණ්‍යයේ පසුවන්නන්, විදෙස්ගත ශ්‍රමිකයන් මෙන්ම සහකරුවන් එක් අයකුට වඩා ඇසුරු කරන්නන්ද අවධානම් ගනයට වැටේ.
සුලබව දක්නට ලැබෙන ලිංගික සම්ප්‍රේෂණ ආසාදන වර්ග
ලිංගික ඉන්නන්, හර්පීස්, උපදංශය, ගොනෝරියා, කැමීඩියා සහ ගොනෝරියා නොවන මුත්‍රා ප්‍රධාහය, බැක්ටිරියල් වැජිනෝසියාව වැනි රෝග නම් කළ හැකිය. එමෙන්ම එච්.අයි.වී ආසාදනයද ලිංගිකව සම්ප්‍රේශණය වන රෝග අතර වෙනමම කතා කළයුතු මාතෘකාවකි.
කොමඩ් භාවිතයෙන් මෙම රෝග බෝවීමේ මතය පිළිබඳ සත්‍යතාව කුමක් ද?
ඉතා කලාතුරකින් එසේ ආසාදනය විය හැකි ට්‍රයිකෝ මොනෝසියාව වැනි රෝගයක් හැරුණුවිට දරුණු ලිංගික සම්ප්‍රේෂණ ආසාදන මෙමඟින් බෝ නොවෙයි.
ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග පිළිබඳ දැනුම්වත් වීමේ ඇති වැදගත්කම
ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන යන්න ඔබගේ මූලික සෞඛ්‍යයේ එක් අංගයක්. කාන්තාවක් ලෙස එම මූලික සෞඛ්‍ය පිළිබඳ දැනුම්වත් වීම ඉතා වැදගත්. ශ්‍රී ලංකාව වැනි රටක මෙම ලිංගික සෞඛ්‍ය ගැන කතා කිරීමට අනිසි බියක් හා ලජ්ජාවක් කාන්තාවන් ඇති කරගෙන සිටී.
ඒ සාම්ප්‍රදායික මිත්‍යා අදහස්වලින් මිදිය යුතුය. ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනයෙහි දරුවන්ට නිර්දේශිත මෙම ලිංගික සෞඛ්‍ය පාඩම් ද නිවැරදිව ගුරුවරුන් ඉගැන්වීමට නොපෙලඹේ. එමඟින් කුඩා කල සිටම දරුවන්ට ලිංගික සෞඛ්‍ය පිළිබඳ දැනුම්වත්භාවයක් නොමැත. ඔවුන් තුළ ඇත්තේ ඒ පිළිබඳ කුතුහලයක් පමණි. මෙම අධ්‍යාපනය කුඩා කල සිටම ලබාදීමෙ
න් අනාගතයෙදී ඔවුනට සිදුවන ලිංගික අපයෝජනයන් ද අවම කර ගැනීමට හැකි වීම, වැරදි පෙලඹවීම්වලට ගොදුරු වීමෙන් මුදවා ගැනීමට ද හැකියාව පවතී. එම නිසා පළමුව පාසල් විෂයේ නිර්දේශිත ලිංගික සෞඛ්‍ය පාඩම් හරිහැටි ඉගැන්වීම වඩා සුදුසුය.
ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනයන් මුලසිට හඳුනාගෙන ප්‍රතිකාර කිරීම ඉතා වැදගත්. නැතිනම් පසුකාලීනව රෝගය තීව්ර වී දරුණු සංකූලතාවලට ගොදුරු වීමට පුළුවන. ලිංගික සම්ප්‍රේෂණය ආසාදන ඇති කාන්තාවන්ගෙන් තම දරුවන්ටද රෝග සම්ප්‍රේෂණය වේ. කාන්තාවන් මඳසරුභාවයට පත්වීම, විකෘති දරුවන් ඉපදීම වැනි සංකූලතාද ඒ අතර වැදගත් වේ.
ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන ඇති අයකුට පසුකාලීනව හෘදයරෝග, වකුගඩු අක්‍රිය වීම, ස්නායු ගත ආබාධ, අන්ධභාවයට පත්වීම, අස්ථි ආබාධ වැනි දරුණු සංකූලතාද ඇතිවිය හැකිය.
මෙම සංකූලතාද විශාල පරාසයන් දක්වා විහිද යයි.
ඔබේ නොදැනුම්වත්කම සහ ලැජ්ජාව හේතුවෙන් යට යන මෙම ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන තත්ත්වයන් කලකදී ඔබ ඔබවම දරුණු රෝගියකු බවට පත් කරයි. ප්‍රමාදය පසුතැවීමට හේතුවයි. මුල් අවස්ථාවෙදීම රෝග ලක්ෂණ සඳහා අවශ්‍ය වෛද්‍ය උපදෙස් ප්‍රතිකාරවලට යොමු වන්න.
ඒ සඳහා රජයේ මූලික රෝහල් වලින් ඔබට නොමිලේම වෛද්‍ය සායන ලබාගත හැකිය. වෛද්‍යවරයකු ළඟට ගොස් ඔබේ මූලික සෞඛ්‍ය ගැටලු විසඳා ගන්න පසුබට නොවන්න. ඔබේ යල්පැන ගිය සාම්ප්‍රදායික ආකල්ප බැහැර කරන්න. වර්තමානයේ නවීන වෛද්‍ය තාක්ෂණ හා නවීන ප්‍රතිකාර ක්‍රම ඔබගේ ගැටලු සම්පූර්ණයෙන් විසඳාගත හැකිය. එමඟින් ඔබේ ජීවිතය යහපත් සෞඛ්‍යකින් යුතුව නිදහසේ පවත්වා ගැනීමට අවස්ථාව උදාකර දෙයි.