
සම්මානලාභීන්ගේ කතා ඔබ සැම එක්ව පැලැන්ඳූ මේ කිරුළ ලොකු වගකීමක්2021 වර්ෂයේ වසරේ නැඟී එන නළුවා 'පෝර්ක් වීදිය' හි දේව් - සංගීත් ප්‍රභූ
'රයිගම් ටෙලීස් 2020 - 2021' සම්මාන උලෙළේ 2021 වර්ෂයේ වසරේ නැඟී එන නළුවාට හිමි සම්මානය මා හට හිමි වූ අතර ඒ වෙනුවෙන් මුලින්ම රයිගම් ආයතනයටත්, ජූරි සභාවටත් මගේ කෘතවේදීත්වය පිරිනමනවා.
'පෝර්ක් වීදිය' ටෙලිනාට්‍යය වෙනුවෙන් මා කෙරෙහි විශ්වාසය තබා මා තෝරාගත් සලින්ද රත්නායක අධ්‍යක්ෂවරයාටත්, අසංක සායක්කාර තිර කතාකරුට මෙන්ම රාජ් නිෂ්පාදකතුමන්ටත් මෙය ස්තූතිවන්ත වීමට අවස්ථාවක් කරගන්නවා. ඒවගේම අසීමිත ආදරයෙන් මා සැමදා පොහොසතෙක් කරන මගේ ආදරණීය ප්‍රේක්ෂකාගාරයටත්, මේ සම්මානය වෙනුවෙන් මා සමීප කිරීමට දිරියක් ශක්තියක් වෙමින් වචනයෙන් සිතුවිල්ලෙන් හෝ දායක වූ සැමදෙනාටත් මා මගේ ආදරය දක්වනවා. මේ සම්මානය වෙනුවෙන් මා සමඟ නිර්දේශ වූ අනෙක් සහෝදර ශිල්පීන් දෙපළටත් ජයග්‍රාහී අනාගතයක් ප්‍රාර්ථනා කරන අතර ඒ සම්මාන උලෙළේ සම්මානිත වූ, නිර්දේශ ලද මගේ සියලු සහෝදර කලාකරුවන් හට ද සුබ පැතුම් එක් කිරීමට මෙය අවස්ථාවක්. සම්මානයට පෙර නිර්දේශ වීමත් සම්මානයක් සේම බරැති ගෞරවයක් සේ පැතූ මා හට ඔබ සැම එක්ව පැලැන්ඳූ මෙම කිරුළ ලොකු වගකීමක්.
ටෙලිනාට්‍ය රංගනයක් වෙනුවෙන් මා ලද පළමු ඇගයීම මෙයයි 2020 වසරේ නැඟී එන නිළිය තණමල්විල කොල්ලෙක් හි සුලෝ - තිලක්ෂණී රත්නායක
තණමල්විල කොල්ලෙක් ටෙලි නාට්‍ය වෙනුවෙන් මා හට ලැබුණ මේ සම්මානය මගේ රංගන ජීවිතය තුළ සුවිශේෂී මොහොතක්.
ටෙලිනාට්‍ය රංගනයක් වෙනුවෙන් මා ලද පළමු ඇගයීම මෙයයි. එය තණමල්විල කොල්ලෙක් හි සුලෝ චරිතය වෙනුවෙන් වීමත්, ප්‍රේක්ෂකයන් දැඩි ලෙස ආදරය කරන, ප්‍රතිචාර දක්වපු චරිතයක් වෙනුවෙන් විනිශ්චය මණ්ඩලයක් හරහා ද ඇගයීමක් ලැබුණ එක පිළිබඳව නිහතමානිව සතුටු වෙනවා.සම්මානයක් හැම මොහොතකම එය ලබන කලාකරුවා සේම අනෙක් සමකාලීන කලාකරුවන් හා කලාවේ යෙදෙන්නන් හට තමන් නිරත වෙන කාර්ය නිවැරදිව කරගෙන යෑමට උත්තේජනයක් ලබාදෙනවා. මා හටද එය එසේමයි. උසස් ප්‍රේක්ෂක රසවින්දනයක් වෙනුවෙන් නිර්මාණකරණයේ යෙදෙන රොෂාන් අයියා ප්‍රමුඛ තණමල්විල කොල්ලෙක් කණ්ඩායමට මගේ ආදරය ස්තුතිය පළ කරනවා. සම්මානයෙන් පිදුම් ලැබූ සියලුම කලාකරුවන් මාධ්‍යකරුවන් ට සුබ පැතුම් එකතු කරනවා.
මේ රංගනය වෙනුවෙන් ලැබුණු දස වැනි සම්මානයයි වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහය නිළිය - 2020 තණමල්විල කොල්ලෙක් හි අක්කා - සුලෝචනා වීරසිංහ
රඟපෑම මට හැම තත්පරයකදීම අභියෝගයක්. මම විසින් මාවම අභියෝග කරන මේ අපූරු විෂයට මම මාර කැමතියි. මෙතෙක් මා සිය නිර්මාණ සඳහා තෝරා ගත් නිර්මාණකරුවන්ට වගේම මා සමඟ එහිදී රංගනයෙන් එක්වූ සියලුම රංගන ශිල්පීන්ට මෙන්ම අනෙකුත් ශිල්පීන්ටත්, තණමල්විල කොල්ලෙක් හි ලොක්කීගෙ චරිතෙට මාව තෝරාගත් රොශාන් අයියාටත් මා සමඟ රංගනයෙන් එක්වූ සියලුම සහෝදර ශිල්පීන්ටත් ,කණ්ඩායමටත් උදක්ම ස්තුතිවන්ත වෙනවා මාගේ රංගනය සාර්ථක කරගැනීමට පාර්ශ්වකරුවන් වීම සම්බන්ධයෙන්. කැමතිදේ විතරක්ම කරන්න අසීරු මොහොතක,කාල අවකාශෙක ඒ දේම කරන්න යම් උත්තේජනයක් මේ වගේ සම්මානවලිනුත් ලැබෙනවා. ස්තුතියි මගේ රංගනය ඇගයීම සම්බන්ධයෙන්.
කැපවීම විශ්වාස කරන අයට ආශ්චර්යයන් සිදු වෙනවාමයි 2020 වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශක (සිංහල) - තනූජා ජයවර්ධන
අවුරුදු 23ක මාධ්‍ය ජිවිතේ තුළ මේ මම දෙවන වරට විශිෂ්ටතම සම්ප්‍රවේශක ලෙස ලබා ගත් රයිගම් ටෙලීස් සම්මානය .
ජාතික රූපවාහිනියට මම ස්තූතිවන්ත වෙනවා තාල භාෂණ සහ අපේ සිංදුව වැඩසටහන් සාර්ථකව කරගෙන යන්න මට දීපු සහයෝගයට.
හිටපු සභාපතිනී ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද මහත්මිය තමා මට තාල භාෂණ වැඩසටහනට ආරාධනා කළේ. හිටපු අධ්‍යක්ෂක ජෙනරාල් අජිත් නාරගල මහතා මට අපේ සින්දුව සඳහා ආරාධනා කළා. මාවෝ ලක්ෂිත සහ රවී අබේවික්‍රම අධ්‍යක්ෂකවරුන්ටත් මම හුඟාක් ස්තූතිවන්ත වෙනවා.
මට ඕනේ වුණේ ලංකාවේ සජීවී Talk show සංකල්පය ඊළඟ තලයට අරන් යන්න. මම මේ වැඩසටහනේ මේ වෙනකොට මේ රටේ ප්‍රවීණ ජනප්‍රිය ආධුනික කලා ශිල්පීන් සහ විවිධ ක්ෂේත්‍රවල ආරාධිතයන් 650කට ආසන්න පිරිසක් සමඟ සම්මුඛ වෙලා තියෙනවා. ඒ හැම කෙනෙක්ටම මම කිව්වේ ජීවිතෙන් පෙත්තක් මේ වැඩසටහනේ දී බෙදා ගන්න කියලා. මගේ ප්‍රශ්න කිරීම් ඇතුළෙ තිබ්බේ ඒ අයගේ අධ්‍යයනයන්. ඒ අය කලාව පෝෂණය කරපු විදිහයි මම කතා කළේ.
සුභාවිත ගීතය විසිඑක්වෙනි සියවසේ පරම්පරාවට සම්ප්‍රේෂණය කරන එක තමා ධම්මික බණ්ඩාර මහතා සමඟ රසවින්දනය තුළින් අපේ සින්දුව හරහා කරන්නේ. තුවාල වුණ සමාජය සුවපත් කරන්න හිත් සුවපත් කරන්න ගත්ත උත්සාහයක් ඒක.
මේ මට ලැබුණු පළමු සම්මානය ජූරියේ කුසලතා සම්මානය - 2021 වලවෙට්ටුවාහි ආදී ලෙස රඟපෑ - චමීර ලියනගේ
මම සම්මානිත වූ පළමු අවස්ථාව මෙය. මම වලවෙට්ටුවාහි රඟපෑ ආදීගේ චරිතයට තමයි මට ජූරියේ කුසලතා සම්මානය - 2021 හිමිවුණේ. මම 2017 දී සහ 2020 දී නිර්දේශ වුණා නැඟී එන නළුවට. මම කලා ජීවිතේ පටන් අරන් අවුරුදු 11ක් වෙනවා. මේ කාලයටම මට ලැබුණු පළමු සම්මානය. ඒ නිසා රයිගම් සම්මාන උලෙළට ස්තුතිවන්ත වෙනවා අපිව අපේ හැකියාවන් මෙලෙස ඇඟයීම ගැන. ඒ වගේම වලවෙට්ටුවාහි ආදීගේ චරිතයට මාව තෝරා ගැනීම ගැන රනිල් කුලසිංහ අයියට මේ මොහොතේ ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ වගේම කැමරාකරණය කරපු ලක්මාල් අයියා වගේම අංගරචනය කළ මනු මට ගොඩක් ලොකු සහයෝගයක් ලබා දුන්නා චරිතය ගොඩනඟා ගන්න. ඒ සහයෝගය නිසා තමයි මම චරිතයට සාධාරණයක් කරන්න පුළුවන් වුණේ. ඒ නිසාම වෙන්න ඕනේ මගේ චරිතයට විනිශ්චය මණ්ඩලයේ අවධානය යොමු වුණේ. ඉතින් ගොඩක් සතුටුයි මේ විදියට සම්මාන ලැබීම ගැන. මෙතෙක් මාව නිර්මාණවලට සම්බන්ධ කර ගත්ත හැම නිර්මාණකරුවෙක්ටම සහ මගෙත් එක්ක රංගනයේ යෙදුණු හැම සහෝදර රංගන ශිල්පින්ටම මම ස්තුතිවන්ත වෙන්නත් මම මෙය අවස්ථාවක් කර ගන්නවා.
ලොකු වගකීමක් අතට දුන්නා වගේ හැඟීමක් ආවා වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍යය සහාය නිළිය - 2021 සකර්ම හි දෙවැනි ලෙස රඟපෑ - අනුරාධා එදිරිසිංහ
මම රංගනයට ඇවිත් වසර 8ක් වගේ කාලයක් වෙනවා. මේ කාලය තුළ සම්මාන උලෙළකට මගේ නම නිර්දේශ වුණු පළමු අවස්ථාව. මේ වතාවේ සම්මානය මට ලැබෙයි කියලා මම හිතුවෙම නැහැ. හොඳම සහය නිළිය විදියට නිර්දේශ වීම ම මම ලබපු ජයග්‍රහණයක්. සකර්ම නිර්මාණයට මට ආරාධනා කරේ ප්‍රියන්ත ප්‍රනාන්දු අධ්‍යක්ෂවරයා. එදා පටන් මේ දෙවැනි චරිතය මෙහෙය වන්නේ ලාල් වසන්ත පිටපත් රචකයා කැමරා අධ්‍යක්ෂ පරා අයියා සහ අධ්‍යක්ෂ ප්‍රියන්ත අයියා. ඒවගේම ඒ නිර්මාණයට සම්බන්ධ වුණු හැමෝම මේ දෙවැනි කියන චරිතය ගොඩ නඟන්න මුල් වුණා. ඒ අය නැත්නම් ඒ චරිතය ගොඩනඟා ගන්න ලෙහෙසි වෙන එකක් නැහැ. ගොඩක් සැර වෙනස් චරිතයක් දෙවැනි කියන්නේ. මගේ සැමියා ලෙස රඟපෑ හර්ෂ තෙන්නකෝන් අයියව ගොඩක් ආදරෙන් මතක් කරනවා. ලොකු ශක්තියක්. මේ සම්මානය හරි බරයි. ඒ සම්මානය මට ලැබුණු පළවෙනි වතාව. ලොකු වගකීමක් අතට දුන්නා වගේ හැඟීමක් ආවා. ආදරෙන් මට ඒ වෙලාවේ මගේ තාත්තා මතක් වුණා. තාත්තා ජීවතුන් අතර නැහැ. හිටිය නම් එයා තරම් සතුටු වෙන කෙනෙක් නැති තරම්. අම්මා එදා මා එක්ක ඒ සතුට බෙදා ගන්න හිටියා. විශේෂයෙන් ප්‍රියන්ත ප්‍රනාන්දු අයියට ස්තුතිවන්ත වෙනවා මාව දෙවනිගේ චරිතයට අරන් මාව මෙහෙයවීම ගැන.
මේ විදියට කලා නිර්මාණ ඇගයීමට පාත්‍ර කිරීම ගැන ස්තූතියිවසරේ විශිෂ්ටතම සංගීත වැඩසටහන - 2020මාත්‍රා - අමිල නුවන් වාදසිංහ
ඇත්තටම සතුටක් තියෙනවා රයිගම් සම්මාන උලළේ වසරේ විශිෂ්ටතම සංගීත වැඩසටහන - 2020 ට හිමි සම්මානය මාත්‍රා වැඩසටහනට හිමිවීම ගැන. මුලින්ම ඒ වැඩසටහන් කරන්න පටන් ගනිද්දී මම ඉදිරිපත් කරපු යෝජනාවට තමයි මාත්‍රා වැඩසටහන පටන් ගත්තේ. ඊට පස්සේ සුදේව හෙට්ටිආරච්චි තමයි කිව්වේ චන්දන අයියාව දාමු. එයා හොඳ වෙයි මේ වැඩේට කියලා. උදාර සමරවීර තමයි මෙහි මියුසික් ඩිරෙක්ටර්. හැමදාම ඇහෙන අහන සින්දු කොහොමද අලුත් විදියට ඉදිරිපත් කරන්නේ කියන එක ගැන උදාරයි මම කතා කළා. විවිධ ක්ෂේත්‍රයන්හි ඉහළටම ගිය අය ඒ අයගේ අත්දැකීම් ගැන කතා කරද්දී තමයි ගීත ප්‍රචාරය වෙන්නේ. එතනදී යූත් එකට සමීප කරන්න තමයි ගොඩක් වෙලාවට ගීත ගායනා කරන්න අපි ගෙන්නුවේ වෙනත් නාළිකාවලින් බිහිවුණු රියැලිටි තරු. මාත්‍රා ආරම්භ කරලා වසර දෙකකුත් මාස තුනක් වගේ කාලයක් ගතවෙලා තියෙනවා. ඒකට සම්මාන ලැබුණා. ඒක අපි සතුටින් බාරගත්තා. රයිගම් සම්මාන උළෙලට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා මේ විදියට කලා නිර්මාණ ඇගයීමට පාත්‍ර කිරීම ගැන.
සම්මානිත වීම එක්තරා විදියට ලොකු ශක්තියක් ජූරියේ කුසලතා සම්මානය - 2021 සකර්ම හි ලොක්කි - සුබුද්ධි ලක්මාලි
ජූරියේ කුසලතා සම්මානයක් ලැබීම ගැන සතුටක් දැනෙනවා. මම හිතන්නේ මොන විදියකින් හරි රංගන ශිල්පින් හෝ වේවා නිර්මාණ කාර්යයේ යෙදෙන ඕනේම කෙනෙක් අගයකිරිම අභිප්‍රේරණයක් විදියට මම දකින්නේ. ඕනෙම ක්ෂේත්‍රයකට කරන කැපවීම ආදරයට ලබන ඇගයීමක් ලොකු ශක්තියක්. කොහොම නමුත් මම සකර්ම තුළ නිරූපණය කරේ ලොක්කිගේ චරිතය. ලොක්කිට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ නිසාම වෙන්න ඇති ජූරියේ කුසලතා සම්මානයක් මට හිමිවුණේ. එහෙම සම්මානිත වීම එක්තරා විදියට ලොකු ශක්තියක්.
මම මිට පෙර සම්මාන සඳහා නිර්දේශවෙලා තියෙනවා හොඳම සහය නිළියට සහ හොඳම ගායිකාවට. නමුත් මේ අවුරුදු 15ක කලා ජිවිතේ තුළ ලංකාවේ සම්මාන උලෙළකින් සම්මානිත වූ පළමු අවස්ථාව. ස්තුතියි රයිගම් ටෙලි සම්මාන උලෙළට මේ ඇගයීම මට ලබා දුන්නට.
මගේ කලා ජීවිතයේ අමතක නොවන දිනයක්රයිගම් ටෙලීස් සම්මාන උලෙළේ වසරේ ජනගත ටෙලි නාට්‍යය - නාඩගම්කාරයෝජනප්‍රියම ටෙලි නාට්‍යය - පාරදිගේ නිෂ්පාදක - චාමර සමරවික්‍රම
මගේ කලා ජීවිතයේ අමතක නොවන දිනයක් උදා කරමින් ලබාගත් මෙම සම්මාන 2 පිටුපස සිටි සද්ධා අයියා, ශිවා අයියා, ප්‍රභාත්, ශ්‍රීමාල්, මනෝජ්, තිවංක, වාසනා, ජයන්ත, අමිල, අංජුල, සමීර, දිනේශ්, ඉදුවර, නලින්ද අැතුළු නිෂ්පාදන කණ්ඩායමටත්, සියලුම රංගන ශිල්පීන් හා ශිල්පිනියන්ටත් නාට්‍යය දෙකෙහිම කාර්මික හා තාක්ෂණික ශිල්පීන්ටත් සුදේව, රංගන, කාවින්ද, සිමෙත් ඇතුළු ස්වර්ණවාහිනියටත් නන් අයුරින් සහය දුන් සැමටත් බෙහෙවින් ස්තූතියි. පාරදිගේ නාට්‍යය රංගනයෙන් වසරේ ජනප්‍රියම නළුවා ලෙස සම්මානයෙන් පිදුම් ලැබූ කුසල් මදුරංගටත්, ජනප්‍රිය කාණ්ඩයේ ඉදිරියට පැමිණි දුශේනි මියුරංගි, උද්ධික ප්‍රේමරත්න සජිත අනුත්තර හා සෙනාලි ෆොන්සේකාටත් ජනප්‍රියම නිළිය ලෙස සම්මානනීය වූ ශලනි තාරකාටත් හදවතින්ම සුබ පතනවා.
අර්ථපූර්ණ නිර්මාණ ඇගයීම වටිනවා වසරේ හොඳම ටෙලි නාට්‍යය නිෂ්පාදනය - සකර්ම - චන්දන ලියනගුණවර්ධන
අවර ගනයේ ටෙලි නිර්මාණ බිහිවෙන මෙවන් යුගයක සමාජ සාරධර්ම ගැන ගැඹුරින් සාකච්ජා කරන මෙවන් අර්ථවත් ටෙලි නිර්මාණයක් ප්‍රේක්ෂක හදවත්වලට සමීප කිරීම ගැන ITN නාළිකාවට පළමුව ස්තුතිවන්ත වෙනවා. ශාන්ති දිසානායකගේ පර නවකතාව ඇසුරින් සකර්ම ට පරිණත වූ තිර රචනයක් ලබා දුන් ලාල් වසන්තටත්, සියලු ශිල්පින් මනාව හසුරුවමින් අපූරු නිර්මාණයක් ප්‍රේක්ෂකයන්ට ලබා දුන් ප්‍රියන්ත ප්‍රනාන්දුටත්, මෙම නිර්මාණය සාර්ථක කරගැනීමට වාණිජ අරමුණු පසෙකලා උරදුන් සියලුම ශිල්පීන්ටත් ස්තුතිය පුද කරනවා. මෙවැනි අර්ථපූර්ණ නිර්මාණ කිරීමට විශාල පිරිවැයක් යෙදවීමට සිදුවනවා.ඒ නිසා එවැනි නිර්මාණ කිරීමට දැනට අත හිත දෙන්නේ ජාතික නාළිකා පමණයි. ඒ නිසා මෙවැනි අර්ථපූර්ණ නිර්මාණයන් කිරීමට පුද්ගලික නාළිකාත් සිත යොමුකරන ලෙස ඉල්ලීමක් කරනවා. ඒවගේම රයිගම් ටෙලි සම්මාන උලෙළට ස්තුතිවන්ත වෙනවා මෙවැනි අර්ථපූර්ණ නිර්මාණ ඇගයීම ගැන.
ලිබරල් ප්‍රෝග්‍රෑම් එකක් කරන්න සහාය දුන් සියල්ලන්ටම මගේ ආදරය2020 වසරේ විශිෂ්ටතම ක්‍රීඩා වැඩසටහන - යෙනුක දසනායක
දෙවසරක රස ලෙසින් තේමා ගත වුණ රයිගම් ටෙලීස් 2020/2021 සම්මාන රාත්‍රියේදි 2020 වර්ෂය වෙනුවෙන් වසරේ විශිෂ්ටතම ක්‍රීඩා වැඩසටහන ලෙස තේරීපත් වුණ ජාතික රූපවාහිනියේ විකාශය වුණ Beyond The Boundry වැඩසටහනේ අධ්‍යක්ෂවරයා ලෙස ඉමහත් සතුටට පත්ව සිටිමි. ලංකාවේ ක්‍රීඩාවේ වැළළී ගිය ප්‍රශ්න, අමාත්‍යාංශය අර්බුද, නිලධාරීවාද පමණක් නොව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සැඟවී ගිය දක්ෂතා සීමාවෙන් එහාට හඹාගෙන ගොස් වාර්තා කිරීමට අප කණ්ඩායමට හැකි වුණා. මාගේ දැනුමට අනුව ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ක්ෂේත්‍රයේ විකාශනය වුණ සිංහල ඉංග්‍රීසි ද්වි භාෂා එකම ගොසිප් චැට් ෂෝ එක Beyond The Boundry ලෙස සඳහන් කරනුයේ සතුටින්. අවස්ථා හතරකදී සම්මානයට පාත්‍ර වුණ Beyond The Boundr වැඩසටහන වෙනුවෙන් කැපවුණ එවකට රුපවාහිනී සභාපතිනි ඉනෝකා සත්‍යාංගනි, ජ්‍යේෂ්ඨ නිෂ්පාදක දර්ශන පනංගල හා අප අතරින් වියෝ වූ හිටපු ක්‍රීඩා අධ්‍යක්ෂ පාලිත සෙනරත් යාපාව මතක් කරන්නේ ගෞරවයෙනි. ඇකඩමික් වැඩ කරන සංස්ථාවක ලිබරල් ප්‍රෝග්‍රෑම් එකක් කරන්න සහය දුන් සියල්ලටම මගේ ආදරය.