
2021 වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය සකර්ම - ප්‍රියන්ත ප්‍රනාන්දු
මගේ නිර්මාණයට සම්බන්ධ වුණ ශිල්පින්ට හොඳ ඇගයුමක් ලැබුණා, පුජන හොඳම සහය නළුවට නිර්දේශ වුණා. පුජනගේ ඒ සම්මානය නොලැබීම ගැන ලොකු කනගාටුවක් තියෙනවා. එකත් ලැබුණා නම් හොඳයි කියලා හිතෙනවා. චම්පා අක්කා, චන්දන අයියා, රාජා අයියාට ස්තුතිවන්ත වෙනවා මාව විශ්වාස කරාට. එ වගෙම මාව විශ්වාස කරලා මගේ මුල්ම නිර්මාණය නිෂ්පානය කරපු කිත්සිරි ඇලෙක්සැන්ඩර් කුරේ මහතාවත් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. එතුමාට ස්තූතිවන්ත වෙනවා. එදා ඔහු මාව විශ්වාස කරේ නැත්නම් අද ප්‍රේක්ෂකයන්ට සකර්ම දකින්න ලැබෙන්නේ නැහැ. රයිගම් ආයතනයටත් ස්තුතිවන්ත වෙනවා, මෙවැනි සම්මාන උලෙළක් සංවිධාන කරලා අපේ සමස්ත කලාකරුවන් ඇගයීමට ලක්කිරීම ගැන.
මම ප්‍රථම වතාවට තමයි අධ්‍යාපන වැඩසටහන් වෙනුවෙන් සම්මාන ලබන්නේවිශිෂ්ටතම අධ්‍යාපන වැඩසටහන 2021 ජාතික පාසල “ලෙන අතහැරයාම” ජාතික රූපවාහිනිය - සුනේත්‍රා කුමාරි
17 වෙනි රයිගම් සම්මාන උලෙළේ හොඳම අධ්‍යාපන වැඩසටහන වෙනුවෙන් මට සම්මාන ලැබුණේ 2021 වසරේ. මීට කලින් මම සඟරා සංගීත ප්‍රවෘත්ති නිවේදිකා කියන අංශයන් යටතේ සම්මාන හයක් අරගෙන තිබුණා. මේ ගත්තේ හත්වෙනි සම්මානය. රයිගම් සම්මාන වලින් ගත්තොත් තුන්වෙනි සම්මානය. ඒගැන ලොකු සතුටක් තියෙනවා. පසුගිය දෙවසර තුළ මම චීනයේ හිටියේ. ඒ කාලය හැරුණු කොට 2012 වසරේ පටන් මම රයිගම් සම්මාන උලෙළේ අඛණ්ඩව නිර්දේශ වෙනවා සහ සම්මානයට පාත්‍ර වෙනවා. ඉතින් රයිගම් සම්මාන උලෙළට, ඒ සංවිධායක මඬුල්ලට සහ විනිශ්චය මණ්ඩලයට ස්තුතිවන්ත වෙනවා, මේ වගේ ප්‍රමිතියක්, තත්ත්වයක්, ගුණාත්මක බවක් මාධ්‍යකරුවන්ට කලාකරුවන්ට ලබා දීම සම්බන්ධව. මම ප්‍රථම වතාවට තමයි අධ්‍යාපන වැඩසටහන් වෙනුවෙන් නිර්දේශ වෙලා සම්මාන ලබන්නේ. ජාතික රූපවාහිනිය අ.පො.ස සාමාන්‍ය පෙළ දරුවන් වෙනුවෙන් වසර ගණනාවක සිට වැඩසටහන් කරනවා. ඉතින් විෂයන් 5ක් විධිමත් අධ්‍යපනය යටතේ අපි උගන්වනවා. ජාතික පාසලේ සිංහල විෂය තමයි මට පැවරිලා තිබුණේ. එහිදී ඉතාම දක්ෂ ගුරුවරුන් සිවු දෙනෙක් මගෙත් එක්ක වැඩසටහන් ඉදිරිපත් කරනවා.
මේ ඇගයීම මට ශක්තියක්2021 වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශක (සිංහල) - තිසංක ගමගේ
ගාල්ල මාපලගම ඉදල කොළඹට එන්නේ නළුවෙක් වෙනවද නිවේදකයකු වෙනවද කියන හීන දෙක අතරෙ ඉඳගෙන. පස්සෙ නාළිකා කීපයක වැඩ කරල fm දෙරණ ආරම්භක සාමාජිකයෙක් විදියට වැඩ පටන් ගත්තම හීන තුනයි ඉතුරු වුණේ.
එකක් රූපවාහිනී නාළිකාවක වැඩ කරන එක, දෙක රයිගම් වැනි සම්මාන උළෙලක් නිවේදනය කරන එක, තුන හොඳම කියල සම්මානයක් ගන්න එක.
අවුරුදු කීපයකින් ටීවී දෙරණ වැඩ කරන්න අවස්ථාව ලැබුණා. බෞද්ධ ,වාර්තා, සජීවී, සංගීත, විනෝද, රියලටි වැනි විවිධ වැඩසටහන් විවිධ රිද්මයන් වලින් ඉදිරිපත් කළා. ප්‍රධාන නිවේදක නැති වෙලාවට ඒ වැඩෙත් කළා.
2019 නිර්දේශිත නාම අතර, 2020 නිර්දේශිත නාම අතර, 2021 වසරේ විශිෂ්ටතම සම්ප්‍රවේශක සම්මානය සහ ඒ උලෙළේම නිවේදක වීම. ස්තුතියි රයිගම් සම්මාන උළෙලට. මේ ඇගයීම මට ශක්තියක්.