
හම රැලි වැටීම අවම කරගන්න පැණි සහ පිටි සහිත ආහාර මෙන්ම තෙල් සහිත ආහාර අධිකව භාවිත කිරීමෙන් වැළකී සිටීම වැදගත්
අව් රශ්මියට නිරාවරණය වීමේ දී හිරු ආවරණයක් භාවිත කිරීමත් එක්තරා ආරක්ෂාකාරී පියවරක්
විටමින් C, ඔමේගා 3 හා බිටා කැරටීන් අඩංගු ආහාර මඟිනුත් වයසට යෑම පාලනය කළ හැකියි
මැදිවිය එළඹෙන කාන්තාවන්ට රූපය සම්බන්ධව තියන විශාල ගැටලුවකට පිළිතුරු සොයා දෙන්නයි සිළුමිණ රසඳුන 'රූ රහස්' අද අපේ සූදානම."සම රැලි වැටීම අඩු කරගන්නෙ කොහොමද? " මේ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙන්නේ සිංගප්පූරුව, මාලදිවයින, නෙදර්ලන්තය සහ ශ්‍රී ලංකාවේ රූපලාවණ්‍යය පිළිබඳව පුහුණුව ලැබූ ප්‍රවීණ රූපලාවණ්‍යය ශිල්පිනී අරෝෂි කෞෂල්‍යා හේරත් ය.
වයසට යනවා කියන්නේ ස්වභාවික සංසිද්ධියක්. නමුත් සමහර පුද්ගලයන් කෙතරම් වයසට ගියත් තරුණ පෙනුම රැක ගෙන සිටිනවා. ඒ වගේම ඇතැම් පුද්ගලයන්ගෙන් වයසට වඩා වැඩි පෙනුමක් පේනවා. බොහෝ පුද්ගලයන්ගේ වයස පෙනීම පටන් ගන්නේ සමේ තිබෙන රැලි වැටීමේ ස්වභාවයත් සමඟයි. සමේ රැලි වැටීම ප්‍රමාද කර ගත හැකි නම් අපට වයසට යාම සමෙන් දිස්වීම ප්‍රමාද කර ගත හැකියි. අපි කොහොමද සමේ රැලි වැටීම ප්‍රමාද කර ගනිමින් සම ලස්සන කර ගන්නේ කියල විමසා බලමු.
මේ සඳහා අපට කළ හැකි පහසුම දේ තමයි පැණි සහ පිටි සහිත ආහාර මෙන්ම තෙල් සහිත ආහාර අධිකව භාවිත කිරීමෙන් වැළකී සිටීම.
එම ආහාර අපේ පෙනුමට බලපාන ආකාරය දැන් විමසා බලමු.
අපේ සමේ තිබෙන ප්‍රෝටීන්, ඉලාස්ටික් සහ කොලජන් යන තන්තු මත සීනි සහිත ආහාර ගිහින් බැඳෙනවා. එමඟින් කොලජන් සහ ඉලාස්ටික් තන්තු විනාශ වීමකට ලක් වෙනවා. අපි මෙය හඳුන්වන්නේ ග්ලයිකේශන් නමින්.මෙමඟින් සමෙහි ශක්තිමත්භාවය අඩු වී යනවා. සමෙහි ඇදෙන සුළු ස්වභාවය වැඩි වෙන අතර එමෙන්ම සම තුනී වීමකට ලක් වෙනවා. සම ඉතා ඉක්මනින් රැලි වැටීමට මෙය හේතුවක්. අපේ සමට ශක්තිය ලබාදෙන්නේ ප්‍රෝටීන්, කොලේජන් සහ ඉලාස්ටික් යන තන්තු මඟින් බව අපි මුලින් සඳහන් කළා. වයසට යාමේදී මේවා විනාශ වන නිසා තමයි අපේ සම රැලි වැටෙන්න පටන් ගන්නේ. ඉක්මනින් වයස පෙනුමක් ලැබෙන්නෙ ඒ නිසයි.
එමෙන්ම දැඩි හිරු රශ්මියට නිරාවරණය වීම ද කාන්තාවන්ගේ සම ඉක්මනින් වයසට යාමට තවත් හේතුවක්. අව් රශ්මියට නිරාවරණය වීමේ දී හිරු ආවරණයක් භාවිත කිරීම මෙම තත්ත්වය වළක්වා ගැනීමට එක් පිළියමක්. එමෙන්ම සමේ තෙතමනය ආරක්ෂා කර ගැනීම සඳහා වැඩිපුර ජලය පානය කිරීමෙන් ද මෙම තත්ත්වය බොහෝ දුරට මග හරවා ගත හැකියි. එලෙස අපි සඳහන් කළේ ස්වාභාවික ව සම රැලි වැටීම පාලනය කරගන්නා ආකාරය පිළිබඳවයි.
එමෙන්ම රූපලාවණ්‍යාගාරයක් තුළින්ද සම රැලි වැටීමට ප්‍රතිකාර ලබාගත හැකිය. එම එක් ප්‍රතිකාර විධියක් ලෙස 'Face Lifting' හැඳින්විය හැකියි.'Face Lifting' ප්‍රතිකාරයක දී සිදු වන්නේ මුහුණේ සම lift කිරීමකි. එනම් කුඩා විදුලි ධාරාවක් මඟින් සම ඉහළට තෙරපා Thermo Pack එකක් මඟින් සම තද කිරීමකි.
එමෙන්ම විටමින් සී 1000mg පෙත්තක් දිනපතා පානය කළ හැකි නම් අපගේ සමට ඉතා හොඳ පෝෂණයක් ලබාගන්න පුළුවන්. එමෙන්ම දිනපතා ඔමේගා 3 (Omega 3) ලබා ගැනිමත් බිටා කැරටීන් (beta carotene) අඩංගු ආහාර මඟිනුත් වයසට යෑම පාලනය කළ හැකිය.
එමෙන්ම අද වනවිට බොහෝ රූපලාවණ්‍යගාර තුළ වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම තිබෙනවා. ඒ අතරින් Botox,Piles වැනි ප්‍රතිකාර ප්‍රචලිතයි. PRP ප්‍රතිකාරය ද තවත් එවැනිම ප්‍රතිකාර විධියකි. එමඟින් සිදුවන්නේ අපේ සමෙන් රුධිරය ඉවතට ගෙන ඒවා නැවත සමට එන්නත් කිරීමයි. මෙවැනි ප්‍රතිකාර ක්‍රම භාවිතා කිරීමෙන් අපට සමෙහි වයසට යාමේ ස්වභාවය අවම කරගැනීමටත් තරුණ බව යම්තාක් දුරකට ආරක්ෂා කරගෙන නීරෝගී සුන්දර සමක් ලබා ගැනීමටත් හැකියි.
නමුත් මේ සියලු ප්‍රතිකාර ක්‍රම සිදුකළ යුත්තේ වෛද්‍යවරයකුගේ උපදෙස් මත හා වෛද්‍යවරයකු හරහා බවත් මතක තබාගන්න.