
ආසියානු හා පොදු රාජ්‍ය මණ්ඩලයීය තරගාවලිය වෙනුවෙන් සුදුස්සන් තෝරා ගැනීමේ දී පසුගිය වර්ෂවලට සාපේක්ෂව මෙවර දක්ෂ කණ්ඩායමක් හඳුනා ගැනීමට හැකිවී ඇති බව ජී.ජී. යූ. සමන් කුමාර මහතා පැවසීය. ශ්‍රී ලංකා මලල ක්‍රීඩා උප සභාපතිවරයකු හා දත්ත සටහන්කරුවාද වන ඔහු පසුගියදා දියගම නිමාවූ තරගාවලියෙන් අනතුරුව ‘ක්‍රීඩා’ හා සංවාදයකට එළඹෙමින් කියා සිටියේ ජාතික තරග වාර්තා කීපයක් පිහිටුවීමට ක්‍රීඩකයන් සමත් වීම ඒ බව වඩාත් තහවුරු කරන බවයි. ‘අපිට ආසියානු තරගාවලියේ දී පදක්කම් ගැන බලාපොරොත්තු තබන්න හැකිවෙලා තිබෙනවා.’ ඔහු පැවසුවේ ය.
අමෙරිකාවේ පුහුණුව ලබමින් සිටින උෂාන් තිවංකට පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියෙන් පදක්කමක් බලාපොරොත්තු තැබිය හැකි බව ඔහු විශ්වාසය පළ කළේ ය. එහෙත් දැනට ඉතාලියේ පුහුණුව ලබන නිපුන් අබේකෝන් ආසියානු තරගාවලියට සහභාගි වූවත් පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියට ඔහු සහභාගි නොවනු ඇතැයි පැවසෙන බවද ඔහු කියා සිටියේ ය.
එසේම මේ වනවිට උසස් අධ්‍යාපනයක් ලබමින් ජාත්‍යන්තර වශයෙන් ක්‍රීඩාව සිදුකිරීමට සමත් ක්‍රීඩකයන් පිරිසක් බිහිවීම මෙරට ක්‍රීඩාවේ බුද්ධිමය තලය ඉහළ යෑමක් ලෙස තමන් දකින බව ඔහු පැවසීය. ‘පාසල් ක්‍රීඩකයෝ හා විශ්ව විද්‍යාල ක්‍රීඩකයෝ කීපදෙනෙක් මෙවර ආසියානු ක්‍රීඩා තරගාවලියට තෝරා ගැනීමේ තරගාවලියට ඉදිරිපත් වී සිටීම අපේ අධ්‍යාපනය මෙන්ම ක්‍රීඩාව ඒකාබද්ධව ලබා ඇති ප්‍රගතියක්. අධ්‍යාපනය මෙන්ම ක්‍රීඩාව සමබරව කරගෙන යාම මත තමයි මේ තත්ත්වය වර්ධනය වී ඇත්තේ.
මම මෙහි දී අපේ අධ්‍යාපනික ජයග්‍රහණ දක්නට ලැබුණත් ආත්මාර්ථකාමී දරුවන් බිහි වීමේ ප්‍රවණතාව වළක්වන්න ක්‍රීඩාව විශාල වශයෙන් වැදගත් වෙනවා කියලා සිතනවා. හැබැයි අද ළමයි ගොඩාක් ආත්මාර්ථකාමීයි. ඒ නිසා වර්තමාන දරුවන්ගෙන් බහුතරයක් උත්සාහ ගන්නේ තමන්ට වාසියක් අත්පත් කර ගන්න පමණයි. අනෙත් අයට මොනවා වුණත් කමක් නෑ කියන එකයි ඔවුන් සිතන්නේ. අපේ කාලේ ක්‍රීඩා තරගවලට සහභාගි වුණේ කිසිම වාසියක් බලාපොරොත්තු නැතිව. දැන් කාලේ ඒකත් වෙනස්. ක්‍රීඩාවට එන්නෙම තමන්ට ලැබෙන වාසි මොනවද, ප්‍රයෝජනය මොනවද කියලා සොයමිනුයි. ඒකට හේතුව අද කාලේ මාපියන්ගේ බලපෑම. මේ නිසා දරුවාට සමාජයට තනිව මුහුණ දීමේ හැකියාව නැති වෙලා. ක්‍රීඩා පිටියට ගිහිනුත් තරගාවලි අතරතුර නිලධාරියෝ එක්ක වාද කර ගන්නවා. තමන්ගේ දරුවට අසාධාරණයක් වුණා කියලා හැම වෙලාවේම සටන් කරනවා. ඉතිං අපි ඒ අයට පෙන්වලා දෙන්නේ තරග නිම කරන වෙලාව තීරණය කරන්නේ අපි නෙමෙයි කියලයි. තරගය අවසන් කරන කාල වෙලාව විද්යුත් (ඉලෙක්ට්‍රොනික්) ක්‍රමයට සටහන් වෙනවා. එතැන කාටවත් හොර වැඩ කරන්න බැහැ කියලා. මේ ප්‍රතිඵල වගේම නිවැරැදි විය යුතු දේවල් ලෙස මම දකින්නේ ඒවායි.’ ඔහු වැඩිදුරටත් පැවසීය.