ලොව ප්‍රධානත ම ක්‍රීඩා සම්මාන ප්රදානය ලෙස සැලකෙන ‘ලෝරියස්’ සම්මාන උළෙල එළඹෙන අප්‍රේල් මාසයේ දී පැවැත්වේ. ලෝරියස් පදනම මගින් සංවිධානය කරනු ලබන මෙම සම්මානයට නිර්දේශිත නම් තෝරා ගනු ලබන්නේ ලොව වටා ක්‍රීඩා මාධ්‍යවේදීන් 1300 දෙනෙකුගේ දායකත්වයෙනි. පසුව ලෝරියස් පදනමේ සාමාජිකයින් 71 දෙනෙකු විසින් සම්මාන ලාභී ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීම සිදු කරයි. එහි දී ප්‍රධාන අංශ 8 ක් වෙනුවෙන් 2021 වසරේ ශුරතම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සම්මාන ප්රදානය සිදු කෙරේ.
සම්මාන උළෙලේ ආකර්ෂණීයම අංශ දෙක වන්නේ වසරේ ක්‍රීඩා ශුරයා සහ වසරේක් ක්‍රීඩා ශූරියයි. මෙවර ක්‍රීඩා ශූරයා තෝරා ගැනීම සඳහා නිර්දේශිත ක්‍රීඩා ශුරයින් වන්නේ නොවාක් ඩිකෝවිච් (ටෙනිස්) ටොම් බ්රේඩ් (අමෙරිකානු පාපන්දු) කැලෙබ් ඩ්රේසල් (පිහිනුම්) එලියුඩ් කිප්චෝග් (මලල ක්‍රීඩා) රොබට් ලෙබොන් ඩවුස්කි (පාපන්දු) සහ මැක්ස් වර්ස්ටැපන් (මෝටර් රථ ධාවන). මෙයින් ටෙනිස් ශුර නොවාක් ඩිකෝවිච් මීට පෙර ෙලා්රියස් සම්මාන ලාභියෙකි. නෙදර්ලන්ත ජාතික මැක්ස් වර්ස්ටැපන් 2021 ලෝක ග්‍රෝන් ප්‍රී මෝටර් රථ ධාවන ශුරයාය. එලියුඩ් කිප්චෝප් කෙන්යාවෙන් බිහිව ලෝක මැරතන් ධාවන ශුරයා ලෙස එහි ලෝක වාර්තාවටත් හිමිකම් කියයි.
මෙවර ක්‍රීඩා ශූරිය සඳහා නිර්දේශිත නාමයන් වන්නේ ඈෂ්ලි බාටී (ටෙනිස්) ඇලිසන් ෆීලික්ස් (මලල ක්‍රීඩා). එයින් ඔස්ට්‍රේලියාවේ ඇෂ්ලි බාටී ලෝක කෙටි ධාවන ශුරියයි. ටෝකියෝ ඔලිම්පික් උළෙලින් පසු මලල ක්‍රීඩා පිටියෙන් සමුගත් එක්සත් ජනපදයේ ඇලිසන් ෆීලික්ස් වාර්තාගත ඔලිම්පික් රන් පදක්කම්ලාභිනියකි.
මේ අතර වසරේ හොඳම “ක්‍රීඩා පිවිසිම” වෙනුවෙන් නිර්දේශිත නාමයන් අතරට එමා රඩුකානු සහ ඩැනියෙල් මෙඩ්විඩෙව් ටෙනිස් ක්‍රීඩාවෙන් ද නිර්රාජ් චොප්රා සහ යුලිමාර් රෝජාස් මලල ක්‍රීඩාවෙන් ද ඇතුළත්ය. බ්‍රිතාන්‍ය ජාතික එම රඩුකානු ඉකුත් එක්සත් ජනපද විවෘත ටෙනිස් තරගාවලියේ දී ළාබාල වාර්තාවක් පිහිටුවමින් කාන්තා ඒකල ශුරතාව දිනා ගත්තාය. ඉන්දියාවේ නිර්රාජ් චොප්රා තම මව් බිමට ඉමහත් කීර්තියක් ලබා දෙමින් ඉකුත් ටෝකියෝ උළෙලේ දී පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනා ගත්තේ ය.
ආජන්ටිනා පාපන්දු කණ්ඩායම, බාසිලෝනා කාන්තා පාපන්දු කණ්ඩායම, ඉතාලි පාපන්දු කණ්ඩායම සහ එක්සත් ජනපද මිලිවායුකි බක්ස් පැසිපන්දු කණ්ඩායම මෙවර ශූරතම කණ්ඩායම් අංශයට නිර්දේශිත වී තිබේ.