‘ෂේන් වෝන් පසුගිය දා දිවි සැරියෙන් සමුගත්තේ ය. මේ ඔහු සම්බන්ධයෙන් අසන්නට ලැබෙන කතාවකි.’
ඒ 2021 වසරේ නොවැම්බර් මාසයේ දිනයකි. සුපුරුදු පරිදි හිටපු සුපිරි ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෂේන් වෝන් සිය මෝටර් සයිකල් සවාරියට සූදානම් වූයේ ය. සාමාන්‍යයෙන් ඔහු විවේකයක් ලද විට සිදුකරන එක් කාර්යයක් වන්නේ මෝටර් සයිකලයක නැඟී එලෙස සවාරියක යෑමයි. හෙතෙම බොහෝ විට සිය මෝටර් සයිකල් සවාරියේ නිරත වන්නේ මෙල්බර්න් නගරය ආශ්‍රිතව ය. එවැනි ගමනක ඔහුගේ ගමන් සගයා වන්නේ ජැක්සන් ය. හෙතෙම අන් කවරෙකු හෝ නොව වෝන්ගේ එකම පුතු ය. වෝන් ට දූ දරුවෝම තිදෙනෙකි. අනෙක් දෙදෙනාම දියණියෝ ය.
එදිනත් වෝන් විසින්ම මෝටර් සයිකලය ධාවනය කළේ ය. එය සාමාන්‍ය මෝටර් සයිකලයක් නොවී ය. එහි බර කිලෝ ග්‍රෑම් 300 ක් පමණ විණි. ඒ අනුව එය පැහැදිලිව ම විශාල මෝටර් සයිකලයකි. එවැන්නක් පැදවීමේ හැකියාවක් තිබෙන්නේ වෝන් වැනි පුද්ගලයකුටම පමණකි. ඒ වෝන් කිසිසේත්ම කුඩා පුද්ගලයෙක් නොවන හෙයිනි. හෙතෙම තරබාරු පුද්ගලයෙකි. එමෙන්ම අඩි 06 ක් උසැති ය.
වෝන් එදා සිය පුතු සමඟ මෝටර් සයිකල් සවාරියේ යෙදෙමින් සිටිය දී, උස් බිමක ධාවනය වෙමින් තිබූ සයිකලය එක්වරම ඔහුගේ පාලනයෙන් මිදුණේ ය.
මෝටර් සයිකලයෙන් ගිලිහුණු වෝන් බිම ඇද වැටුණි. එය එවිට ගමන් කරමින් සිටියේ තරමක උස් බිමකය. වෝන් පහළට ලිස්සා ගියේ ය. අවසන දී ඔහු නතර වූයේ මීටර් 15 ක් පමණ පහළට ලිස්සා යෑමෙන් අනතුරුවය. එය අඩිවලින් ගත් විට අඩි 50 ක් පමණ ය. සත්‍ය වශයෙන්ම එය මාරක අනතුරකි. එහෙත් ෙවා්න් ගැලවුණේ ය. ඔහු එසේ ජීවිතය ගලවා ගත්තේ අනූ නවයෙනි.
කෙසේ හෝ ඔහුට බරපළෙ ලෙස තුවාල සිදු වී තිබුණේ නැත. එසේ වුවත් ඔහුගේ උකුළට සුළු තුවාල සිදු වී තිබුණේ ය. පාද වලටත් එසේම ය. තැළීම් කිහිපයකුත් ඇති වී තිබුණි. කෙසේ හෝ වෝන් එදින රෝහල් ගත වූයේ නැත. නැවතත් සිය නිවසට ගියේ ය.
එසේ වුවත් පසුදින උදෑසන පිබිදෙනවිට වෝන් හට දැඩි වේදනාවක් දැනිණි. ඔහු වහා රෝහල වෙත ගියේ ය. එහි දී ත් හෙළි වූයේ ඔහුට බරපතළ ආකාරයේ හානි සිදු වී නැති බවයි.
තවත් දින කිහිපයක් ගත වූයේ ය. වෝන් සුප්‍රකට අළු බඳුන ටෙස්ට් තරග මාලාව ඇරඹිණි. ඔහු ඒ වෙනුවෙන් සහභාගි වූයේ රූපවාහිනී විචාරකයකු වශයෙනි. පසුව ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියානු 20-20 තරගාවලියේ දී ත් විස්තර විචාරකයකු වශයෙන් ක්‍රියා කළේ ය.
දෛවය යනු මහා පුදුමාකාර දෙයකි. මීට මාස කිහිපයකට පෙර සිදු වූ මෝටර් සයිකල් අනතුරින් ඔහු ගැලවුණ ද දෛවය විසින් ඔහුට ගැලවුමක් ලබා නොදුන්නේ ය. ඒ ඉකුත් දා තායිලන්තයේ දී හදිසි හෘදයාබාධයකට ලක් වී මිය යෑමත් මසඟ ය.