
ඉස්හොරි හිසරදයක් වුණ වන තරමට කරදරකාරී තත්ත්වයක් බව අප කවුරුත් දන්නා කාරණාවකි. ඉස්හොරි යනු නිට්ටාවට සුව කළ නොහැකි නමුත් පාලනය කර හැකි තත්ත්වයකි. අපි අද ඉස්හොරි තත්ත්වය පාලනය කරගත හැකි ක්‍රම පිළිබඳ ඉතා සරලව කතා කරමු.
ඉස්හොරි ආකාර දෙකකට අපට දැකගත හැකිය. එනම්
01 - වියළි ස්වභාවයෙන්
02 - තෙල් සහිත ස්වභාවයෙන්
වියළි ආකාරයෙන් පවතින ඉස්හොරි වියළි හිස් කබලක් ඇති අයගේ දැකගත හැකිය. එනම් හිස කසන සුලු බව සහ තද පැහැති ඇඳුමක් ඇන්ද විට ඇඳුම මතට සුදු පැහැති කුඩු ආකාරයට මේ ඉස්හොරි පතිත වීම වියළි තත්ත්වයකදී දැකගත හැකි ප්‍රධාන කාරණාවකි.
තෙල් සහිත ස්වභාවයෙන් හට ගන්නා හිස්සොරි තෙල් සහිත හිස් කබල මත දැකගත හැකිය. එනම් දැඩි කසන සුලු බව දුගඳ හැමීම, කසන විට කුඩු වශයෙන් හැලුණේ නැතත් එය හිස් කබලට ම ඇලී පැවතීම තෙල් සහිත ඉස්හොරිවල ස්වභාවයයි.
ඉස්හොරි
ඇතිවීමට හේතු
ප්‍රධාන වශයෙන් මේ තත්ත්ව හට ගන්නේ
මානසික ආතතිය
නුසුදුසු ආලේපන භාවිතය
තෙල් මිරිස් කුළුබඩු අධික ව යෙදූ ආහාර අනුභවය
අපිරිසිදු බව
මල බද්ධය
මානසික ආතතිය
ඉස්හොරි තත්ත්වයට ප්‍රධාන හේතුවක් මනසට සිදුවන දැඩි පීඩනය හමුවේ එය ඉස්හොරි තත්ත්වයක් දක්වා වර්ධනය වන බව වෛද්‍ය මතයයි.
නුසුදුසු ආලේපන යනු වියළි හිසකෙස් තිබෙන කෙනෙක් තෙල් සහිත හිසකෙස් සඳහා සැකසූ ආලේපන භාවිතා කරයිද, එවැනි අයට ඉස්හොරි තත්ත්වයන් හට ගැනීමට අවස්ථාව වැඩිය. මන්දයත් තෙල් සහිත ආලේපන වලින් සිදු කරන්නේ තෙල් සහිත ස්වභාවය පාලනය කිරීමයි. ඉතින් වියළි හිසකෙස් තිබෙන කෙනෙක් මේ තෙල් සහිත හිසකෙස් සඳහා භාවිත කරන ෂැම්පු භාවිත කිරීමෙන් තවත් හිස් කබල වියළි තත්ත්වයට පත්වීමෙන් ඉස්හොරි හටගනී. තෙල් සහිත හිස තිබෙන අයෙක් වියළි හිසකෙස් සඳහා භාවිත කරන ෂැම්පූ භාවිතයෙන්ද එහි ප්‍රතිඵලය තවත් තෙල් සහිත හිසක් ඇති වී ඉස්හොරි තත්ත්වය දක්වා වර්ධනය වීමයි.
තෙල් මිරිස් කුළුබඩු අධිකව ආහාරයට ගන්නා අයට ආමාශයේ උෂ්ණ ගතිය වැඩි වීමෙන් ඉස්හොරි තත්ත්වය ඇතිවීමට මඟ පෑදෙනවා.
ඉස්හොරි යනු දිලීරයකි. එය කෙනෙකුගෙන් තවත් කෙනකුට බෝවීමේ ප්‍රවණතාවක් පවතී. හවුලේ පනා, තුවා පරිහරණය කිරීම තුළින් මේ තත්ත්වය ඇති විය හැකිය. එමෙන්ම නිවැරදි ආකාරයට හිස පිරිසිදු නොකිරීමත් මේ තත්ත්වය ඇතිවීමට බලපායි.
මලබද්ධය යනු නිසි ආකාරයට එනම් දිනපතා මලපහ පිට නොවීමයි. එවැනි අයට ඉස්හොරි තත්ත්වයන් දක්වා වර්ධනය වීමේ ප්‍රවණතාවක් දැකිය හැකිය.
ඊට අමතරව තෙල්, ජෙල්, හෙයා ක්‍රීම් වැනි ආලේපන හිසේ ගල්වා පරිසරයේ ඇවිදීමෙන් කුණු දූවිලි හිසේ තැන්පත් වීම, හිසකෙස් වියළනය නිතර භාවිතය, අවුවේ ගොස් ක්ෂණිකව හිස සේදීම වැනි වැරදි ක්‍රියා මඟින් ද ඉස්හොරි තත්ත්වයන් ඇති වීමට ඉඩකඩ තිබේ.
ඉස්හොරි සඳහා ප්‍රතිකාර
ඉස්හොරි සඳහා ප්‍රධාන පෙළේ ෂැම්පු වෙෙළඳපොළේ තිබුණත් ඒවා දීර්ඝකාලීනව භාවිත කිරීම නම් එතරම් සුදුසු නොවේ. මන්දයත් ඉස්හොරි සඳහා භාවිත කරන medical shampoo දීර්ඝකාලීනව භාවිත කිරීම මඟින් හිස්කබල අනවශ්‍ය ආකාරයට වියළි තත්ත්වයක් දක්වා වර්ධනය වීමට ඉඩකඩ ඇති බැවිනි. එම ෂැම්පු ටික කලක් භාවිත කිරීමෙන් පසු ක්‍රමයෙන් එයින් ඉවත් වීම සිදු කළ යුතුය.
ආයුර්වේදයේ හිස්සොරි සඳහා නොයෙකුත් ප්‍රතිකාර ක්‍රම තිබේ ඒවා නම්,
දෙහි ගැට, උළුහාල්
තම්බා භාවිත කිරීම
කරපිංචා
ඉස්ම ආලේප කිරිම
ගොඩපර
ඉස්ම ආලේප කිරිම
කෝමාරිකා
ඉස්ම ආලේප කිරීම
දෙහි කොළ ඉස්ම සහ පොල්කිරි අව්වේ කකාරා ආලේප කිරීම
තක්කාලි ඉස්ම (කලින් දින පිරිසිදු කළ
හිසකෙස් සඳහා)
මීට අමතරව දැන් රූපලාවණ්‍යාගාර මඟින්ද ඉස්හොරි සඳහා නවීන ප්‍රතිකාර ක්‍රම හඳුන්වා දී තිබේ.